
බංගලාදේශය මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් ආර්ථික අභිවෘද්ධිය ලබනා රටක් බවට පත්ව තිබේ. එඩිතර වූත් නවෝත්පාදනය පිළිබඳ අදහස් දරන්නා වූත් නායිකාවගේ මඟ පෙන්වීම යටතේ දැන් ප්‍රබල ස්ථාවර රජයක් එරට බිහිව ඇත. දීර්ඝ කාලයක් පුරා නොකඩවා පැවැති ජනවාර්ගික සහයෝගිතාව හේතු කොටගෙන බංග්ලාදේශය දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන රට බවට පත්ව තිබේ. ආර්ථික විද්‍යාවේ බසින් එය ආර්ථික ව්‍යාඝ්‍රයකු ලෙස නම් කෙරේ.
අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ නායකත්වය යටතේ 2018 බංග්ලාදේශයේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය 7.86%ක් බවට පත්විය. එය දකුණු ආසියානු රටවලින් වාර්තා වූ ඉහළම ආර්ථික වර්ධනයයි. 2019 ද.ජා.නි.යේ. වර්ධනය 8.1%ක් වෙතැයි බලාපොරොත්තු වෙයි.
මේ වනවිට පහළ මැද ආදායම් මට්ටමේ පසුවන බංග්ලාදේශය 2024 වනවිට මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.
පාකිස්තානු ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ආචාර්ය කමල් මොනු පවසන ආකාරයට බංග්ලාදේශ ආර්ථිකය ඇ.ඩො. බිලියන 180 සිට 2012 වනවිට ඇ.ඩො. බිලියන 322 දක්වා වර්ධනය වෙතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබේ. 2017 දී එහි දළ ජාතික නිෂ්පාදිතයේ සමස්ත අගය ඇ.ඩො. බිලියන 249.86 විය.
පාකිස්තාන පුවත් පතක් වූ ඔයැ භ්එසදබ වෙත ලිපියක් ලියන ආචාර්ය මොනු පසුගිය වසර 10 ඇතුළත බංග්ලාදේශයේ විදේශ සංචිත ප්‍රමාණය පස් ගුණයකින් වර්ධනයවී ඇතැයි කියයි. 2007-2008 වසරවලදී ඇ.ඩො. බිලියන 6.14ක් වූ විදේශ සංචිත ප්‍රමාණය 2017 මාර්තුව වෙද්දි ඇ.ඩො. බිලියන 32.21ක් දක්වාත් 2017 අගෝස්තුවේදි ඇ.ඩො. බි. 33 දක්වාත් වැඩිවී ඇත.
ආචාර්ය මෙනු පවසන අයුරු බංග්ලාදේශයේ සාර්ථකත්වයට හේතුවී ඇත්තේ කාරණා 3කි.
1. අපනයනය අරමුණු කරගත් කර්මාන්තවලට මුල්තැන දෙමින් දේශීය නිෂ්පාදන කර්මාන්තය කෙරේ අවධානය යොමු කිරීම.
2. ණය ගැනීමට වඩා ආයෝජනය තෝරා ගැනීම.
3. ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශයේ ප්‍රාග්ධන කළමනාකරණයට තැනදීම. රටේ සුබසිද්ධිය උදෙසා රජයේ සහ පෞද්ගලික අංශවල සහයෝගීතාව රජයේ ප්‍රතිපත්තියක්කොට සැලකීම.
විදුලි බලය සංවර්ධනයට ඉඩ සලසන ප්‍රධාන අංගයක් නිසා බංග්ලාදේශ රජය බලශක්ති අංශයට ඉහළම ප්‍රමුඛතාවක් දෙමින් ක්‍රියා කළේය. ඒ අනුව 2021 වන විට සියලුම පුරවැසියන්ටත් සියලු පරිමාණයේ දේශීය කර්මාන්තවලටත් අඛණ්ඩව විදුලිබලය සැපයීම සැලසුම් කෙරේ.
සෞඛ්‍ය අංශයේදි, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව මොහු පෙන්වා දුන්නේය. දළ ජාතික නිෂ්පාදිතය තුළ 2013 දී ඇ.ඩො. බිලියන 1.5 ක්ව තිබූ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ නිෂ්පාදිතය තුන් ගුණයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වේ. මීළඟ අවුරුදු 10 තුළ 23%කින් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ආදායම 2020 වනවිට ඇ.ඩො.බි. 10 බවට පත්කිරීමට සැලසුම් කර තිබේ.
ආචාර්ය මොනු පෙන්වා දෙන පරිදි බංග්ලාදේශය හිතාමතාම ණය ප්‍රමාණයට වැඩියෙන් ආයෝජන පවත්වා ගැනීමට උත්සාහ කෙරේ. ඔහු මෙසේ කියයි. “චීනය පවා 2018- 2019 වෙද්දි බංග්ලාදේශය වෙත දෙන සෘජු විදේශ ආයෝජන 50%කින් වැඩි කිරීමට සැලසුම් කරනවා. එසේ කළ විට එය රටේ ණයවෙත එකතු වෙන්නේ නෑ” (Belt and Road Initiative (BRI) එක්තීරයක් එක් මාවතක් වැඩ පිළිවෙළ යටතේ චීනය ඇ.ඩො. බිලියන 33ක් බංග්ලාදේශයේ ආයෝජනය කිරීමට නියමිතය.
ඉන්දියාව ගිය අඩි පාරේ යමින් බංග්ලාදේශය විදේශ ආයෝජන අත්පත් කර ගන්නටත්, විදේශ ආයතන සමඟ ඒකාබද්ධ වන්නටත් එහි සමාගම් දිරිමත් කිරීමට උනන්දු වෙනවා. ඒ මගින් ගෝලීය සම්බන්ධතාව බිහිවීමේ ක්‍රියා දාමයන් සැකසී අවසාන වශයෙන් ඉහළ සෘජු විදේශ ආයෝජන ආක්ෂණය කර ගැනීමේ උත්ප්‍රේරණයක් බවට එම තත්ත්වය පත්වේවි” යනුවෙන් පාකිස්තානු ජාතික ආර්ථික විද්‍යාඥයා කීවේය.
ප්‍රබල රාජ්‍ය ආයෝජන
2019 අගෝස්තුවේදී බංග්ලාදේශයේ සමස්ත නිෂ්පාදන සම්බන්ධයෙන් Pricewaterhouse cooper (PWC) ආයතනය කළ විග්‍රහයකට අනුව දැනට දක්නට ලැබෙන වර්ධනයට හේතු සාධක වුයේ.
1. රජයේ ආයෝජන ප්‍රබලවීම
2. නිමි ඇඟලුම් කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පත්වීම
3. සේවක ප්‍රේෂණ වැඩිවීම (විදේශ ගත සේවකයන් එවන මුදල් වැඩිවීම)
4. පරිභෝජන වියදම් වැඩිවීම (පරිභෝජන වියදම් උත්පාදනය)
සැබෑලෙස රාජ්‍ය වියදම් 10.5%කින් ඉහළ ගියේය. ඒ සමග පෞද්ගලික පරිභෝජන වියදම් වැඩි වූයේය. (2017 දී එම වියදම් ඇ.ඩො. බිලියන 171ක් විය.) ජනිතවන වැඩිවන ඉල්ලුම සපුරාලනු සඳහා නිෂ්පාදනය වැඩි වූයේය.
ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන අයුරින් බංග්ලාදේශයේ අධි ජනගහන වර්ධනයක් සිදුවූුයේ නැත. ජනගහන වර්ධන අනුපාතිකය පැවතියේ 1.2% මට්ටමකයි. විදේශගත සේවකයන් එවන ප්‍රේෂණ මුදල් නිසා ආර්ථිකය 17%ක ඉහළ වර්ධනයක් අත්කර ගත්තේය. ඒ මගින් ඇ.ඩො. බිලියන 14.9ක් උපයා ගන්නා ලදී. ප්‍රේෂණ මුදල්වල දායකත්වය දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4.%කි.
සෘජු විදේශ ආයෝජන බොහෝසෙයින් ඉහළ යාම
බංග්ලාදේශයේ ඉලක්කය 2041 දී සංවර්ධිත රටක් බවට පත්වීම යයි ෂීක් හසීනා ලෝක ආර්ථික සමුළුවේදී ප්‍රකාශ කළාය. කර්මාන්ත හොඳින් වර්ධනය වන වටපිටාව පැවතීමත් ලාභ ශ්‍රමයත් (දකුණු ආසියාවේ ලාභම ශ්‍රමය ඇත්තේ බංග්ලාදේශයේය. චීනයේ ශ්‍රමයට වඩා බංග්ලාදේශයේ ශ්‍රමය 75%ක් ලාභදායීය) නිසා සෘජු විදේශ ආයෝජන බංග්ලාදේශයට ගලා එමින් පවතී.
මුළු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයෙන් 35.4%ක් වූ ඇ.ඩො. බිලියන 23.25ක් නිෂ්පාදන කර්මාන්තය කෙරේ යොමුවීම අතිශය වැදගත්ය. මෙම මුල්‍ය වර්ෂයේදී පමණක් බංග්ලාදේශය ආයෝජන ප්‍රවර්ධන අධිකාරිය, දේශීය, විදේශීය සහ ඒකාබද්ධ ව්‍යාපාරවලින් ලැබූ වාර්තාගත ආයෝජනවල වටිනාකම ඇ.ඩො. බිලියන 23.25කි. එය පෙර වසරේ ලැබූ ආයෝජනවලට වලට වඩා 66%ක වැඩිවීමකි.
අග්‍රාමාත්‍ය ෂීක් හසීනා ලෝක ආර්ථික සමුළුවේදී මෙසේ පැවසුවාය.
“ආයෝජන උදෙසා දකුණු ආසියාවේ වඩාත් නිදහස පිරිනමන කලාපය බවට අද බංග්ලාදේශය පත්ව තිබෙනවා. විදේශ ආයෝජන උදෙසා නීතිමය ආරක්‍ෂාව සැපයීම අතින් ත්‍යාගශීලි මුල්‍යමය දිරි දීමනා සැපයීම අතින්, යන්ත්‍ර ආනයනය උදෙසා දෙන සහන අතින්, සීමාකරණයන් නොමැති ප්‍රතිපත්ති නිසාත්, ප්‍රාග්ධනය උදෙසා තම රටට ගෙනයා හැකි පූර්ණ ප්‍රතිලාභ පිරිනැමීම අතින් අද බංග්ලාදේශය ඉදිරියෙන් සිටිනවා. සියලු අවශ්‍යතා එක තැනකින් සපුරන සේවා ස්ථාන සහිත විදේශ ආර්ථික කලාප 100ක් අද බංග්ලාදේශය පුරා පිහිටුවනවා. දැනටමත් ඉන් 12ක් අප පිහිටුවා අවසන්. ඉන් කලාප දෙකක් වෙන්කොට ඇත්තේ ඉන්දියානු ආයෝජකයන් වෙනුවෙන්. අධි තාක්‍ෂණ කලාප රාශියක් නව තාක්‍ෂණ සහිත ව්‍යවස්ථාවන් උදෙසා සූදානමින් තිබෙනවා.”
ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයෙන් ඔබ්බට යමින් බංග්ලාදේශය අනුව පාදක කරගත් අධි තාක්‍ෂණය උපයෝගි කර ගන්නා සමාජයක් බවට කඩිනමින් ගමන් කරමින් සිටිනවා යයිද ඇය කීවාය.
පසුගිය වසරේ බංග්ලාදේශය කාර්මික රොබෝවරුන් 12 දෙනෙකු කොරියාවට අපනයනය කළා. බංග්ලාදේශයේ නිපදවූ නැව් 4ක් ඉන්දියාවට ආවා. මෑතකදී රිලයන්ස් :ඍැකස්බජැ* සමාගම බංග්ලාදේශයේ නිපදවූ ශීතකරණ විශාල සංඛ්‍යාවක් මිලදී ගත්තා. තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ ස්වයං සේවකයන් 600,000ක් බංග්ලාදේශය සතුයි. ඒ විශාලතම ස්වයං සේවා ප්‍රජාවයි. මේ සියල්ල අභියෝගවලට මුහුණ දෙමින් අවදානමේ වැටී සිටි ජනතාවක් වඩාත් නවීකරණය වූ තාක්‍ෂණික සමාජයක් බවට පරිවර්ථනය කරමින් තිබෙනවා.
ශීඝ්‍රයෙන් නාගරීකරණය වීම ද බංග්ලාදේශයේ ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. 2030 වනවිට ජනගහනයෙන් 48% පදිංචි වනුයේ නගර ආශ්‍රිතවය. ඉන් වැඩි පිරිසක් තරුණයෝය. (ඔවුන්ගේ සාමාන්‍ය වයස් මට්ටම දැන් 28කි) ඒ සියලුදෙනා ඩිජිටල් තාක්‍ෂණය හා බැඳුණු අයයි.
මේ කඩිනමින් නව අදහස් ග්‍රහණය කර ගන්නා කඩිසර ධනය ඉපයීමේ නව නිර්මාණාත්මක මංසොයා යන පිරිසකි. ඇත්ත වශයෙන් බංග්ලාදේශය පුරා ඉන්නා බිලියන 110කට වැඩි ක්‍රියාකාරීන් අන්තර්ජාල ග්‍රාහකයන් සමඟ මෙය සිදුවෙමින් පවතිනවා. 2025 වනවිට ජංගම අන්තර්ජාල පරිහරණය ජනගහනයෙන් 41% වෙත සමීප වෙනවා”. හසීනා පැවසුවාය.
“අපේ රට “ඩිජිටල් බංග්ලාදේශයේ” කරා පරිණාමය විමේදී 2009 පටන් ගම් මට්ටමේ ජනයාගෙන් 100%කට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ලබා දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියා පැසිෆික් කලාපයේ ජනගහනයෙන් අන්තර්ජාලය පරිහරණය කරන පස්වැනි විශාලතම ජාතිය බවට බංග්ලාදේශය පත්වී තිබෙනවා. යයිද ඇය තවදුරටත් කීවාය.
කෘෂිකාර්මික දියුණුව
බංග්ලාදේශය තුළ ආහාර සුරක්‍ෂිත බව හොඳින් පවතී. එහි කෘෂිකර්මික නිෂ්පාදනය තවදුරටත් සහනාධාර මත පවතින්නක් නොවේ. දැන් බංග්ලාදේශය ලෝකයේ විශාලතම සහල් නිෂ්පාදකයන් අතරින් හතර වැන්නාය. දෙවැනි විශාලතම ජූට් නිෂ්පාදකයාය. හතරවැනි විශාලතම අඹ නිෂ්පාදකයාය. එළවළු නිෂ්පාදනය අතින් පස්වැන්නාය. ලෝකයේ රටවල් ඇතුළත ධීවර නිෂ්පාදනය අතින් හතර වැන්නාය. ප්‍රධාන බෝග සහ පළතුරුවල තත්ත්වය ප්‍රවර්ධනය කරනු උදෙසා බංග්ලාදේශය හොඳ ප්‍රමිතියෙන් යුතු වර්ග හඳුනා ගනිමින් සිටිනා බව ද අග්‍රාමාත්‍යවරිය ලෝක ආර්ථික සමුළුවේදී පැවසුවාය.
සාමය හා වාර්ගික සමගිය
2009 බලයට පැමිණි දා පටන් දිගින් දිගටම අග්‍රාමාත්‍ය හසිනා ජිහාඞ් හමුදා සහ විදේශවලින් උසිගන්වනු ලැබූ නිදහස් විරෝධී මතධාරීන් අනුකම්පා විරහිත ලෙස හෙළා දුටුවාය. මේ වනවිට ඇය දූෂණය තුරන් කිරීම ඉලක්ක කරගෙන කටයුතු කිරීම අරඹා තිබේ.
සාමය නුරුස්නා ඉස්ලාමීය අන්තවාදීන් නිහඬකොට නීතියේ රැහැනින් බැඳ දමා හසීනා, ජනවාර්ගික සමගිය තහවුරු වූ බංග්ලාදේශයක විවිධ අනන්‍යතාවෙන් යුතු සමාජයක් නිර්මාණය කළාය.
එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ජන වර්ග ඒකාබද්ධ වූ ඉස්ලාමීය අනන්‍යතාව රැඳුණු බංග්ලාදේශයක් බිහිවිය.
මේ මඟින් නැගෙනහිර පාකිස්තානය ලෙස පැවති අවධියේ පටන් තිබූ මුස්ලිම් හින්දු විරසකය මොටවී ගියේය. එසේ ජාතික සමඟිය හා සහයෝගිතාව වර්ධනය වීම ආර්ථික දියුණුවට සහඝ්‍ර කරන සාධකයක් බවට පත්වූයේය.
අමර්ත්‍යා සෙන්ගේ ප්‍රශංසා
නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය අමර්ත්‍යා සෙන් පවසන ආකාරයට මෙය අද්විතීය ජයග්‍රහණයකි. අතීතයේ බංග්ලාදේශයේ පැවැති ජාතිවාදී කළකෝලාහල හා වර්තමානයේ අසල්වැසි ඉන්දියාවේ පවතින ජාතිවාදී නැඹුරුව දෙස බැලූවිට මෙම ජයග්‍රහණයේ මහිමය පෙනී යයි.
The New Yoker පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අප සියලු දෙනා සතුව තිබියයුතු බහුවාර්ගික අනන්‍යතාවේ අවශ්‍යතාව හඳුනාගැනීම පිළිබඳව සෙන් කතා කළේය.
ස්ථිරසාර ජාතික සමඟියකට හා සමාදානයකට බහුවාර්ගික අනන්‍යතාව පිළිගැනීමේ අවශ්‍යතාව පවතින ආකාරය ඔහු පැහැදිලි කළේය.
“මා සිතන අයුරු බහුවාර්ගික අනන්‍යතාව බංග්ලාදේශයට මහඟු ඵල ලබා දුන්නේය” යනුවෙන් ඔහු කීවේය.
2019 October 08 දින Daily Mirror පුවත්පතට පී.කේ බාලචන්ද්‍රන් ලියූ Factors Underlying Bangladeshs Booming Economy ලිපිය
පරිවර්තනය කළේ සමන් පුෂ්ප ලියනගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හදන්න ජි එම් ඕ එක ඉවර කරන්න
ලංකාව බංග්ලාදේශයට වඩා විශාල සංවර්දන විභවයක් සහිත රටක්. එසේ තිබියදී ලංකාවට මෙවැනි ඉරණමක් අත්වුයේ මන්ද? මෙයට කෙටි පිළිතුර වන්නේ ලංකාවේ මිනිසුන් බහුතරය කුහක දේශපාලන ක්‍රම වලට අනුගතවීම එමගින් ඔවුන් මෙහෙයවීමි හා නවීන ලෝකයට ගැලපෙන ආකල්ප වලින් යුක්ත නොවුන ජන සමාජයක් මෙහි තිබීමයි. . එහි දියුණුවේ එක රහසක් වන්නේ එහි ශ්‍රම බලකායයි. මා විදේශ රටවල සේවය කරන විට ජාතිකයන් දැක තිබෙනවා. ඕනෑම තත්වයක් යටතේ වැඩකළ හැකි ශ්‍රම බලකායක් ඔවුන් සතුය. ඉන්දියාවේ තරුණ පරපුරේ අභාෂය ලබාගෙන ඇති ඔවුන් වෙනස්වන සමාජයට ගැලපෙන ලෙස කටයුතු කිරීමටත් අභියෝග වලට මුහුණදීමට සමත්ය. උගත් තරුණයන් ගතානුගතික මැති මතාන්තර වලින් මිදී නුතන තාක්ෂනය හා නව අදහස්වලින් යුක්තය.
අය වැය පරතරය පියවීමට ණය ගැනීම ලංකාවේ දියුණුවට ඇති ප්‍රධාන බාධකයයි. එමගින් අපනයනයට වඩා ආනයනය ආකර්ශනීය වේ. වැරැද්ද දේශපාලුවන්ගේ නොව අපේමය....
අපේ මිනිස්සු පඩි ඉල්ලනවා, අයිතිවාසිකම් ඉල්ලනවා හැර වැඩ කරන්න ඕනේ කියන මානසිකත්වයට එන්නේ නැහැ. අනික එක එක ආණ්ඩුව හෙන්චයියලට උපාධිධාරීන්ට වැඩි පඩියට ආණ්ඩුවේ රැකියා දීම. කිසිම නිෂ්පාදන දායකත්වයක් නැති නිකම් ඉන්න මෙගා රාජ්‍ය සේවාවක් පොඩි මිනිසුන්ගේ බදු මුදලින් නඩත්තු වෙනවා.ඉතින් කොහොමද රට ගොඩ එන්නේ. පාසල් අද්‍යාපනය, රාජ්‍ය රෝහල්, උසස් අද්යපනයේ කොටසක් සහ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය පරිපාලනය හැර අනික් ඔක්කොම සේවා පුද්ගලික අංශයෙන් හෝ උපයන ආදායම මත නඩත්තු වෙන රාජ්‍ය අංශයකින් කලොත් පුද්ගලික අංශය රට ගොඩ නගනවා නියතයි.
අසල්වැසි මිතුරු රටක් සාර්ථක වීම ගැන තියෙන්නේ ලොකු සතුටක්, අපේ ලංකාව ට බංග්ලාදේශය යන පාරේ යන්න බැහැ, මෙහෙ විදුලිබලය ලාබ නැහැ, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල, ශ්‍රමය ලාබ නැහැ, ඉතින් කාර්මික රටක් විදිහට දියුණු වෙන්න තියෙන ඉඩ ප්‍රස්තා ඉතාම අඩුයි, අපේ අල්ලපු රටවල් 3ම අධික ජනගහනයක් ඉන්න යෝධ කාර්මික රටවල්, ඒ යෝධ කාර්මික රටවල් එක්ක තරඟකරලා කර්මාන්ත අංශයේ දියුණුවක් ගන්න බැහැ, දැන් මේක පසු ගාමී අදහසක් හිත රිදවෙන අදහසක් කියල හිතේවි, එත් අපිට තාම අවස්ථා තියෙනවා, එකක් තමයි සේවා අංශයේ දියුණුව, අපට පුළුවන් සංචාරක සේවා දියුණු කරන්න, සාමාන්‍ය සංචාරක කර්මාන්තයේ තවත් අවස්ථා තියෙනවා නරක අවස්ථා වගේම යහපත් සෞඛය සංචාරය, අධ්‍යාපන සේවා වගේ අවස්ථා, ඉතින් මේවා වලින් හොඳ වාසියක් ගන්න නම් රට ආකල්ප අතින් විපල්වීය වෙනසක් කරන්න ඕන, රාජ්‍ය අංශයට මුල් තැන දීල තියෙන සෞඛ්‍ය සේවා අධ්‍යාපන සේවා ආදියට පෞද්ගලික අංශයට ඉඩ දෙන්න ඕන, නිතර ස්ට්‍රයික් කෙරිල්ල නවත්තන්න ඕන, සංචාරකයන්ට යහපත් ලෙස සලකන්න ඕන,
අනිත් අංශය තමයි සූක්ෂ්ම කාර්මික අංශයේ දියුණුව, එයින් අදහස් වෙන්නේ මහාපරිමාණයෙන් කාර් හැදිල්ල වගේ දෙයක් නොවේ, මිල අධික ඉහල ධනවතුන් පාවිච්චි කරන භාණ්ඩ තැනීම, එහිදී ඉහලම නිෂ්පාදන කොලිටි එකක් තියෙන්න ඕන, ඒ අතින් ලංකාවට හොඳ නමක් තියෙනවා, අනෙත් එක නැනෝ කර්මාන්ත එත් එකටත් විශ්වවිද්‍යාල වල පර්යේෂණ අංශ දියුණු කරන්න වැඩියෙන් ආයෝජන කරන්න ඕන, එත් අවාසනාවට වගේ මේ අවුරුද්දේ මාස 3ක් ම විශ්වවිද්‍යාල වහලා, එත් වෘත්තීය සටන් පවා දේශපාලන පක්ෂ වල අරමුණු එක්ක ගැටගැහිලා තියෙද්දී මොන සේවා අංශ දියුණුවක්ද? අනිත් දෙය තමයි දැන් කරන විදිහට නිකම්ම තේ කුරුඳු තොග වශයෙන් වෙළඳාම කරනවට වඩා වෙළඳ නාම ප්‍රවර්ධනය කරලා එයින් වැඩි ලාබ සොයන්න පුළුවන්, උදාහරණ විදිහට සිලෝන් ටී කියන්නේ ලංකාවටම පමණක් උරුම නමක්, ඉතිහාසගත නමක්, එයින් අධික මිල ඉහල ගුණාත්මක තත්වයේ තේ හදල වැඩි ලාබ ලබන්න පුළුවන්, ලංකා කුරුඳු අපේ රටට ආවේනික දෙයක් නිසාත් එයත් ප්‍රවර්ධනය පහසුයි,
නූතන දේශපාලනයේ යෙදෙන දේශපාලකයන් මේ රට විනාශ කර හමාරය. බලයේ සිටි සහ බලයට එන්න පොර කන අය කරන්නේ සුළු ජාතීන්ට රට විකුණා කෙසේ හෝ බලයට පැමිණ තමාගේ සහ තම පව්ලේ සුඛ විහරණය සදහා රට පාලනය කිරීමයි.නී තිය වල් වැදුණු තැන ආර්ථික සමාජීය, දියුණුවක් නැත.
ෙසමනල පාලනය තුළ සහ සියලුම පක්ෂ වල නූගතුන් සොරුන් ආක්‍රමණය... ඔහොම යමු...
යහපාලනයක් ඇවිත් ඔක්කොම නැතිවෙයිද?
ලංකාවේ මිනිස්සු බලන් ඉන්නේ නිකං දෙනකන් ඕනෑම දෙයක්... මම ඉන්නේ කටාර් වල මෙහෙ පලතුරු ජූස් එකක් ගත්තත් එක මේඩ් ඉන් බංග්ලාදේශ්... මුරුක්කු පැකට් එකක් ගත්තත්, බිස්කට් පැකට් එකක් ගත්තත් එ්ක බංග්ලාදේශ් ගහයට කුණු වෙන කොස් ගෙඩිය පවා ඔවුන් පැකට් කරල එවනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකේ දියුණු නොවී තියෙයිද?