අගෝ: 24 වන සඳුදා සිට අගෝ: 30 වන ඉරිදා දක්වා

ඔබට මෙම සතිය ආර්ථික, රැකියා වැනි අංශ තුළ ප්‍රගතියක් ගොඩනැගේ. පසුගිය දිනවල අතපසු වූ වැඩ මෙම සතිය තුළ අවසන් කර ගැනීමට හැකි වේ. ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණ මෙන්ම පවුලේ සමගිය, සමාදානය ගොඩනැගෙන යමක් ද සිදුවේ. හදිසි වාසනා හිමිවන සතියක් ද බැවින් ලොතරැයි වැනි දෑ මිලදී ගැනීම වඩාත් යෙහෙකි. උත්සාහයේ ඵල ලැබේ. තරග, විභාග, සම්මුඛ පරීක්ෂණාදියෙන් ජයග්‍රහණ අත් වේ. උනන්දු වුවහොත් විරැකියාවට කිසියම් පිළියමක් ද ඔබට මෙම සතියේදී ලබා ගත හැකි වන්නේය. ආර්ථික, රැකියා ආදියේ තෘප්තියක් ඇති වන විදිහකට කටයුතු සිදුවේ.

ඔබට මෙම සතිය තුළ විවිධ අවහිර, බාධා, ප්‍රමාදවීම් මධ්‍යයේ තම කාර්යයන් ඉටු කර ගැනීමට සිදුවන පසුබිමක් යෙදේ. සතුරු කරදරයක් නිසා මිල මුදල් වියදම් කිරීමට හෝ ණයකරුවන් ඇත්නම් ඔවුන්ගෙන් කරදර ගෙනදීම වැනි ප්‍රශ්න මතුවීමේ ප්‍රවණතාවක් පවතී. රාජකාරිය කෙරෙහි මෙන්ම රැකීරක්ෂා ආයතනය තුළ වුව සිතේ කැළඹිලි ස්වභාවයක් ඇති කරයි. අවසන් දින දෙක රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළිවෙළ වේ. තරග, විභාගවලින් ජයග්‍රහණ ද අත් වේ. දුර බැහැර ගමන්බිමන්වලින් ද යම් යම් ලාභ ප්‍රයෝජන අත්වන දෙයක් සිදුවෙයි.

ඔබට මෙම සතිය සුභාසුභ මිශ්‍ර ඵල ගෙනෙන සතියකි. කරන කියන, අතගසන වැඩ සාර්ථක වුවත්, ලැබීමට, ඉපැයීමට වාසනාව උදාවුවත්, ගනුදෙනු ප්‍රශ්න, අනපේක්ෂිත වියදම් ද යෙදෙන නිසා අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කරන්න. ගෘහ හා යුග දිවියේ කටයුතු සම්බන්ධ ගැටලු, ප්‍රශ්න මතුවීමේ ඉඩක් ද ඇත. මුල් දින 2 දී ආදායම් තත්ත්වය යහපත් වී සතුරු කරදර තුරන් වී උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් තම අත්‍යවශ්‍ය කාර්යයන් සාර්ථක කර ගැනීමට හැකිවන්නේය.

කටක ලග්නය හිමි ඔබට මෙම සතියේ මුල් දින 4 සුබදායී වන අතර අනාගත යහපත උදෙසා කාර්යයන් කිහිපයක් ගොඩනැගෙන්නේය. විශේෂයෙන් ඔබ අරඹන හා නිරත වන වැඩකටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදාවේ. නවක මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. සතියේ අවසන් දින තුන තරමක් සුබඵල හීන බැවින් ඔබ සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් එහිදී කටයුතු කරන්න. විශේෂයෙන් ඔබ මේ කාලයේ මිල මුදල්වලට මුල් තැනක් නොදී කටයුතු කරන නිසා තමාට ලැබෙන ආදායම අඩුවී යයි.

මුදල් ලාභ, මිත්‍ර ලාභ, සැප පහසු දේ අත්කර ගැනීම, විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර, මානසික හා ගෘහ ජීවිතයේ සතුට හා අභිවෘද්ධිය මෙම සතියේ සුබඵල අතර දැක්වේ. සමූහ වැඩ සඳහා හොඳම කාලයයි. සාද හා විනෝද සේවනයන් ඇති වේ. කවර ප්‍රස්ථාවයකදී වුවද අන්‍යයන් ඔබට දයාබර වනු ඇත. එසේම ඔබට අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීමටත් අවස්ථාව සැකසේ. වැඩකටයුතු ඉහළ යයි. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ.

ඔබට මෙම සතිය දෛනික කාර්යයන් කෙරෙහි එතරම් සුබඵලදායී බවක් ඇති නොවේ. කෑම බීම නරක් වීමෙන් සෑදෙන රෝග, හදිසි අනතුරුවලින් සිදුවන තුවාල ආදියට හේතු යෙදේ. අනපේක්ෂිත ධන හානි වේ. නිෂ්ඵල දේට වියදම් වේ. විරුද්ධකරුවන්ගෙන්, තරගකරුවන්ගෙන් හිරිහැර, කරදර, අවුල් ඇතිවේ. දරු ශිෂ්‍යාදීන් නිසා සිත් තැවුල් හා කරදර ද, ඇතැම් විට ඔවුන්ගේ කටයුතුවලටත් බාධා ඇති විය හැකිය. මුදල් හෝ ද්‍රව්‍යමය අලාභහානි ද සිදුවේ. පොදුවේ ඔබ මෙම සතිය තුළ මේවා කෙරෙහිත් සිත යොමන්න.

සඳුගේ ගමන සුබදායක නොවන නිසා ණය ගනුදෙනුවලදී සිත් තැවුල් හා බය ඇති වේ. වියදම් අධික වේ. ආරවුල් ඇති කර නොගන්න. පවුලේ අයගේ අසනීපාදියට වෙහෙසීමට ද සිදුවේ. නඩුහබවලින් බේරීමට වැඩ කිරීම සඳහා නීතියේ ලියකියවිලිවලට, බලපත්‍රවලට අත්සන් තැබීමට සිදුවේ. සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ධන හානි ද ඇති වේ. මුල් දින දෙක සමස්තයක් වශයෙන් ගත්කළ තම බලය ද ආදායම ද වර්ධනය වීමට කටයුතු පිළියෙල වේ. ලැබීමට තිබෙන මුදල් ලාභයක් කෙරෙහි විශේෂයෙන් බලාපොරොත්තු තබා ගැනීමට හැකිවේ.

දුෂ්කර, අසීරු ගැටලු හා ප්‍රශ්න නිරාකරණයට සිත වෙහෙසීමට හොඳ සතියකි. ඔබගේ අදහස් ප්‍රබල ලෙස එහෙත් සන්සුන් ලෙස ඉදිරිපත් කරන්න. ශරීර නිරෝගීතාව ඇති වේ. ගිවිසුම් අත්සන් කිරීමට යහපත්ය. අරමුණු ඉටු වේය යන විශ්වාසයක් එවිට ඇති වනු ඇත. ගිවිසුම්, සම්මුති, වෙළෙඳ ව්‍යාපාර, ප්‍රසිද්ධ දේශන ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. උද්‍යෝගය, තියුණු සිත, ලිපි හුවමාරුවෙන් ප්‍රයෝජන හා බුද්ධිමත්, පරීක්ෂාකාරී සැලසුම් ඇති කරයි.

තමාගේ ක්‍රියාකලාපයට අන්‍යයන් නතු කර ගැනීමට කදිම සතියක් වන මෙම සතියෙහි ඔබ පුද්ගලික කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ඇත. ගතට සිතට සැපත, සතුට ගොඩනැගෙන අයුරින් කාලය ගතවෙයි. අනුන්ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි. සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. රේස්, සූදු ආදියට යන අයට විශේෂ ලාභ ලැබේ. දූ දරු, ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. අලුත් ඥාති මිත්‍රයන් ලැබේ. සුඛෝපභෝගී දේ මෙන්ම ධන ලාභ ද ලැබෙනු ඇත.

ඔබ ඉතා උද්යෝගයෙන් හා ධෛර්යයෙන් දෛනික කාර්යයන්හි නියුතුවන සතියකි. මුල් දින දෙකෙන් පසු ගතට සිතට සැපත, සතුට දනවන දේ සිදුවේ. සිතට කයට සැනසිලිදායකයි. ධනලාභ ලැබේ. උසස් අයගෙන් උපකාර ද, සැලකිලි ද, ලාභ ප්‍රයෝජන ද ලැබෙන දින 5කි. තම තත්ත්වය ද තිබුණාට වඩා උසස් වේ. වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. මුල් දින දෙක සතුරන් සමග අවුල් ද මතුවිය හැක. නඩුහබ හෝ නීතියෙන් පිහිට සෙවීමට කරුණු සැලසෙන්නට ද ඉඩ තිබේ.

ඔබට මෙම සතිය තුළ අනුන්ගෙන් ගරු නම්බු ලැබේ. තනතුරුවලට පත්වේ. එබැවින් මෙය ඔබට වාසනාවන්ත සතියකි. ආදායම වැඩිදියුණු වේ. හිතමිතුරන් ඇසුර ඇති වේ. තමාගේ කාර්යයන්ට රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. ගෙදරදොර වාසනාව ඇති වේ. මුදල් පිළිබඳව ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අලුත් දේ ඉගෙනීමට මෙන්ම නව වැඩපිළිවෙලක් ඇරඹීමටත් අවස්ථා ගොඩනැගේ.

ඔබට මෙම සතිය සුබදායක ලෙස ගතවෙයි. ගෞරව සැලකිලි ද නම්බුව ද වැඩි වැඩියෙන් ලැබෙන කාලය මෙයයි. අලුත් උසස් තත්ත්වයකට පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල වැඩිදියුණුවක් ඇතිවේ. රජයේ රැකියාවල නියුක්ත අයට වැඩිපුර ගරු සැලකිලි ද නම්බුව ද ලැබෙනවා හැර තනතුරුවලින් උසස්වීම් ද නියතයි. ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. තම වුවමනාවන් පිරිමසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙනවා ඇත. සතියේ වැඩි දින ගණනක් සිත සැහැල්ලුවෙන් ගතවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd