IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2026 මිථුන ලග්න හිමි ඔබට කොහොමද

2026 වසර උදා වීම මිථුන ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කලයුතු ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

මිථුන ලග්න හිමියන්ට ගෞරවය, නම්බු නාම, නීතිගරුක චරිතවත් බව ඉහළින්ම ලැබෙන කාලයක්. දියුණුවෙන් දියුණුවට පත්වෙන කාලයක්. ඒ වගේම අන් අයගේ ආකර්ෂණය ලැබෙන කාලයක්. අලුත් යහළු මිත්‍රයින් ඇතිවෙන කාලයක්.මේ වෙනවිට විදෙස්ගත පදිංචිව සිටින මිථුන ලග්න හිමියන්ට එම පදිංචිය වෙනස් කරන්න කාරණා කටයුතු සිද්ධවෙන කාලයක්.

වැඩිහිටියන් සමඟ මතවාද, මතභේද ඇතිවෙන්න පුළුවන් කාලයක්. අදහස් නොකරපීම් සහ තමන් ගන්න තීන්දු තීරණවලට වැඩිහිටියන්ගේ අනුමැතිය නොලැබීම වැනි දේවල් ඇතිවෙන්න පුළුවන්. පවුලේ අය වෙනුවෙන් වෙහෙසීම සහ ඒ අය වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කිරීමෙන් පවු‍ලේ ප්‍රජාවත් සමග තියෙන බැඳීම් වර්ධනය කරගන්න පුළුවන්. 

පවුලේ අය වෙනුවෙන් වෙහෙසීම සහ ඒ අය වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කිරීමෙන් පවුලේ ප්‍රජාව සමග තිබෙන බැදීම් වර්ධනය කරගන්න පුළුවන්. ඔබට දෝශාරෝපණය එල්ල කරන තත්වයන් පහව ගොස් එකිනෙකා අතර හොඳ බන්දනයක් ඇතිවෙනවා පවුල තුළ. වැරදි අයගේ ඇසුරට පත්වීම පුළුවන් තරම් අඩු කරගන්න. තමන්ට වැඩදායක පුද්ගලයින් පමණක් ඇසුරු කරන්න මේ කාලයේදී හිතට ගන්න. මේ කාලයේදී වංචා කාරයෙන් පස්සෙන් එනවා ඔබව ග්‍රහණය කර ගන්න. නමුත් ඔබ වංචා කාරුවන්ගෙන් පරිස්සම් වන්න. දුරස්ව සිටින අයට උපකාර කරනවා. ඒ හරහා යහපත් බැඳීම් ගොඩනැගෙනවා. ඒ වගේම දුරදිග බලා වැඩ කරන කාලයක්.

ආදායම් තත්වය 

ආදායම් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය පහළ වැටුනොත් ඒ පිළිබඳව කනස්සලු වෙන්න එපා. ඔබේ ආදායම් තත්වයේ ස්ථාවරත්වය එලෙසින්ම පවත්වාගෙන යා හැකියි. ඒ පිළිබඳව බිය වෙන්න එපා. බොහෝ වෙලාවට බුද්ධිය යොදවා ආදායම් ලබන ස්වභාවයක් තමයි මිථුන ලග්න හිමියන්ට තිබෙන්නේේ. තමන් ආස කරන ප්‍රිය දේවල් වලට, ඇඳුම් පැළඳුම් වලට ලෝබ නැතුව ඔබ වියදම් කරනවා.නමුත් වියදම් පාලනය කරන්න ඕන. 

රැකියාවේ ස්වභාවය

ගුරු වෘත්තිය,දේශන වෘත්තීය බැංකු වෘත්තිය වෛද්‍ය ඉංජිනේරු කටයුතු කරන අයට ඉතා යහපත්.දියුණුවෙන් දියුණුව සැලසෙනවා. මැණික් ව්‍යාපාරිකයන්ටත් මේ කාලයේහොඳයි.මහ පොළොව ආශ්‍රිත සියලුම කටයුතු කරන අයට සුබයි. විශේෂ කාරණා කටයුතු නවත්වා තිබුණා නම් ඒ අයට ඒ දේවල් නවත්තපු තැනින් නැවතත් පටන් ගන්න පුළුවන් මේ කාලය තුළ. රැකියාවේ වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙනවා 2026 වසර තුළ. ඔබට අධිකව වැඩ පවරන කාලයක්. ඒ වැඩ පැවරීම සහ වැඩ පැටවීම තුළින් ඔබ අධිකව කාර්යබහුල නොසන්සුන් මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්. සතුරු උපද්‍රව වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඔබේ සාර්ථකත්වයට පීඩා කරන අය ඇතිවන කාලයක්. එම නිසා ඒවාට ජයග්‍රහණය ලබා නොදී ඔළුව කල්පනා කරලා කටයුතු කරන්න වග බලා ගන්න ඕන. ඉවසීමෙන් තමන්ගේ ඉලක්කයට යන්න හිතාගන්න. ධෛර්යයවන්තව ජීවිතය දිනන්න පුළුවන් කෙනෙක් ඔබ. මිථුන ලග්න හිමියන්ට 2026 ඉතාම හොඳයි.

ආදරය සහ විවාහය

විවාහ නොවූ අයට මංගල යෝජනා පිළිබඳව කලකිරිලා විවාහ නොවීමට තීරණ ගන්න පුළුවන්. නමුත් එසේ විය යුතු නෑ ඔබේ කේන්දරය පරීක්ෂා කරගෙන එහි විවාහ දෝෂ තිබෙනවා නම් එයට පිළියම් කිරීම සිදු කරන්න. තමන්ගේ විවාහය සිද්ධ වෙන්නේ කොයි කාලයේද කියලා ඔබේ ජන්න පත්තරේ පරීක්ෂා කරන කෙනෙකු ලවා ඒ පිළිබඳව පරීක්ෂා කරගෙන, ඊට අදාළ ප්‍රතිකර්ම සිදුකරගෙන ඒ අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. 

සෞඛ්‍ය තත්ත්වය

අර්ශස්, උණ රෝග, ලේ විසවීම්,සෙම,පපුවේ රෝග ,ධන හිස් රෝග, ස්නායු රෝග, වකුගඩු ආශ්‍රිත රෝග සහ ගැස්ට්‍රයිටිස් තියෙන අය පරිස්සම් වෙන්න. වැටීම් තැලීම් අනතුරු ආදී දේවල් ඇතිවෙන්නත් පුළුවන්. ඔබ නොසිතන ආකාරයට පඩි පෙළක, නාන ආබරය තුළ ,හදිසියට ගමනක් යන විට , හදිසි වැටීම් සිදුවෙන්න පුළුවන් එම නිසා ඒ පිළිබඳව කල්පනාකාරීව හැසිරෙන්න. 

ප්‍රතිකර්ම

සිල් ගන්න අයට උපස්ථාන කිරන්න. ආහාරපාන දන් දෙන්න.විෂ්ණු දෙවියන්ට පූජා තැබීමත් හොදයි. එවිට ඔබට ඇති ග්‍රහ දෝෂ අඩු කරගන්න පුළුවන්. 

- කටක ලග්නය හෙට

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය



අදහස් (0)

2026 මිථුන ලග්න හිමි ඔබට කොහොමද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site