IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කොරෝනා වෛරසය හේතුවෙන් මේ දිනවල ඉතාලියේ සිදුවෙන්නේ කුමක්ද?

 

ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්‍රදේශ කීපයක් අවදානම් කලාප ලෙස තක්සේරු කර, වෛරසය පැතිර යාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස හුදකලා බවට පත්කළේය. කොරෝනා වෛරස ආසාදනය වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බැවින්, මහජන සමීප සබඳතා වැළැක්වීමේ ක්‍රමවේදයක් ලෙස රජය විසින් නව විනය නීති මාලාවක් ද විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය. මේ අනුව ජනතාව ඒකරාශීව ගැවසීම වැළැක්වීම සඳහා පාසල්, කාර්යාල මෙන්ම බොජුන්හල් ද එම ප්‍රදේශයේ තාවකාලිකව වැසී ගියේය.   


ඉතාලි රජය බලාපොරොත්තු වූයේ ලොම්බාර්දියා ප්‍රදේශය තුළදීම මෙම වෛරසය ඉන් ඔබ්බට පැතිරයාම වළක්වාගැනීමය. එහෙත්, උක්ත ප්‍රදේශය තුළ කොරෝනා වෛරස ආසාදනය ද ඉන් සිදුවන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යන බව ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කළේය. මාර්තු මාසය වෙන විට ලොම්බාර්දියා ප්‍රදේශයෙන් පිට ප්‍රදේශ කීපයකම කොරෝනා ආසාදිතයින් පිළිබඳව වාර්තාවීමත් සමගම, ඉතාලි රජය මාර්තු මස අට වැනිදා කොරෝනා වෛරස එරෙහි නව විනය නීති මාලාවක් සමගම මුළු ඉතාලියම අවදානම් කලාපයක් ලෙස විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.   


කොරෝනා වෛරස එරෙහි නව විනය නීති මාලාවට අනුව, අප්‍රේල් මස තුන් වැනිදා දක්වා මුළු ඉතාලියටම බලපවත්වන ලෙස අත්‍යවශ්‍ය වෘත්තීයමය හෝ සෞඛ්‍යමය හේතුවකින් තොරව මහමග මහජන ගමන් බිමන් වළකා දමා ඇත. පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම දුර පරතරය අඩි හයක් ලෙස පවත්වා ගත යුතුය. අතට අතදීම, සිපගැනීම වැනි ආචාර ක්‍රමවලින් වැළකී සිටිය යුතුය. පාසල්, කාර්යාල, සිනමා ශාලා, වසාදමා ඇත. ක්‍රීඩා තරග, උත්සව සහ සංදර්ශන තහනම්ය. මහා පරිමාණ වෙළෙඳ සංකීර්ණ සති අන්ත දින දෙක තුළ විවෘත නොකිරීමට නියම කර ඇත. විවෘතව තැබීමට අවසර ඇති අත්‍යවශ්‍ය සේවා ස්ථාන පවා සවස හය වෙන විට වසා දැමිය යුතුය. මංගල මෙන්ම අවමංගල කටයුතුවලට ද සහභාගි විය හැක්කේ පවුලේ සමීපතමයන් කීපදෙනෙකුට පමණි.   

 

පාළුවට ගිය උද්‍යානයක් (ඉහළ) සහ රෝම නගර මධ්‍යයේ ශාන්ත පීතර දේවස්ථාන ප්‍රදේශය පාළුවට ගොස් ඇති අයුරු (පහළ)

 


කොරෝනා වෛරස අවදානම වටහාගත් ජනතාව අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුවිට පිටත නොගොස් “මම ගෙදරට වී සිටිමි” (IO RESTO A CASA) තේමාව යටතේ නිවෙස් තුළටම වී සිටිති. ආරක්ෂක සේවා රථ වාහන, ගිලන් රථ සහ මහජන ප්‍රවාහන සේවා වාහන හැරුණුවිට මහාමාර්ග හිස්ය. දුම්රියපොළ බස්රථ නැවතුම්පොළ ජනශුන්‍යය. පාරිභෝගිකයා එකිනෙකාට අඩි හයක් ඈතින් සිටින සේ පෙළ ගැසී, තම වාරය එනතුරු වෙළෙඳ සල් ඉදිරිපිට සිටිති. වෙළෙඳ සල තුළට පිවිසිය හැකිවෙන්නේ එහි වපසරියට සරිලන අන්දමින් කුඩා කණ්ඩායම් වශයෙන්ය. අවම වශයෙන් වුවද ජනයා ගැවසෙන තැන්වල සියල්ලෝම සනීපාරක්ෂක මුඛ ආවරණ පැළඳ සිටිති. එහෙත්....   
ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දෛනික වාර්ථාවන්ට අනුව, කොරෝනා වෛරසයට ගොදුරුවෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නේ සිය ගණනින්ය. මරණ සංඛ්‍යාව ද එසේමය. කොරෝනා වෛරසයට ගොදුරු වෙන්නන්ගෙන් බහුතරය තවමත් වාර්තා වෙන්නේ ලොම්බාර්දියා ප්‍රදේශයෙන්ය. රෝමය, නාපෝලිය සහ දකුණු ඉතාලියේ සෑම ප්‍රදේශයකින්ම පාහේ කොරෝනා වෛරසයට ගොදුරු වූවන් පිළිබඳව දැන් වාර්තාවෙමින් ඇති අතර, දිනෙන් දින මෙම සංඛ්‍යාවන් ඉහළ යමින් ඇත.   
කොරෝනා වෛරසය පැතිර යාම වැළකීම සඳහා කලාපයක් හුදකලා කළ විගස එහි ප්‍රතිඵල නොලැබෙන බව වෛද්‍ය මතයයි. කලාප හුදකලා කිරීමෙන් මුල්ම   
ප්‍රතිඵල දැකීමට දින විස්සකට ආසන්න කාලයක් ගතවෙනු ඇත. මෙම න්‍යාය සත්‍ය නම්, ලොම්බාර්දියා ප්‍රදේශය හුදකලා කර දැනට දින විස්සකට වැඩි කාලයක් ගතවී ඇතුව ද, එම ප්‍රදේශයේ මෙම වෛරසයට ගොදුරු වෙන සංඛ්‍යාව තවමත් දිනෙන් දින ඉහළ යාම ප්‍රහේළිකාවකි.   


ලොම්බාර්දියා ප්‍රදේශයේ මාර්තු මස දහතුන්වැනිදා වාර්තාවන්ට අනුව රෝගය වැළඳුණු සංඛ්‍යාව 9820 කි. එය ඊට පෙර දිනට වඩා රෝගීන් 1095 දෙනෙකුගේ වැඩිවීමකි. මෙම ප්‍රදේශයේ කොරෝනා වෛරසයෙන් මෙදිනම සිදුවූ මරණ සංඛ්‍යාව ද ඊට පෙර දින සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා 140කින් වැඩිය. මාර්තු මස පහළොස්වැනිදා සවස හය වෙන විට ලොම්බාර්දියා ප්‍රදේශයේ කොරෝනා වෛරසය වැළඳුණු සංඛ්‍යාව 13,272 ක් ලෙස ද, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1200 ක් ලෙස ද, මරණ සංඛ්‍යාව 1218 ක් ලෙස ද වාර්තා විය.   


එකවර වෛරස ආසාදිත විශාල පිරිසකට ප්‍රතිකාර ලබාදීම සඳහා ඉතාලි රෝහල් පද්ධතිය තුළ වාට්ටු පහසුකම් නැත. මේ හේතුවෙන් ඇතැම් ප්‍රධාන නගරවල වෙනත් කටයුත්තක් සඳහා ඉදිවුණු ගොඩනැගිල්ලක් තාවකාලික රෝහලක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් ඇත. ඒ අතරම කූඩාරම් රෝහල් කීපයක් ද ඇතැම් රෝහල් ආසන්නයේ දැනටමත් ඉදිකෙරී ඇත. සෞඛ්‍ය සේවකයෝ ඉමහත් පරිත්‍යාගයකින් තම නියමිත වැඩමුර ඉක්මවා කොරෝනා රෝගීන් වෙනුවෙන් සේවය කරති. වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල කීපයක කොරෝනා වෛරස ආසාදිතයන් අනාවරණය වීමත් සමගම, ප්‍රාදේශීය රෝහල් කීපයක් වසාදැමීමට ද සිදුව ඇත. ඉතාලියේ වෛද්‍යවරු හිඟයක් ඇති බව දැන් රජය පිළිගනී. සෞඛ්‍ය සේවකයින්ට තුති පුදන වැකි සහිත බැනර රෝහල් අසල දැකීමට ඇති අතර, “සියල්ල යහපත් ලෙස නිමවේවි” (ANDRA TUTTO BENE) යැයි තබන ලද සටහනක් ඉතාලිය පුරා පැතිර යමින් ඇත.   
චීන රතු කුරුසයේ ජාත්‍යන්තර ආධාර වැඩසටහනක් යටතේ මාර්තු මස දහවැනිදා චීන විශේෂඥ වෛද්‍යවරු නවදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, ටොන් අටක කොරෝනා වෛරස මර්දන මෙවලම් තොගයක් ද සමග ඉතාලියට පැමිණියහ. දැනට මෙම වෛද්‍ය පිරිස ඉතාලි වෛදවරුන් සමග එක්ව කොරෝනා වෛරස මර්දනය සඳහා සටන් වැදී සිටිති. ඉදිරි දිනවලදී චීන රජයෙන් මේ විෂයට අදාළව තවත් ආධාර ලැබීමට නියමිතය.   
සති දෙකක කාලයක සිට ඉතාලි වෛද්‍යවරු පිරිසක් කොරෝනා වෛරස මර්දනය සඳහා ප්‍රතිකාරකයක් අත්හදා බලමින් සිටිති. මෙම ප්‍රතිකාරකය වෙනත් රෝගයක් සඳහා දැනට භාවිත වෙමින් ඇති ඖෂධයක් බව ද වාර්තා වේ. මෙම ප්‍රතිකාරකය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් ඇති බව ද වැඩිදුරටත් සඳහන්ය. පර්යේෂණ සාර්ථකත්වය අනුව, ඉදිරි දිනවලදී කොරෝනා වෛරස මර්දනය සඳහා මෙම ඖෂධය නිල වශයෙන් පිළිගැනීමට ඉඩ ඇත.   

 

රජයේ නියමයට අනුව ස්වයං නිරෝධායනයට අනුගත වී සිටින ඉතාලි වැසියන් තම නිවෙස් ඉදිරිපිට ජාතික කොඩිය ඔසවා සිය සහයෝගය දක්වා ඇති අයුරු

 


නිවෙස් තුළ කොටුවී සිටින ජනතාව හුදකලා නොකිරීම සඳහා විවිධ කලාකරුවෝ අන්තර්ජාලය ඔස්සේ සංදර්ශන වැඩසටහන් ඉදිරිපත් කරති. මේ අතර ගායක ගායිකාවන් විසින් ප්‍රචාරය කරනු ලබන සංගීතමය වැඩසටහන් විශේෂිතය. තට්ටු නිවාස ඇති ජනාකීර්ණ ප්‍රදේශවල ඇතැමෙකු නිවෙස් තුළ රැඳී සිටින ජනතාව පිනවීම සඳහා සඳළුතලයට වී ගායනා කරති. වාදනය කරති. ඒක පුද්ගල සංගීත සංදර්ශන පවත්වති. රට පුරා නිවෙස් ඉදිරිපිට ජාතික කොඩිය ඔසවා තබා ඇත.   
අන්තර්ජාලය ඔස්සේ පැමිණි එකඟතාවකට අනුව මාර්තු මස දහතුන්වැනිදා පස්වරු හයට ඉතාලිය පුරා සියල්ලෝම තම ජාතික ගීය ගායනා කළහ. මාර්තු මස දාහතරවැනිදා දහවල් දොළහට, තම ජීවිතය පරදුවට තබා කොරෝනා වෛරසයට එරෙහිව ජීවිත බේරාගැනීම උදෙසා රෝහල් තුළ සටන් වදින සෞඛ්‍ය සේවකයින් අත්පොළසන් නාදයකින් පිදුම් ලදහ.   


සියල්ල මේ ආකාරයෙන් සිදුවෙමින් ඇති අතර, කොරෝනා වෛරසය කඩිනම් ගමනින් ඉදිරියටම යයි. මේ අනුව මාර්තු මස දහතුන්වැනිදා වෙන විට ඉතාලියේ කොරෝනා වෛරසය වැළඳී සිටි මුළු සංඛ්‍යාව 17,660 කි. මියගිය සංඛ්‍යාව 1266 කි. සුවපත්වූවෝ 2941 කි. මාර්තු මස පහළොස්වැනිදා රාත්‍රි දහය වෙන විට රෝගය වැළඳී ඇති සංඛ්‍යාව 20,603 ක් ලෙස ද, මියගිය සංඛ්‍යාව 1809 ක් ලෙස ද, සුවපත් වූවෝ 2335 ක් ලෙස ද වර්ධනය වී ඇත. අවසන් පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 475 කි. මෙම ලිපිය ඔබ විසින් කියවනු ලබන මෙහොත වෙන විට මෙම සංඛ්‍යා ලේඛනයන් මීට වඩා වෙනස් විය හැකි බව කරුණාවෙන් සැලකිය යුතුය.  


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

කොරෝනා වෛරසය හේතුවෙන් මේ දිනවල ඉතාලියේ සිදුවෙන්නේ කුමක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පූර්ණ යුද්ධයක්ද සැත්කම් මහරක්ද
2025 මැයි මස 08 8 0

මාතෘකාව - ඉන්දියාව හා පාකිස්ථානය, පොදු වචන කාශ්මීරය හා යුද්ධය. මේ දකුණු ආසියාවේ නවතම යුද බිය හා බැදුණු වාතාවරණයයි. මේ ලිපිය ලියන මොහොත වෙනවිට කිසිදු යුද


ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති
2025 අප්‍රේල් මස 28 64 0

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ
2025 අප්‍රේල් මස 28 17 0

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම
2025 අප්‍රේල් මස 28 13 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 68 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය
2025 අප්‍රේල් මස 20 32 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1240 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1340 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site