
ඔබට මෙම සතිය තුළ තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. ස්වයං වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. ඒ අතරට අනුන්ගෙන් භාරගෙන කරන කටයුතු ද සඵල වේ. සමාජයෙන් ගරු නම්බු ලැබේ. තනතුරුවලට පත් වේ. වාසනාවන්ත සතියකි. ආදායම වැඩිදියුණු වේ. හිත මිතුරන් හා ආශ්‍රය ඇති වේ. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. අසනීපවලින් සුවය ලැබේ.
වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර මුල් දින තුන තුළ විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයක් වන අතර නිතර පදිංචියෙන් පිට වාසයට ද කරුණු සැලසෙනු ඇත. සතිය පුරා රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. අවසන් දින තුන විදෙස් ගත හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. රැකියා මාරුවකට කටයුතු සැලසෙන සතියක් වන අතර ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. හවුලට කොටස් ව්‍යාපාරයට අලුත් සාමාජිකයෙක් එක් වන අන්දමේ කටයුත්තක් යෙදෙන සතියකි.
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්න චක්‍රයට අදාළ මෙම සතියේ ග්‍රහ හැසිරීම කෙරෙහි සසදා බලනවිට ඔබ එදිනෙදා නිරත කටයුතුවල හෙවත් තම දෛනික කාර්යයන්හි ප්‍රගතියක් පෙන්නුම් කරන සතියක් බව කිවයුතුයි. තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ මෙන්ම සමාජයේ උසස් අයගෙත් ආධාර උපකාර ද මේ සතිය තුළ ඔබට නොඅඩුව ලැබෙනු ඇත. ඒ වගේම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතුවල අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරන සතියක් වන හෙයින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට මෙම සතිය උපයෝගී කරගත හැක.
පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන අතර නිතර ඇවිදිලි වැඩි කරන නිසා ඊට නතු නොවන්න. තමාගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී දේපළ ගනුදෙනුවක් විසඳා ගැනීමට හැකිවන අතර හදිසි මුදල් ලාභයකට ද හිමිකම් ඇතිබවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. එහෙත් නිතර තනිව කටයුතු කිරීමට සිතන කාලයකි.
ඔබට මේ සතියේ මුල් දින පහ තුළදී තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ ලැබේ. ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උද්යෝගයක් ඇතිවේ. එසේම තම යටි සිතේ බලපැවැත්වූ වැදගත් අදහස් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. මෙහිදී සම වයසේ මිත්‍රයන්ගෙන් හා ස්ත්‍රී පක්ෂයෙන් විවිධ උදව් උපකාර ලැබෙයි. නෘත්‍ය හා සංගීතය කෙරෙහි රුචිකත්වය අධිකවන දින කිහිපයකි. නොපසුබට උත්සාහයක් ගොඩනැගෙන සතියකි.
මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේදී නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන්නේය. මෙතෙක් පැවැති කරදරකාරී බවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදී සෙසු අයගේ ප්‍රශංසාව හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ. එසේම සතිය මැද කාලයේදී පවුලේ දානමය වැඩසටහනක් පිළිබඳ සැලසුමක් ඇති වෙයි. හිතවතකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි.
අලුත් රැකියාලාභී තුලා ලග්න හිමියන්හට සුබදායක සතියක් වන අතර වෙනදාට වඩා අතමිට සරු කරන සතියක්ද වනු ඇත. හදිස්සියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වාසිදායක බවක් ඇති කරයි. මෙතෙක් වැඩිහිටි විරෝධය ගෙන දුන් පෙම් සබඳතාවයකට සුබ පැතුම් එක් වන කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙයි. වාහන හුවමාරුවක් හේතුවෙන් දුරස්වූ ඥාතියකු නැවත හඳුනා ගැනීමට මඟ සැලසේ. එසේම මෙය පවුලේ උත්සව අවස්ථාවකට සැලසුම් සකස්වන සතියක්ද වනු ඇත.
හදිසි සැලසුම් කීපයක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ වන අතර තම ජීවනෝපායේ කටයුතු උදෙසා හවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් මෙතෙක් නොවිසඳුණු ගැටළුවක් විසඳා ගැනීමට මාර්ගය පෑදේ. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හදිස්සියේ ඇතිවන සෙම් ආබාධයක් හේතුවෙන් රෝහල් බෙහෙත් ගැනීමක්ද සිදුවෙයි. එසේම මෙම සතිය තුළ වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් හිතවතකු හමුවීමට මඟ සැලසෙන සතියකි. ජලය සම්බන්ධ කටයුතුවලින් මේ සතියේ පරිස්සම් වීම වැදගත් වේ.
විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යන සතියකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර පවුලේ සැමට එක්ව කටයුතු කිරීමට හැකිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී නොසිතූ ලෙස විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම සැනසීමට හේතුවෙයි.
අවිවේකී වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වෙමින් සතිය ආරම්භ වන අතර පවුලේ කටයුතු කීපයක වෙනස්කම් කීපයක්ද සිදුවීමට ඉඩ ඇත. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් පවුලේ කෙනකු සමඟ භේදයක් ඇති වීමට ඉඩ ඇත. නිතර තමා හමුවීමට එන කෙනකු නිසා පවුලේ මතභේදයක් ඇති කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමටද මඟ සැලසේ. රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි.
ගතවූ දිනවල බලපෑ සතුරු කරදරයක් හෝ නීතිමය ප්‍රශ්නයක් හේතුවෙන් සිත තුළ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී ස්වභාවයක්ද පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගීමත් මෙම සතිය තුළ සිදුවේ.
විශේෂයෙන් ඔබ දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට සමත්වන අතර, දෛනික ඉපැයීම් මාර්ගයේ හෝ වේවා තම ජීවනෝපාය මාර්ගයට අදාළ ආදායම් තත්ත්වය සතුටුදායක බවට පරිවර්තනය වීමක්ද ඔබට ගෙනදෙන සුබදායි ප්‍රතිඵල අතර පෙන්නුම් කරයි.
සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන්නේ නමුදු ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක්ද ඒ අතර යෙදේ. විශේෂ පුද්ගලයකුගේ ඇසුරට පත්වීමෙන් නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසේ. රැකියා ස්ථිරවීමක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ගත වුවන්ට සුබදායක බවක් පෙනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd