සැප්: 21 වන සඳුදා සිට සැප්: 27 වන ඉරිදා දක්වා
මෙම සතිය තුළ විශේෂයෙන් ඔබ අරඹන හා නිරත වන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදා වේ. රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළිවෙළ වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ද අත් වේ. දුර බැහැර ගමන්බිමන්වලින් ද යම් යම් ලාභ ප්‍රයෝජන අත්වන සතියකි. සිත් කලකිරීමක් පහව යයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සම්පත් ලාභ, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ, රෙදිපිළි ඇඳුම් පැළඳුම් ලාභ ලැබෙන සතියකි. ආදර බන්ධනවලින් ප්‍රීතිය ද සැනසීම ද ඒවා දියුණුවට යාම ද ස්ථිර වීම ද සිදු වෙයි.

බොහෝ විට ඔබගේ රැකියා ක්ෂේත්‍රයේ මතු දියුණුවට අමතර වැඩකොටසක් ද මෙහිදී සැකසෙන්නේය. ඔබගේ සිත තුළ දින කිහිපයක් තිස්සේ පැවති බලාපොරොත්තුවක් ඉටු වෙයි. අනපේක්ෂිත මුදල් අතට ලැබේ. රාජකාරි කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකි වන්නේය. ව්‍යාපාර කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යා හැක. වෙළඳ ව්‍යාපාරික කටයුතුවලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ. සාමාන්‍යයෙන් දියුණුවට හොඳ සතියකි.
ඔබට මෙම සතිය සුභාසුභ මිශ්‍ර අයුරින් ගත වෙයි. දෛනිකව අතට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්ති වී යයි. බොහෝ විට මෙම සතියේ සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු, කතාබහ ආදියේදී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටලිලි ඇති කර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ.
ඔබට මේ සතිය සුභාසුභ වශයෙන් ගත වනු ඇත. සති මැද දින තුන කරදර, බාධා, ප්‍රශ්නකාරී ගති මතු කරයි. කෙසේ නමුත් මෙය ඔබ ආරම්භ කරන කටයුතු හා කරගෙන ආ කටයුතු දියුණු කර ගත හැකි සතියකි. ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින අයට නව ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට මුල් දින තුන තුළ ඉඩ සැලසේ. එසේම මෙම දින තුන තුළ නව මිත්‍ර සම්බන්ධතා නිසාවෙන් ඔබගේ කටයුතුවලට නොයෙක් ආකාරයේ උදව් උපකාර ලැබේ.
සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතියේ මුල් දින පහ තුළ වැදගත් කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට පිළිවන. පොදුවේ ඔබට මෙම සතියේ පැහැදිලි සුභ ඵල රැසක් ගොඩනැගේ. උපක්‍රමශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති බැවින් කෙසේ හෝ තම අරමුණු ඉටු කර ගැනීමට හැකි වන්නේය. ලාභ බලාගෙන වියදම් කරන ඔබට මෙම සතිය සුභදායක වේ. මිතුරන්ගෙන්, මිතුරියන්ගෙන්, ස්ත්‍රීන්ගෙන් උපකාර ද ලාභ ද තෑගි ද ලැබෙන සතියකි. හිතවතුන් සමග විනෝද ගමන් යාමට ද අවස්ථා සැලසේ.
ඔබට මේ සතිය තරමක් සුභඵල හීන බැවින් ඔබ සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ඔබ මේ දිනවල මිල මුදල්වලට මුල් තැනක් නොදී කටයුතු කරන නිසා තමාට ලැබෙන ආදායම අඩුවී යයි. මෙය ඔබ යුතුකම් ඉටු කිරීමට හා වෙනත් වැඩවලට සම්බන්ධ වීමටත් යොමුවන සතියක් නිසා ගෙදරදොර, පවුලේ අයගෙන් හා තමා ඇසුරු කරන ප්‍රේමවන්තයා / ප්‍රේමවන්තියගේ චෝදනා අපවාදයන්ට ලක්වන අවස්ථා ඇත. එනිසා තමාගේ රැකියාව, ව්‍යාපාර මෙන්ම තමාගේ වැඩවල නියුතුවීමට උත්සාහ ගන්න.
තමා නිරත රැකියා, ව්‍යාපාර හා අධ්‍යාපනික වැනි කටයුතු නිසි පිළිවෙළකට උනන්දුවෙන් හා වගකීමෙන් යුතුවම කරන්න. ඒවායේ නියැලෙන්න. නැතහොත් මේවායේ කාර්යයන් අවුල් සහගත වනු ඇත. කල්ගත වූ විවාහ යෝජනා මෙන්ම සම්මුඛ පරීක්ෂණාදී කාර්යයන් සඳහා දින, කාලවකවානු නියම වීමත්, පෙම් කරන්නන් අතර පසුගිය දිනවල හටගෙන තිබූ අමනාපකම් ඉවතලා සමගිය ඇති වීමත් අවසන් දින තුන තුළ ඉටුවීම පෙන්වයි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදු වේ. වාද විවාදවල පැටලීමත් මෙහිදී නුසුදුසුයි.
ඔබට මේ සතියේ අවසන් දින හතරට වඩා මුල් දින තුන තුළ අනාගත යහපත උදෙසා කිසියම් සුභඵලදායී බවක් ගොඩනැගුණත්, අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ පාඩු සිදු වීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් ක්‍රියා කරන්න. අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර, සමස්තයක් ලෙස ඔබට විවිධ ආදායම් මාර්ග එළිපෙහෙළි වන සතියක් ද වේ. පසුගිය දිනවල බලපෑ ව්‍යාපාරික ප්‍රශ්න, රාජකාරි ගැටලු බඳු ප්‍රශ්න යනාදිය මේ සතියේ විසඳේ. එහෙත් උරුම හිමිකම්, අයිතිවාසිකම් මෙන්ම පදිංචිය පිළිබඳව ගැටලු මතු කරයි.
ඔබ මෙම සතිය තුළ කරන කියන, අරඹන වැඩවලින් ඵල ප්‍රයෝජන සැලසෙන්නේය. ඔබ පහසුවෙන් මිල මුදල් උපයන්නට උත්සාහ කරන, උනන්දු වන සැටියක් පෙන්නුම් කරයි. තමාගේ දක්ෂතා මතු වේ. විශේෂයෙන් මේ සතියේ මුල් දින පහ තුළ ඔබගේ ඉපැයීම් මාර්ග, ජීවනෝපාය කටයුතු හා අධ්‍යාපන කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට හැකි වනු ඇත. එසේම ඔබ තමා නියුතු රැකියා, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා සිත වැඩි වශයෙන් යොමු කරයි.
ඔබට මේ සතිය සුභදායී අයුරින් ගත වන අතර, එහිදී ඔබට තම අවශ්‍යතා පිරිමසා ගැනීමට අතට මිල මුදල් ලැබේ. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම කෙරෙහි සිත යොමුවන සතියකි. පොදුවේ ඔබට මේ සතිය පුරාවට අධික ගමන් යෙදුණත්, වෘත්තීය ජීවිතයේ අඩුපාඩු පිරිමසා ගන්නට පුළුවන් වේ. තම දෛනික කාර්යය කටයුතු හා ජීවන පරිසරය පිළිබඳව බලපෑ අසහනකාරී හැඟීම්, අවිනිශ්චිතතා පහව යන නිසා ඔබට තම මානසික සංයමය ද රැක ගැනීමට හැකි වේ. සතිය ගත වීමට පෙර හිතවතකුගෙන් ආදර සංග්‍රහයක් ද ලැබේ. මෙය අවශ්‍යතා පිරිමැසීමට කෙසේ හෝ මිල මුදල් ලැබෙන සතියකි.
කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ තම දිවියේ දියුණුවට කටයුතු සැලසුණත්, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ මෙන්ම ස්ථාන, තනතුරු, නිලතල ලාභ, ප්‍රයෝජනයන් හා වරප්‍රසාද ගෙන දුන්නත්, විශේෂයෙන් කිව යුතු වන්නේ සතියේ ආරම්භක දින තුන ඔබට සැකයෙන් හා අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නට සිදු වන බවයි. පොදුවේ ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළ වන දෑ සිදු වේ. ඒත් සමගම ඔබට මෙම සතිය තුළ විශේෂ ත්‍යාගයක් හෝ උදව්වක් ලැබේ. සුඛෝපභෝගී දිවියට අවශ්‍ය දෙයක් ද ලැබේ.
ඔබ මෙම සතිය තුළ ධෛර්යයෙන් වැඩ කරයි. එසේම ඔබට මෙය ආත්ම ශක්තියෙන් කටයුතු කිරීමටත් හැකි වන සතියකි. මුදල් පිළිබඳව පැවැති බලාපොරොත්තුවක් ඉටු වේ. ඊට සම්බන්ධ සැලසුම් යනාදිය ද සාර්ථක වේ. රැකී රක්ෂා කටයුතුවල නිරත වන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ. රැකියාවට හා රාජකාරියට රහස් සතුරන්ගෙන් බලපෑ සාධකයක් ද මඟ හැරී යයි. කරගෙන ආ කටයුතු ද අලුතෙන් භාරගෙන හෝ ආරම්භ කර හෝ පටන් ගන්නා කටයුතු ද වැඩි දියුණුවට පැමිණෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd