මුල් සති දෙක තුළ ග්රහ ගමන බලවත්ව පවතින බැවින් ඔබගේ කටයුතු යහපත් ලෙස සංවිධානය කර ගැනීමට අවස්ථාව සැලසේ. සමාජයේ නියම තැන හිමිවන අතර, සිතැඟි පරිදි කටයුතු ඉටුකර ගත හැකිය. හදිසි ගමන් බිමන් නිසා මුදල් හෝ ද්රව්යමය ලාභ හිමිවන අතර, වෘත්තීය කටයුතුවල දියුණුවක් හා උසස්වීම් පිළිබඳ පෙරනිමිති පහළ වේ. කරදර හා රෝග පීඩාවලින් නිදහස ලැබෙන අතර, වැළෙඳන අසනීප වහා සුව වේ. තම ස්වාධීන තීරණ මත ක්රියාකර ජයග්රහණ, ධන ලාභ හා ගෙදරදොරට අවශ්ය දේ ලබාගත හැකි මාසයකි.
අවසන් සති දෙකේදී දෛනික කටයුතුවලට යම් යම් අවහිර බාධා හා අලාභහානි මතු විය හැකිය. ඥාතීන්, මිතුරන්, ස්ත්රීන් මෙන්ම උසස් අය හා වැඩකරුවන් සමඟ ද ආරවුල් ඇතිවීමට ඉඩ ඇත. බොරු චෝදනාවලට ලක්වීම සහ ශරීර පීඩා ඇතිවීමට ඉඩ ඇති බැවින්, රැකියා හා ව්යාපාරික කටයුතු ක්රමවත්ව පවත්වාගෙන යාමටත්, පවුලේ සහජීවනය රැකගැනීමටත් දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. හොඳින් සිතා බලා දෛනික කටයුතුවල නිරත වන්න.
ඔබට ශුභ සහ අශුභ මිශ්ර ඵල ලැබෙන මාසයකි. මුල් සති දෙකේදී පදිංචියේ හෝ ව්යාපාරික ස්ථානයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. පසුගිය මාසයේ ගොඩගැසී තිබූ රාජකාරි කටයුතු ලිහිල් වන අතර මනසේ පැවති ආතතිය ද පහව යයි. හදිසි ධන ලාභ, හිඟ වැටුප් හෝ දිරි දීමනා ලැබීමට ඉඩ තිබේ. ක්රීඩා හා වෙනත් කුසලතා සමාජයට පෙන්වීමට අවස්ථාව උදා වන අතර, උගත්කමට හා හැකියාවන්ට නිසි තැන ලැබෙනු ඇත.
එසේ වුවද, මුල් දින 15න් පසු සිත් තැවුල් ඇති විය හැකිය. අඹුසැමියන් අතර අවුල් වියවුල්, සතුරන් සමඟ ප්රසිද්ධියේ ගැටුම් ඇතිවීම සහ නම නරක්වීම වැනි දේ සිදුවිය හැක. මුදල් අතින් අගහිඟකම්, අනපේක්ෂිත වියදම් හා නිකරුණේ මුදල් නාස්ති වීම් පෙන්නුම් කරයි. සෙම් දෝෂ, උදරාබාධ, උණ, අක්මාවේ දෝෂ හෝ අර්ශස් වැනි ආබාධ තමාට හෝ සහකරුට/සහකාරියට වැළඳීමට ඉඩ ඇත. උදෑසන උද්යෝගය අඩු වන අතර, කිසිදු සැප පහසුවක් නැති ගමන් බිමන් යෙදීමට ඉඩ තිබේ.
සුභාසුභ මිශ්ර ඵල ලැබෙන මාසයකි. විදෙස් රැකියාවලට බලපෑ බාධක පහව යයි. වෙළෙඳ ව්යාපාර සඳහා අලුත් අදහස් ක්රියාත්මක කිරීමට පසුබිම සැකසේ. අධ්යාපන කටයුතු කෙරෙහි උනන්දුව වැඩි වන අතර අනාගත යහපත වෙනුවෙන් වෙනස්කම් කිහිපයක් සිදු කරයි. ආදර සබඳතා හා විවාහ කටයුතු වෙනුවෙන් ප්රයෝජනවත් ගමනකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. නව රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු සඵල වන අතර, පැරණි පෙම් සබඳතාවක් නැවත අලුත් විය හැකිය. නිවසේ ප්රීති උත්සව සංවිධානය වන අතර මූල්ය අවශ්යතා සපිරේ.
එහෙත්, යටත් සේවකයන් සමඟ ආරවුල් ඇතිවීමටත්, නොතේරුම්කමින් ගන්නා තීරණ නිසා ධන හානි සිදු වීමටත් ඉඩ ඇත. යසස් ස්ත%ීන්ගේ කෙතරම් ආශ්රය ලැබුණත් සිත් සතුටක් නොලැබෙන අතර, අනුමානයට කරන කටයුතුවලින් බලාපොරොත්තු කඩ විය හැක. නුසුදුසු දේවලට සිත යොමුවීමෙන් තත්ත්වය පහළ වැටීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
ග්රහ ගමන සුබදායක බැවින් වැඩි වැඩියෙන් යහපත සැලසෙන මාසයකි. අමතර ආදායම් මාර්ග උදා වන අතර, රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු ඉටු වේ. පැවැති බාධා පහව ගොස් සිතට සහනය හා සතුට හිමි වේ. ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර, සමාජයේ තත්ත්වය උසස් වී අනුන්ගෙන් ප්රශංසා ලැබෙයි.
අලුත් ඥාති මිත්රයන් මුණගැසෙන අතර, විරුද්ධ ලිංගිකයන් සමඟ හිතවත්කම් ඇති වේ. දූ දරුවන්ගේ දියුණුව සහ ප්රීතිය දැකගත හැකිය. ධන ලාභ, රැකියා ලාභ මෙන්ම ව්යාපාරවල දියුණුවට කරුණු යෙදේ. සංචාරක විනෝද ගමන් හෝ දුර බැහැර වන්දනා ගමන් යෙදීමට ඉඩ ඇත. පැවැති ගනුදෙනු ප්රශ්න විසඳී යහපත් අරමුණු ඉටුවන කාලයකි.
ඔබ කරගෙන යන කටයුතු සාර්ථක වන සුබදායී මාසයකි. මුදල් හෝ ද්රව්යමය ලාභ හිමි වේ. වෙළෙඳාම් මෙන්ම කලාත්මක අංශවල නිරත වූවන්ට යහපත්ය. තිබූ ණය ගනුදෙනුවලින් නිදහස් විය හැකිය. දුරස්ව සිටි අය නැවත ළඟා වන අතර, ඉඩම්, ගෙවල් හෝ වෙනත් අවශ්යතාවලට යමක් මිලදී ගැනීමට කටයුතු යෙදේ. සහෝදරයන්ගෙන් හා මිතුරන්ගෙන් උපකාර ලැබේ.
ශිල්ප කර්මාන්ත හා හස්ත කර්මාන්තවල යෙදෙන්නන්ට යහපත් පසුබිමක් ගොඩනැගේ. දේපළවලින් ලාභ ලැබෙන අතර සමාජයේ පිළිගැනීම හා ප්රසාදය හිමි වේ. අවශ්ය ගෘහ භාණ්ඩ සපයා ගැනීමට ලැබීමෙන් සිත් සතුට ඇති වන අතර, ගතට සිතට සනීපය හා සැනසීම හිමිවන වාසනාවන්ත කාලයකි.
සුභාසුභ මිශ්ර ඵල උදාකරන මාසයකි. දෛනික කටයුතු විවිධ බාධා මධ්යයේ කිරීමට සිදුවන බැවින් නොසොයා නොබලා කටයුතු කිරීමෙන් ගෞරව සැලකිලි පිරිහී යා හැක. නොසැලකිලිමත්කම නිසා තනතුරු හා වරප්රසාද කප්පාදු වීමට ඉඩ ඇති බැවින් සැලසුම් සහගතව හා ඉවසීමෙන් කටයුතු කරන්න. අනවශ්ය වියදම් පාලනය කරගත යුතුය. විදේශ රැකියා පොරොන්දුවලට අන්යයන්ට මුදල් දීමෙන් වළකින්න.
සුළු සුළු අසනීප ගති, සිතට කනගාටුදායක සිදුවීම් සහ අන්යයන්ගේ වැඩට උදව් වීමට සිදුවීමෙන් වෙහෙස ඇති වේ. වාහන හෝ ලෝහ වර්ග මිලදී ගැනීමට අධික වියදමක් දැරීමට සිදු විය හැක. මිතුරන් හෝ පවුලේ අය සමඟ දුර ගමන් යෙදේ.
නමුත් අවසන් දින 10 සුබදායී වේ. සතුරන් පරාජය වන අතර, තමාගේ වැඩවලට හොඳ සහායකයන් ලැබේ. ගෙදරදොර සැප පහසුව ඇති වී, ලියකියවිලි මඟින් සතුටුදායක ආරංචි ලැබෙනු ඇත.
ග්රහ ගමන බලවත් බැවින් සිතේ සතුටට කරුණු යෙදේ. රැකීරක්ෂා හා වෙළෙඳ ව්යාපාරවල ප්රගතියක් ඇති වන අතර, විවාහ හා පෙම් සබඳතාවලට පැවැති බාධා ඉවත් වේ. ආයෝජනවලින් ලාභ ලැබෙන අතර අධ්යාපන, රැකියා කටයුතුවලට අන්යයන්ගේ උපකාර හිමි වේ. නව මිතුරන් මුණගැසෙන, පුණ්ය කටයුතුවලට යොමුවන මාසයකි.
දූදරු ප්රීතිය, තෑගි බෝග ලැබීම් සහ උසස් අයගෙන් ගෞරව සැලකිලි හිමි වේ. පස්කම් සැප සඳහා වියදම් කිරීමට සිදු වන අතර පවුලේ දියුණුවට කරුණු යෙදේ. අන්යයන් හා විරුද්ධ ලිංගිකයන් සමඟ පවතින සබඳතා දියුණුවට හේතු වේ. මුදල්මය තීරණ ගැනීමටත්, ධාන්ය, රත්රන්, මැණික් වැනි දේවලින් ලාභ ලැබීමටත් යහපත් මාසයකි.
සුභාසුභ මිශ්ර ඵල ලැබෙන මාසයකි. මුල් දින 20 තුළ ආරම්භ කරන කටයුතුවලින් ලාභ හා දියුණුව ඇති වේ. ආගමික හා පවුලේ කටයුතු වෙනුවෙන් පරිත්යාග කරයි. ලොතරැයි වාසනා හෝ හදිසි මුදල් ලාභ ලැබිය හැක. ලෙඩ රෝගවලින් පෙළුණු අයට නීරෝගී බව හිමි වන අතර, විවාහකයන් අතර ආදරය හා ලැදිකම වැඩි වේ.
අවසන් දින 10දී නොසොයා නොබලා කළ ගනුදෙනු නිසා ව්යාපාරික පාඩු හා කරදර ඇති විය හැක. අධ්යාපන කටයුතු මඟහැරී යාමටත්, ප්රේම දිවියේ අර්බුද හටගැනීමටත් ඉඩ ඇත. කූට උපක්රමවලට නොරැවටීමට වගබලා ගන්න. ධන හානි සිදුවිය හැකි අතර, උණ, පිත් කෝප, ඇස් හෝ දත් ආබාධ මතුවීමට ඉඩ ඇති බැවින් ප්රවේසම් වන්න.
ලග්නාධිපති ගුරු බලවත්ව සිටින බැවින් මුල් සති දෙක තුළ පැවැති අසනීප තත්ත්වයන්ගෙන් සුවය ලැබේ. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර, විදෙස්ගත ඥාතියකු හෝ පැරණි හිතවතකු හදිසියේ මුණගැසේ. වෙහෙසකාරී ගති පහව ගොස් හොඳ ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා මුදල් අතින් යහපත් තත්ත්වයක් උදා වේ. උසස් අයගෙන් සහ මිතුරන්ගෙන් විශේෂ ආධාර උපකාර හිමි වේ.
අවසන් සති දෙක තුළ අන්යයන්ගේ සිත් නොබිfඳන සේ කටයුතු කරන්න. කේළාම් කියන්නකු ලෙස අන්යයන්ගේ දෝෂදර්ශනයට ලක්වීමට ඉඩ ඇත. වියදමට සරිලන ආදායමක් නොලැබෙන අතර, රාජකාරියට අදාළ නොවන අවදානම් වැඩවල යෙදීමෙන් අපහසුතාවලට පත්විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
මාසය ආරම්භයේ සිටම සුබ ඵල අත් වේ. රැකියාවේ විශේෂ වෙනස්කම් හා තනතුරු ලාභ හිමි වන අතර, රැකියා අහිමි වූවන්ට සුබ ආරංචි ලැබේ. විවාහ හෝ ප්රේම සබඳතාවල බලාපොරොත්තු ඉටු වේ. නොසිතූ ලාභ ප්රයෝජන හා උරුම හිමිකම් ඇති දේ හිමිවීමට ඉඩ ඇත.
මූල්ය, අධ්යාපනික හා රැකියා ගැටලු නිරවුල් වන අතර ගෘහ කර්මාන්තවල නියුතු අයට වැඩි වාසි සැලසේ. වාණිජ කටයුතු, වෙළෙඳ ව්යාපාර හා ආයෝජනවලින් ලාභ ලැබේ. චෛතසික සැනසීම, සෞභාග්යය හා සාර්ථකත්වය හිමිවන වාසනාවන්ත මාසයකි.
දෛනික කටයුතු අවහිරතාවයකින් තොරව සාර්ථක කර ගැනීමට හැකි වන ශුභදායී මාසයකි. රැකියාවේ උසස් වීමක්, ස්ථාන වෙනසක් හෝ අනාගත දියුණුවට හිතවතෙකුගෙන් විශේෂ උපකාරයක් ලැබෙනු ඇත. සමාජයේ ප්රසිද්ධිය, නම සහ කීර්තිය හිමි වන අතර වැදගත් අයගේ සැලකිලි ලැබෙයි. ශරීර සනීපය යහපත්ව පවතී.
ආර්ථික, රැකියා හා ව්යාපාරික අංශවලින් සිතට සතුටුදායක තත්ත්වයක් නිර්මාණය වේ. භූගත සම්පත් සොයන්නන්ට විශේෂයෙන් සුබයි. කෙසේ වෙතත්, රහස් සතුරන් ඇති විය හැකි බැවින් අනවශ්ය ලෙස අන්යයන් විශ්වාස කිරීමෙන් වළකින්න.

සතුරු කරදර, හදිසි පීඩා හා අනතුරුවලින් මිදී කටයුතු කළ යුතු මාසයකි. රැකියා, ව්යාපාර, අධ්යාපන හා ඉපැයීම් කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාම අසීරු විය හැක. දුරදිග නොබලා තීරණ ගැනීමෙන් වළකින්න. නිෂ්ප්රයෝජන හා වෙහෙසකර ගමන් බිමන් යෙදේ. සේවා ස්ථානයේ හෝ ගනුදෙනුකරුවන් සමඟ ගැටුම් ඇති කර නොගැනීමට වගබලා ගන්න.
ලේ දෝෂ, අධික රුධිර ධාවනය, උණ හා අර්ශස් වැනි ආබාධ මතුවිය හැක. සොර බිය හෝ වංචාවලට අසුවීමට ඉඩ ඇත. මුදල් ආයෝජන සඳහා සුදුසු මාසයක් නොවේ.
කෙසේ වෙතත්, අවසන් සති දෙක තුළ තත්ත්වය තරමක් යහපත් වේ. විවාහ මංගල යෝජනා ස්ථිර වීම, උසස් අයගෙන් සැලකිලි ලැබීම, යහපත් මිතුරන් ආශ්රයට ලැබීම සහ සමාජීය වශයෙන් දියුණුවක් ඇති වීම වැනි සුබ ඵල හිමි වේ.
(I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd