පළමු පියවර විධායක බලය අහෝසි කිරීම
ශ්‍රී ලංකාවට නිදහස ලැබී ගතවුණු වසර හැත්තෑහතක කාලය තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක්ම ආවේය. අප මේ මොහොතේ පාලනය වන්නේ, තුන්වැනි ව්‍යවස්ථාවෙනි. එනම්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. මේ වන විට එහි වයස අවුරුදු හතළිස්හතකි. ඒ කියන්නේ, මේ රටේ ජනතාව වැඩියෙන්ම ගොදුරු වී සිටියේත්, සිටින්නේත් 1978 වසරේදී ජේ.ආර්. ජයවර්ධන විසින් ජනතාව මත බලෙන් පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බවය.