2026 වසර උදා වීම කුම්භ ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

ඒරාෂ්ටික තව ඉදිරියට පවතිනවා. ඉවරයි කියා සිතන්න එපා.තමන්ගේ හිත තමන්ටම හිතුවක්කාර වෙනවා. අමුතු උඩඟුභාවයක්,තද ගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ තුළින් නිතරම අර්බුද ඇති වෙනවා.  ඒ වගේම තව වගේ උගත්කම පහළට වැටෙන්න  පුළුවන්. අධ්‍යාපනය හදාරන අයට මේ කාලය බාධකයි.ආවේගශීලී ගති නිතරම  ඇතිවෙන්න පුළුවන්.නුරුස්සන ගතිය නිතරම ඇතිවෙන්න පුළුවන්. ඒවාත් සමග ටිකක් අමාරුයි කටයුතු කරන්න සමාජයේදී.ඉක්මන් තීන්දු තීරණ ගන්න හිතෙනවා.නමුත් එහෙම ඉක්මන් තීන්දු, තීරණ ගන්න එපා.තමන්ට වඩා උසස් අය එක්ක අමනාපකම් ගොඩනැගෙන්න පුළුවන්. නමුත් එහෙම අමනාපකම් ඇති කරගන්න එපා. ප්‍රශ්න ඇතිවීමේදී ඒ සඳහා උත්තර හොයන්න වෙහෙසෙන්න. විවාහයන් තුළදී දෙන්න දෙමහල්ලො ඈත් වෙලා ඉන්න ඉඩකඩ ඇතිවෙනවා. දරු පලයක් බලාපොරොත්තු වන අයට  උගත් බුද්ධිමත් දරුවන් ලබන්නට වාසනාව තිවෙනවා.ක්ෂණික තීරණ මත වැඩ කරන්න සිද්ධ වෙන වෙලාවක් එනවා .සමාජ සේවා කටයුතු කරන උදවිය බොහොම කල්පනාවෙන් ඒ කටයුතුවල නිරත වෙන්න.සතුරු පීඩා කරදර ඇති වෙන්න පුළුවන්. ගනුදෙනුවලදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්,දේපළ අවුල් ඇතිවෙනවා. ඒ වගේම පවුලේ ඥාතීන් සමග ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉවසීම මේ සියල්ලන්ටම වඩා වැදගත්. අර්බුද ඇතිවෙනකොට එය මගහැර යන්නට උත්සහ කරන්න සහ ඒ සඳහා පිළියම් කරගන්න. චිත්ත මානසික පීඩාවන් කොහොමත් මේ කාලයේදී ඔබට බලපවත් වෙනවා. කේන්ති ගැනීම් නොකළ යුතු කාලයක්. මට ගැටුම්, තරහා ගැනීම්, වාද විවාද, නිතරම සිද්ධ වෙනවා. මධ්‍යසාරයෙන් වැළකී ඉන්න වග බලා ගන්න. 

ආදායම් තත්වය

සැම දෙනාගේම ආධාර උපකාර ලබාගත හැකි කාලයක්.මේ කාලයේදී දේපල වස්තුව ලබන්නට අවස්ථාව තිබෙනවා. ව්‍යාපාර කටයුතුවලට බාධා ඇති වෙනවා.නමුත් ආදායම සුපුරුදු විදියට ලබන්න පුළුවන් වෙනවා. ආදායම් වලට වඩා වියදම් වසර පුරා ඇතිවන කාලයක්. අධික ණයවීම් සිද්ධ වෙන්න වෙනවා. ඒ නිසා ණය ගන්න යන්නඑපා. 

රැකියාවේ ස්භාවය

රැකියාව තුළදී බාධක මැදින් ඉදිරියට යන්න ඕන.සූපවේදී ක්ෂේත්‍රය,මාධ්‍ය ක්ෂේත්‍රය, සම්බන්ධව කටයුතු කරන අයට සුබයි.රෝහල් ආශ්‍රිතව  ,වගේම පීඩාකාරී ස්ථානවල රැකියාව කරන අයටත් සුභයි.හවුල් ව්‍යාපාර ආදිය කරන්න සූදානම් වෙනවනම් ඒවා කරන්න එපා සුදුසු නෑ.
සෞඛ්‍ය තත්ත්වය

හිසේ රෝග,පතුල් ආශ්‍රිත රෝග, ඇතිවෙන්න පුලුවන් . පරිස්සම් වෙන්න. 
ප්‍රතිකර්ම

ඔබේ ජෝතිර් වේදියා මුණ ගැසී මේ සඳහා පිළියම් සකසා ගන්න. පොදුවේ කියන විට අලුයම් කාලයේදී පාන්දර 4,5 කාලයේදී බෝධි පූජා තබන්න. ජය පිරිත අන්තරාය නිවාරණ පිරිත කියන්න.සිල් ගන්නා අයට පොහොය දිනයේදී උපකාර කරන්න.පන්සල් පිරිසිදු කරන්න. ඒවා කරලා තමන්ගෙ කර්මය බලවත් වෙන්න නොදී  ඉන්න කටයුතු කරන්න.  ඒ සඳහා පින් දහම් කරන්න. මහපොළව ආශ්‍රිතව වැඩ කරන අයටත්,මානසික රෝගී පුද්ගලයින්ට ,දරුවන්ට ,සංඝයා වහන්සේලාට උදව් උපකාර කරන්න. එවැනි පීඩාකාරී වෘත්තිකයන්වල යෙදෙන අයට තමන් විසින් උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒක හොඳයි. 

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය