IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමැතින් මාරුවෙන විට සංස්ථාවලට ගැත්තන් එපා

රාජ්‍ය ආයතනවලට පත්කර ඇති සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතියකින් තොරව වෙනස් කළ නොහැකි බව සියලුම මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සියලුම මැති ඇමැතිවරුන්ට දැනුම් දී  ඇති බවද එම ප්‍රවෘත්තීයෙහි වැඩිදුරටත් සඳහන්ය.

ඉකුත් නොවැම්බර් 16 වැනිදාත් අගෝස්තු 5 වැනිදාත් මෙරට අතිශය බහුතරයක් ජනයා තීන්දුවක් ගත්හ. ඒ පැවැති රජය පෙරළා දමා අලුත් රජයක් පත්කැර ගැනීමටය. දේශපාලනඥයකු නොවන, ප්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය නොකළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්හ. දේශපාලන අභිලාෂ සහිත දේශපාලන ළැදියාවන් සහිත ජනතාවක් එම තීන්දුව ගත්තේ ඉතා දුෂ්කර කොන්දේසි යටතේය. එබඳු දුෂ්කර කොන්දේසි යටතේ ජනයා එම තීන්දුව ගනු ලැබුවේ අලුත් ගමනක් තුළින් අලුත් රටක් බලාපොරොත්තුවෙනි. එම අභිලාෂයට පිටුපා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැත.

හැත්තෑ දෙවසරක් පුරා අත්හදා බලා ඇති ක්‍රමවේදවලින් මේ රටට ඉදිරි ගමනක් නැති බව ඒකාන්ත සත්‍යයකි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්වීය. එම රජය රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ සමාගම්වල සභාපති හා අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කිරීමේ දී අදාළ ඇමැතිවරයාගේ තනි අභිලාෂය වෙනස් කර විද්වත් කමිටුවක් මගින් එම පත් කිරීම් සිදු කිරීමට පියවර ගත්තේය. වර්තමානය වනවිට රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන හා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෝ එම විද්වත් කමිටුවෙන් තෝරා පත් කළ අය වෙති. ජනාධිපති ලේකම්වරයා මැති ඇමැතිවරුන්ට දැනුම් දී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව එම පත් කිරීම් වෙනස් කළ නොහැකි බවය.

අපගේ ජනතාවගේ අත්දැකීම්වලට අනුව රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු හා සමාගම් බලයට පත්වන දේශපාලන පක්‍ෂයේ ශාඛා සමිති බවට පත්වේ. අමාත්‍ය කාර්ය මණ්ඩලය මුළුමනින්ම වාගේ ඇමැතිවරයාගේ බිරිඳ, දූ පුතුන් හා නෑදෑ සනුහරෙන් පිරි යයි. රාජ්‍ය ආයතනයකට පත්වීමක් ලබා ගැනීමේ ප්‍රධාන සුදුසුකමක් වන්නේ දේශපාලන දාස භාවය වේ. මැතිවරණ සමයේ කළ නොපනත්කම් වේ. රාජ්‍ය ආයතන පිරිහී යාමට, ඒවා සුදු අලි බවට පත්වීමට මෙම මජර සංස්කෘතිය බෙහෙවින් ඉවහල් වේ. අප යළිත් ගමන් කරන්නේ එම මාවතේම නම් රටට ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. මේ මොහොතේදීවත් අප රට පෙරට ගෙන නොසිතන්නේ නම් රටේ අනාගතය සම්බන්ධයෙන් සුබ සිහින දල්වා ගැනීමට ලැබුණු අවසන් අවස්ථාව අපතේ යනු ඇත.

මෙවර කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ උළෙලේ දී දිවුරුම් ප්‍රකාශයට අමතරව ඇමතිවරුන්ට හිමි අමාත්‍යංශ ගොඩනැගිලි සහ වාහන පිළිබඳ දත්ත ඇතුළත් ලේඛනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එම මැති ඇමැතිවරුන්ට ලබා දී තිබේ. අපගේ පැරැණි අත්දැකීම්වලට අනුව ඇතැම් මැති ඇමැතිවරුන්ට අමාත්‍යංශය සඳහා ගොඩනැගිලි සොයා ගැනීමට සෑහෙන කාලයක් ගත කිරීමට සිදුවේ. එහිදී බොහෝවිට සිදුවන්නේ තමන්ට කුමන මාදිළියකින් හෝ සම්බන්ධ පුද්ගලයකුගෙන් අධික මිලට ගොඩනැගිලි ලබා ගැනීමය. ‘‘සබීතා බිල්ඩිම’’ එක් උදාහරණයක් පමණි. එහෙත් මෙවර එය වෙනස් වී තිබේ.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නිවැරැදි සැලසුම් මත පිහිටා යුද ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම නිසාය. එමෙන්ම සුදුසුකම් හා හැකියාව ඇති පුද්ගලයන්ට වගකීම් පැවරීම නිසාය. නියමිත දින වකවානු සහිත ඉලක්ක ලබාදුන් නිසාය. එහෙයින්ම කිසිදා ජයගත නොහැකි යැයි කී යුද්ධය අවසන් කර රටට සාමය උදාකිරීමට හැකි විය. එහි විශේෂත්වය වන්නේ තුන් වසරක් ඉක්ම යාමට මත්තෙන් එම ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවීමය.

රට ඉදිරිපිට අද දවසේ තිබෙන්නේත් එබඳුම අභියෝගයකි. අප තවමත් ඡන්දවලට ඉදිරිපත් වන්නේ රට සංවර්ධනය කිරීමටය. රටේ දුප්පත්කම නැති කිරීමටය. තරුණ අසහනය තුරන් කිරීමටය. අධ්‍යාපනයේ සම අයිතිය සියල්ලන්ටම ලබා දීමටය. පොලීසියේ, ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමටය. ඊළඟ ජනාධිපතිවරණ වේදිකාවලත්, මහ මැතිවරණ වේදිකාවලත් රැව් පිළිරැව් දෙන්නේ මෙම සටන් පාඨම නම් අප ගමන් කර තිබෙන්නේ කොතැනට ද යන්න තේරුම් ගැනීම අසීරු නැත. එහෙයින් මෙම ඉරණම වෙනස් කළ යුතුය. ඒ සඳහා කැප කිරීම් කළ යුතුය. ‘‘අවස්ථා’’ අහිමි වීම තරම් නරක හා නපුරු අත්දැකීමක් තවත් නැත.

 



අදහස් (2)

ඇමැතින් මාරුවෙන විට සංස්ථාවලට ගැත්තන් එපා

rana Wednesday, 19 August 2020 10:58 AM

මහත්තයෝ තව මාස 6න් පසු මේ ලිපියම පල කරන්න. එතකොට "එදා සහ අද " වෙනස බලාගත හැකියි.

:       1       10

Deepal Nirosh Monday, 24 August 2020 06:45 AM

2025ට නියමිත මීළඟ මහ මැතිවරණයෙන් පසු මෙවැනි ලිපියක් පල කිරීමේ අවශ්‍යතාව මතු නොවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site