සති ලග්න පලාපල සැප් : 28 වන සඳුදා සිට ඔක් : 04 වන ඉරිදා අතර 

 

යහපත් සතියක්

ඔබට මෙම සතිය තුළ කලින් තිබුණ තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසේ. ලාභ ප්‍රයෝජන ද වැඩිවීමට පටන් ගනී. මිල මුදල් අතින් ද දියුණුවට පත්වේ. අළුත් ඇඳුම් පැළඳුම් රෙදිපිළි වර්ග ලැබේ. ඒවා මිල දී ගැනීමට ඉඩ ලැබේ. බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල් ද ලැබෙන්ට පුළුවන. සමහරවිට ලොකු මුදල් ලාභ ද ලැබෙන්ට පුළුවන. එය බොහෝ විට රේස් සූදුවලින් හෝ අනුන් ගෙන් ලැබෙන දෙයින් හෝ විය හැකියි. එසේම ඔබට මෙම සතිය තුළ අළුත් ඥාති මිත්‍රයන් ලැබේ. සිත් ප්‍රීතිමත් සතියකි. මෙය වැදගත් කටයුතුවලට බැසීමට යහපත් සතියකි.

 

 

නව ආයෝජන අවස්ථා 

ඔබට මෙම සතිය සුබදායි අයුරින් ගතවනු ඇත. ගෙදර දොර කටයුතුවලින් ප්‍රීතියත් සැනසීමත් ලැබීමෙන් වාසනාවන්ත භාවයක් උදා වේ. ප්‍රීති උත්සව පවත්වන්ට හෝ ඒවාට සහභාගි වීමට ඉඩ ලැබේ. හිත මිත්‍රයන් සහ මිතුරියන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබේ. ආයෝජනයන් කරගැනීමට ඉඩ ලැබීමෙන් තම කටයුතු යථා තත්ත්වයට හරවා ගැනීමට හැකිවේ. තමාට අයත් දේ අළුත්වැඩියා කරගැනීමට ලැබේ. සමහරවිට හිතූවක්කාර වැඩටද සිත දුවයි. පොදුවේ මෙය ඔබට අනපේක්ෂිත ලාභද ලැබෙන සතියකි.

 

 

 ආර්ථික ප්‍රතිලාභ ලැබේ 

සුබාසුබ මිශ්‍රඵල ගෙනදෙන අතර, ඔබට මෙම සතිය තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබේ. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවේ. එනමුදු ඔබ මෙම සතිය තුළ සැලසුම්සහගතව උද්යෝගයෙන් තම ඉගෙනීම් කටයුතුවල හා රැකියා ව්‍යාපාරාදියෙහි නියුතුවීමට වගබලා ගන්න. ඇණහිට තිබූ ආර්ථික හා දේපොළ ලාභයන් ද උපයා ගැනීමටත් පිළිවන්කම ලැබේ.

 

හදිසි ධන ලාභ

ඔබට මෙම සතිය තුළ යම් යම් ධන ලාභ ද ලැබෙනවා ඇත. තම දූදරුවන්ගේ දියුණුවට කටයුතු සිදුවේ. බලාපොරොත්තු ඉෂ්ට වෙන සතියකි. වැඩිහිටියන් ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි ප්‍රශංසා ලැබේ. යහපත් සත්පුරුෂ ගුණවත් අය ඇසුරට ඉඩ ලැබෙන ඔවුන් සමග කටයුතු කිරීමට සිදුවෙන සතියකි. දුරස්ව සිටි ඥාති මිත්‍රයන් නැවත හමුවේ. නැතහොත් ඔවුන් තමාව සොයාගෙන එයි. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. ස්ත්‍රීන්ට පුරුෂයන් සමග හිතමිත්‍ර වීමට ලැබේ. මෙය ඉඩම් ගෙවල් ආදී දේපොළවල කටයුතු කෙරෙන සතියකි.

නව පිරිසක ඇසුර ලැබේ

ඔබට මෙම සතියේ අවසන් දින පහ සුබදායි වන අතර යහපත් කටයුතු වලට සම්බන්ධවන්ට සිදුවේ. අළුත් හිත මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති වේ. අළුත් පිරිසක් ආශ්‍රයට ලැබේ. උසස් අයගේ ආශ්‍රයද ඇති වේ. විශේෂයෙන් සමාජ සේවකයන් ද ගුරුවරුන් ද පූජකයන් ද තමා ගැන ආශීර්වාදයෙන් තමාව උසස් තැනක තැබීමට උත්සාහ කරනවා ඇත. සමාජ සේවක වැඩට බසින්ට සිදුවේ. එයින් තමාගේ ගෞරවය වැඩි වේ. සමාජයෙහි හොඳ තත්ත්වයක් සැලකිල්ලක් ලැබෙනවා ඇත. කරන කියන උපයන දෙයින් ද ලාභ ප්‍රයෝජන ලැබේ.

 

 

තුතිකුසුම් හිමිවේ

ඔබට මෙම සතිය තුළ සමාජීය වශයෙන් මෙන්ම තම රාජකාරී ආයතනය කෙරෙන් ද ස්තුති ප්‍රශංසා ද ලැබේ. එසේම සමාජයෙහි ප්‍රසිද්ධිය ද දියුණුව ද ඇතිවේ. කරගෙන යන කටයුතුවල ප්‍රගතියක් ඇතිවේ. වරින්වර හොඳ මිතුරන් ලැබෙයි. කලක සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතුවලට උනන්දුව අඩු වුවත් අළුතින් ආරම්භ කරන රැකී රක්ෂාවලින් දියුණුව ඇති වේ. එහෙත් මේවායේදී සතුරන් ඊර්ෂ්‍යාකායන් ද ඇති කිරීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේසම් විය යුතුයි. සතියතුල වරින් වර වාසනාව මතුවෙන බවක් ද දක්නට ලැබේ.

 

 

අභියෝග ජය ගනී

ඔබ උද්යෝගීමත්ව ධෛර්යයෙන් දෙනික කාර්ය කටයුතුවල නියුතුවිය යුතු සතියකි. එනමුදු ඔබට රාජකාරී ස්ථානය තුළ සැනසිලිදායී වටපිටාවක් ඇති නොවේ. හවුල් ව්‍යාපාරවල ගැටලු මතු නොවුණත් විශේෂයෙන් ඔබ නිරත රැකියා ව්‍යාපාර වගකීමෙන් සැලකිල්ලෙන් කරන්න. විවාහ යෝජනා රැකී රක්ෂා තනතුරු රැකියා පොරොන්දු ණය ගනුදෙනු අපේක්ෂා මූල්‍ය සැලසුම් වැනි දේවල් අඩපණවීමට ද නැතහොත් ඒවාට බාධා සිදුවීමටද හේතු යෙදේ. විරුද්ධ ලිංගිකයන් ඇසුරු ද පරිස්සමින්. කෙසේ වුවත් අභියෝග ජයගත හැක.

 

 

සිත් නොසන්සුන්තා ඇතිවේ

විශේෂයෙන් කිවයුතුවන්නේ මෙම සතිය තුළ ඔබගේ දිවියේ දියුණුවට කටයුතු සැලසුණත් ධනලාභ මිල මුදල් ලාභ සමගම ස්ථාන තනතුරු නිලතල ලාභ ප්‍රයෝජනයන් හා  වරප්‍රසාද ගෙනදුන්නත්, පොදුවේ ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවන දෑ සිදුවේ. ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. රැකියා ස්ථානයේ ඇතිවන මතභේදකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

 

 

අනප්ක්ෂිතව යහපත සිදුවේ

ඔබට ආර්ථික හා දේපොළ වශයෙන් වැඩිදියුණුවට කටයුතු පිළියෙළ වන, රාජකාරිය ක්‍රමවත්භාවයට පරිවර්තනය වන, ගොඩගැසී තිබූ වැඩකටයුතු රැසක් ඉක්මන්වීමට නිමකිරීමට පසුබිම සැකසෙන සතියක් ද වේ. ඔබට සතිය අවසන් වීමට ප්‍රථම අනපේක්ෂිත හෝ බලාපොරොත්තු රහිත මාර්ගයකින් යහපත් දෙයක් සිදුවේ. උගත්කමට හැකියා කුසලතාවයට තනතුරු නිලතල වරප්‍රසාද ලබාගැනීමටත්, අවස්ථා ගොඩනැගේ.

 

 

ව්‍යාපාරිකයින්ට දියුණුව

ඔබට මෙම සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව ඔබට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්තිවී යයි. බොහෝ විට මෙම සතියේ සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු කතාබහ ආදියේ දී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටළිලි ඇතිකර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. ආයතනය තුළ හෝ වේවා වෙනත් සමාජීය කාර්යයන්හි දී හෝ වේවා විරුද්ධවාදීන් මගින් තම නම නරක්වන විදියේ ප්‍රචාරයක් යවයි. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ.

 

 

ආදර කරැණාව ලැබේ

ඔබට සතියේ අවසන් දින 3 විවිධ අවහිර බාධා වැඩකටයුතු ප්‍රමාදවීම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවුවත් මුල් දින හතර කරදර සිත් තැවුල් හා දුක් සහිතව දේවලට මුහුණපාන්ට සිදුනොවේ. ඔබ කාටත් ආදර කරුණාව දක්වන සතියක් නිසා ඔබටද සමාජයේ හා අන්‍යයන්ගේ ආදර කරුණාව ලැබේ. පොදුවේ ඔබට මෙම සතියේ යහපත් මෙන්ම ප්‍රයෝජනවත් කටයුතුවල යෙදීමට ද හැකිවේ. තමා ඇසුරු කරන අය හා විරුද්ධ ලිංගිකයන් සමග සංචාරක විනෝද ගමන් බිමන්හි  නියුතු වීමටත් අවස්ථාව සැලසේ.

ලාබ ප්‍රයෝජන ලැබේ

ඔබට මෙම සතියේ මුල් දිනපහ සුබදායි වන අතර යහපත් කටයුතුවලට සම්බන්ධවන්ට සිදු වේ. අළුත් හිත මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති වේ. අළුත් පිරිසක් ආශ්‍රයට ලැබේ. උසස් අයගේ ආශ්‍රය ද ඇති වේ. විශේෂයෙන් සමාජ සේවකයන්ද ගුරුවරුන්ද පූජකයන්ද තමා ගැන ආශීර්වාදයෙන් තමාව උසස් තැනක තැබීමට උත්සාහ කරනවා ඇත. සමාජ සේවක වැඩට බසින්ට සිදු වේ. එයින් තමාගේ ගෞරවය වැඩි වේ. සමාජයෙහි හොඳ තත්ත්වයක් සැලකිල්ලක් ලැබෙනවා ඇත. කරන කියන උපයන දෙයින් ද ලාභ ප්‍රයෝජන ලැබේ.