යුගල සම්බන්ධතා

බලන්න මේ රූපසටහන, මේකේ පේනවා වෘත්ත දෙකක්. නිල් පාට වෘත්තය තුළින් පිරිමි පාර්ශ්වයත් රෝස පාට වෘත්තය තුළින් ස්ත්‍රී පාර්ශ්වයත් දක්වා තිබෙනවා. මේ දෙපාර්ශවයටම පොදු ස්ථානයක් තිබෙනවා. ඒ වෘත්ත දෙක එකිනෙකට කැපෙන තැන.මින් අදහස් කෙරෙන්නේ ස්ත්‍රියටයි පුරුෂයාටයි දෙදෙනාටම පොදු තැනක්, දෙන්නටම සම අයිතිය තිබෙන ස්ථානය ලෙසයි. හැබැයි ඒ ඡේදනය වෙලා නැති කොටස වෙනම තියෙනවා.ඒ ස්ථානය දෙදෙනාටම වෙන වෙනම අයිති පෞද්ගලික ස්ථාන ලෙස නම් කරන්න පුළුවන්.  ඔබ හිතලා බලන්න මේ ලෝකයේ මේ සමාජයේ තියෙන ඕනෑම සමාජයක හටගන්නා ඕනෑම මානව සම්බන්ධයක රූපය ඔය වගේ.

ප්‍රේම සම්බන්ධතා

මිත්‍රත්වයක් වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධයක් වෙන්න පුළුවන්, විවාහ සම්බන්ධයක් වෙන්න පුළුවන්, වෘත්තිය සම්බන්ධයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික හවුල්කරුවෙක් වෙන්න පුළුවන්, ඕනෑම හවුල්කාරත්වයකදී මෙවැනි යුගල බන්ධන හටගන්නවා. යුගලයක් කියන්නේ දෙන්නෙක් කියන එක. යුගල බන්ධනයක් හටගන්නකොට දෙන්නෙක් සිටිය යුතුයි එතකොට දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නගේ වෙනස්කම් තියෙනවා, සමානයි නම් වෘත්ත දෙකක් එන්න බැ.  යුගල බන්ධන කියන්නෙම එකිනෙකට වෙනස් වූ දෙකක්. දෙන්නෙක් බැඳීමකට එකතු වෙනවා එතකොට වෙනස් දෙන්නෙත් තමයි එකතු වෙන්නේ හැබැයි වෙනස් වුනාට එකතු වෙන්න පුළුවන් තැනකුත් තියෙනවා ඒතන පොදු තමයි අවකාශය. ඉතින් ඕනම සම්බන්ධයක් ඔය ආකාරයි.  දැන් අපි මේක ලඝු කරගමු ප්‍රේම සම්බන්ධයකට, එහෙම නැත්නම් විවාහ සම්බන්ධයකට හරි. මෙතනදි මහත්තයා ඉන්නවා නෝනා ඉන්නවා, පෙම්වතයි පෙම්වතිය ඉන්නවා , බිරිඳ ඉන්නවා සැමිය ඉන්නවා. දැන් මේ වගේ දෙදෙනෙක් අතරෙත්  සම්බන්ධය තියෙන්නෙත් ඔය විදිහට තමයි.

 ආත්මීය බැඳීම්

ඔය මම ආත්මීය වශයෙන් ප්‍රේම කරනවා කිව්වත්, මුළු හදින්ම ප්‍රේම කරනවා කියලා කිව්වාත්, හංගන්න කිසිමක් රහසක් නැහැ කිව්වත් දෙන්නා දෙන්නෙක්.  කිසිම විටෙක දෙදෙනෙක් පරිපූර්ණ වශයෙන්ම එකෙකාට සමාන නෑ. හැබැයි සතුරුත් නෑ. යම්කිසි තැනකදී මේකේ පිරිමයාගේ පැත්ත හරි ස්ත්‍රියගේ  පැත්ත හරි යම් කෙනෙක් උත්සාහ කළොත් අනිකාගේ පෞද්ගලික  අවකාශය ආක්‍රමණය කරන්න, අර පොදු තැනේ සිට පෞද්ගලිකත්වට යනවා. එතකොට ඒක ආක්‍රමණයක් වෙනවා. අනකාගේ බල ප්‍රදේශය ආක්‍රමණය කිරීමක්. ඒක විවිධ විදිහට වෙනවා, ස්ත්‍රීයගෙ පැත්තෙන් පිරිමියාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය වෙන අවස්ථාත් පිරිමියාගේ පැත්තෙන් ස්ත්‍රියගේ පැත්තේ පෞද්ගලිකත්වයක් ආක්‍රමණය වන අවස්ථාත් තිබෙනවා. මේක බලය ගැන ප්‍රශ්නයක්. ඔය ගැටුම නැති තැනක් නෑ, ඒ කියන්නේ ඕන යුගල බන්ධනයකදී මේ විදිහට ගැටුම එනවා.  තීන්දු ගැනීමේදී ක්‍රියාත්මක කිරීමේදී, රුචි අරුචිකම් තීන්දු කිරීමේදී ඔය ප්‍රශ්නය එනවා. ඉතින් බොහෝවිට එවැනි අවස්ථාවලදී දෙදෙනෙක් ඇලෙනවා, ඇවිලෙනවා. නැවතත් දෙදෙනා ඇලෙනවා ගැටෙනවා ඇවිලෙනවා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ යම් කිසි  දරාගන්න පුළුවන් සීමාවක් යටතේයි.

ජංගම දුරකථනය

ජංගම දුරකථනය කියන එක අද සමාජයේ හැමදෙනෙකුගේම අතිශය පෞද්ගලිකත්වය අඟවන සංකේතයක් වෙලා.  ජංගම දුරකථනය  කෙනෙක්ගේ බැංකු කටයුතු, ආශ්‍රය කරන අය කවුද, මොනවද කතා කරන්නේ, මේ ඔක්කොම තියෙන්නේ ජංගම දුරකථනයේ.  එයාගේ රුචි අරුචිකම් ආදී හැමදේම මේක ඇතුලේ තියෙනවා

 ඒ කෙනාගේ පෞද්ගලික සම්බන්ධතාත් මේක ඇතුලේ තියෙනවා.  කෙටියෙන් පැවසුවොත් කෙනෙකුගේ පෞද්ගලික අවකාශය සෑහෙන පමණකින් තමන්ගේ ජංගම දුරකථනය ඇතුලේ.  පෙම්වතුන් දෙන්නෙක් දෙදෙනෙක් ගත්තොත් පෙම්වතිය උත්සාහ කරනවා පෙම්වතාගේ දුරකතනය හැම විටම පරීක්ෂා කර බලන්න. බලන්නෙ  මොනවද, තියෙන අංක මොනවද, කාටද කතා කරේ, කොච්චර වෙලාවක්ද, මොනවද අහපු සින්දු , මොනවද බලපු වීඩියෝ, වෙන අයගේ පින්තුර තියෙනවද බලන්න පුළුවන්.

 පිරිමියටත් එහෙම හිතක් එන්න පුළුවන්. කුතුහලයම නෙමෙයි එතන තියෙන්නේ සැකයයි. එයා කතා කරන්නේ කාටද කියන එක දැනගන්න මට සම්පූර්ණ අයිතියක් තියෙනවා කියන බලය පිළිබඳ ප්‍රශ්නයක් එනව. හැමවිටම  මහත්තයා තමන්ගේ ෆෝන් එක දිගටම එයාට පෙන්න පෙන්න යනවා නම්  ප්‍රශ්නයක් නැ, නෝනත් තමන්ගේ ෆෝන් එක පෙන්න, පෙන්න යනවා ඉතින් ප්‍රශ්නයක් නැ, ඒ විදිහට දෙන්න අතරේ එකඟතාවයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ.  හැබැයි එක තැනකදී ඕක වෙනස් වුනොත් ගැටලු ඇතිවෙන්නන පුළුවන්. සමහර විට කාලයක් ගිහින් හෝ මහත්තයා කැමති නැති වෙන්න පුළුවන් තමන්ගේ ෆෝන් එකක් බිරිඳ විසින් බලනවට. එහෙමත් නැත්නම් පෙම්වතිය විසින් පෙම්වතාගේ ෆෝන් එක බලනවාට. මේ කාරණයම අනිත් පැත්තත් සිද්ධ වෙන්න පුළුවන්. අකමැති උනහම හිතෙන්න පුළුවන් එයාට සඟවන්න කාරණයක් තියෙන නිසා තමයි අකමැති වෙන්නේ කියන එක. ඒ වෙලාවෙදි තමන්ට දැනෙනවා මෙයා මගේ පෞද්ගලිකත්වය ඉක්මවා ගිහිල්ලා එයාට අයිති නැති දේවල් ආක්‍රමණය කරනවා කියලා.  මෙතනදී පොඩි ඉගෝ එකක් එනවා, නිකන් මම හරි ඇයි එහෙම කරන්නේ, මාව එයාට  සැකද අවිශ්වාසද නැත්නම් මගේ පෞද්ගලිකත්වය එයා පිළිගන්නේ නැද්ද කියලා.  ඒත් එක්කම තමන්ට පොඩි ආත්මනුකම්පාවකුත් එනවා, බලය ගැන ප්‍රශ්නකුත් එනවා. අර ඉගෝ එකත් එක්ක ගැටුම් ඇතිවෙනවා. ඒ වැඩේ ආයේ කරන්න දෙන්නෙ නෑ කිව්වහම අනිත් පාර්ශවය හිතනවා මොකක් හරි හොර වැඩකට තමයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ සැකයක් දළු දාලා මේ සම්බන්ධතා බිඳවැටෙනවා.

 ඔය කාරණාව නිසාම පළුදු වෙච්ච සම්බන්තා විශාල ගානක් තියෙනවා. ඔය දුරකථනය නිසාම පළුදු වෙමින් යන බිඳ වැටෙමින් යන සම්බන්ධතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා වැඩියෙන් තියෙනවා ඔය දුරකථනය නිසාම හැමටම එකිනිකා කෙරෙහි වෛරයෙන් සැකයෙන් තමන්ගේ සාමය නැති කරගත්ත විවාහ ජීවිතය සහ ප්‍රේම සම්බන්ධතා. කේන්දර බලන්න ඇවිත් මෙයාට වෙන සම්බන්ධයක් තියෙනවද අහනව.  ඒවට කේන්දර බලලා උත්තර දෙන්නෙ නැහැ. මගේ පෞද්ගලික මතය අනුව ඒක වැරදි වැඩක්. ඒවා කෙනෙකුගේ අතිශය පෞද්ගලික දේවල්. නොදැනුවත්ව තමන්ගේ ජංගම දුරකථනය වෙන කෙනෙක් අතට ගියොත් සියදිවි නසා ගැනීම් දක්වා දුරදිග යා හැකියි. මේක අද ලොව පුරා පැතිරෙන වසංගතයක් වගේ කාරණයක්. 

පූර්ණ වශයෙන් තමන්ට අයිති කෙනෙක්  

මුලින්ම කියන්න ඕනේ එහෙම කෙනෙක් මේ ලෝකෙ කාටවත් ලැබෙන්නේ නැහැ. අනකාගේ පෞද්ගලිකත්වය මුලින්ම පිළිගන්න වෙනවා. ඒ කියන්නේ තමන්ටම පමණක් අයිතිය කියලා හිතන්න බැ. ඒ කියන්නේ කෙනෙක් හිතුවොත් අනෙකාට වෙනම පෞද්ගලික  අවකාශයක් තියෙන්න බැ, ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ ස්වපරික්ෂාකාරීත්වය යටතේ තියෙන්න ඕනේ  කියලා..එහෙම සම්බන්ධතාවයක් ලෝකේ තියෙන්න නැ . 

කාටත්  රහස් තියෙනවා.ඔක්කොම කියන්න ගියොත් පවුල් කැඩෙනවා. හැම කෙනෙකුටම අතිශය පෞද්ගලික කාරණා තියෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. අවශ්‍ය නම් එයට ජංගම දුරකථනයම පාවිච්චි කරන්න ඕන නෑ නව තාක්ෂණය අනුව ඒ සඳහා ඕනෑ තරම් නව තාක්ෂණය භාවිත කරලා රහස්‍යභාවය සුරකින විදිහට තමන්ගේ සම්බන්ධතා පවත්වගෙන යන්න පුළුවන්.ඒවා දැකලා තමන්ගේ මහත්තයගේ ජංගම දුරකථනය මුකුත්ම නෑ, ඒක හරිම නිකන් අල්ලේ රේඛා වගේ පැහැදිලියි කියලා හිතලා ඉන්න  නෝනල ඉන්නවා නම් ඒ මහත්තයා ලෝක වැඩ්ඩෙක් හොඳ මොලකාරයෙක් වෙන්න පුළුවන්. එතන තියෙන්නේ මුලාවක්. එහෙම වෙන්නේ එක එක ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන අය ඒ පෞද්ගලිකත්වය රැක ගන්න. ඒ ෆැන්ටසිය ඇතුලේ සමහර නළු නිළියන්ගේ ඡායාරූප එකතු කරන අය ඉන්න පුළුවන්. විවිධාකාර වීඩියෝ වර්ග තියෙන්න පුළුවන්. මේවා දැක්කහම සමහර බිරින්දෑවරු විවාහය දික්කසාදයකින් කෙළවර කරගන්නා අවස්ථා පවා තියෙනවා. කාගේද මේ ෆොටෝ එක,කාගේද මේ නම්බර් එක, ඇයි මේ සින්දුව මෙච්චර හෙව්වේ වගේ ප්‍රශ්න දෙදෙනෙක් අතරේ සුලභයි. තවත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්නේ නැතිනම් පොදු අවකාශය ඇතුලේ දෙදෙනාම සතුටින් ජීවත් වෙනවා නම්ඔය වගේ ගැටලු ඇතිවෙන්නේ නැහැ. මේ වගේ තැනකදි තමයි සාමය බිදෙන්නේ සාමය බිඳෙන තැනක සතුටක් තියෙන්නෙ නැහැ. කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවනම් අර පොදු අවකාශය ඇතුළෙදි තමන්ගේ ගරුත්වය රැකගෙන අයින් වෙන්න පුළුවන්.

මේකෙන් අදහස් කෙරෙන්නේ අසභ්‍ය ඡායාරූප තියාගන්න කියන එක වත් අනියම් සම්බන්ධතා තියාගන්න කියන එකවත් රහස් සම්බන්ධතා ඇතිකර ගන්න කියනඑක වත් රහස් තියාගන්න කියන එකවත් නෙවෙයි. අනවශ්‍ය විදිහට බලය පතුරුවන්න ගිහිල්ලානිදහසේ තමන් කැමති කැමති සින්දුවක්වත් අහන්න නැතුව වහල් බන්දන ඇති කරගන්න එපා කියන එකයි, බිරිඳ සැමියාටවත් සැමියා බිරිඳටවත්, පෙම්වතා පෙම්වතියටවත් පෙම්වතිය පෙම්වතාටවත් බයෙන් ජීවත් විය යුතු නැහැ. තවත් කෙනෙක්ට බලය පතුරවන්න ගිහින් තමන්ගේ සතුට නැති කරගන්න එපා කියන එකයි. එකිනෙකාට ගරු කරනවනම් ස්වාධීනත්වය අගය කරනවනම්. අනිවාර්යෙන්ම අනෙකාගේ පෞද්ගලික අවකාශයට හෙවත් ජංගම දුරකථනයට. ඇඟිලි නොගැසිය යුතුයි. තමන්ට සැකයක් තියෙනවා නම් ඒවා හොයන ක්‍රම තියෙනවා. එහෙමත් නැත්තං හිතන්න ඕනෙ ඇයි එහෙම කරන්නේ එයා කියලා. එහෙම හිතලා තමන්ගේ පැත්තෙ අඩුපාඩු තියනවනම් ඒවා හරිගස්ස ගන්න ඕනේ. අර මැද තියෙන පොදු අවකාශය තව පුළුල් කරගන්න ඕනේ. එතකොට එකිනෙකාගේ කැමැත්තෙන්. එකිනෙකාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් අර පෞද්ගලික අවකාශය හැකිලිලා  පොදු අවකාශයේ පුළුල් වෙනවා. සතුට වැඩිවෙලා ආදරය ගෞරවය වැඩිවෙනවා.

සියයට සීයක් එකිනෙකාට ගැලපෙන අය මේ ලෝකේ කොහෙවත් නැහැ. සමහර අවස්ථාවල තමන් කරන වැඩ තමන්ටම නොගැලපෙන්න පුළුවන් එහෙම ලෝකෙක තවත් කෙනෙක් සීයට සීයක් ගැලපෙයි කියලා හිතන්න එපා. පරස්පරකම් ඕනේ තරම් තියෙන්න පුළුවන්. එහෙම ලෝකෙක අනෙකා තමන්ට ඕනේ විදිහටම වැඩ කරන්න ඕනෙ කියල හිතන්න එපා.

ප්‍රවීණ ජෝතිර්වේදී

කේ. සී ජේ රත්නායක.

D.N.අභයවර්ධන.