
රෝග ගැන පරිස්සමින්
ඔබට මෙම සතියේ මුල් දින හතර තුළ දී ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ මළමුත්‍ර පහවීමේ බාධාවක් වැනි රෝගී ස්වභාවයක් මතුවන සැටියක් පෙන්නුම් කරන හෙයින්, තමා ගන්නා ආහාර පාන කෙරෙහි සැලකිළිමත් වන්න. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක්ද, නැතහොත් හටගනී. මේ දිනවල දී නඩුහබවලට යාමට සිදුවුවහොත් තමාට තර්ජන විඳීමට සිදුවේ. නැතහොත් වැඩිහිටියෙකුගෙන් හෝ තර්ජනයක් ලැබෙන්ට පුළුවන. අවසන් දින තුන අනුන්ගෙන් ගරු සැලකිලි ලැබෙනවා ඇත. විරුද්ධ ලිංගිකයන් සමග එකට සහභාගිවී කරන කටයුතු හා කතාබහ ඇති කරයි.
සිත්තැවුල්වලට හේතුවේ
මෙම සතියේ මුල් දින හතර සුළු සුළු වස්තු ලාභ ලැබේ. තරග විභාගාදියෙන් ජය ලැබේ. ගෙදර දොර ජීවිතය වාසනාවන්ත වේ. ශරීර සනීපය ඇතිවේ. සැප පහසුව ලැබේ. හොඳ ආහාර පාන වර්ග ලැබේ. ගරු සැලකිලි ලැබේ. විනෝදයට සිත ඇදී යයි. කටයුතුවලින් සිත් සතුට ගෙන දෙයි. තමාකෙරෙන් පැවති ගෞරවය වැඩි වේ. දියුණුව ද ඇති වේ. අවසන් දින දෙක අවුල් වියවුල් සහිතය. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට සිත නොයෙදෙන අතර අධෛර්ය වීමද හදිසි මිල මුදල් වියදම්ද සිත් තැවුල්ද ඇති කරයි.
අදහස් ඉටුවේ
ඔබට මෙම සතිය සුබා සුබ මිශ්‍රපලදායි වනු ඇත. වරින් වර සිතට කිසිම ප්‍රීතියක් විනෝදයක් නොවන දේ ඇතිවේ. බලාපොරොත්තු ඉෂ්ටවීම කල්යයි. ආදර බන්ධනවලින් සිත් තැවුල් ඇතිවේ. ශරීර අසනීප ගති සාදයි. සිත් වේදනාවක් උන්හිටි ගමන් ඇතිකරයි. බාහිර කරදර මතුවේ. අවසන් දිනතුන සතුරන් පහළ වැටේ. නොයෙක් දේ ලැබෙන්නට පුළුවන. අදහස් ඉෂ්ට වේ. මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදු වේ. ලෙඩෙක් ගැන හෝ ලෙඩක් ගැන කෙනෙකු ඔබ සමග පවසයි. අමුතු කටයුතු ගැන අදහස් මතුවේ.
අධික වියදම්
මුල් දින තුන මිත්‍රයන් හා ආශ්‍රය ඇති වේ. සැප පහසු ඇතිව රාජකාරිය කිරීමටත් සතිය ගත කිරීමටත් තැන් ලැබේ. තමා නිදා ගන්නා තැනම වුවත් වෙනදාට වඩා සුවපහසුවට නිදා ගන්ට ලැබේ. ස්ත්‍රීන්ගෙන් සැප ලැබේ. ප්‍රීතිමත් ගමන් ඇති වේ. සති මැද දින තුන කණගාටු සහිතව කාලය ගත වේ. අනුන්ගේ වැඩ තමාගේ බියට හේතු වේ. නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කරන්ට පුළුවන. එහෙත් අවසන් දින දෙක පිනට දහමට ආශාව, ආගම දහමට භක්තිය ශ්‍රද්ධාව ඇති කරයි. නමුත් මුදල් අතින් අගහිඟකම් ඇති වේ.
කරදර මතුවීම්
මෙම සතියේ අවසන් දින තුන තුළ දී ඔබ ශක්තිමත්ව ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කරයි. එසේම මෙහිදී ඔබ තම අරමුණු සපුරා ගැනීම සඳහා ක්‍රියාශීලී වන අතර, අරමුණු ජය ගැනීමේ ඉලක්ක සාර්ථක ලෙස මෙහෙයවයි.
මුල් දිනවල වරදක් කළේ නම් එයට දඬුවම් ලැබේ. කරගෙන යන කටයුතුවල කරදර මතු වේ. අධික වියදම්ද ධන හානිද ඇති කරයි. රක්තවාතාබාධ ඇති අයට මේ දිනවල එය උත්සන්න වේ.

වැඩි ලාභ
ඔබට මෙම සතියේ මුල් දින පහ උත්සාහ කරන රැකීරක්ෂා කටයුතුවලින් පලප්‍රයෝජන ලැබේ. ගෙදර දොර පදිංචියට අදාලවන තැනක බර වැඩක් කර ගැනීමට හැකිවෙයි. උසස් අය සමග ආශ්‍රය ඇති වේ. එසේම පවුලේ වැඩිහිටියන් සමග ආශ්‍රය හා ගනුදෙනුද ඇති වේ. ගොවිතැන් වලින්ද ලාභ ප්‍රයෝජන ලැබේ. වෙළෙඳ ව්‍යාපාර ගෙන යන අයට මේ දිනවලදී වැඩි ලාභ ලැබෙනු ඇත. ස්ත්‍රීන් උදෙසා කරන වෙළඳාම් වලින් ලාභ වැඩිවේ. අවසන් දින දෙක විශේෂයෙන් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සහ ගනුදෙනු කිරීමේදී නොයෙක් වැරදීම් මුලාවීම් සිදුවිය හැකි බවැවින් ප්‍රවේසම් විය යුතුයි.
ඉගෙනුම් කටයුතු මනාව සිදුකෙරේ
සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන විලාසය මත සසඳා බලන විට මෙම සතිය ඔබට ශුභ පලදායී අයුරින් ගතවේ. ඔබ තමාගේ හිමිකම අයිතිවාසිකම් මෙන්ම බලය සම්බන්ධිත නව සැලැස්මක් යටතේ තීන්දු තීරණ ගෙන කටයුතු කරන්නට අදහස් කරනු ඇත. ඉගෙනීම් කටයුතුවල නිරතවන්නන්ට, වෘත්තීය කටයුතුවල නියුතු වූවන්ටත් එම අංශයන්හි දියුණුවක් සැලසේ. විවාහ අපේක්ෂිත ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම යුග දිවිය පිළිබඳ විශේෂ තීන්දු තීරණවලට එළැඹීමටත් ඉඩ ලැබේ. ගෙදර දොර හා රාජකාරියට අදාළව කරන කියන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් පැන නොනගී.
මුල් දින දෙක ප්‍රවේශමෙන්
වෘශ්චික ලග්නය හිමි ඔබට මෙය මිශ්‍රඵලදායී අයුරින් ගතවන සතියකි. එබැවින් ඔබට මෙම සතිය තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබුණත් වෙහෙස ඇති දුර ගමන් ද යෙදේ. පොදුවේ ඔබට මෙය සතුටුදායක ආරංචි ලැබෙන සතියක් ද බැවින් කරන කියන දේ ඉශ්ට සිද්ධ වන්නේය. අනපේක්ෂිත හෝ බලාපොරොත්තු රහිත මාර්ගයකින් යහපත් දෙයක් ද මෙහිදී සිදුවේ. මුල් දින දෙක උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ.
කල්පනාවෙන් ක්‍රියා කරන්න
ඔබට මෙම සතියේ මුල් දින දෙකත් අවසන් දින තුනත් යන දින පහ බොහෝ සෙයින්ම සිත් සතුටට කරුණු සැලසේ. එයට කලින් දිනවල තිබුණාට වඩා හොඳ තත්ත්වයකට හැරෙයි. හොඳ දෙයට සිත යොමු වේ. දියුණුවට කටයුතු සැලසේ. වාසනාවන්ත දවස් වෙයි. කරන කියන බොහෝ කටයුතු වලින්ම සිතට ප්‍රීතියද සැනසීමද ලාභ ප්‍රයෝජනද ලැබේ. සෙසු දින දෙක සිත් තැවුල් කණගාටු ඇති කරයි. අවනම්බු ලැබෙන්ට පුළුවන. වියදම් අධික වෙයි. නොතේරුම් කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි.
කතාබහ පරිස්සමින්
ඔබට මෙම සතියේ මුල් දින පහ ශුභ ඵලදායී අයුරින් ගතවෙයි. ඇතැම් අවස්ථාවල පසුගිය දිනවල බලපෑ දුක් දොම්නස් කරදර මෙහිදී ක්‍රමයෙන් පහවී යයි. ඔබට මව් පස නෑයෙකුගෙන් වාසි ගෙන දෙන කරුණක් සඳහා දුර ගමනක් යෑමට සිදුවේ. නව නිවෙසක් හෝ වාහනයක් මිලදී ගැනීම සඳහා පසුබිම සැකසේ. එසේම මෙම දින පහ තුළ රැකීරක්ෂා අංශයේ දියුණුවක් ඇතිවේ. පොදුවේ ඔබට මෙම සතියේ අවසන් දින දෙක තම කටයුතු පසෙක දමා අනුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එමෙන්ම මෙය දුර දිග නොබලා කරන කතාවලින් ද වැළකිය යුතු කාලයකි.
ඇසුරැ කිරීම් කල්පනාවෙන්
අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කටයුතු තම සිතැඟි පරිදි ඉටුවන බැවින් සතුටක් දැනේ. විදේශගත වීම්, සංචාර, කෙටි ගමන් විදේශගත සම්බන්ධතා තුළින් කරන කටයුතු ආශ්‍රිතව සාර්ථක ප්‍රතිඵල උදාකරන සතියකි. කෙනකු සමග දියුණුව පිළිබඳ කතාවක් හෝ යෝජනාවක්ද ඇතිවේ. ශරීර සනීපයටද හොඳය. මිත්‍ර ආශ්‍රය හෝ අමුත්තන්ගේ පැමිණීමද සිදුවෙයි. ධෛර්යයෙන් වැඩ කරයි. හිතවතුන් හා ආශ්‍රයෙන් හෝ ඔවුන්ගෙන් ඈත් වීමක්ද සිදුවිය හැකි සතියක් ද බැවින් ඇසුරුකිරීම් වලදී කල්පනාකාරී වන්න.
අනපේක්ෂිත ලාභ ලැබේ
ඔබට මෙම සතියේ ආරම්භක දින දෙක සිත් තැවුල්, සිත් කණගාටුවට හේතුවන දේ සිදුවෙයි. ශරීරයෙහි දුර්වල ගතියක් දැනේ. සෙසු දින පහ ගෙදර දොර හා ජීවනෝපායට අයත් කාර්යය කටයුතුවලින් සැනසිලිදායී ස්වභාවයක් ලැබෙනවා ඇත. සුළු සුළු වස්තු ලාභද ලැබෙන්ට පුළුවන. අන්සතු වස්තු පවා ලැබෙන්ට හේතුයෙදේ. අපේක්ෂිත ජලපහසුකම් වලට අදාල ලාභද ලැබෙනවා ඇත. අළුත් හිත මිත්‍රයන් හෝ මිතුරියන්ද ලැබෙන සතියකි. කලකින් නොදුටු ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එනවා ඇත. නැතහොත් එවැන්නෙක් හමුවීමට තමාටවත් යාමට සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd