අගෝ : 10 වන සඳුදා සිට අගෝ : 16 වන ඉරිදා අතර
කලහකාරී පසුබිමක් - පරිස්සමින්
ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතිය තුළ අභියෝග මැඩගෙන අලාභහානි අවම කරගෙන කටයුතූ කලහැකි වුවත්, ස්ත්‍රීන් සමග ද වාද භේද පැන නගී. ශරීර පීඩා ද ඇති වෙයි. ඥාතීන් හෝ මිත්‍රයින් සමග ආරවුල් මතුවිය හැක. කරදර මධ්‍යයේ සැපක් ද ලැබේ. ඔබගේ හැඟීම් හා සිතැඟිවලට අනුකූල වෙමින් පවුලේ අය හා ඇසුරුකරන්නන් ඔබ සමග සහයෝග වනු ඇත. සෞන්දර්ය රසාස්වාසය ද සෞන්දර්යය හා කලාකෘති සඳහා දක්වන රුචිකත්වය ද ඔබකෙරෙන් වැඩිවනු ඇත.

සුබදායී ප්‍රතිඵල ලැබේ
ඔබට මේ සතිය සුබාශුභ මිශ්‍ර ඵලදායී ලෙස ගතවේ. එහෙත් මෙම සතිය තුළ ඔබට අලුත් ප්‍රාර්ථනා අනුව නව මගක ගමන් කිරීමට හැකිවේ. ඒ ඒ කාර්යයන්වලට අදාළව යම් යම් අයගෙන් අපේක්ෂා කරන සහයෝගය උදව් උපකාර ද ඔබට නොඅඩුව ලැබේ. ඉගෙනීම් කටයුතුවල නිරතවූවන්ට, රැකියා අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට, අලුත් ආයෝජන ඇරඹීමට බලාපොරොත්තු වන්නන්ට එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. මුල්දින දෙක තුළ අයට වඩා වැය අධිකවීම නිසා ගෘහ ජීවිතයේ කටයුතු ද අසතුටුදායක වන නිසාත් ඒවා කෙරේ අවබෝධයෙන් ක්‍රියාකරන්න.

පුද්ගලික කටයුතු අතපසු වේ
ඔබ මේ සතියේ දී ඉතා විවෘතව අවංකව අන්‍යයන්ට ඇප උපකාර කරමින් පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේය. එසේම ඔබ තම ඥාති හිතවතුන්ගේ දියුණුව වෙනුවෙන් ද කැපවී ක්‍රියා කරන සතියක්ද වේ. එවැනි කරුණු නිසා තම පෞද්ගලික කටයුතු බොහොමයක් අතපසුවී යයි. රැකියා කටයුතු කරන ස්ථානයේ සුවපහසු පරිසරයක් නිර්මාණය වන සතියක් ද වේ. උසස් නිලධාරීන් පවා තමන්ට අතහිත දී කටයුතු කරන ආකාරයකුත්, නොයෙකුත් සමිති සමාගම් ආදියෙහි නිලතල සඳහා තම නම යෝජනා වන දින හතකි.

සතුරැ උපද්‍රව යටපත් වේ
ඔබ මෙම සතිය තුළ ගතවූ සතියට වඩා සිත දැඩිකර ගනිමින් දැඩි ආත්ම ධෛර්යයකින් යුක්තවම ක්‍රියාකිරීම නිසා තමන් පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පවුල කෙරෙන් හා සමාජයේ විවිධ පුද්ගලයන් අතර ගොඩනැගෙනු ඇත. ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක් යටපත්වී යන සතියකි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අය තරමක් මහන්සිවී තම ව්‍යාපාරවල නිරත වන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකිය.
සතිමැද දින තුන ප්‍රවේශමෙන්
මේ සතියේ මුල්දින 2 හා අවසන් දින 2ත්, ශුභදායී අයුරින් ගතවේ. ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන, අංශවල දියුණුවක් ඉදිරියක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරු සබඳතාවන් ගොඩනැගේ. කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන දින හතරකි. එසේම මෙය දෙස් විදෙස් රැකියා අපේක්ෂාවක් ඉටුවේ. ස්ථාන ගැටලු විසඳෙන, පවුලේ කටයුතු සම්බන්ධව ද නවෝදයක් ඇතිවන දින කිහිපයකි. සතිමැද දින තුන ගමන් බිමන් වලදී මෙන්ම ගනුදෙනු වලදීත් ආරක්ෂාවන්න. එහිදී සිතේ සන්සුන් බව හීන කරයි. ස්වකීයන් අතර මතභේද ආරවුල්ද ඇතිවන දෑ සිදුවේ. සෙම් රෝගයන්ට ද ලක්වේ.

හොඳහිත වර්ධනය වේ
ඔබට මේ සතිය ශුභඵලදායී අයුරින් ගතවේ. පසුගිය දිනවල අතපසු වී ගිය ගෙදර දොර කටයුතු මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළකට අවසන් කරගත හැකි අතර, අතරමග නතර වී තිබූ විශේෂ කාර්යයන්ද නැවත සැකසේ. ආයතනය තුළදී නැතහොත් සමිති සමාගම්වලදී හවුල් කරුවන්, ඇසුරු කරන්නන් අතර හොඳ හිත වර්ධනය කර ගනී. කල්ගත වූ විවාහ යෝජනා මෙන්ම සම්මුඛ පරීක්ෂණාදී කාර්යයන් සඳහා දින කාලවකවානු නියමවීමත් පෙන්වයි.

ඕනෑම දෙයක සාර්ථක නිමාවක්
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ පීඩාවකින් තොරව ගමන් කරන හෙයින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. ඔබට තම මූල්‍ය සැලසුම් හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. භාරගන්නා ඕනෑම කටයුත්තක් සාර්ථකව නිමකිරීමටත් ඔබට මේ සතියේ හැකියාව ලැබෙනු ඇත. රැකීරක්ෂා රාජකාරි කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන්නේය.

මනසට ප්‍රබෝධයක් ලැබේ
වෘශ්චික ලග්නය හිමි ඔබට මෙය සුබා ශුභ මිශ්‍රඵලදායී අයුරින් ගතවන සතියකි. කෙසේ වෙතත් ඔබ මෙම සතියේ මුල් දින දෙක තුළ ආත්ම දමනයෙන් හික්මීමෙන් කටයුතු කළ යුතුවේ. අභියෝග භාර ගනිමින් බොහෝ කටයුතු අවසන් කිරීමට හැකි වේ. ඉක්මන්කාරී කලබලය නිසා ගැටුම් මතභේද කටුක නොසරුප් බසින් කරන අදහස් හුවමාරුව නුවණ අනිසි ලෙස මෙහෙයවීම මෙම සතිය තුළ ඇතිකරන අනිටු විපාක වේ. අවසන් දින දෙක සඳු ගමන පරිදි මනසට නැවුම් ප්‍රබෝධයක් දැනෙන බැවින් බොහෝ වැඩ කටයුතු උද්‍යොගයෙන් හා උනන්දුවෙන් එහිදී අවසන් කළ හැකිවේ.

වෙළෙඳාමට හිතකර පසුබිමක්
ඔබට මෙම සතිය එතරම් සුබදායි නොවන අතර තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැක. උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ. දුක් කණගාටු හිරිහැර ඇතිකළ හැකියි. ලේ දෝෂ, අධික රුධිර ධාවනය, සෙම් හා ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්ට පුළුවන. එනමුදු කෘෂිකාර්මික කටයුතුවලට වෙළෙඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැලෙන්නන්ට මේ සතිය යහපත් වන අතර ඔවුනට යම් යම් ලාභ ප්‍රයෝජනයන්ද සැලසේ.

නව විෂය ක්ෂේත්‍රවලට පිවිසේ
මෙම සතියේ මුල් දින 4 ඔබ අවංකව සතුටින් අන්‍යයන් සමග කටයුතු කරන දින කිහිපයකි. නවීන ක්‍රමයකට අනුව ගේදොර මෙන්ම ව්‍යාපාරික ස්ථානයද අලුත්වැඩියා කිරීමටත්, අලංකාර කිරීමටත් සිත් දෙයි. අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. එමෙන්ම මෙතෙක් කල් හැදෑරූ විෂයයන් හෝ රාජකාරි ක්ෂේත්‍ර හදිසියේ වෙනස්කොට නව විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විදෙස් ගතව අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවේ නියුතු වීමට අපේක්ෂා කළ අයගේ අපේක්ෂා සාර්ථක වනු ඇත.

පෙම් සබඳතා - මංගල යෝජනා
ඔබට මේ සතියේ මැද දින 3තුළ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඒත් සමගම ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියා කරන්න. පසුගිය දිනවල බලපෑ ව්‍යාපාරික ප්‍රශ්න, රාජකාරි ගැටලු බඳු ප්‍රශ්න දේපොළ ආරවුල් යනාදිය මේ සතියේ විසඳේ. විශේෂයෙන් ඔබට මෙම සතියේදී ආදර සබඳතා හා විවාහ යෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට හැකිවන්නේය.

අනවශ්‍ය වියදම් යෙදේ
ඔබට මේ සතිය සුබාසුබ මිශ්‍රඵල ගෙනදේ. මුල් දින3 ශුභඵලදායී අයුරින් ගතවේ. ඔබට මේ සතියේදී තම ජීවිතයේ නව වෙනසක් පෙරළියක් අමුත්තක් වෙනුවෙන් ක්‍රියා කිරීමේ සිත් පහළවේ. ආදායම් තත්ත්වය හොඳ වුවත් වියදමේ පාලනයක් නොමැති බැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. ගෙදර දොර පවුලේ අයගේ ශුභ සිද්ධිය සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්නට සිදුවේ. සෙසු දිනයන්හි තම දෛනික කටයුතුවල අර්බුදයක් ඇති නොවන ලෙසට කටයුතු කරන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd