අගෝ : 17 වන සඳුදා සිට අගෝ : 23 වන ඉරිදා අතර
වෘත්තිය පිළිබඳ සැලකිලිමත් වන්න
ඔබට මෙම සතියේ ආරම්භක දින හතර තුළ දී තම අරමුණු සැලසුම ඉෂ්ඨ සිද්ධ කරගැනීමට යෑමේ දී අවශ්‍ය සහයෝගය අන්‍යයන්ගේ ආධාර උපකාර අතහිතදීම හිමිවෙයි. අධ්‍යාපනයේ නිරතවන්නන්ට තම අධ්‍යාපන ඉලක්ක බාධාවකින් තොරව සපුරා ගත හැකිය. අපේක්ෂිත අයුරින් ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඔබ මෙම දිනවල දී විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලී භාවයෙන් යුතුව කටයුතු කළහොත්, රැකියා ව්‍යාපාරදියේ කිසියම් දියුණුවක් ස්ථාවර භාවයක් සලසා ගත හැක. අවසන් දින තුන විදෙස් රැකියා පොරොන්දු වලට මුදල් දීම උචිත නොවේ.
ණය ගනුදෙනුවකින් නිදහස් වේ
ඔබට මේ සතිය පුරාවටම මෙන් සිතේ සතුටට කටයුතු පිළියෙළ වේ. සැප පහසුවට අදාළවන දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩියෙන් ආශ්‍රයට යොමුවන සතියක් ද වේ. මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට පිළිවන්වන අතර පැවති ණය ගනුදෙනුවකින් නිදහස් වීමටත් අවස්ථාව සැකසේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයෝජනයට අවශ්‍යව තිබූ මූල්‍ය හා ද්‍රව්‍ය සම්පත් ද උපයා සපයා ගැනීමටත් හැකිවේ. අවසන් දින තුන තමාගේ රැකියා ව්‍යාපාරික කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු ප්‍රියමනාප අන්දමට ක්‍රමවත්ව කරගත හැකිය.

මුදල් ලාභ හිමිවේ
ලග්නාධිපති බුධ ග්‍රහයාගේ ගමනේ බල දුබලතාවය පරිදි අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ඨ සිද්ධ ක ගැනීමට පිළිවන. මෙම සතියේ අවසන් දින හතර තුළදී ප්‍රීතිමත් අවස්ථාවන්ට අදාළ ගමන් බිමන් යෙදේ. ඉගෙනීමට හා ස්වයං රැකියාව්‍යාපාරාදියට අවශ්‍ය පොත්පත් තාක්ෂණික උපකරණ යනාදිය මිලදී ගැනීමටත් හැකියාව ලැබේ. ඔබ තම නිවසට ආයතනයට යම් යම් දේ මිලදී ගන්නා සතියකි. තැන්පත් ධනයට යමක් එකතුකර ගත හැකි පරිදි මුදල් ලාභ ගෙනදේ. දෙස් විදෙස් රැකියා අවස්ථාවක් ඉටු කරගැනීමට විශේෂ පුද්ගලයකුගේ ආධාර උපකාරයක් ඔබට මෙහිදී ලැබෙනු ඇත.

වෙළෙඳාමේ ප්‍රගතියක්
ඔබට මෙය ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබ තම සැලසුම් හා ක්‍රියාදාමයන් අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. කෙසේ වෙතත් ඔබට මෙම සතියේ මුල්දින තුනේ දී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න.

ආදායම් යථා තත්ත්වයට
සිංහ ලග්නය හිමි ඔබට මේ සතිය ශුභදායි අයුරින් ගත වන අතර, තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කරගත යුතුය යන දැඩි අධිෂ්ඨානයකින් ද ඔබ මෙම සතියේ ක්‍රියා කරයි. පොත පත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත්, ආශාවෙන් කටයුතු කරයි. ඔබට මේ සතිය තුළ ඉපැයීම් මාර්ග කෙරෙහි අයහපත් නොවේ. ඇණහිට තිබූ ආදායම් තත්ත්වය යථා තත්ත්වයට පත්වේ. අමතර ආදායම් මාර්ග කෙරේ ද ඔබේ අවධානය යොමු වී ඊට අදාළ කාර්යයක ද ඔබ නියැලේ. නව රැකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ අවහිර බාධාවන් ද පහව යයි.

වියදම් අධික වේ
ඔබ කරන කියන කටයුතු සඵලවන ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන සතියක් බවට පත්වේ. අධ්‍යාපනයේ හෝ ව්‍යාපාරවල නිතර වන ඔබට, ඔබ කලක් තිස්සේ සිතා සිටි අයුරින් ඒවායේ වෙනසකට අවස්ථාව උදාවේ. ඔබට යම් යම් මිලමුදල් ලාභ ලැබුණත්, ආදායම ද අඩුවක් නොවුණත්, ලැබෙන මුදල් ඉතිරියක් නොවන අයුරින් වියදම් යෙදේ. ඒ නිසා ඔබ වියදම් සීමා කර ගන්න. පසුගිය දිනවල හවුල් ව්‍යාපාරවලට හෝ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇති වී තිබූ අසහන සිත්තැවුල්වලින් මිදී කටයුතු කිරීමටත් පිළිවන්කම ලැබේ.

මිල මුදල් දේපොළ ලාභ
තම එදිනෙදා කටයුතුවල නව මුහුණුවරක් ඇති වූවත්, තමාගේ ඇප කැපවීම මතම සිය අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකිවන බව සිතට ගන්න. ශිෂ්‍යත්ව ලාභාදියකට අවශ්‍ය කටයුතු පිළියෙලවන සතියකි. ධනෝපායන මාර්ගයන්ට අවහිර බාධාවන් මතු නොවුණත්, සතියේ මුල් දින දෙකේ දී අනපේක්ෂිත වියදම් ගෙන දෙන තත්ත්වයක් ගොඩනැගේ. කෙසේ නමුත් ඔබට මෙම සතියේ දී මිල මුදල් හා දේපොළ ලාබ ප්‍රයෝජනයන්ට බලය සැකසේ. එසේම අපේක්ෂා කළ ණය ගනුදෙනු හා වෙනත් ගනුදෙනු ද සාර්ථක වේ.

ඉගෙනුම් කටයුතුවල ප්‍රගතියක්
යම් යම් කාර්යයන් කෙරෙහි ඔබ කෙරේ හටගෙන තිබූ අවිනිශ්චිතතාව පහව යයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතුවල ප්‍රගතියක්, ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වෘත්තිය කටයුතු ගැන දැනුම දියුණුකර ගැනීම ගැන උනන්දුවක් දක්වයි. ඔබගේ වෘත්තිය ක්ෂේත්‍රයේ කාර්යන්ට හා නව සැලසුම් යනාදියට වගකිවයුතු තැන්වල සිටින අයගෙන් එම කාර්යය කටයුතුවලට නොමසුරු සහයෝගය ලබාගැනීමට හැකිවේ. රැකියා ව්‍යාපාරික කටයුතුවල නියුතු වන අයට එම මාර්ග වල විශේෂ වෙනසක්, ස්ථාන මාරුවක් හෝ ආයතන වෙනසකට ද සිත යොමුවෙයි.

මිතුරැහමු වැඩිවේ
ඔබගේ ලග්නාධිපති ගුරු මෙන්ම යෝගකාරක ග්‍රහයාගේ ගමන මුල්කොට මෙම සතියේ මුල් දින පහ තුළ නොයෙක් ආකාර සුළු සුළු ද්‍රව්‍ය ලාභ ආර්ථිකමය වාසි ප්‍රයෝජන ලැබෙනු ඇත. නිතර මිත්‍රයන් හමුවීමට යාමට සිදුවේ. තම වැඩට ආධාර කරුවන්ද ලැබේ. ලැබෙන උපයන දෙයින් ලාභ සත්කාර මෙන්ම සැප සම්පත් ලඟා වේ. අවසන් දින දෙක තුල සතුරන් නිසා සිතට භය හා සැක සහිතව කාලය ගෙවේ. නිෂ්ඵල වූද වියදම් අධික වූද ගමන් බිමන් යාමට සිදුවේ.

නව ආයෝජනවලට සුභයි
ඔබට මෙම සතියේ අවසන් දින හතර ශුභ ඵලදායී අයුරින් ගතවේ. එබැවින් මෙය බලාපොරොත්තු ඉටුවන දියුණුවට කටයුතු පිළියෙළ වන ප්‍රතිඵල දායක සතියකි. විටෙක දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇතිවෙයි. ඒවා මතු යහපත උදෙසා වේ. ආදායම් තත්ත්වයෙහි ද ප්‍රගතියක් දක්නට ලැබේ. ව්‍යාපාරවල නිරතවන්නන්ට අලුත් අදහස් ක්‍රියාවට නැගීමෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට හැකිවේ. ගෘහ ජීවිතයේ හා ප්‍රේම දිවියේ බලපෑ ගැටලුවලට සාර්ථක විසඳුම් ද මෙම දින වල ලැබේ. මුදල් යොදවා කරන අලුත් වැඩවලට මෙම දින හතර වඩාත් ශුභයි.

පීඩාකාරී සිතුවිලි ඇතිවේ
ඔබට මෙම සතිය ආරම්භයේ සිටම මෙන් අවිවේකී බවක් ඇතිවේ. එසේම මනසට පීඩාකාරී සිතුවිලි ඇති කරන බවක් පෙන්වයි. තීරණ කීපයක් ද කල් දැමීමට හෝ වෙනස් කිරීමටත් සිදු වේ. තමාගේ වැඩ අතපසු කර අනුන්ගේ වැඩට වෙහෙසෙන්නට සිදුවන සතියක් ද වේ. සැලසුම් කළ පරිදි සතියේ කාර්යය කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමටත් මෙම ලග්නවලින් උපන් අයට අවස්ථාව සැලසෙනු ඇත. පවුලේ හෝ හිතවතකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමකට කරුණක් යෙදේ. නිකරුණේ කෙරෙන වියදම් වැඩිවන සතියකි.

වැයබර වැඩිවේ
ඔබට මෙම සතිය තුළ සිදුවන ක්‍රියා හේතූවෙන් කණගාටු සහිතව කාලය ගතවේ. අනුන්ගේ වැඩ තමාට බිය උපදවයි. නිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇතිවන අවස්ථා බහුලවෙයි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවී වැඩට සිත අධෛර්ය වීමද සිදුවේ. හදිසි මිල මුදල් වියදම් ද සිත් තැවුල් ද ඇති කරයි. තම කටයුතු පසෙක දමා අනුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එමෙන්ම දුර දිග නොබලා කරන කතාවලින් ද වැළකිය යුතු සතියකි. අනුන් වෙනුවෙන් වියදම් කිරීමටත් සිදුවේ.
I J



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd