සුබඵල සහිත මාසයක්
මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යොගකාරක ග්‍රහයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබේ අනාගත සුබසිද්ධිය උදෙසා වැඩකටයුතූ රැසක් ගොඩනැගේ. එබැවින් ඔබට මෙම මස තළ අනුන්ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි. ශරීර සැප පහසුවද ඇතිවේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද ස්ත්‍රීන්ට පුරුෂයන් සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ. සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. රේස් සූදු ආදියට යන අයට විශේෂ ලාභ ලැබේ. දූ දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. අළුත් ඥාති මිත්‍රයන් ලැබේ. මිළමුදල් ලාභ ද ලැබෙනවා ඇත. සතුරන්ගෙන් කරදර ඇති නොවේ. දරු ශිෂ්‍යයන්ගේ දියුණුව ඇති වේ. බලාපොරොත්තු ඉෂ්ට වෙන මාසයකි. සතුරන් පරාජයට පැමිණේ. වැඩිහිටියන් ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි ප්‍රශංසා ලැබේ. විරුද්ධකරුවන්ගෙන් තරගකරුවන්ගෙන් හිරිහැර කරදර අවුල් ඇති නොවේ.
දුරස්ව සිටි ඥාති මිත්‍රයන් නැවත හමුවේ. නැතහොත් ඔවුන් තමාව සොයාගෙන හෝ එයි. තමාගේ කිසියම් ප්‍රසිද්ධියකට කටයුතූ සිදුවේ. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ.
කෙසේ නමුත් ඔබට මෙම සුබපල මධ්‍යයේම මෙන් ඔබ කිසියම් දෝෂාරෝපණයකට අසු වේ. වරින්වර ශරීර සනීපය දුර්වල වේ. අළුත් අසනීපයක් ද මතුවිය හැකි මාසයකි. විශේෂයෙන් බඩේ අසනීප, කෑමබීම නරක් වීමෙන් සෑදෙන රෝග හදිසි අනතුරුවලින් සාදන තුවාල ආදියට හේතුයි. මේවා වෙනුවෙන් අමතර මුදල් වියදම් ඇතිවේ. එමෙන්ම නිෂ්ඵල දෙයටත් වියදම් වේ. මුල් දින 10තුළ දරු ශිෂ්‍යාදීන් නිසා සිත් දුක් හා කරදරද ඇතැම් විට ඇතිකරයි.

ලාබ ප්‍රසංශා ලැබේ
වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරක ග්‍රහයන් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබට පසුගිය දිනවල පැවති ශරීර පීඩාව සහ වෙහෙස ගත මෙම මස තුළ පහවයයි. ප්‍රියයන් සමග ආශ්‍රය ඇති වේ. බලාපොරොත්තු නොවූ අයගේ ආශ්‍රයට වැටේ. යම්යම් කටයුතූ කෙරෙන් බල පෑ සැක බිය පහව යයි. කෙසේ නමුත් විටින් විට ඥාතීන් හා පවුලේ අය නිසා දුක්විඳීමට සිදුවේ. ගෙදර දොර අගහිඟකම් ඇති නොවේ. මිත්‍රයන්ගෙන් බලාපොරොත්තු වූ උදව් උපකාර ලැබේ. ස්ත්‍රී සංගම් ඇතිවේ. ස්ත්‍රීන් නිසා සැප ලැබේ. මිල මුදල් ආදී වස්තු ලාභ ලැබෙන මාසයකි. මව්ගෙන් උපකාර ද ලැබේ. සිත් ප්‍රීතිය වාසනාව ඇති වේ. ප්‍රීතිමත් විනෝදදායක ගමන්ද යාමට ලැබේ.ගෙදර දොර සැප පහසුව ඇතිවන ආකාරයට කටයුතු කර ගැනීමට ඉඩ ලැබේ. කෑමබීම ඇඳුම් පැළඳුම් ආදියෙන් සිත් සතුට ඇති වේ. යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේ. විකිණීම් මිළදී ගැනීම් වලින් ලාභ ලැබේ. දරු ශිෂ්‍ය ලාභ සහ ඔවුන්ගේ දියුණුව ද ඇති වේ. රැකී රක්ෂා කටයුතුවලින් ප්‍රගතියද කරදර අඩුවීම ද උසස්වීම ද සිදුවේ. කරගෙන ආ කටයුතු දියුණු වේ. තම බලය වැඩි වේ. දේපොළ වලින්ද ලාභ ලැබෙන මාසයකි. නැතහොත් ඒවා තව තවත් දියුණු කරගැනීමට ඉඩ ලැබේ. නම හොඳ වේ. සමාජයෙහි පිළිගැනීමද ප්‍රසාදයද ඇති වේ. පවුලේ වාසනාවන්ත කාලයකි. ශරීර සනීපයද යහපත් වේ. ගෘහභාණ්ඩ ආදී තමාට අවශ්‍ය දේ සපයා ගැනීමට ලැබෙන නිසා සිත් සතුට ඇති වේ. ගෙදර දොර පිරිසිදු කර ගැනීමටද ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගැනීමටද ඉඩ ලැබෙන කාලය සැකසෙන මාසයකි.
කෙසේ නමුත් මෙම මස අවසන් දින 10දී අවනම්බුවක් හෝ ලැජ්ජාවක් ඇති වේ. පවුලේ අය සමග අවුල් මතු වේ. අනුමානයට කරන කටයුතුවලින් පරාජය හා ඒවා වෙනස්වීම ද නියමයි. ගමන් බිමන් වලදී බලාපොරොත්තු රහිත කරදර ඇති වේ. ගෙදර දොර ප්‍රශ්නකාරීගති මතු වේ. මිත්‍රයන් සමග අවුල් ඇති වේ. ශරීර අසනීපයක් වැළඳේ. නහර පිළිබඳ රෝගයක් හෝ කැපීමකින් තුවාලයක් වී ලේ ගලන්නටද ඉඩ තිබේ. සතුරන්ගෙන් භය පැමිණේ. එබැවින් මෙම මස අවසන් දින 10දී මේවාකෙරේද සිතයොමා කටයුතු කරන්න.

ශිල්ප හස්ත කර්මාන්තවලට යහපත්
මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුධ හා යෝගකාරක සිකුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබට මෙම මස තුළ සතුරන් නැති වේ. ඔබට මෙන්ම සහෝදරයන්ටත් සැප ලැබේ. තමාට ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වුවත් වාසනාවන්ත මාසයකි. හිතවතෙකුගේ ආශ්‍රයක් අති වේ. ප්‍රීතිමත් උත්සව අවස්ථාවන්ට සහභාගිවන්නට ලැබේ. සහෝදර සහෝදරයන් තමා ළඟට පැමිණේ. නැතහොත් තමාට ඔවුන් සොයා යාමට සිදු වේ. මිත්‍රයන්ගේ ආශ්‍රය ද උපකාරය ද ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබේ. සමාජයෙහි උසස් වේ. තමාගේ බලය පැවැත්වීමට හැකි වේ. සමාජයෙන් ගරු සැලකිළි ලැබේ. තෑගි භෝගලෙස වස්ත්‍රාභරණ ලැබේ. සැප පහසුව ඇතිවන ලෙසට පරිසරය සැකසේ. සාමාන්‍ය දියුණුවද නියමයි. අලංකාරවත් සිත්කලු භාණ්ඩ හෝ ක්‍රීඩා භාණ්ඩ ලැබේ. තමාගේ කාර්යය කටයුතූ කරගැනීමට හොඳ වැඩකරුවන් ආධාරකාරයන් ලැබේ. ගෙදර දොර සැපපහසුව ද ඇතිවේ. නිතර ප්‍රීතිමත් ගමන් ඇතිවේ. ලියකියවිලි මගින් කෙරෙන කටයුතු ද සාර්ථකවේ. අසල්වැසියන්ගෙන් හොඳ හිත වර්ධනයවේ.
එසේම මෙහිදී වෙළහෙළඳාම් කරන අයට ඒවායින් දියුණුව ඇති වේ. තම තත්ත්වය උසස් වේ. බලයට පත් වේ. දූ දරුවන්ගෙන් ප්‍රීතිය ඇති වේ. බලාපොරොත්තු ඉෂ්ට වීමද එයින්ම ලාභ ලැබීමද නියමයි. අළුත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට ඉතාම හොඳ කාලයකි. වැඩ කටයුතු ඉහළ යයි. ඔබට අමතර වශයෙන් තම වැඩකටයුතූ ක්‍රියාකාරකම් වලට සහෝදරයන්ගෙන් සහ අසල්වාසී මිත්‍රයන්ගෙන් උපකාරද ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. ප්‍රීතිය ඇතිව කාලය ගෙවේ. සැනසිලි සහිතව කාලය ගත වේ. ශාරීරික ව්‍යායාම් වැනි දෙයට යොමුවේ. පොදුවේ මෙය ශිල්ප කර්මාන්ත හස්ත කර්මාන්ත වලට යහපති. ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් කම්සැප ලාභ ලැබෙන මාසයකි.

කල්පනාවෙන් ක්‍රියා කරන්න
කටක ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා යොගකාරක ග්‍රහයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී මෙම මස මුල්දින 15ට වඩා අවසන් දින 15 සිතට කයට සැනසිලි දායකයි. ධනලාභ ලැබේ. උසස් අයගෙන් උපකාරද, සැලකිලිද ලාභ ප්‍රයෝජනද ලැබෙන මාසයකි. තම තත්ත්වයද තිබුණාට වඩා උසස් වේ. වෙළෙඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. තමා කරගෙන යන සියලුම කටයුතු වැඩි දියුණුවේ. අනුන්ගෙන් භාරගෙන කරන කටයුතු ද සඵල වේ. සතුරන්ගෙන් ජය ලැබේ. අනුන්ගෙන් ගරු නම්බු ලැබේ. තනතුරුවලට පත්වේ. වාසනාවන්ත කාලයක් සේ දැනේ. තමාගේ දෛනික ආදායම වැඩිදියුණු වේ. හිත මිතුරන් හා ආශ්‍රය ඇති වේ. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. පැවති අසනීපයකින් සුවය ලැබේ. ගෙදර දොර වාසනාව ඇති වේ. මුදල් පිළිබඳව ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. පුන්‍යවන්තයන්ගේ ආශ්‍රය ඇති වේ. සහෝදරයන්ගේ ආශ්‍රයද ඔවුන්ගේ උපකාරයද ලැබේ. නිතර ලාභලැබෙන සුළු සුළු ගමන් බිමන් ඇති වේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ. හීනවී ගිය ධෛර්යය නැවත ලැබේ. ගෘහභාණ්ඩ ලැබේ. වික්‍රමවන්ත කාලයකි. අමුතු වැඩකටයුතුවලට බැසීමටද අළුත් ගමන් බිමන් යාමටද අමුතු ස්ථානවලට යාමටද මෙය ඉතා ශුභ කාලයකි.
කෙසේ වෙතත් මෙම මස මුල්සති දෙක මිල මුදල් ලාබ නොලැබේ. තම ලොකුකම රටට පෙනෙන ලෙස ලොකුවට වියදම් කිරීමට සිතෙයි. එම නිසාම ධන හානි වේ. මුදල් අතින් හිරිහැර සහිත දින කීපයකි. ලැබීම අඩුවේ. මුහුණේ හෝ උෂ්ණයක් හෝ ඇස්වල පීඩාවක් කැක්කුමක් හෝ තුවාලයක් සෑදෙයි. මුහුණේ කුරුලෑ මතු වේ. සාමාන්‍යයෙන් මෙම සති දෙක අසනීප සෑදීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශම් විය යුතුයි. විවාහ වූ අයට නම් භාර්යාවට හෝ ස්වාමියාට අසනීප, විපත්ති දුක් ඇතිකළ හැකියි. පවුලේ අය අතර ආරවුල් පැන නගී. සමහරවිට මිත්‍රයන් සමග හෝ ඥාතීන් අතර ආරවුල් මතු විය හැකි නිසාත් මෙවැනි දේවල් කෙරෙහිද සිතයොමා කටයුතු කරන්න.

උදරාබාධ ගැන සැලකිල්ලෙන්
සිංහ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති රවි හා යෝගකාරක ග්‍රහයන් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබට ගතවූ මාසයට වඩා මෙම මාසය වැඩිවශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. එමෙන්ම සිතට මෙන්ම කයට ද සැපවත් වේ. ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන් ලැබේ. සිත් ප්‍රීතියෙන් කාලය ගත වේ. විනෝද දායක කාලයකි. මොන යම් ක්‍රමයකින් හෝ මහත් සතුටක් ඇති වීමට කරුණක් යෙදෙයි. එය ලාභයක් ලැබීම නිසා හෝ හිතවත් ඥාති මිත්‍ර සංගමයක් නිසා හෝ පස්කම් සැප ලැබීමක් නිසා හෝ විය හැකි සතුටකි. ශරීර සනීපය ඇතිවීම නියමයි. ලෙඩකින් පීඩා විඳිමින් සිටි කෙනෙක් නම් මේ කාලයේ දී නීරෝගී වේ. භාර්යාවක් සිටින කෙනෙක් නම් මේ කාලයේ දී දෙදෙනා අතර හිතවත්කම් ලැදිකම් ආදර සම්බන්ධය වැඩි වේ. හොඳින් අවහිරකම් බාධා කරදර නැතිව තමා නියුතූ රැකියා ව්‍යාපාරාදියේ සේවයට ද ඉඩ ප්‍රස්තාව ලැබේ. අවිවාහක අයටද විරුද්ධලිංඟික සම්බන්ධකම් හෝ විරුද්ධ ලිංගිකයින් සමග ආශ්‍රයට ඉඩ ලැබේ. ස්ත්‍රීන්ට පුරුෂ සම්බන්ධය ද ඇති වේ. මේ මාසය පුරාවට සමාජ ආශ්‍රය නිතර ඇති වේ. තමාව පිළිගැනීම ඇතිවන කාලයකි. හිතවතුන් හා හිතවතියන් තමාව හොඳින් පිළිගෙන ආදර සංග්‍රහ කරයි. එබැවින් හිතවතුන් හමුවීමට යාමට මෙය හොඳම මාසයකි. සමහරවිට ආදර බන්ධනයක්ද ඇතිවීමට හේතුයි. කැඩී බිඳී ගිය ආලය බැඳීම නැවත ඇති කර ගැනීමට හොඳ මාසයකි. තමාගේ හිතවතුන්ට මේ කාලයේදී තමාව ප්‍රියජනක ලෙස පෙනේ. පොදුවේ බලන කල තැන්පත් ධනයට යමක් එකතුකර ගතහැකි මාසයකි.
විශේෂයෙන් බඩේ අසනීප, කෑමබීම නරක්වීමෙන් සෑදෙන රෝග ආහාර නොදිරවීම හේතූවෙන් ඇතිකරන අසනීප වැනිදේට ඉඩපවතින නිසා ඒ කෙරේ ද සිතයොමා මෙම මස තූල කටයුතූ කරන්න.

සතුරන්ට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න
ඔබගේ ලග්නාධිපති බුධ හා යෝගකාරක සිකුරු මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ග්‍රහගමන එතරම් සුබදායක නොවන බැවින්, ඔබට මෙම මස තුළ තද ලෙස සිත් නරක්වීමට කරුණක් යෙදෙයි. ගින්නෙන් පාඩුවක් විඳීමටද ඉඩ තිබේ. නොයෙක් දෙයට නිෂ්ඵල ලෙස වියදම් කිරීමට සිදුවේ. අවුල් වියවුල්වලට මුහුණපාන්ටවීම ද නියමයි. එය සිදුවන්නේ රහස් සතුරන් ඇතිවීම නිසාය. ඇස්වල ආබාධ පිත්, ලේ රෝග හදිසි වැටීම්වලින් කකුල්වල තුවාල කැපුම් කෙටුම් තුවාල යන මේවායින් ඉතා ප්‍රවේසම් විය යුතුයි. තමාගේ වැඩ කටයුතුවලට භාර්යාව හෝ ස්වාමි පුරුෂයාද විරුද්ධ වන්ට පුළුවන. නොයෙක් ක්‍රමයෙන් කරදර හිරිහැර පැටළිලි මතු වේ. මිල මුදල් හානි වේ. ලැබීම්ද අඩු කරයි. උසින් වැටීම ගැනද ඔබ මෙහිදී ප්‍රවේසම් විය යුතුයි. ගෙවල් ඉඩම් ආදී දේපොළවලටද තමාගේ අයිතිවාසිකම්වලට ද වියදම් කිරීමට සිදුවේ. තිබුණ ගෞරව සැලකිලි නැතිවී යයි. ස්ත්‍රීන්ගෙන් ආරවුල් මතු වේ. ගෙදර දොර අඩුපාඩු සහ අඬදබර නිසා අවාසනාවන්ත කාලයක් විය හැකියි. මිත්‍රයන් සමගද අවුල් වියවුල් ඇති විය හැක. සමහරවිට මිත්‍රයෙක් හෝ සහෝදරයෙක් හෝ තමාට විරුද්ධ විය හැකියි. වරදක් නොකළේ වී නමුත් නිකරුණේ දෝෂාරෝපණ අසන්ට සිදුවේ. වංචා ප්‍රයෝග වලටද අසුවේ. වැඩකරුවන්ගෙන් කරදර හා ඔවුන් විරුද්ධ වීමද නියමයි. නිෂ්ඵල ගමන් යාමට සිදුවේ. රහස් ගමන් ගියහොත් සතුරන්ට අසුවිය හැකියි. බොහෝවිට මෙය සතුරන් සමග කිසිම සටනකට නොයා යුතු කාලයකි. ගමන් නිසා නිකරුණේ වියදම් කිරීමට සිදුවේ. නැතහොත් වාහනවලටද යකඩවලටද මුදල් වියදම් වීම නියමයි. ඥාතීන් සමගද අපරාධ කිරීමට සිත පෙළඹී යයි. සමහරවිට ඥාතීන් තමා ගැන අමනාප වන්ටද ඉඩ තිබේ. නිතරම ශරීරයට වෙහෙස ගතියක් පණ නැගි ගතියක් උනන්දුව ධෛර්යය අඩු ගතියක් දැනෙනවා ඇත.

අනාගත අභිවෘද්ධියට හේතු යෙදේ
තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු හා ලග්න නක්‍ෂස්ත්‍රාධිපතීන් ද මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී තමාගේ අරමුණු සැලසුම් ඉෂ්ඨ සිද්ධ වී අනාගතයට හේතූවන කාර්යයන් රැසක් ගොඩනැගෙන්නේය. සිත් සතුට ප්‍රීතිය ඇති වේ. වැඩ කටයුතු සඵල වේ. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන ආ කටයුතු ද දියුණුවට යයි. බලාපොරොත්තු වූ අදහස් සියල්ලම ඉෂ්ට වේ. සෑම අතින්ම සඵලදායක කාලයකි. ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයකි. පියා සතු දෙයක් හිමිවේ. උසස් අයගෙන් පියාගෙන් වැඩිහිටියන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. රැකී රක්ෂා වලින් දියුණුව ඇති වේ. මේ අතරම උසස් අය සමග කරන කටයුතුවලදී නොතේරුම්කමින් සහ වැරදීමෙන් සිදුවන වැරදි නිසා ප්‍රවේසම් විය යුතුයි. දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම්ද ඇති වේ. ඒවා සිදුවන්නේ හොඳටය . ස්ථාන හෝ කටයුතු පිළිබඳ වෙනසක් හෝ අමුත්තක් සිදුවුවහොත් මෙ කාලයේදී එය සිදුවන්නේ ද හොඳටය. රැකී රක්ෂා කරන තැන ප්‍රධානීන්ගෙන්ද උපකාර ලැබෙනවා ඇත.
එසේම මේ කාලයේදී ඉගෙනීමට ආශාව වැඩි වේ. අමුතු දේ ඉගෙනීමට හෝ ඉගෙන ගත් දෙයෙහි වැඩි අවබෝධයක් ඇතිවීමට ඉඩ තිබේ. ශාස්ත්‍රාරම්භයට ඉතා යහපත් මාසයකි. නොයෙක් දේ ලැබෙනවා ඇත. අළුත් හිත මිතුරන්ද ලැබෙන්ට පුළුවන. මිත්‍රයන් සමග ප්‍රීතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. වැඩ කටයුතුවලට ඉඩ පහසුකම් සැලසේ. තම වාසියට කතාකිරීමට ඉඩ ලැබේ. වචනයේ බලය පෙන්වීමට හැකිවේ. ඥානය දියුණු වෙන මාසයයි. උනන්දුව වැඩි වේ. හිතවත් ඥාතීන් හෝ මිත්‍රයන් සමග ආශ්‍රයට ඉඩ ලැබේ. මෙම මාසය ගතවන්නට පෙර කලකින් නුදුටු මිත්‍රයෙක් හමුවේ. එසේම ඔහු සමග අනාගත අභිවෘර්ධියට හේතූවන කාර්යයකට සම්බන්ධවීමටත් අවස්ථාව උදාවේ. ගෙදර දොර කටයුතුවලින් වාසනාවද සැනසීමද සිත් සතුටද ඇති කරයි. කරන කියන සියලු කටයුතුවලද ගන්නා උත්සාහයන්ගේද ප්‍රතිඵල හොඳාකාර ලැබෙනවා ඇත. එසේම මෙම මස තුළ දරු ශිෂ්‍ය ලාභ ලැබෙන්ටද ඉඩ තිබේ.

සැලකිලි ගෞරව ලැබේ
ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි බුධ මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසදා බැලීමේදී ඔබගේ අනාගතයට සුබදායිවන යහපතට හේතූවන කටයුතු රැසක් මෙම මාසයේ දී ඔබට ගොඩනැගෙන්නේය.
ඇඳුම් පැළඳුම් හා වස්ත්‍ර ලැබේ. ශරීර සනීපය ඉතා හොඳ වේ. දේව භක්තිය ද වැඩිවේ. ගුරුවරුන් බැලීමට යාමට සිතෙයි. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ගුණවත් සාධාරණ හොඳ අදහස් ඇති වේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. වැඩකටයුතු දියුණු වේ. ගොවිතැනින් ලාභ ලැබේ. ආදායමද වැඩිවේ. ගෙදර දොර වාසනාව ඇතිවීමද නියමයි.
එසේම මේ කාලයේදී ත්‍යාගිවන්ත වීම, ආදර බන්ධන ඇතිවීම, සැප පහසු ඇතිවීම, කම්සැප ලැබීම, විරුද්ධලිංගික සැප ලැබීම, සමහර විට සුදුසු වයස නම් විවාහවීම, මංගල යෝජනා ඇතිවීම, අලංකාර වස්තු ලැබීම, උසස් අයගෙන්ද වැඩිහිටියන්ගෙන්ද ගරු සැලකිලි ලැබීම, ප්‍රසිද්ධවීම, දියුණුවට කටයුතු යෙදීම, දැනීම වැඩිවීම යහපත් මිත්‍රයන් ලැබීම, පුරුෂයන්ට ස්ත්‍රීන් සමගත් ස්ත්‍රීන්ට පුරුෂයන් සමගත් හොඳ හිතවත්කම් නෑදෑකම් බැඳගන්ට ලැබීම සිතට සැනසීමක් ඇති කාලයක් වීම සමාජයේ දියුණුවක් ඇතිවීම ලාභ ප්‍රයෝජන ලැබීම, පින් කිරීමට ආශාව ඇතිවීම, සිත් සතුටට කරුණු යෙදීම, දරු ශිෂ්‍ය ලාභ ලැබීම හෝ ඔවුන්ගේ දියුණුව ඇතිවීම ආදී ශුභ ඵල රාශියක් ඇතිකරන මාසයක් වේ.
එසේම ඔබට මෙම මස තුළ දුක් කරදරවලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩකටයුතු දියුණුවේ. කරගෙන ආ කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද වැඩි දියුණුවට යන මාසයකි. රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන කාලයක් වේ. රජයෙන් හෝ තමා කටයුතු කරන තැන ස්වාමියන්ගෙන් සැලකිලි ගෞරව ලැබේ.

රැකීරක්ෂා කටයුතුවල උනන්දුවේ අඩුවක්
ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරක රවි මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී මෙම මස ග්‍රහ ගමන ශුභාශුභ මිශ්‍රපල විපාක ගෙන දෙන ගමනකි. විශේෂයෙන් මේ මාසය තුළ නිශ්ඵල ලෙස මිල මුදල් හානියක් හෝ අධික වියදම් යන ගතියක් ඇති වුවත් මුතු, මැණික්, රත්රන්, රිදී ආභරණ පිළිබඳ ලාබ ලැබෙන බවත් පෙන්නුම් කරයි. එසේම මෙය ශරීරසැප ලැබෙන මාසයකි. මුදල් කටයුතුවල දියුණුවක් ඇති වේ. හදිසි ධනලාභ වැනි දෑ හිමිවීමට ද පිළිවන් නිසා ලොතරැයි වැනිදේ මිළදී ගන්න. කෙසේ හෝ අවශ්‍යතා සපුරා ගැනීමට මිල මුදල් ලැබේ.
ස්ත්‍රීන් සමග අවුල් ඇතිවන අතරම ස්ත්‍රීන් තමා සමග අසතුටු වේ. නමුත් පිටස්තර ස්ත්‍රීපක්ෂය සමග සම්බන්ධකම් ඇති කරගනී. ඇතැම්විට තමාගේ පැවති තත්ත්වය තබා ගැනීමට නොහැකි වේ. කේලාම් ඕපදූප ඇති කරන මාසයකි. නමුත් ඒ අතරම ස්තුති ප්‍රශංසාද ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධියද දියුණුවද ඇති වේ. ඒ අතරට ආරාවුල්ද මතු වීමෙන් සිත් තැවුල් ඇතිවිය හැකියි. කරගෙන යන කටයුතු තරමක් දුරට පහළබැසීමද දබර හා නඩු හබවලට අසුවුවහොත් පරාජයට පත් වීමද සියමයි.එනිසා ඔබ මෙම මස තුළ එවැනිදෙයට සම්බන්ධ නොවන්න. වරින් වර හොඳ මිතුරන් ලැබෙයි. අමුතුවෙන් ආරම්භ කරන රැකී රක්ෂාවලින් දියුණුව ඇති වේ. පරණ සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතුවලට උනන්දුව අඩු වේ. සතුරන් ඊර්ෂ්‍යාකාරයන් ද ඇති කිරීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේසම් විය යුතුයි. ස්ත්‍රීන් නිසා ගැටලු පැටළිලි ඇති නොකරගන්න. ඉඳහිට වරින් වර වාසනාව මතුවෙන බවක්ද දක්නට ලැබේ. අලංකාරයෙන් ලක්ෂණට හැඳ පැළඳගෙන ස්ත්‍රීන් හිතවතුන්ට පෙනෙන ලෙස හැසිරීමට ආශා කරයි. සහෝදරියන්ගෙත් මවගේත් සැපවත් කාලයක් විය හැකියි.
සමස්තයක් වශයෙන් බලනකළ ඔබට මෙය ශුභාශුභ මිශ්‍ර පල විපාක ගෙන දෙන මාසයක් බැවින් ඔබ මෙම සියළු කරුණු කාරණා හා ප්‍රතිඵල කෙරේ අවබෝධයෙන් අවධානයෙන් පසුවන්න.

ජීවන ගමනට අභිනව ශක්තියක්
මකර ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක සිකුරු, මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේ දී ඔබගේ දෛනික වැඩකටයුතූ ක්‍රියාකාරකම්වලට අවහිරබාධාවන් මතුකරයි. එසේම මෙහි දී තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැක. උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ. ඒ අයගෙන් තමාට අවහිරකම් බලකිරීම් ආදියකින් පීඩා ගෙන දෙත්. ඔවුහු තමා සමග අමනාප වෙත්. ගිනිබයක් හෝ තද අව්වේ වේලෙන්ට සිදුවීමක් ද නියමයි. දුක් කණගාටු හිරිහැර ඇතිකළ හැකියි. ලේ දෝෂ, අධික රුධිර ධාවනය, ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්ට පුළුවන. නොකල වංචාවලට හසුවිය හැකියි. සොරබිය සතූරු බියද ඇති වේ. වෙහෙස ඇති දුර ගමන්ද යෙදෙත්. නීති විරෝධී වැඩ කිරීමටද සිදුවේ. නැතහොත් එවැනි වැඩ කරන අය හා මැදහත්වන්ට සිදුවේ. හදිසි අනතුරුවලට ඉඩ තිබේ. අසතුටුදායක ආරංචි ලැබෙන මාසයකි. රජයෙන් භයක්ද ඇතිවේ. කලකෝලාහලවලටද හසුවිය හැකියි. සිත් තැවුල් සිත් අමනාප ගති නිතර ඇති වේ. පියාට, ගුරුවරයාට, පවුලේ වැඩිහිටියාටද විපත්තිදායකයි. පපුවේ ආබාධයක් ඇතිවෙයි. මිත්‍රයන් සමග අවුල් ඇතිවිය හැකියි. තම රක්ෂාව කරන කාර්යාලයේ හෝ ස්ථානයෙහි සිටින අය තමා ගැන අමනාප ගති ඇතිකර ගනී. නොයෙක් නොයෙක් ක්‍රමවලින් කරදර මතුවේ. සතුරන්ද ඇති වේ. නිෂ්ඵල ගමන් යෙදෙත්. එනිසා මෙවැනි අයහපත් දෑ අවම කරගැනීමට අත්නොවීමට ඉවසීමෙන් සිතාබලා ඥානාන්විත කටයුතූ කරන්න.
කෙසේනමුත් ඔබට මෙම මස මුල්සතිදෙකේ දී තමා මෙන්ම පවුලේ අයද අපේක්ෂා නෙකල බලාපොරොත්තු නොවූ විපරීත ක්‍රමයකින් තමජීවන ගමනට වැඩදායක සුවිශේෂී යහපතක් ද ඇතිකරයි. මෙය ඉතා වාසිප්‍රයෝජන සැලසෙන දෙයකි.

බුද්ධිමත්ව ක්‍රියා කරන්න
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක කුජ මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී මෙම මාසය ඔබට එතරම් සුබදායක නොවන බැවින් සෑමදෙයක් කෙරේම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතූ කරන්න.
සිත් තැවුල් ඇති වේ. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග අවුල් මතු වේ. මුදල් අතින් අගහිඟකම් ඇති වේ. අන්‍යයන්ට බැගෑපත්වෙන්ට සිදුවන දෑ ඇතිවේ. නිශ්ප්‍රයෝජන ගමන් අධික වේ. සෙම් දෝෂ ලේ කෝප රෝග සාදන්ටද ඉඩ තිබේ. එසේම උදරාබාධ උණ අක්මාවේ දෝෂ අර්ශස් යනාදී ආබාධයක් වුවද වැළඳෙන්ට මතූවන්ට ද හේතුයි. නැතහොත් තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට අසනීපයක් වැළඳෙයි. නිකරුණේ මුදල් නාස්ති වේ. කරදර සහිතය. පවුලේ අවුල් ඇති නොකර ගන්න. නොතේරුම් කමින් හෝ නොදැනුවත්කම හේතූකොට අඹු සැමියන් අතර අවුල් වියවුල් පැන නගී. ඊට නතූ නොවන්න. ස්ත්‍රීන් සමග අසමගිකම් ඇති වේ. ගෙනආ මංගල යෝජනා නැතිවේ. සතුරන් සමග ප්‍රසිද්ධියේම අවුල් වියවුල් කර ගැනීමට සිදුවේ. දරු ශිෂ්‍යන්ටද අසනීපාදී කරදර ඇති වෙත්. ඇස්වහ කටවහ ආදී දෝෂ වදී. ශාප කිරීම්වලට අසු වේ. නම නරක් වේ. වැඩකරුවන් සමගද උසස් අය සමගද ආරවුල් ඇති විය හැක. උසස් අයගෙන් කරදර ඇතිවෙත්. කිසිම සැප පහසුවක් නැති ගමන් යාමට සිදු වේ.එනිසා මේවා කෙරේ අවධාණයෙන් පසුවන්න.

අභියෝග ජයගත හැකි මාසයක්
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරකයින් මෙම මස තුළ හැසිරෙන ආකාරය කෙරේ සසඳා බැලීමේදී ඔබට මෙම මස තුළ හිතට දුකක් හෝ අසතුටක් ඇතිවීමට කරුණක් යෙදෙන නමුත් වස්තු ලාභ ලැබේ. නම හොඳ වේ. කරගෙන ආ කටයුතු ද අළුතෙන් භාරගෙන හෝ ආරම්භකර හෝ පටන් ගන්නා කටයුතු ද වැඩි දියුණුවට පැමිණෙත්. රැකී රක්ෂාදී වෙළෙඳ කටයුතුවලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අළුත් දේ ඉගෙනීමට ලැබේ. ශරීර සනීපය ඇති වේ. සාමාන්‍යයෙන් දියුණුවට හොඳ මාසයකි. කතාවේ බලයෙන් ලාභ ලබාගත හැක. ගෙදර දොර වාසනාව ඇති වේ. ධෛර්යයෙන් උනන්දුවෙන් කරන කටයුතුද තද ලෙස මොළය වෙහෙසවා කරන කටයුතු ද ශූර ඥානයෙන් කරන කටයුතුද දියුණු වෙත්.
සමස්තයක් වශයෙන් බලන කල අනුන්ට යටත් නැතිව තම තනි මතයටම ක්‍රියා කරන්ට සිතෙයි. ධන ලාභ ලැබේ. සිත් සතුටට කරුණු සැලසේ. මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය බඩු ලැබේ. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබේ. තඹ, පිත්තල, යකඩ ආදී බඩු ලැබේ. උගත් අයගේ ආශ්‍රයෙන් ඈත් වේ. ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. සතුරන්ගෙන් නිදහස ලැබේ. සතුරන් පරාජය වෙත්. තිබුණ දුෂ්කර කම් මග ඇරෙයි. මිල මුදල් අතින් ලාභ ලැබෙන මාසයකි. රජයේ සේවකයන්ට ලියන මහත්වරුන්ට පරිඝණක මගින් මුදල් උපයන රැකියා කරන වැඩ කරන අයට ඇඟිලි වලින් වැඩ කරන අයට විශේෂ දියුණුවක් ඇතිවන මාසයකි. තමා ගැන අනුන් ප්‍රිය කරන කාලයකි. කීර්ති ප්‍රශංසා ලැබේ. තනතුරුවලට පත්වේ. ලාභ ප්‍රයෝජන ලැබේ. ආභරණවලින් සැරසෙන්ට ඉඩ ලැබේ. මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න හිමියන්ගේ එම අදහස් ඉෂ්ට වන මාසයක් ද වේ. පොදුවේ මෙය ඔබට අභියෝග ජයගතහැකි මාසයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd