මේෂ ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන මෙම මස තුළ සුබදායි ලෙස බලවත්ව යෙදෙන බැවින් ඔබ මෙම මස තූළ දී ධෛර්යෙයන් වැඩ කරයි. අමුත්තන් වැඩි වශයෙන් මුණ ගැසේ. ආත්ම ශක්තියෙන් කටයුතු කිරීමටත් හැකි වෙයි. මුදල් පිළිබඳව පැවැති බලාපොරොත්තුවක් ඉටු වේ. ඊට සම්බන්ධ සැලසුම් යනාදිය ද සාර්ථක වේ. සහෝදරයකුගෙන් හෝ හිතවතකුගෙන් වුව අමතර මුදලක් අතට ලැබේ. රැකී රක්ෂා කටයුතුවල නිරත වන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ. රැකියාවට හා රාජකාරියට රහස් සතුරන්ගෙන් බල පෑ බාධකයක් ද මඟ හැරී යයි. ව්‍යාපාරයේ හවුල්කරුවන් සමග හොඳහිත සබඳකම් තරකර ගැනීමට හැකි වන පරිසරයක් ඔබට මෙම මස තුළ දී ගොඩ නැගේ. ආයෝජනයකට මුදල් සොයන මාර්ග පෑදේ. අත්හැර දමා තිබූ අධ්‍යාපන කටයුතු හා යම් යම් විෂයයන්හි යළි නියුතුවීමට ඉඩ ප්‍රස්ථා සැකසේ. ඔබට බාධක බිඳගෙන ප්‍රේම සබඳතාවල හා මංගල යෝජනාදියේ බලාපොරොත්තු සාර්ථක කර ගත හැක. ගමන් බිමන් මුල් කරගෙන අනපේක්ෂිත ලෙස දැන හැඳිනුම්කම් ගොඩනැගීමක් සිදුවේ. විවාහ යෝජනා තහවුරු වෙයි.

බොහෝදුරට මෙම මස යෙදෙන ග්‍රහ ගමන මත හිතට දුකක් හෝ අසතුටක් ඇතිවීමට කරුණක් යෙදෙන නමුත්, වස්තු ලාභ ලැබේ.  කරගෙන ආ කටයුතුද අළුතෙන් භාරගෙන හෝ ආරම්භ කර හෝ පටන් ගන්නා කටයුතුද වැඩි දියුණුවට පැමිණෙයි. රැකී රක්ෂා දී වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අළුත් දේ ඉගෙනීමට පවා අවස්ථාව ලැබේ. ශරීර සනීපය ඇති වේ. සාමාන්‍යයෙන් මෙය දියුණුවට හොඳ මාසයකි. කතාවේ බලයෙන් ලාභ ලබාගත හැක. ගෙදර දොර වාසනාව ඇති වේ. ධෛර්යයෙන් උනන්දුවෙන් කරන කටයුතු ද තද ලෙස මොළය වෙහෙසවා කරන කටයුතු ද කපටි ඥානයෙන් කරන කටයුතුද දියුණුවට මෙන්ම සාර්ථකත්වයටත් පත් වෙයි.

 

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ප්‍රශ්නකාරී ගති මතුවීමට තිබූ වැඩ කටයුතු රැසක් අහෝසි වී යන අතර, ශුභදායී වාතාවරණයක් ගොඩනැගේ. සිතේ සහනය සතුට ගොඩ නැගෙන මාසයකි. යම් යම් මුදල් ලාභ උරුම හිමිකම් වැනි දෑ ලැබේ. රාජකාරි ස්ථානය තුළ ප්‍රීති උත්සව අවස්ථා ඇති වීමට ඉඩ ඇත. විදේශ ගමන් රැකියා අවස්ථා උදෙසා මඟ පෑදේ. රාජකාරිය සහනයෙන් කරගෙන යා හැක. වෙළෙඳ ව්‍යාපාරාදිය සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

නිෂ්පාදන,අලෙවිය, කොටස්කරුවන් මෙන්ම සේවකාදීන්ට අදාළ ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. ඉගෙනීම් ආදිය දියුණු වන අතර, පරීක්ෂණ කටයුතුවලින් ප්‍රතිඵල ලැබීමේ භාග්‍යය ද ඇති වන්නේය. මීන ලග්නයෙන් උපන් පුරුෂයන්ට ස්ත්‍රීන් සමගත් ස්ත්‍රීන්ට පුරුෂයන් සමගත් හොඳ හිතවත්කම්, සබඳකම් ඇතිකර ගැනීමට අවස්ථාව සැලසේ. නව ආදර සබඳතා ඇතිවීම විරුද්ධ ලිංගික සැප ලැබීම හිමිවන මාසයක් ද වන්නේය. පොත පත කියවීමටත් දැනුම බුද්ධිය වර්ධනය කරගැනීමටත් ඉඩකඩ සැලසේ. ආදර කටයුතු විවාහ දිවියේ කටයුතු යනාදියෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. ප්‍රේමවන්තයා/ ප්‍රේමවන්තිය සමග ප්‍රීතිමත් ගමන් යෑමට ලැබේ. විරුද්ධ ලිංගික සැප ලැබෙන මාසයකි.

බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ. ප්‍රසිද්ධ වේ. ගරු සැලකිලි ලැබේ. ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ලැබේ. ද්‍රව්‍ය ලාභ ලැබේ. කරදරයකින් නිදහස ලැබේ. වැදගත් අය සමග ආශ්‍රයට ඉඩ ලැබේ. එසේම උසස් කෙනෙක් තමා හමුවීමට පැමිණේ. නැතහොත් උසස් කෙනෙක් හමුවීමට තමාට යාමට සිදුවේ. මෙය සැනසිලිදායක මාසයකි.

 

මිථුන ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන ද සුබදායි ලෙස බලයෙන් යුක්තව පවතින බැවින් ඔබට මෙම මස තුළ ගෙදර දොර වැඩ කටයුතුවල දියුණුවක් සලසා ගැනීමට හැකියාව ලැබෙන්නේය. අතපසු වූ වැඩ කටයුතූ රැසක් කරගැනීමට ද හැකි වේ. මිල මුදල් උපයා ගැනීමේ උනන්දුව වැඩි වෙයි. තැන්පත් ධනයට යමක් එකතු කර ගැනීමටත් අවස්ථාවක් උදා වේ. අන්‍යයන් සමග සහයෝගයෙන් සුහදත්වයෙන් රාජකාරියේ නිරත වීමට හැකිවේ. රාජකාරිය කෙරෙන් හටගෙන තිබූ අවිනිශ්චිත ස්වභාවයක් පහව යයි. රැකියා අපේක්ෂා ඉටුවීමේ පෙර නිමිති පහළ වේ. අලුත් ආයෝජනවලට සම්බන්ධ වීමට අවස්ථාවක් උදා වේ. ස්වයං රැකියාවල අලුත් වෙනසක් ද ඇති වේ. විභාග සම්මුඛ පරීක්ෂණාදියෙහි දක්ෂතා පෙන්වීමේ අවස්ථාවලින් සතුටුදායක ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වේ. පොතට පතට වැඩිපුර යොමුවන මාසයකි. ඔබගේ ප්‍රේම සම්බන්ධතාවට හා යුගදිවියට අදාළව බලපෑ විරුද්ධවාදීකම් විවිධ අභියෝග වැනි දෑ ඉවත්ව ගොස් ජයග්‍රහණයන් සැලසේ. පැරණි සබඳතාදිය නැවතත් ඇරඹීමට අවස්ථාව උදාවේ.

එබැවින් පොදුවේ මෙය ඔබට ශුභඵල දායක මාසයකි. අනුන්ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි. ශරීර සැප පහසුව ද ඇති වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ද ස්ත්‍රීන්ට පුරුෂයන් සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ. සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. රේස් සූදු ආදියට යන අයට විශේෂ ලාභ ලැබේ. දූ දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. අළුත් ඥාති මිත්‍රයන් ලැබේ. ධන ලාභද ලැබෙනවා ඇත. සතුරන්ගෙන් කරදර ඇති නොවේ. දරු ශිෂ්‍යයන්ගේ දියුණුව ඇති වේ. බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයකි. සතුරන් පරාජයට පැමිණේ. වැඩිහිටියන් ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි ප්‍රශංසා ලැබේ.

 

කටක ලග්නය හිමි ඔබගේ ග්‍රහගමන ද සුබදායි ලෙස බලයෙන් යුක්තව පවතින බැවින් ඔබගේ කලක් තිස්සේ සිත තුළ බල පැවැත්වූ වැදගත් ක්‍රියා පිළිවෙතක් ක්‍රියාවට නැංවීමට ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇත. යහපතට කටයුතු සිදුවන මාසයකි. මිල මුදල් ලාභ ලැබේ. නැතහොත් විවිධ බඩුමුට්ටු ද්‍රව්‍යමය ලාභයක් හෝ ලැබේ. එනමුදු විනෝදයට අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න. තනතුරු උසස්වීම් වැනි දෙයක් හෝ පොරොන්දු වූ රැකියා අවස්ථාවක් හිමිවීමක් වැනි දෙයක් රැකියාව කෙරෙන් ඇති වන්නේය. තම වෙළෙඳ ව්‍යාපාරයට කිසියම් ප්‍රසිද්ධියක් මෙන්ම යම් යම් ලාභ ද ලැබෙන වාතාවරණයක් ගොඩනැගේ.

එසේම මෙම මස තුළ ඔබට ඥාතීන්ගේද හිතවතුන්ගේ ද උදව් උපකාර ලැබේ. යම් යම් ද්‍රව්‍යමය භාණ්ඩ වර්ග හෝ මිල මුදල් පිළිබඳ ලාභ ලැබේ. වාසනාවන්ත සතුටුදායක මාසයකි. පවුලේ සමගිය හා වාසනාවද ගෙදර දොර සැනසීමද ඇති වෙයි. නම්බුව ලැබේ. ත්‍යාගවන්ත වේ. චරිත ගති ගුණද යහපත් වේ. යහපත් අය සමග මිත්‍රකම් බැඳ ගැනීමට හෝ ආශ්‍රය කිරීමට අවස්ථාව ලැබේ. මවට සැප හා නීරෝගී බව ඇති කරයි. කෘෂිකාර්මික කටයුතූවලින් ද ලාභ ලැබේ. ආශ්‍රය කරන්නන්ගෙන් සිත් සතුටට කරුණු සැලසේ. සතුරන්ගෙන් කරදර හිරිහැර ඇති නොවේ. ගෙදරට කුඩා ළමයින් වැඩිවශයෙන් පැමිණෙන මාසයකි. සමාජයෙහි පිළිගැනීම ද ප්‍රණාමය ද ඇතිවේ. පවුලේ වාසනාවන්තකම ඉස්මතුවෙන  මාසයකි. ශරීර සනීපය ද යහපත් වේ. ගෘහ භාණ්ඩ ආදී තමාට අවශ්‍ය දේ සපයා ගැනීමට ලැබෙන නිසා සිත් සතුට ඇති වේ. එසේම මෙය ගෙදර දොර පිරිසිදු කර ගැනීමට ද ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගැනීමටද ඉඩ ලැබෙන මාසයකි. මව්ට ද යහපත් වාතාවරණයක් ගොඩනැගේ.

 

සිංහ ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන මෙම මස තුළ එතරම් බලවත් නොවන හෙයින් ඔබගේ දෛනික කාර්යය කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. උන්හිටි ගමන් පැන නගින අහිතකර බලපෑම් නිසා මූලික බලාපොරොත්තු බිඳවැටීමත්, වගකීමෙන් තොර ක්‍රියාමාර්ගවලට යොමුවීමත් , ජීවන සිද්ධීන් තුළින් මතුවිය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න.

ආර්ථිකමය සැලසුමක් වෙනස්වී යෑමෙන් මුදල් කටයුතු අවුලෙන් අවුලට පත් වීමටද ඉඩ තිබේ. එනිසා ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න. සතුරු කුමන්ත්‍රණ යටතේ ආත්ම ගෞරවයට හානිදායක චෝදනා රැකියා ස්ථානය කෙරෙන් ඔබ වෙත එල්ලවිය හැකි බැවින් අවධානයෙන් පසුවන්න. අවශ්‍ය දේ පමණක් කරන්න. අධ්‍යාපනයට අදාළ කටයුතු කල් දැමීමටත් නොසලකා හැරීමටත් පෙළඹෙන නිසා ඊට නතු නොවන්න.

එසේම බුද - සිකූරු සංයෝගයක් හත්වැන්නේ යෙදීම මත භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග කරන කතාබහ ගනුදෙනු ආදී කටයුතු හරිහැටි තේරුම් නොගැනීම නිසා හෝ වැරදීම් නිසා හෝ කරදර පැටළිලි ඇතිකළ හැකිය. මුදල් හානියක්ද සිදුවේ. තද කෝපයක්ද ඇති වේ. සිතේ එකලස් කමක් නැති වේ. යම් යම් ශරීරාබාධ, අධික උෂ්ණගතිය නිසා ද හටගන්නා රෝගාබාධ ද සෑදෙන්ට පුළුවන. රහස් පෙම් සබඳතා ඇතිවීමෙන් හෝ නුසුදුසු අනියම් සබඳතා පවත්වන්නට යෑමෙන් තම හොඳ නමට කැළැල් ඇති වන කරුණු යෙදේ. මේවා හේතු කොටගෙන යුගදිවියේත්, ප්‍රේමදිවියේත් අනවශ්‍ය ගැටළු ප්‍රශ්න පවා පැනනැගිය හැක. කරදර මධ්‍යයේ සැපක් ද ලැබේ. බොරු චෝදනාවලටත් අසුවේ.

 

කන්‍යා ලග්නය හිමි ඔබට මෙම මාසය සුබදායක වන බැවින් ඔබගේ සිත තුළ ධෛර්යය ආත්ම ශක්තිය ගොඩනැගෙන නිසා සිතන දේ එවේලේම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනී. කරගෙන එන ඇතැම් වැඩකටයුතුවල වැඩිදියුණුවටද කටයුතු සිදුවේ. ඇණහිට තිබූ ආදායම් නැවත සකසා ගැනීමට අවස්ථාව සැලසේ. එසේම අමතර ආදායම් ගෙන එන සාර්ථක ධනෝපායන මාර්ග ගැන අදහස් යෝජනා කල්පනාවට එන මාසයකි. රැකියා කටයුතු රාජකාරිය සම්බන්ධව පැවැති ප්‍රශ්නයක් නිරවුල්කර ගැනීමට හැකි වන්නේය. රැකියා අපේක්ෂා කරන්නන් ඒ සම්බන්ධයෙන් උත්සාහ ගතහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමටත් හැකි වන්නේය. අලෙවි කටයුතු හා නිෂ්පාදන කටයුතු වැනි දෑ වල සෑහීමකට පත්විය හැකි දියුණුවක් දක්නට ලැබේ. අධ්‍යාපන කටයුතුවලට බලපෑ බාධාවක් ඉවත්ව යයි. සම්පත් හිඟයක් ද පියවා ගැනීමට හැකි වේ. ආදර සබඳතා හා විවාහ දිවියේ සමගියට බාධාවක් ව පැවැති රහස් සතුරු කුමන්ත්‍රණයක් හෙළිකර ගැනීමට හැකිවේ. එසේම සමගිය සහජීවනය දෙදෙනා තුළ ගොඩනැගේ.

ආදායම නියම ක්‍රමයට අඩු නැතිව ලැබෙන්ට පුළුවන. ශරීර සනීපය යහපත් වේ. ගෙදර දොර සැපපහසුව වාසනාව ඇති වේ. හොඳ ආහාර පාන වර්ගද ඇඳුම් පැළඳුම්ද බඩුබාහිරාදී වර්ග ද වැඩි උත්සාහයක් නැතිවම සපයා ගැනීමට ඉඩ ලැබේ. සංදර්ශන බැලීමටද හිතවතුන් හිතවතියන් සමග විනෝද සවාරි යාමටද ඉඩ ලැබේ. අලංකාරයට ප්‍රසිද්ධියට කටයුතු කරන්ට ඉඩ ලැබේ. මුදල් අතින් යහපත් වේ. පියාටද උසස් අයටද අයත් වස්තුව ලැබේ. එබැවින් ඒ ගැන උත්සාහ කළ යුතු මාසයක් ද වන අතර නොයෙක් දේ ලැබෙන්ට පුළුවන. උසස් අයගෙන් සැලකිලි ද උපකාර ද ලැබෙනවා ඇත. හිත මිත්‍රයන්ගෙන් විශේෂ ආධාර ලැබෙන්ට හේතුයි. කෙසේ හෝ ඔබට මෙම මසතූල අළුත් උසස් මිත්‍රයන්ද ආශ්‍රයට ලැබේ.

 

තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය සුබාසුබ මිශ්‍රඵල උදාකරයි. පොදුවේ ඔබගේ ගෘහජීවිතය හා සිය රාජකාරි ජීවන පරිසරය යහපත් වේ. එසේම පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීමේ අවස්ථා යෙදෙන අතර ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ. එසේම ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගිවීමටත් අවස්ථාව ලැබේ. ආදායම් අපේක්ෂිත පරිදි ලැබේ.

දේපොළ ගෙවල් ඉඩම් ආදිය ද ලැබෙන මාසයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. සුදුසු වයස නම් විවාහය පවා ස්ථිර වේ. නැතහොත් විවාහ හෝ ගොඩනැගෙනු ඇත. මුදල් අතින් වාසනාවන්ත මාසයකි. තම තත්ත්වය ස්ථිර වේ. ප්‍රසිද්ධියත් සමගම ලාභද ලැබෙන්ට පුළුවන. යහපත් හිතවත් වැඩකරුවන් ද ලැබෙනවා ඇත. තම බලය නිසි ලෙස පැවැත්වීමට ඉඩ ලැබේ. භූමියෙන් ලැබෙන ලාභද ලැබෙන මාසයක් බැවින් විශේෂයෙන් මෙම මස තුළ මිනිරන් පතල් කරුවන්ට ද භූමිතෙල් වෙළෙඳාම් කරන අයට ද ලී ගඩොල් වෙළෙඳාම් කරන අයට ද ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. කරන කියන සෑම කටයුතුවලින්ම සෑම තැනදීම දියුණුවට කටයුතු සැලසේ. එසේම ඔබට මෙහිදී මහළු අයගෙන් විශේෂ උපකාර ලැබෙනවා ඇත.

  එසේම මෙම මස තුළ ඔබ කොතරම් උත්සාහ කළ ද ඇතැම් කටයුතු සාර්ථක කරගැනීමට යම් යම් අපහසුතා බාධක පැන නගී. අනුන්ගේ කටයුතුවලට අනවශ්‍ය අන්දමින් ඇඟිලි ගැසීම නිසා නැති ප්‍රශ්න ඇති වීමටත් ඉඩ තිබෙන මාසයක්ද බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. වරෙක ආදායමට වඩා වියදම් ඇති වීමට කරුණු යෙදේ. අධ්‍යාපන හෝ ව්‍යාපාරික කටයුතුවල පසුබෑමක් ද ඇති වේ. නිශ්ප්‍රයෝජන ගමන් බිමන්ද නිතර නිතර ඇති කරයි.

 

වෘශ්චික ලග්නය හිමි ඔබගේ ග්‍රහගමන ද සුබදායි ලෙස පවතින බැවින් ඔබට පසුගිය දිනවල සිතට දුකක් කණගාටුවක් මතුව තිබුණේ නම් මෙම මස තුළ දී එය පහව යයි. තම හැකියා කුසලතා පෙන්වීමට හැකි වන්නේය. තමාගේ උත්සාහය දැඩි කැපවීම නිසා ආදායමේ කිසියම් වර්ධනයක් ගොඩනගා ගනී. අවශ්‍යතාවක් පිරිමැසීමට දෙමව්පියන්ගෙන් වුව කිසියම් මුදලක් ලැබෙනු ඇත. හිතවත් මිතුරු මිතුරියන් මගින් රැකියා අයදුම්පත් ලැබීමක් හෝ රැකියාවක් උදෙසා ආයතනයකට සම්බන්ධ කිරීමක් හෝ කෙරෙනු ඇත. ස්ථාන මාරුවීම් අපේක්ෂිත අයට ඒ සඳහා බලපෑ බාධකයක් ද පහව යයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වැඩි දියුණුවට අදාළ වන නව ව්‍යාපෘතියක් ඇරඹීමට අවකාශ සැලසේ. බාහිර කටයුතු නිසා සුළු වශයෙන් බාධා ඇති වුව ද ඉගෙනීම් කටයුතු නිසියාකාරව කරගෙන යාමට ධෛර්යය ලැබෙයි. විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ ද පැතුමන් ඉටු වෙයි. ආදර සබඳතා හා යුගදිවියට අදාළ කරුණු කාරණාවන් හි ඉදිරියක් දක්නට ලැබේ.

දුරස්ව සිටි සහෝදර සහෝදරියන් තමා ළඟට පැමිණේ. නැතහොත් තමාට ඔවුන් සොයා යාමට සිදු වේ. මිත්‍රයන්ගේ ආශ්‍රයද උපකාරයද ලැබේ. නොසිතන නොපතන ලාභ ප්‍රයෝජන ලැබේ. සමාජයෙහි උසස් වේ. තමාගේ බලය පැවැත්වීමට හැකි වේ. ගරු සැලකිලි ලැබේ. වස්ත්‍රාභරණ ලැබේ. සැප පහසුවද ඇති වේ. කෙසේ නමුත් ඔබ මෙම මස තුළ දී තමාගේ හෝ තම පවුලේ අයගේ දරු ශිෂ්‍යාදීන්ට අසනීපාදී කරදර හෝ ඇතැම් විට එම කෙනෙකුට දැඩි පීඩාවක් හෝ ඇති කළ හැකියි. එමෙන්ම ඇවිදිලි වැඩි වේ. බඩේ අසනීපයක් සෑදෙයි. සාමාන්‍යයෙන් මේ මාසය අසනීප සෑදීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් විය යුතුයි. විවාහ වූ අයට නම් භාර්යාවට හෝ ස්වාමියාට අසනීප, විපත්ති දුක් ඇතිකළ හැකියි. පවුලේ අය අතර ආරවුල් පැන නගී. සමහරවිට මිත්‍රයන් සමග හෝ ඥාතීන් අතර ආරවුල් මතු විය හැක. එනිසා ඒවාකෙරෙන් ද පොදුවේ මෙම මස තූල අවධාණයෙන් සැලකිල්ලෙන් පසුවන්න.

 

ධනු ලග්නය හිමි ඔබට මෙම මාසය සුබා සුබ මිශ්‍රඵල උදාකරයි. පසුගිය දිනවල ඔබගේ යටි සිතේ බළපැවැත්වූ වැදගත් ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇත. ගේ දොර හා තම ව්‍යාපාරික ස්ථානවල අලංකාරයට පියවර ගනී. ස්වයං ව්‍යාපාරවල නිරත අයට නොසිතූ වාසි ඇති වේ. මෙතෙක් දිනක් සිතට වදයක්ව පැවැති ප්‍රශ්නයක් ද විසඳෙයි.

ධන ලාභ ලැබේ, ආදායම් වැඩි වේ. දියුණුවට පසුබිමක් ද ඇතිකරයි. කතාවේ බලයෙන් ලාභ ලබාගත හැකිවේ. සුළු දෙයින් ලාභ ලැබේ. ගමන් බිමන්වලින් ප්‍රයෝජන ලැබේ. උසස් අය හෝ තමාට මතුවට ප්‍රයෝජන ලබාගත හැකි අය හඳුනා ගන්නට ලැබේ. කිසියම් ආකාරයකින් තමාගේ පින මතු වේ. මිත්‍රයන්ගෙන් හා උසස් අයගෙන් ප්‍රශංසා ලැබේ. එම නිසා තම තත්ත්වය උසස් වීමට ද ඉඩ තිබේ. යහපතට හෝ වඩා උසස් තත්ත්වයට යාමට හේතු වන ලෙස වෙනස්වීමක් හෝ කටයුතුවල අමුතු වීමක් ගැන මුල පිරෙයි. නැතහොත් ඒ ගැන අරමුණු පහළවේ. එසේම මෙම මස තුළ අළුත් දේ ඉගෙනීමට ඉඩ ලැබේ.

සුබාසුබ මිශ්‍රඵල ලැබෙන මාසයක් බැවින්, මෙවැනි යහපත් ප්‍රතිඵල මධ්‍යයේම  බලාපොරොත්තු අතපසු වන මනසට වද දෙන දෑ සිදු වේ. අනවශ්‍ය ගමන් බිමන් නිසා කරදර ඇති වෙයි. එසේම ඇසුරු කරන අය නිසා බලාපොරොත්තු රහිත ගැටලු මතු වෙයි. සමහරවිට උණ ගතියක් හෝ හිස කැක්කුම් ගතියක් හෝ හිසට තුවාලයක් හෝ උදරාබාධයක් හෝ හෘදයේ කැක්කුමක් හෝ අධික රුධිර ධාවනය හෝ ඇස්වල දෝෂයක් හෝ ශරීර උෂ්ණත්වයෙන් සෑදෙන අසනීපයක් හෝ ශරීරය වෙව්ලීමක් හෝ ගිනි බයක් හෝ ඇති කිරීමට ඉඩ තිබේ. අඹුසැමි මත ගැටුම් ඇති වීමේ අවදානමක් ද පවතින නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

 

ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක මෙම මස තුළ බලයෙන් යුක්තව හැසිරෙන බැවින් උනන්දුව උත්සාහය ආත්ම ශක්තිය ඔබ තුළින් හොඳින් පිළිඹිබු වන මාසයකි. සාර්ථක තීරණ මත කටයුතු කොට අභියෝග ජයගැනීමට ද හැකිවේ. මුදල් කටයුතුවල දියුණුවක් ඇති වේ. හදිසි ධනලාභ වැනි දෑ හිමිවීමට ද පිළිවන. කෙසේ හෝ අවශ්‍යතා සපුරා ගැනීමට මිල මුදල් ලැබේ. තාවකාලික රැකියා කටයුතු හෝ තනතුරු ආදිය ස්ථිර තහවුරු කර ගැනීමට අවස්ථාව උදාවේ. නැතහොත් තම වෘත්තීය ගිවිසුම් දීර්ඝ කරගැනීමට හෝ ඉඩ ලැබේ. වෙළෙඳ ව්‍යාපාරාදියේ සාර්ථකත්වයට විශේෂිත වැඩ කොටසක් සිදු වන්නේය. විදේශ අධ්‍යාපනයක් කෙරේ පැවැති බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන ලකුණු පහළ වේ. භාෂා සාහිත්‍යාදී විෂයන් ඉගෙනීමටත් අවස්ථාව සැලසේ. ආලය හා යුගදිවියේ කටයුතු සම්බන්ධ වැඩිපුර කාලය වැයකිරීමට සිදුවේ. මීට අදාළ යුතුකම් හා වගකීම් කලට වේලාවට ඉටුකිරීමට ද අවස්ථාව සැලසේ. මේවා කෙරෙන් සතුටට හේතු වන දෑ සිදුවේ.

සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම මස තුළ දියුණුවට කටයුතු සැලසේ. ධන ලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ රෙදිපිළි ඇඳුම් පැළඳුම් ලාභ පවා ලැබේ. ආදර බන්ධන වලින් ප්‍රීතියද සැනසීමද ඒවා දියුණුවට යාමද ස්ථිරය. ගෙදර දොර කටයුතුවලින් ප්‍රීතියද නිදහසද වාසනාවද ලැබේ. විරුද්ධ ලිංගිකයින් සමගද පලදායි හිතවත්කම් හොඳ ඥාති සම්බන්ධකම් පවත්වන්ට ඉඩ ලැබේ. සමාජයෙහි තමාට හොඳ තැනක් හොඳ සැලකිල්ලක් ලැබෙනවා ඇත. මිත්‍රයන්ගෙන් මිතුරියන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උපකාරද ලාභද තෑගි භෝගාදිය ද ලැබෙනු ඇත.

භෝජන සංග්‍රහ ප්‍රීති උත්සව ආදියට සහභාගි වීමට අවස්ථාත් ලැබේ. අලංකාර ලෙස ප්‍රසිද්ධ ලෙස හැසිරීම ද ගමන් බිමන් යාමටද සිදුවේ. සමහරවිට භාර්යාව සමග හෝ සහෝදරයන් සමග හෝ ආදරවන්තියන් සමග විනෝද ගමන් යාමටත් ඔබට මෙම මාසයේ දී  ඉඩ ලැබේ.

 

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගමන මෙම මස තුළ එතරම් බලවත් නොවන හෙයින් ඔබ කරන අතගසන වැඩ කටයුතුවලට අවහිර බාධාවන් මතුවිය හැක. අවංකව අදහස් පල කරන්නට යෑමෙන් හිතවතුන් සමග පවතින සබඳකම් බිඳ වැටීමට ද ඉඩ තිබේ. තැනට සුදුසු ලෙස ක්‍රියා කළ යුතු මාසයකි. ආදායම් මාර්ග යහපත් වුවද අනවශ්‍ය විය පැහැදම් නිසා යමක් ඉතිරි කරගැනීමට නොහැකි වේ. ප්‍රමාණයට වඩා තම තත්ත්වය පෙනෙන ලෙස වියදම් කිරීමටත් සිතේ. ඊට නතු නොවන්න. විදෙස් රැකියා බලාපොරොත්තු මෙන්ම නව රැකියා පැතුම් කල් යන වාතාවරණයක් උද්ගත වෙයි. රාජකාරිය ක්‍රමවත්ව කිරීමට උත්සාහ ගන්න. කොටස්කරුවන් සමග හදිසියේ මෙන් හට ගන්නා අමනාපයක් නිසා සිතෙහි සහනයෙන් දෛනික ව්‍යාපාරික කටයුතු කිරීමට අපහසු වේ. ඉගෙනීමට ආශාව යොමුවීම ඇති කළත් අධ්‍යාපනයට අදාළව කරන වැඩ කටයුතුවල නව වෙනසක් සිදුනොවේ. අවිවාහකයන්ට මංගල යෝජනා යෙදෙන නමුදු ඥාතීන් හෝ වැඩිහිටියන්ගේ විරුද්ධවාදීකම් මතුවීමට ද ඉඩ ඇත.

සිත් තැවුල් නිතර ඇති වේ. කරගෙන යන සියලුම කටයුතු පිරිහීමද පහළ වැටීමද නියමයි. අවුල් වියවුල් කෝලහාලවලට පවා මැදිහත් වීමට සිදුවේ. ශරීර සනීපය ද අඩු කරයි. නිකරුණේ ඇවිදිලි යෙදෙත්. අධික ලෙස කරදර මතුවිය හැක. මුදල් නැති වේ. ආදායම අඩු වේ. නිෂ්ඵල වියදම් වැඩි වේ. තත්ත්වය පහළ වැටේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කිරීමට ගොස් පාඩු විඳීමට සිදුවේ. වෙළෙඳ ව්‍යාපාරවල අලාභ පාඩු සිදුවෙන මාසයකි. ඥාතියෙක් හෝ මිත්‍රයෙක් සමග ආරවුලක් විරුද්ධතාවයක් සිදුවිය හැකියි. අභිවෘර්ධිය උදෙසා කරන වැඩ රාජකාරිත් නිෂ්ඵලව යන්ට පුළුවන.

මෙවැනි අයහපත් පීඩාවන් මධ්‍යයේම ආදායම් වැඩිකර ගත හැකි මාර්ග ගැන කල්පනාවට එයි. සතුටුදායක සෙල්ලම් ගමන් විනෝද සවාරි යාමටද ඉඩ ලැබේ. ඉඳහිට ලාභ ප්‍රයෝජන ලැබෙන මාර්ග පෑදෙයි.

 

මීන ලග්නය හිමි ඔබට මෙම මාසය සුබා සුබ මිශ්‍රඵල උදාකරයි. මෙම මස මුල්සති දෙක තුළ දී පසුගිය දිනවල අතපසු වූ වැඩ කටයුතූ රාජකාරි අවසන් කර ගැනීමට හැකි වේ. ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණ මෙන්ම පවුලේ සමගිය සමාදානය ගොඩනැගෙන මාසයක් ද වේ. හදිසි වාසනා හිමිවන මාසයක් ද බැවින් ලොතරැයි වැනි දෑ මිලදී ගැනීම වඩාත් යෙහෙකි.

ගෞරව සැලකිලිද, නම්බුවද වැඩි වැඩියෙන් ලැබෙන දෙසතිය මෙයයි. අළුත් උසස් තත්ත්වයකට පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතු කරන අයගේ වැඩිදියුණුව ඇති වේ. රජයේ රැකියාවල නියුක්ත අයට වැඩිපුර ගරු සැලකිලිද නම්බුවද ලැබෙනවත් හැර තනතුරුවලින් උසස්වීම්ද නියමයි. ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. ටික ටික ලැබෙන මුදල් එකවර ලැබෙන්ට ඉඩ තිබේ. තත්ත්වයට කාලයට අනුව නියම වටිනාකම ලැබෙන්ට හේතු තිබෙන බැවින් ආනයන අපනයන ආදි කටයුතූ කිරීමට ඉදිරිපත් විය යුතු කාලයත් මෙයයි. තම වුවමනාවන් පිරිමසා ගැනීමට සෑහෙන ප්‍රමාණයට මුදල් ලැබෙනවා ඇත.

ඒ එසේ ද වුවත් ඔබ මෙම මස තුළ නොසැලකිලිමත් කමින් හා නොඉවසිලිවන්ත භාවයෙන් හැසිරීමෙන් කරදර විපත් සිදුවීමේ අවදානමක් පවතින නිසා ඉන් මිදෙන්න. හිතට කරදර හා සැකබිය උපදවන දෑ සිදුවන මාසයක් ද බැවින් ඒ කෙරේද ඔබ සිත යොමන්න. රැකියා ව්‍යාපාර කටයුතු කෙරෙන් බලාපොරොත්තු රහිත හදිසි වෙනස්වීම් හා ස්ථාන මාරුවීම්වලටත් ඉඩ යෙදෙන කටයුතු සිදුවේ. ඉවසීමෙන් ක්‍රියා කරන්න.

 බෙන්තොට- හේමන්ත වීරසිංහ