2026 වසර උදා වීම මකර ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

ගර්භනී මව්වරුන්ට සුබදායක ලෙස පින්බර දියණිවරුන්ගේ උප්පත්ති බලාපොරොත්තු වෙන්න පුළුවන්. දරු පිළිසිඳ ගැනීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. 
තමන්ට අත්‍යවශ්‍ය දේවල් නිතර කැඩී බිඳී යන්නට පුළුවන්. තමන් ද්‍යෙර්යය වන්තව කටයුතු කරන්න ඕන කාලයක්. එහෙම නොවුනොත් ඔබට තවත් පීඩාකාරීව  ගත කරන්නට සිදු වෙනවා. ඔබ කතාබහ කරන විට ඔබේ වචනය පිළිබඳව හොඳට හිතලා මතලා කතා කරන්න. තමන්ට ගැටළුවක් වෙන විදිහට වචන  භාවිතා කරන්න එපා. ආවේගශීලී වෙන්න එපා. සිත නිතර එහෙ මෙහෙ දුවනවා. ඒ වගේම එක එක පුද්ගලයන් පිළිබඳව වැරදි විදිහට හිතන ස්වභාවය, තමන් පිළිබඳව වැරදියට හිතන ස්වභාවය වැනි එක එක ආකාරයේ චංචල ගති ඇති ස්වභාවයක් හිතේ ඇතිවෙනවා. එය තමන්ම අගතියට පත් කරන්නට,තමන්ට පාඩු සිදු කරන්නට  හැකි දෙයක් වනවා. 
ඔබේ පවුලේ මකරලක්න දරුවන් සිටිනවා නම් ඔවුන්ගේ ඉගෙනීම සම්බන්ධයෙන්  යම් යම් දුර්වලතා ඇතිවෙන්න පුළුවන්.   ඔබේ වචනයෙන් ගැටුම් පවා ඇතිවෙන්න පුළුවන්.

ආදායම් තත්වය 

2026 වසර ආදායම් තරමක සාර්ථකත්වයක් දක්වනවා.ආදායම් තත්ත්වය මධ්‍යම වශයෙන් සුභයි.ආදායමට වඩා වියදම අධික වෙන්න පුලුවන් . පාඩු සහ අලාභ විටින් විට සිද්ධ වෙන කාලයක්.  අග හිඟකම් මතුවෙන්න පුළුවන්.  ණයට ගන්න සිද්ද වෙන්න පුළුවන්. දරුවන්ගේ හිතුවක්කාරකම් තමන්ට විසඳුම් දෙන්න සිද්ධ වෙනවා.  ඥාතීන් හිතවතුන් තමන් සමඟ අමනාප විය හැකි කාලවකවානුවක් මේක.හදිසි මතවාද ඔස්සේ ඒවා භේද බින්න වී  යම් යම් පීඩන වලට ගොදුරු වෙන්න පුළුවන්.සන්සුන්ව ජීවිතය දරාගන්න උත්සාහ කරන්න.පීඩනකාරී මානසික පීඩා ඉවත් කරන්න ඒවා ලඟ තියාගෙන ඉන්න එපා.නිතරම නිදි බර ගති ඇති වෙන්න පුළුවන්.තමන්ගේ වැඩ කටයුතු අතරමග නතර කරලා දාන්න හිතෙන්න පුළුවන්.විදෙස් ගතවීම් සුබයි .ආරවුල්වලට හිත යොදවන්න යන්න එපා.ණයට දීම සහ ණයට ගැනීමේ තත්ත්වය  දෙකම සිදු කරන්න එපා.ව්‍යාපාර පාඩු සිද්ධ වෙන්න පුළුවන් කාලයක්.

රැකියාවේ ස්භාවය

රැකියා කටයුතු සඳහා සුළු සුළු බාධක එන්න පුළුවන්.

සෞඛ්‍ය තත්ත්වය

රෝග පීඩා තත්ත්වයන් ඉහළට යන්න පුළුවන්.ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. රෝග නොසලකා හරින්න එපා.තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න.මුඛය සම්බන්ධ රෝග, හිස සම්බන්ධ රෝග,ස්නායු සම්බන්ධ රෝග සහ කොලුවට රෝග පෙළ ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්.ඊට අමතරව අර්ශස් සහ උණා අධික රෝග ඇතිවෙන්න පුළුවන්. කොලෙස්රෝල් තියෙන අය පරිස්සම් වෙන්න. 

ප්‍රතිකර්ම

 ඖෂධ පැල වර්ග රෝපණය කිරීම ,අලුයම් කාලයේ බෝධි පූජා පැවැත්වීම , තමන්ගේම  අත් දෙකෙන් හදපු දානය සකසා පිළිගැන්වීම්,ජය ශ්‍රී මහා බෝධිය සඳහා පුද පූජා සත්කාර කිරීම  සිදුකරන්න. 
 

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය