IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කොරෝනා වයිරසය මැදපෙරදිගත් ගිලගනීද?

 

මේ ​වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. 
චීනය මූලික කර ගනිමින් ව්‍යාප්ත වූ කොරෝනා නම් මාරක වයිරසය මේ වෙන විට ඉරානය, ඉතාලිය, ඇමෙරිකාව මෙන්ම බහරේනය, කුවේටය වැනි මැදපෙරදිග රටවල්වලට ද සුළු වශයෙන් හෝ ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර එම රටවලට අවටින් සිටින සෞදි අරාබියාවට ව්‍යාප්ත වීමේ ඉඩ කඩක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මාරක වයිරසයක් වන කොරෝනා වැනි වයිරසයක් මීට වසර කිහිපයකට පෙරද සෞදි අරාබියේ ජීවිත කිහිපයක් බිලිගත් නමුත් එම වයිරසය ඔටුවන්ගේ ශරීරයෙන් නිකුත් වූ වයිරසයක් බවට සොයා ගත් අතර එයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මෙතෙක් කිසිදු පුද්ගලකයකු හට එම වයිරසය වැළඳී හෝ ආසාධිත බවක් වාර්තා වී නොමැත. කෙසේ වුවද හුස්ම ගැනීමේ අපහසුතා සහ පෙනහළු තුළ ආසාදනයක් පමණක් ඇතිවූ එම වයිරසය මේ තරම් භයානකව ව්‍යාප්තවීමේ අවදානමක් නොතිබිණ. 

 

 


කෙසේ වුවද මේ වනවිට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙම අති භයානක කොරෝනා වයිරසය සැලකිය යුතු වර්ධනයක් පෙන්වමින් මැදපෙරදිග රටවලටත් සංක්‍රමණය වෙමින් පවතින අතර බහරේනය, කුවේටය යන රටවල කිහිප දෙනෙකුම ආසාධිත වී ඇති අතර සෞදි අරාබිය තුළ ද ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසු වන්නේ ඉරානය සහ බහරේනය යන රටවල පුරවැසියන් හෝ සෞදි පුරවැසියන් එම රටවල සංචාරය කිරීම නිසාය. එසේ වුවද මේ වනවිට සෞදි අරාබියානු ජාතිකයින් දෙදෙනකු හට මෙම වයිරසය ආසාදිතව ඇති බව සෞදි රජය නිල වශයෙන් පිළිගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි. 


මේ අතර සෞදි අරාබියානු රජය විසින් කොරොන වයිරසය රට තුළට පැමිණීම වැළැක්වීම උදෙසා කොරෝනා නිරෝධායන රෝහල් 25ක් ස්ථාපනයට පියවර ගෙන ඇති අතර උම්රා වන්දනාවේ පැමිණෙන පිරිස තාවකාලිකව අත්හිටවා ඇති අතර සංචාරක වීසා සඳහා චීනය, තායිපේ, හොංකොං, ඉරාන්, කොරියාව, ජපානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉරාකය, පිලිපීනය, සිංගප්පූරුව, ඉන්දියාව, ලෙබනනය, සිරියාව, යේමනය, අසර්බයිජානය, කසකස්තානය, උස්බෙකිස්තානය, සෝමාලියාව, වියට්නාමය යන දේශයන්ගෙන්  පැමිණෙන අය රට තුළට ඇතුළු වීම තාවකාලිකව අත්හිටවා ඇති බව සෞදි ගුවන් සේවය නිවේදනයක් මගින් සඳහන් කර ඇත. 
සෞදි අරාබියට පැමිණෙන සමහර රටවල ගුවන් ගමන් ද තාවකාලිකව නවතා දමා ඇති අතර ගල්ෆ් කලාපීය රටවලින් පැමිණෙන පුරවැසියන් පිළිබඳව විශේෂ අවධානයකින් පසු වෙන සෞදි රජය ඉදිරි කාලය තුළ නිරෝධායන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට ද යුහුසුළුව පියවර ගන්නා බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

 


මේ අතර කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ කොරෝනා වයිරසය ආසාදිත වූවන් කටාර් රාජ්‍ය තුළ වාර්තා වී ඇති බැවින් තම සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව වඩාත් විමසිලිමත් වෙන ලෙස සියලු‍ම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින අතරම වයිරසය ආසාධිත බවට සැකසහිත රෝග ලක්ෂණ පහළවී ඇත්නම් ළඟම පිහිටි රෝහල වෙත යාමට කටයුතු යොදන ලෙස කටාර් රජය උපදෙස් ලබාදී ඇති බවත් කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ස්ථාපනය කර ඇති විශේෂ දුරකථන අංකය වන 16000 අමතා උපදෙස් ලබා ගන්නා ලෙසයි. කටාර් තානාපති කාර්යාලය මගින්ද 0097474703413 අංකය ද සම්බන්ධ විය හැකි බව ද සඳහන් කරයි. 


මෙම වයිරසය පිළිබඳව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය බලධාරීන් පැවසුවේ තම ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලි මත වෙන ලෙසත් නිවෙස් තුළින් පිටවන සෑම අවස්ථාවකදීම මුඛ වැසුම් මෙන්ම අත් වැසුම් පැළඳීම සහ අනිකුත් ආරක්ෂක ක්‍රමවේද පිළිපැදිය යුතු බවත්ය. 

 


රණසිංහ ප්‍රේමලාල් 
සෞදි අරාබිය 



අදහස් (0)

කොරෝනා වයිරසය මැදපෙරදිගත් ගිලගනීද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27900 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18184 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10883 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 653 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 852 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site