2026 වසර උදා වීම තුලා ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව  දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

පෙර පින නිසා සෑම සාර්ථකත්වයක්ම ලැබෙන කාලයක්.ක්‍රීඩා ජයග්‍රහණ,දිනුම් ආදී දේ ලැබෙන කාලයක්. අනෙක් අයට උපකාර කරන්නට ඔබට අවස්ථාව හිමිවෙනවා. තෑගි බෝග ලැබීමට අවස්ථාව හිමිවනවා. 2026 වසර අනාගතය බොහොම හොඳින් සැලසුම් කරන්නට වාසනාව තිබෙනවා. උසස් වීම් ගෞරව, ආදර , පිළිගැනීම් ලබන්නට පුළුවන් කාලයක්. බොහොම සාර්ථක ආකාරයෙන් ඥාතීන්, හිතවතුන් සමඟ කටයුතු කරන්න පුළුවන් කාලයක්. නමුත් හිතවතුන් නිසා චිත්ත පීඩා ගෙන දෙන කාලවකවානුවක්. ව්‍යාපාර හවුල්කරුවන් නිසා චිත්ත පීඩා ඇතිවෙන්න පුළුවන්. 
බහින්බස්වීම් ආදී දෙයට පැටලෙන්න යන්න එපා ඒවා මගහරින්න .  සමීපයි සමඟ අර්බුද ඇතිවීමේ ඉඩ තිබෙනවා ග්‍රහචාරය තුළ එම නිසා අර්බුද ඇතිකර ගන්න එපා.ඒ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරන්න තමන්ට වටිනා මිනිසුන් ඔබෙන් අයින් වෙන්න පුළුවන් මෙවැනි හේතු.තමන්ගේ රාජකාරිය ගැන පමණක් අවධානය දීලා කටයුතු කරන්න එය යහපත්.හිතවතුන් වුණත් අධිකව විශ්වාස කරන්න යන්න එපා.සතුරු පීඩා කරදර ඇතිවෙන්න පුළුවන්. නින්දා අපහාස ඇතිවෙන්න පුළුවන්.නිතරම කලකිරීම් ඇතිවෙන්න පුළුවන්.ජීවිතයේ සමබර කරගෙන ඉදිරියට යන්න ඕන කියන දේ හොඳට හිතාගෙන වැඩ කරන්න.එවිට ඔබට ගති අසුභතා මැඩ පවත්වාගන්න ඔබට චිත්ත ශක්තියක් ඇතිවෙනවා.
ජලයෙන් ප්‍රවේසම් වෙන්න ඕන.අනතුරුදායක තත්ත්වයන් ඔබට විටින් විට ඇති වෙන්න පුළුවන් වසරපුරාවටම.
වාද විවාද වලට සම්බන්ධ වෙන්න එපා.සතුරන්ගේ පීඩාවන්ට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. වාහන පැදවීම අවම කරගන්න. ජලයට බැසීමත් තරමක් අවම කරගන්න. ඔබට ජලයෙන් විපත් තිබෙනවා. සමග ඕනවට වඩා සමීප ඇසුරක් පවත්වාගෙන යන්න එපා. නිතර ඇතිවන කේන්තියේ පාලනය කරගන්න. 

ආදායම් තත්වය 

ඉතාම අනුවණ ලෙස අධිකව වියදම් කිරීමක් දක්නට තිබෙනවා.එය පාලනය කරගන්න ඕනේ.එලෙස අධිකව වියදම් කිරීම තුළින් තමන්ට අවශ්‍ය මොහොතේ අතේ මුදල් නොමැති වෙන්න පුළුවන්.මුදල් කළමනාකරණයේ ඔබ යම් තරමක පසුබෑමක් තිබෙනවා. එම නිසා මුදල් කළමනාකරණය නිවැරදි ආකාරයෙන් සිදු කරන්න.ඕනෑවට වඩා වියදම් වෙනවා. මිනිස්සුන්ට නිකරුණේ සල්ලි දෙනවා. මුදල් වල වටිනාකම ඔබ නැතිවෙන්න පුලුවන් . තමන්ට සත පහකට නොවටින මිනිස්සුන්ටත් මුදල් ලබාදෙන්න ඔබට හිතෙන්න පුලුවන් . ජනතා ඔබ මේ වසරේ දී සකසා ගත යුතුයී . වැඩියෙන් සැලසුම් කලොත් මේ වසරේ වැඩියෙන් වැඩ කර වැඩි ආදායමක් ලබාගත හැකි තත්ත්වයක් තිබෙනවා.

රැකියාවේ ස්භාවය

2026 වසර තුළ රැකියාව ඉතා යහපත් ආකාරයෙන් සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා. 

සෞඛ්‍ය තත්ත්වය

නිදන් ගත රෝග තිබෙන අය පරිස්සම් වෙන්න ඕනේ.  තදබල රෝග පීඩා තිබෙනවානම් ඒ වගේම පරිස්සම් වෙන්න. වෛද්‍ය උපදෙස් ලබාගන්න.ලේ විෂ වීමෙන් හටගන්නා රෝග,හිසේ කැක්කුම් වැනි දෑ බාධක ලෙස ඔබට ඇති වෙන්න පුළුවන්.සෙම් රෝග පීඩා හිසේ කැක්කුම්,හුස්ම ගැනීමේ අපහසුතා සහ ඇඳුම රෝගීන් තිබෙන අය පරිස්සම් වෙන්න. ශ්වසන ආබාධ මේ කාලවකවානුවේ විශේෂයෙන් ඇතිවෙන්න පුළුවන්. දැනට ඔබට ශ්වසන ආබාධ තිබෙනවා නම් පරිස්සම් වෙන්න.

ප්‍රතිකර්ම

 යාචකයන්ට, පූජකයන්ට,සංඝයා වහන්සේලාට දන් දීම හොඳයි. ඔවුන්ට දානය දීමට අමතරව වෙනත් උපකාරයක් අවශ්‍ය නම් ඒ දේවල් හොයලා බලලා කරන එක හොඳයි.
අසරණ වූවන්ට උදව් කරන්න.එවිට ඔබට චිත්‍රප්‍රීතියක් ලැබෙනවා එය ඉතාමත් වටින දෙයක්.විෂ්ණු දෙයියන්ට,ගණදෙවියන්ට පුද පූජා පවත්වන්න.ඖෂධ වර්ග වලින් ස්නානය කරන්න.එම ඖෂධ වර්ග පිළිබඳව ඔබගේ ජ්‍යෝතිෂ්‍යවේදියාගෙන් දැනගන්න.  මොකද එකිනෙකාට තිබෙනවා ඖෂධ වර්ග වෙනස් වෙන්න පුළුවන්.  
අලුයම් කාලයේ බෝධි පූජා පවත්වන්නන.මල් ආසන පිරිසිදු කිරීම රෝගීන්ට උපස්ථාන කිරීම,ඔබගේ මානසික සැනසීමට භාවනා කටයුතු වලට සිත යොමු කිරීම ,සන්සුන් වීම ඔබට ගොඩාක් ගැලපෙනවා මේ වර්ෂය පුරාවට.

දහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය