ජලය මුල්කරගත් විපත

2026 වර්ෂය වැඩි වශයෙන් පාලනය කරන්නේ හිරු සහ සෙනසුරු. මේ වසරේ මුල් මාස තුනේ සුභදායක සිදුවීම් නැහැ,වසර පුරා අහිමිවීම්, පිරිහීම්, විනාශ වීම් ඇතිවුණත් ඒවාට මුහුණ දීමේ හැකියාව ශක්තිය ලැබෙන කාලයක්. 2026 ජනවාරි කියන්නේ ස්වභාවික ආපදා වැඩි වන කාලයක්.ජලය මූලික කොටගෙන ඇතිවන විපත් හැකියාව වැඩියි. අධික වර්ෂාපතනය, ජල ගැලීම්, පානීය ජලය සහ කෘෂිකර්මය සඳහා පාවිච්චි කරන ජලය පාවිච්චි කරන්න බැරි මට්ටමට අපතෙ යාම, අහිමිවීම සිදු වේවි. එමෙන්ම ජලය ආශ්‍රිත වසංගත රෝග පැතිරීමේ අවදානමක් ද තිබේ. 2025 දෙසැම්බර් 28 මධ්‍යම රාත්‍රියේ සිට කාලගුණික රටාවේ වෙනසක් දැකිය හැකි වෙනවා.මේ වෙනස ලංකාවට පමණක් නොවේ දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව අග්නි දිග ආසියාවට වැඩි බලපෑමක් ඇතිවෙනවා.

පහළ බසින පරිසර උෂ්ණත්වය  

මහජන ජීවිතයට පීඩාවක් වන සේ දැඩි ශීතකාරී තත්ත්වයක් උදාවේ. මෙය දකුණු ආසියාව , නැගෙනහිර ආසියාව හා අග්නි දිග ආසියාවේ කොටසකට බලපෑම් ඇති කරයි.ලංකාවත් මේකට අයිතියි.දෙසැම්බර් 28 සිට ජනවාරි 15 වන තෙක් කාලය ඇතුලත අධික වර්ෂාපතනය හෝ දැඩි ශීත කාලවකවානුවක් හෝ ඒ දෙකම සිද්ධ  වීමට 65% කට ආසන්න ප්‍රමාණයකට පෙන්නුම් කරනවා. මෙය විය හැකි යන පුරෝකථනයක් පමණයි.

 වැඩි වන ආර්ථික පීඩා

ලංකාවේ කේන්දරේ කුම්භ ලග්නය.ලංකාව ආර්ථික වශයෙන් විශාල පීඩනයකට ලක්වෙන වසරක්. නක්‍ෂත්‍රය අනුව රටේ ආර්ථිකයට හොඳ තත්ත්වයක්  පෙන්නුම් නොකරයි. එක්කෝ ස්වභාවික ආපදා නිසා ජන ජීවිතයේ බිඳවැටීම් හෝ යටිතල පහසුකම් විනාශ වී යළි කොටනැගීමට විශාල ආර්ථික පිරිවැයක් දැරීමට සිදු වේවි. නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටේවි. බව භෝග සම්පත් හිඟවේවි. මේ තත්ත්වය මාර්තු මස 12 වැනි දින දක්වා උග්‍ර වශයෙන්ම දැනේවි.2026 අග භාගය දක්වාම අපේක්ෂිත හා අනපේක්ෂිත මට්ටමේ රටේ ආර්ථික අපහසුතාවයක් පෙන්නුම් ⁣කරනවා. තනි තනි පුද්ගල වශයෙන්ද මේ ආර්ථික අපහසුතාවය පෙන්නුම් කෙරෙනවා. මෙවැනි බිඳ වැටීම් වගේම  රටක් හැටියටත් තනි පුද්ගලයන් හැටියටත් නැගී සිටීමේ ශක්තිය ද පෙන්නුම් කරනවා.

ආණ්ඩුවට දැඩි අභියෝග

මහ මැතිවරණයක් පැවැත්වීමට පෙරත් පසුවත් වත්මන් ආණ්ඩුවට දැඩිම අභියෝග එල්ලවෙන වසරක්. මෙය ස්වභාවික ව්‍යසනයක් නොවේ දේශපාලන කුණාටුවක් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් ඇතිවන කුණාටුවක් වෙන්නත් පුළුවන්. මෙය පක්ෂ දේශපාලන අරමුණකින් පැවසූවක් නොවෙයි. ආණ්ඩුව දේශපාලන වශයෙනුත් ආර්ථික වශයෙන් දැඩිම අභියෝග වලට මුහුණ දෙන වසරකි. 2026 දෙසැම්බර් පහ සිට 2027 මාර්තු  අතර කාල⁣යෙ තමයි ආණ්ඩුවේ ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඔවුන් කොහොමද යන්නේ? බලය වර්ධනය කරගනිමින් යනවද ,බලය පිරිහෙමින් යනවද යන වග තීරණය වෙන්නේ මෙන්න මේ කාල වකවානුව ඇතුළත. වසරේ මූලාරම්භය ස්වභාවික  විපත් පෙන්නුම් කරනවා, වසර අවසානය ආණ්ඩුවේ කැළඹිලි ස්වභාවය පෙන්නුම් කරනවා.බොහෝ කලකට පසුව ඇති වූ දැඩි අභියෝගාත්මක හා සංකීර්ණ කාල පරිච්ඡේදයක් ලෙස මෙය හැඳින්විය හැකියි.රජයක් හැටියට රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වන අයට මෙය  ඉදිරි ගමන් මග මනාව සකස් කර ගැනීමට මෙය උපකාරී වේවි.රටේ පුරවැසියන් හැටියට අපටද බොහෝ අර පිරිමැස්මෙන් දැන්ම සිට තම තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට මෙම දැනුම උපකාරී වේවි. මනුෂ්‍යයෙකුට ඇත්තේ අවශ්‍ය සහ අත්‍යවශ්‍ය ත දේ පමණයි නම් මේ මොහොතේ සිට ඔබ අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් අවධානය යොමු කරන්න.තනි තනි පුද්ගලයන් ලෙස මෙන්ම ආණ්ඩුවක් හැටියට ද මේ උපදෙස් අනුව කටයුතු කළොත් අභියෝග ජයගැනීමේ හැකියාව බොහෝ දුරට පවතීවි.

K C j රත්නායක 
(ප්‍රවීණ ජෝතිර්වේදී)

 

D.N.අභයවර්ධන.