ඔක් : 19 වන සඳුදා සිට ඔක් : 25 වන ඉරිදා දක්වා 

විප්ලවීය සතියක්

ඔබට මෙම සතියේ මුල් දිනපහ තුළ ශුභදායි වෙනස්කම් රැසක් සිදුවේ. දුෂ්කර තත්ත්වයන් කීපයක් සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසෙයි. සතුට සොම්නස වර්ධනයවන අයුරින් වැඩකටයුතු සිදුවේ. යම් යම් මුදල් ලාභ හිමිවන පසුබිමක් සැකසේ. බලාපොරොත්තුවෙන් සිටි බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට මෙහිදී අවස්ථාව ලැබේ. එනිසා ඔබගේ ජීවිතය ජයගැනීමට වෙහෙසී කටයුතු කිරීමට උත්සාහ ගන්න. අවසන් දින දෙක ගැටලු ප්‍රශ්න මතුනොවන අයුරින් කටයුතු කිරීමට සැලකිලිමත්වන්න.

ලාබ ලාබෙන සතියක්

මෙය සිතේ සතුටට කරුණු ගෙනදෙන සතියකි. රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරවල ප්‍රගතියක් ඇතිවේ. විවාහ හා පෙම් සබඳතාවන් කෙරේ බලපෑ බාධකයක් ඉවත්ව යයි. බාධක හිරිහැර මර්දනය කරගෙන දෛනික කටයුතු උද්යෝගීමත්ව කරගෙන යාමට හැකි චිත්ත ශක්තියක් ගොඩ නැගේ. පෙර පින් වාසනාවක් මතුවන සතියකි. ආයෝජනවලින් ලාභ ලැබේ. ධන ලාභ ලැබේ. රැකී රක්ෂා දියුණු වේ. වෙළෙඳ ව්‍යාපාර කරන අයට ඒවායින් දියුණුව ඇතිවේ. තම තත්ත්වය උසස් වේ.

 

අවහිර ඉවත්වේ

ඔබට මෙම සතියේ අවසන් දින පහේදී අධ්‍යාපන, රැකියා මෙන්ම විවාහ යන කටයුතු කෙරෙන් බලපා තිබූ බාධා අවහිර ඉවත්ව යෑමක් පෙන්නුම් කරයි. එබැවින් මෙය ගතවූ සතියට වඩා තම වැඩවලට අන්‍යයන්ගේ උදව් උපකාර ලැබෙන සතියක් බව ද කිවයුතූයි. උත්සාහය ධෛර්යය වැඩි වේ. දුර්වල භාවයෙන් පැවැති ඉපැයීම් මාර්ග ශක්තිමත් වන දේවල් ගොඩනැගුණත් අනවශ්‍ය මෙන්ම අනපේක්ෂිත වියදම් සිදුවේ. නවක මිතුරු මිතුරියන් මුණ ගැසෙන සතියකි.

අනවශ්‍ය වියදම්

ග්‍රහ ගමන සුබාසුබ මිශ්‍රව පවතින හෙයින් මේ සතියේදී විරුද්ධවාදීන් හෝ අකමැති පිරිසක් සමග හෝ එකට එක්වී කටයුතු කිරීමට සිදුවීමෙන් සිතට කළකිරීමක් ද ඇති වේ. අපේක්ෂිත මුදල් නොලැබුණත් තැන්පත් ධනයෙන් හෝ අනපේක්ෂිත අයුරින් නිකරුණේ මිල මුදල් වියදම් කිරීමට සිදුවේ. උසස් නිලධාරීන්ගෙන් ස්වාමි පක්ෂයෙන් කරදර ඇති වීමට ඉඩ තිබෙන නිසා තම කාර්යය කටයුතු වගකීමෙන් කිරීමට සැලකිලිමත් වන්න. වෘත්තීය තෘප්තිමත් භාවයක් ඇති නොවන සතියකි.

දෛනික ආධායම් වැඩිවේ

ඔබෙන් දුරස්ව සිටි අය නැවතත් ඔබ සමග ඇසුරට පත්වේ. එසේම මෙය ආර්ථික වාසි බලාපොරොත්තු විය හැකි සතියක් ද වේ. පැවැති නාස්තිය වළකාගෙන දියුණුවට මග පාදා ගැනීමටත් හැකි වේ. ඉඩමක් ගෙයක් ව්‍යාපාරික ස්ථානයක් නැතහොත් වෙනත් අවශ්‍යතාවයක් සඳහා ඔබ යමක් මිලදී ගැනීමට කටයුතු පිළියෙළ කරගනී. තමාගේ කාර්යාලවල කටයුතුවලින් දියුණුව ලැබේ. දෛනික ආදායම් වැඩි වේ. අවසන් දින දෙකේ අනුන්ගේ වැඩකට මහන්සි වීමට සිදු වේ.

අනියම් වස්තු ලාබ

මේ සතියේ අවසන් දින හතර ඔබේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ඔබ කටයුතු කිරීම නිසා ඔබට එහිදී ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකිවේ. පසුගිය දිනවල තමාගේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවති දුෂ්කරතා බොහෝදුරට මෙම කාලයේ අඩුවී යයි. බොහෝදුරට මෙහිදී අනියම් වස්තු ලාභයක් හෝ මිල මුදල් ලාභයක් හිමිවීමට ද ඉඩ ඇත. මුල් දින තුන අපලපීඩා සහිතයි. අර්බුද ඇතිනොවන අයුරින් කටයුතු කරන්න.

වාසි හිමිවේ

ඔබට මෙම සතිය මැදදින තුන හැර සෙසු දින හතර සුභඵල අත්කරන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ විශේෂ වෙනස්කම් කීපයකටත් හේතු යෙදේ. තනතුරු ලාභ මෙන්ම රැකියා අහිමි වූවන්ටත් විශේෂ සුභ ඵල උදා කරයි. වරින් වර බාධා ගෙන දුන් විවාහයට හෝ ප්‍රේම සබඳතා පිළිබඳ බලාපොරොත්තුවක්ද ඉටු වේ. නිතර හමුවන හිතවතකුගෙන් වාසි කීපයක් ද සැලසේ. එමෙන්ම මෙය යම් යම් ලාභ ප්‍රයෝජනයන් හිමිවන සතියක් ද වේ. කෙසේ නමුත් සතිය පුරාවට උදරාබාධ සෙම් ආසාදන නිතර නිතර මතුවන නිසා ඒවා කෙරෙහිත් අවධාණයෙන් පසුවන්න.

ඉතුරැම් නම් නැත

සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම සතිය තුළ තමාගේ සිතැඟියාවන් ඉටුකර ගැනීමේදී ඇතැම් විරෝධතාවන්, බාධාවන් පැනැඟුණත් අවබෝධයෙන් ඒවා මැඬගෙන ඉදිරියට යෑමේ හැකියාව ද ඔබට ඇති කරයි. සිතේ සැනසිලි බව තුරන් කරන පුවත් අසන්නට ලැබේ. කෙසේ නමුත් මෙම සතිය තුළ ඔබට අමතර ආදායම් හිමිවීම නිසා ආර්ථික කටයුතු සමබරව පවත්වා ගැනීමට හැකිවන්නේය. පොදුවේ මෙම සතිය ඔබගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර මෙන්ම ඉපැයීම් අංශවල ප්‍රගතියට මෙන්ම ඒවායේ මතු දියුණුවට ශුභදායි වෙනස්කම් ඇතිකරයි. මූල්‍ය අවහිරතා අගහිඟතා ඇති නොවුණත් ලැබෙන උපයන දේ ඉතුරුවක් කර ගැනීමට නම් ඉඩ නොලැබේ.

ණයතුරැස්වලින් සහනයක්

ඔබට මෙම සතිය තුළ තමා කරගෙන යන කටයුතු සාර්ථක වෙයි. මුදල් හෝ ද්‍රව්‍යමය ලාභයකට හේතු ඇති කරයි. වෙළෙඳාම් කටයුතුවල මෙන්ම කලාත්මක අංශයේ දේවල්වල නිරතවූවන්ට යහපදේ සිදුවේ. ණය ගනු දෙනුවලින් නිදහස් වේ. අලූතින් සැලසුම් හා බලාපොරොත්තු සිතට එන සතියකි. නව ආදායම් මාර්ගයන්ට අදාළ  කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. කිසියම් මුදල් ලාභයක් ද ලැබේ. ගෙදරට අවශ්‍ය භාණ්ඩ උපකරණ මිලදී ගැනීමට ඉඩ ලැබේ.

සුබවාදීව දින ගෙවේ

මෙම සතියේ දී ඔබ ආරම්භ කරන කටයුතුවලින් ලාභ හා දියුණුව ඇති වේ. ආගමික කටයුතු මෙන්ම පවුලේ යහපත වෙනුවෙන් ද යම් යම් පරිත්‍යාග හා ධනය ශ්‍රමය වැය කරයි. රැකියා මෙන්ම අධ්‍යාපන ආදී කාර්යයන්හි උනන්දුවෙන් නිරත වේ. දින ගණනක් තිස්සේ සැලසුම් කළ වැඩ කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. ලොතරැයි වාසනා හදිසි මුදල් ලාභ වැනි දෙයක් ලැබේ. උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන සතියකි. ධෛර්යය උනන්දුව වැඩිවේ. බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

ලාභ ප්‍රයෝජන ලැබේ

ඔබට මෙම සතියේ ආරම්භක දින දෙක හැර සෙසු දින පහ සුභ ඵල අත්කරන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ විශේෂ වෙනස්කම් කීපයකටත් හේතු යෙදේ. තනතුරු ලාභ මෙන්ම රැකියා අහිමි වූවන්ටත් විශේෂ සුභ ඵල උදා කරයි. වරින් වර බාධා ගෙන දුන් විවාහයට හෝ ප්‍රේම සබඳතා පිළිබඳ බලාපොරොත්තුවක්ද ඉටු වේ. නිතර හමුවන හිතවතකුගෙන් වාසි කීපයක් ද සැලසේ. එමෙන්ම මෙය යම් යම් ලාභ ප්‍රයෝජනයන් හිමිවන සතියක් ද වේ.

ආකස්මික හමුවීමක්

ඔබ මෙම සතිය තුළ දුර දිග බලා කටයුතු කරන නිසා ඔබට සමාජීය වශයෙන් වාසි කිහිපයක් සැලසේ. ආදායම පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. හදිසියේම යොදාගත් කටයුතු කීපයකම සාර්ථක නිමාවක් දැකිය හැක. විදෙස් ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවේ.නැතහොත් කලකින් නොදුටු හිතවතකු හදිසියේ මෙන් හමුවේ. පසුගිය දිනවල ගතට සිතට බලපෑ වෙහෙසකාරී ගති මෙම සතියේ දී පහව යයි. ජංගම ව්‍යාපාරික අලෙවි කටයුතුවල යෙදී සිටින අයට මේ දිනවල දියුණුවක් ඇතිවේ. සමාජීය ජන ප්‍රසාදයක් ලබා ගැනීමට ද පුළුවන.