IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ජනතාව දෙසත් බලන්න

යාපනයෙන් මැතිසබයට පැමිණි ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන්ටත් නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් බාධක මැද මැතිසබයට පැමිණි ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයාටත් ඇමැතිකම් දිය යුතු යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායකයාය. වත්මන් ජනාධිපතිවරයාත්, නව රජයත් බලයට ගෙනඒමට මුල සිටම ප්‍රබල ලෙස දායකත්වය සැපයූ විමල් වීරවංශ මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වෙයි. එවැනි අමාත්‍යවරයකු විසින් කරන ලද දේශපාලන වශයෙන් වැදගත් ප්‍රකාශයක නිසි අර්ථය වටහා ගැනීම අවශ්‍ය බව අපි විශ්වාස කරමු.

අමාත්‍යවරුන් පත්කිරීම හෝ අස් කිරීම අපගේ කාර්යයක් නොවේ. ඒ පිළිබඳ සියලු‍ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් විසිනි. ඇමැතිවරුන් එම ධුරවලට පත්කිරීම ඒ දෙදෙනාගේ එකඟත්වය මත සිදුවෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ජනාධිපති සහ අගමැතිගේ බලතලවලට ඇඟිලි ගැසීමක් හෝ එහි හරි වැරදි පෙන්වාදීමක් හෝ නොවේ. උතුරෙන් සහ නැගෙනහිරින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ඒ මන්ත්‍රීවරුන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළ ජනතාවට සැලකීම රටේ යුතුකම යැයි පෙන්වාදී ඇති බවය. ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජනතාව විසින් පෙන්වා දී ඇති එම ප්‍රවණතාවට ජීවයක් දිය යුතු යැයි වීරවංශ ඇමැතිවරයා එහිදී කියා ඇත්තේද එබැවිනි.

ජාතිවාදී දේශපාලනය විසින් මේ රටට සිදුකර ඇති විනාශයේ තරම කවදාවත් ගණන් හදා පෙන්විය හැකි යැයි අපි කිසිවිටෙකත් නොසිතමු. ඒ විනාශය එතරම්ම බරපතළය. වසර 30කට ආසන්න කාලයක් පැවැති කුරිරු බෙදුම්වාදී යුද්ධය සිහිපත් කිරීම පමණක් මෙහිදී සෑහෙනු ඇත. එවැනි තත්ත්වයකට රට යොමුකිරීමේ ප්‍රධානම වැරැද්ද කළේ උතුරේත් දකුණේත් දේශපාලන නායකයන් විසින් බව යළි යළිත් කිව යුතු නැත. ඒ හරහා උතුරේත් දකුණේත් නායකයන් විවිධ තාවකාලික දේශපාලන ජයග්‍රහණ ලැබූ බවද නොරහසකි. එම පසුබිමේ රටේ පැවැති දෙමළ ජාතිවාදී දේශපාලනයට එරෙහිව දකුණේදී ඉතා ප්‍රබල හඬක් නැගූ දේශපාලනඥයකු වන විමල් වීරවංශ අමාත්‍යවරයා උතුරෙන් සහ නැගෙනහිරින් මැතිසබයට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනකුට ඇමැතිකම් ලබාදිය යුතු යැයි කරන ප්‍රකාශය මත නිසැකවම විශාල බරක් රැඳී තිබේ.  ඒ ගැන රටේ අවධානය යොමුවිය යුතුය.

මෙවර පැවැති මහ මැතිවරණයේදී උතුරෙන් සහ නැගෙනහිරින් ලැබුණු ප්‍රතිඵලය සම්බන්ධයෙන් බොහෝදෙනා විසින් විවිධ අර්ථකථන සපයා තිබිණි. ඒ සියලු‍ අර්ථකථන අතර එක් පොදු මතයක් තිබිණි. එනම් උතුරේ ජනතාව දකුණේ බලවත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් වූ ශ්‍රීලනිප අපේක්ෂකයකු මන්ත්‍රීවරයකු කරවීමට දක්වා ඇති කැමැත්ත, උතුරේ දේශපාලනයේ අලු‍ත් ප්‍රවේශයක් පෙන්නුම් කරන බවය. ඒ ගැන විමල් වීරවංශ ඇමැතිවරයා කියා තිබුණේ උතුරේ දෙමළ ජනතාව පවතින ජාතිවාදී දේශපාලනය කොතරම් ප්‍රතික්ෂේප කරන්නේද යන්න ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රීලනිපයට උතුරෙන් ආසනයක් දිනාගැනීමට හැකිවීමෙන් පෙනීයන බවය. එසේ නම් එවැනි රටට යහපත් ප්‍රවේශයක් ගෙන තිබූ උතුරේ ජනතාවට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීම දකුණේ නායකයන්ගේ යුතුකමකි. වගකීමකි.

මෙහිදී වැදගත් වන්නේ රාමනාදන් හෝ අතාවුල්ලා හෝ නොව උතුර සහ නැගෙනහිර දෙපළාතේ ජනතාව විසින් පෙන්වා ඇති වෙනස්වීමට තිබෙන කැමැත්තය. ඔවුන්ට ප්‍රශ්න නැතුවා නොවේ. සංසන්දනාත්මකව බැලු‍වොත් දකුණේ බොහොමයක් ප්‍රදේශවල සංවර්ධනයට වඩා උතුරේ සංවර්ධනය පවතින්නේ අඩු මට්ටමකිනි. පානීය ජලය පමණක් නොව රැකියා හිඟය පවා එම පළාතේ බරපතළ ගැටලු‍ය. නැගෙනහිර පළාත පිළිබඳව ඒ ආකාරයටම පැවසිය නොහැකි වුවද එම පළාතේද ගැටලු‍ අඩු නැත. එම ප්‍රදේශයේ පවතින ඇතැම් අන්තවාදී අදහස් දරන දේශපාලනඥයන් අතරේ ඒ.එල්.එම්. අතාවුල්ලා වෙනස් චරිතයකි. ඔහු පාර්ලිමේන්තුවට සුදුසු යැයි තීරණය කර ඇත්තේ නැගෙනහිර ජනතාවය. එම තීරණය මගින් ඒ පළාතේ ජනතාව පෙන්වා දී ඇත්තේද තමන්ගේ නියෝජිතයා අන්තවාදී ජාතිවාදී අදහස් දරන්නකු වීම අවශ්‍ය නොවන බවය. එය ජනතාවගේ විශ්වාසය නම් එම විශ්වාසය වඩාත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීම රජයේ වගකීමය.

මෙතෙක් කාලයක් උතුරේ ජනතාව නියෝජනය කිරීමේ වැඩිම බරක් දැරුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. මෙවර සමස්ත ලංකා දමිළ කොංග්‍රසය (ATIC) සහ දෙමළ මහා සභාව (TMTK) මන්ත්‍රීවරු තිදෙනෙක්ද උතුරෙන් පත්ව සිටිති. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සී.වී. විග්නේෂ්වරන් දෙදෙනා පිළිවෙළින් එම පක්ෂ දෙකේ නායකයෝ වෙති. මේ දෙදෙනාම දැඩි ජාතිවාදී අදහස් දරන දේශපාලනඥයන් වශයෙන් ප්‍රසිද්ධය. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ පළමු කතාවේදීම තම ජාතිවාදී අදහස් මතුවන ආකාරයට කතා කළ බව රටම දැක ගත්තේය. බ්‍රිතාන්‍යයේ මුල් බැසගෙන සිටින ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කර තිබුණේ ද්‍රවිඩ ජාතික සන්ධානයට අමතරව නව පක්ෂ දෙක සමඟද තමන් සහයෝගයෙන් කටයුතු කිරීමට අදහස් කරන බවය. මේ වර්ධනය වන තත්ත්වය විමල් වීරවංශ මහතාගේ යෝජනාවට තවත් වටිනාකමක් එකතු කර තිබේ.

(***)



අදහස් (6)

ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ජනතාව දෙසත් බලන්න

kamal Friday, 28 August 2020 07:02 AM

ජාතිවාදී උන්මාදයෙන් ඡන්දය දිනන අය දෙපැත්තේම ඉන්නවද?

:       67       22

Bamunuarachchi.Friday, 28 August 2020 11:12 AM

ජාතිවාදය සිංහලයාට තිබෙන ඕනම දෙයක්... බය නැතිව කියනවා මම සිංහල ජාතිවාදියෙක් කියලා... අපි ඒ කාලේ සිටම ජාතිවාදී වුණා නම් අපේ ඉඩම් ටික ගන්න තිබුණා.

:       90       259

BamunuarachchiSaturday, 29 August 2020 04:56 AM

අපේ ඉඩම් ටික ගන්න තිබුණා. සිංහලයෝ කැමැති නැහැ සුළු ජාතිකයින්ට ඉඩම් විකුණන්න. අපි සිංහලයින්ගේ ඔලු හදනවා.

:       0       0

vinividaSaturday, 29 August 2020 01:41 PM

දේශප්‍රේමීත්වය යනු ජාතිවාදය නොවේ. නියම දේශප්‍රේමියා යනු ජාතිවාදියකු නොව ඕනෑම ජාතියක් හෝ ජාතිකයකු සමග වැඩකළ හැකි කෙනෙකි. දේශප්‍රේමයට මුවාවී ජාතිවාදය අවුලුවාලීම බියගුළු දේශප්‍රේමීන්ගේ අනුවණ ක්‍රියාවකි. නියම දේශප්‍රේමියාට ජාතිවාදය වැදගත් කමක් නැත..

:       0       0

අතුල Friday, 28 August 2020 01:05 PM

විග්නේශ්වරන් මහත්තයා කතාව කරන කොට ඔබ වහන්සේත් හිටියනේ පාර්ලිමේන්තුවේ. ඉතින් මොකද කිසිම සද්දයක් වත් නොවුනේ. අනික ඔබතුමා ඇඳුමක් ඇඳගෙනද ඔය කතා කරන්නේ? මෙච්චර කල් "බොරු කොටි නැගිට්ටෙව්වේ සහ ජාතිවාදය පතුරුවපු අයගෙන් උඩින්ම ඉන්නේ ඔබයි." ලැජ්ජාව කියලා දෙයක් නැහැනේ "සල්ලි කොළ වල නේද?"

:       462       500

Rata Perata Saturday, 29 August 2020 07:23 AM

ඉස්සරවෙලා තමුන් තමුන් දිහාම බලාගන්න. එතකොට බොරු බිල්ලන් මවන ජාතිවාදියා කවුද කියලා පෙනෙයි.

:       173       36

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 288 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 226 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 145 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 275 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 445 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1074 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1065 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site