කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ 134 වැනි උපන් සමරුව පසුගිය ජූලි 25 වැනි දිනට යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය සංවිධානය කළ විශේෂ දේශනයක්ද පසුගිය 24 වැනිදා පැවැත්විණ.
එම දෙසුම පවත්වන ලද්දේ කොළඹ විශ්විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විසිනි. ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු සැලසුම් කළ සමයේ දී එහි සිංහල ඉගැන්වීම සම්බන්ධයෙන් කුමාරතුංග මහතා ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සමාලෝචනයක් මේ දෙසුමේ ඇතුළත් විය.
එසේම කෝපරහේවා මහතාගේ නවතම ශාස්ත්‍රීය කෘතිය වන කුමාරතුංග මුනිදාස ග්‍රන්ථය ද පසුගිය දා එළිදැක්විණ. පාසල් වියේ දී හෙළ හවුලේ බලපෑමෙන් ද පසුව දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇසුරින් ලැබූ වාග් විද්‍යාත්මක ශීක්‍ෂණයෙන් ද පෝෂණය වූ භාෂාවේදියකු වන සඳගෝමී කෝපරහේවා මහතා නූතන සිංහලය, සමාජ වාග් විද්‍යාව හා සන්නිවේදනය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතෙකි. මෙවර සංවාදය පැවැත්වෙන්නේ කෝපරහේවා මහතාගේ නවතම කෘතිය පසුබිම් කොටගෙනය.
• කුමාරතුංග මුනිදාස මහතාගේ යුග මෙහෙවර බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. එසේම ඔබ ද බොහෝ අවස්ථාවල දී කුමාරතුංගයන්ගේ භාෂා සාහිත්‍ය සේවාව අරබයා කෘති, ලිපි ලේඛන දේශන ඉදිරිපත් කොට තිබෙනවා. එසේ තිබිය දී ඔබේ නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථය වන ‘කුමාරතුංග මුනිදාස අධ්‍යයනය’ නම් කෘතිය පළ කිරීමෙන් මූලිකව අපේක්‍ෂා කරන්නේ කුමක් ද?
කුමාරතුංග මුනිදාස මහතා සහ හෙළ හවුල පිළිබඳ මගේ මුල්ම මතකය පාසල් කාලය තෙක් දිව යනවා. ඒ කාලයේ මා ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේ ඉගැනුම ලැබුවා. පාසල් සිසුවකුව සිටිය දී සෑම වසරකම මාර්තු 02 වැනිදා කොළඹ පැවැත්වුණු කුමාරතුඟ සමරුවට තාත්තා සමඟ මමත් සහභාගි වුණා. කුමාරතුංග මහතා සහ හෙළ හවුල පිළිබඳ මේ මතකය හා අත්දැකීම් සහිතව මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එම අවධියේ දී මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා සිංහලය සඳහා නව ව්‍යාකරණයක් ලිවීමේ කටයුත්තේ යෙදී සිටියා. භාෂා විෂයක ඔහු දැරූ අදහස් හෙළ හවුලේ විවේචනයට ලක්වුණා. කුමාරතුංග මහතාගේ භාෂාරීතිය පිළිබඳ දිසානායක මහතා සමඟ වරින් වර සාකච්ඡා කිරීමට ද ඒ පිළිබඳව මා දැරූ අදහස් නූතන වාග් විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විමසා බැලීමට ද එම කාලයේ දී අවස්ථාව ලැබුණා.
ඉන්පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් එංගන්තයේ ලැන්කැස්ටර් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලත් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල යෙදී සිටි සමයේ දී වාග් විද්‍යා විෂයෙහි දැක්වූ උනන්දුව නිසා කුමාරතුංග මහතාගේ භාෂා ශාස්ත්‍රීය මෙහෙවර, භාෂා පාරිශුද්ධතාව, භාෂා සැලසුම්කරණය භාෂා පුනර්ජීවනය, භාෂා රීති ප්‍රතිසංස්කරණය, භාෂා සම්මතකරණය වැනි සංකල්ප වැනි සංකල්ප ඔස්සේ විමසා බැලීමේ අවස්ථාව මට උදාවුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කාර්යයේ යෙදීමේදී භාෂා විෂයක කුමාරතුංග භූමිකාව විවිධ අංශවලින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාව ද ඉස්මතු වුණා.
කුමාරතුංග මහතාගේ ජීවන චරිතය, භාෂා ශාස්ත්‍රීය සහ සමාජ දේශපාලනික මෙහෙවර අරබයා පොතපත රැසක් පසුගිය දශක ගණනාවක කාලය තුළ පළ වී ඇතත් සමාජ වාග්විද්‍යාත්මක සහ සමාජ ඓතිහාසික දෘෂ්ටිකෝණයකින් කුමාරතුංග මුනිදාස මහතා අධ්‍යයනය කිරීමට දරා ඇති ප්‍රයත්න ප්‍රමාණවත් යැයි සිතන්න බැහැ. කුමාරතුංග මුනිදාස අධ්‍යයනය නම් වූ මේ කෘතිය බිහිවන්නේ ඒ අවශ්‍යතාව සපුරාලනු සඳහායි.
• කුමාරතුංගයන් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිංහල ඉගැන්වීම සම්බන්ධයෙන් දැරූ අදහස් හා විවේචන මොනවාද? විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වශයෙන් ඔබ ඒ අදහස් වලට එකඟවනවාද?
කුමාරතුංග මහතා භාෂා සාහිත්‍ය හා සමාජීය කටයුතුවලට වඩාත් සක්‍රීය ලෙස සම්බන්ධ වූ 1922 පමණ සිට 1943 දක්වා වු වසර 21ක පමණ කාලය සමාජ දේශපාලනික වශයෙන්ද වැදගත් වූ කාල පරිච්ඡේදයක්. 1930 දශකය අග පමණ වන විට සිංහල භාෂා සාහිත්‍යයේ කැපී පෙනුණු පඬිවරයා වූයේ කුමාරතුංග මුනිදාස මහතායි. සිංහල භාෂාවට රජයෙන් ලැබිය යුතු තැන පිළිබඳව කුමාරතුංග විශේෂ අවධානයක් යොමු කළා.
1942 දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවා වසර දෙකකට පසුව කුමාරතුංග මහතා මෙලොව හැර යනවා. එසේ වූවත් මෙරට අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳව කුමාරතුංග මහතා දැක් වූ අදහස් හා විවේචන ගණනාවක් තිබෙනවා. කොළඹ යුනිවර්සිටි කොලීජියේ හා ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු සැලසුම් කළ සමයේදී එහි සිංහල ඉගැන්වීම සම්බන්ධයෙන් කුමාරතුංග මහතා ඉදිරිපත් කළ අදහස් සුබස සඟරාවේ පළවුණා. යුනිවර්සිටි කොලීජියේ දෙවැනි විදුහල්පති ලෙස 1941 දී අයිවර් ජෙනිංග්ස් පත් වූ අවස්ථාවේදී ලියූ ‘එළිය පහිරණය’ (Open Letter) ඊට එක් නිදසුනක්. යුනිවර්සිටි කොලීජියේ ප්‍රාචීන අංශයේ සිංහල ඉගැන්වීම ගැන පාලක මණ්ඩලයට යැවූ ලිපියේ එහි සිංහල උගන්වන ආචාර්යවරුන්ගේ සුදුසුකම් ගැන සඳහන් වී තිබෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලයක සිංහල සඳහා වෙනම මහාචාර්ය ධූරයක් (Cheir professor for sinhala) ඇති කළ යුතු බව 1941 දී මුලින්ම පෙන්වා දුන්නේ කුමාරතුංග මුනිදාස මහතායි.
ලක් සරසවියේ සිංහල ඉගැන්වීමට කුමාරතුංග මහතා කැමැත්තෙන් සිටියා. මට වුවමනා ඉහළ පදවියක් නොවේ. තර වැටුපෙක් නොවේ. දැන් නොසැලකිල්ලෙනුත්, වැරැදි යෙදුමෙනුත්, අපහසුයෙනුත්, තදින් පෙළන්නාන වූ මගේ සිය බසට මට හැක්කක් කිරීමය.’’ (සුබාසි 1941 මැයි 12) යනුවෙන් සඳහන් කළා. එහෙත් කුමාරතුංග මහතාට ලන්ඩන් උපාධියක් නොතිබුණු නිසා ඊට ඉල්ලුම් කරන්නට නොහැකි වුණා.
ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන්නට කටයුතු කළ අවධියේදී ආණ්ඩුකාරවරයා වෙත යැවූ විවෘත ලිපිය (1941 මැයි 14) මගින්ද කුමාරතුංග අවධාරණය කර ඇත්තේ සරසවියේ සිංහලයට ලැබිය යුතු තැන පිළිබඳවයි. කුමාරතුංගයන්ගේ සේවාව ලබාගැනීමට සිංහල ශබ්ද කෝෂයේ හෝ යුනිවර්සිටි කොලිජියේ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක්.
• රටෙහි පවත්නා අධ්‍යාපන ක්‍රමය රටෙහිමද මිනිසුන් දාස භවයෙහි පෙළන්නා වූ කෑම ප්‍රයෝගෙයකි. යනුවෙන් කුමරතුංගයන් වරක් ප්‍රකාශ කර තිබෙනවා. ගුරුවෘත්තීය හා පාඨශාලා අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු වී ඇති මෙවන් සමයක කුමාරතුංගයන් මතුකළ කරුණු වර්තමානයට කොතෙක් දුරට අදාළ වෙනවාද?
යටත් විජිත පසුබිමකදී පාඨශාලා ප්‍රධානාචාර්යවරයකු, පරීක්‍ෂකවරයකු, හා අභ්‍යාස විද්‍යාලයාධිපතිවරයකු ලෙස කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් සහිතව සිටි කුමාරතුංග මහතා මෙරට අධ්‍යාපනය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළා. සිංහල ගුරුවරයාගේ (ශික්‍ෂකයන්ගේ) අභිමානය ගැන වැඩිම අවධානයක් යොමු කළ සිංහල විද්වතා වන්නේ කුමාරතුංගයි.
ස්වදේශ මිත්‍රයා පත්‍රයට ශික්‍ෂක වෘත්තිය නමින් ලියූ ලිපි පෙළ හා ලක්මිණි පහන පුවත්පතට ලියූ ඇතැම් කතුවැකි ඊට නිදසුන් ලෙස ගත හැකියි. ලංකාවේ පාඨශාලා අධ්‍යාපනය මෙන්ම ලක් දරුවන්ගේ හික්මවීම සඳහා සුදුසු ගුරුවරුන් තෝරා ගැනීමේ වැදගත්කම, ගුරුවරුන්ගේ ගෞරවය රැකගැනීම වැනි අදටත් අදාළ කරුණු රැසක් ගැන 1930 ගණන්වල දී කුමාරතුංග මහතා කරුණු දක්වා තිබෙනවා.
ගුරුවරුන් අභිමානවත් පිරිසක් බවට පත් කිරීම භාෂාභිවෘද්ධියට පමණක් නොව, ජාතිකාභිවෘද්ධියට ද හේතුවන බව කුමාරතුංග විශ්වාස කළා. සිංහල ශික්‍ෂකයන්ගේ තත්ත්වය නගාලීම සඳහා ගත යුතු පියවර බොහෝ අවස්ථාවල දී අවධාරණය කර තිබෙනවා. සිංහල භාෂා ඥානය පිරිහීම පිළිබඳව නොයෙක් අදහස් මතුවන මෙසමයෙහි පවා කුමාරතුංග අදහස් කළ පරිදි ගුරුවරුන්ගේ භාෂා ඥානය වර්ධනය සඳහා කඩිනමින් පියවර ගත යුතුයි. නිවැරැදි බසට කැපවුණු ගුරු පරපුරක් බිහිකර ගැනීම සඳහා කුමාරතුංග භාෂා දර්ශනයෙන් ලැබිය හැකි ආදර්ශ බොහෝයි.
• විශ්වවිද්‍යාලයේ සිංහල ඉගැන්වීම පිළිබඳ කුමාරතුංගයන්ගේ අවධානය යොමු වී තිබූ බව ඔබ කීවා. ඒත් විවිධ ගුරුකුල කණ්ඩායම් හා මෙරට විශ්වවිද්‍යාලවලින් කුමාරතුංගයන්ට යම් අසාධාරණයක් වූ බව ඔබ පිළිගන්නවා ද?
සමකාලීනව පාඨශාලා, පිරිවෙන් ශබ්ද කෝෂය, විශ්වවිද්‍යාල වැනි ආයතනවල සිංහල භාෂා භාවිතය ගැන දැක් වූ විවේචන නිසා කුමාරතුංග මහතා එම ආයතන කුමාරතුංග අභාවයෙන් පසුවත් හෙළ හවුල සිංහල භාෂා සාහිත්‍යයය පිළිබඳ වෙනම ගුරු කුලයක් ලෙස ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට විවේචන ඉදිරිපත් කළා. හෙළ හවුලේ වියතුන් වූ ජයන්ත වීරසේකර, රැ. තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, දී.වී. රිචඩ් ද සිල්වා ආදීන් ඒ අතර කැපී පෙනුණා.
1960 දශකයේ පමණ සිට හෙළ හවුලේ උගතුන් හා සරසවි සිංහල ඇදුරන් අතර පැවැති සිංහල භාෂා විෂයක වාද විවාද ඊට එක් නිදසුනක් . හෙළ හවුලේ කවි සරසවි සිංහල අංශවල අධ්‍යයනයට ලක් වුණේ නෑ. මේ නිසා කුමාරතුංග මහතාගේ පතපොත කියැවීමට හා හැදෑරීමට සරසවි සිසුන්ට හා ඇදුරන්ට තිබූ අවස්ථාව නැති වී ගියා. සරසවි සිංහල ඇදුරන්ගේ කතා පමණක් විචාරයට ලක්වුණා. හෙළ හවුල අනුගමනය කළ භාෂා ප්‍රතිපත්තිය ද ඊට බලපෑවා.
සරසවි පමණක් නොව ඇතැම් පිරිවෙන් පඬිවරුන් පවා හෙළ හවුලේ පතපොත බැහැර කළා. 1978 පසුව සිංහල ශබ්ද කෝෂයට හෙළ හවුලේ වියතුන් සහාය ලැබුණේ. වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා නිසයි. මෙරට විශ්වවිද්‍යාලවලින් හා වෙනත් ශාස්ත්‍රීය ආයතනවලින් කුමාරතුංග ප්‍රමුඛ හෙළහවුලේ පතපොතට නිසි ඇගැයීමක් ලැබුණේ නැති බව පිළිගත යුතුයි. එසේ වූවත් කුමාරතුංග භාෂා රීතිය විමසා බැලීමට මහාචාර්ය පී.බී. මීගස්කුඹුර, මහාචාර්ය ජේ.බී. දිසානායක, වැනි වියතුන් දරා ඇති ප්‍රයත්න අගය කළ යුතුයි. සරසවි- හෙළ හවුල අතර ගැටුමක් අද නොමැති වුණත් තවමත් විශ්වවිද්‍යාල සිංහල අංශවල කුමාරතුංගයන්ගේ හා හෙළ හවුලේ පතපොත හැදෑරීමට වැඩි තැනක් ලැබී නැහැ.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක් සරසවියේ සිංහල ඉගැන්වීමට කුමාරතුංග කැමැත්තෙන් හිටියා