ශ්රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සැලකුවද පසුගියදා ඇති වූ ආර්ථික අර්බුද සමග සංවර්ධනයේ මාවත සුනු විසුනු වී ගොස් යම්තම් ආර්ථිකය ගැට ගසා ගත් රටක් බවට පත් විය. ආර්ථික අර්බුදය හමුවේ උගතුන් රට හැර යාම ද තරුණ තරුණියන් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් සොයා විදේශ ගත වීමද ඉහළ ගියේය. බැලූ බැල්මට මෙය පුද්ගල ආර්ථික සංවර්ධනයට සුදුසු වුවද රටක් ලෙස ගත්කල ආර්ථික අවපාතය තවත් උග්‍ර වන්නේ අපේ රටේ ශ්‍රම බළකාය හිඟ වීමට පටන් ගැනීම නිසාය.
තරුණ ප්‍රජාව රැක ගැනීම ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කිරීමට මූලිකත්වය දීම රජයක පරම යුතුකමය. තරුණ ප්‍රජාව දහසක් බලාපොරොත්තු තබාගෙන රජයක් පත් කිරීමට මූලිකව කටයුතු කරති. තාරුණ්‍යය ක්‍රියාශීලී මෙන්ම ආවේගශීලීය. සිතුම්පැතුම් ගොන්නක් කරපින්නා ගෙන වැඩිහිටි පුරුෂයන් හා ස්ත්‍රීන් ලෙස ඔවුන් සමාජ ගතවන අතර ඔවුන්ගේ ආධිපත්‍යය සුන්දර බලාපොරොත්තු රැසකින් සමන්විතය. එම බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට යාමේදී ඔවුහු බරපතළ ගැටලු රැසකට මුහුණ දෙති. එහෙයින් ශ්‍රී ලංකාවේ යෞවනයට සිදුව ඇති තත්වය ඉතාම ඛේදජනකය. සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතු මෙම කරුණු පහසුවෙන් බැහැර කළ නොහැකිය.
මෙරට පාසල් යන ළමයි ලක්‍ෂ 42ක් පමණ සිටිති. එයින් ලක්‍ෂ 14ක පමණ දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙති. මෙය ඉතාම කනගාටුදායක තත්වයක් වන අතර මෙම සියලු දත්ත පසුගිය කාලයේ රාජ්‍ය ආයතන මගින් හෙළිකළ දත්තය. මෙම තත්වය උග්‍ර අතට හැරී ඇත්තේ ලෝක බැංකු නවතම වාර්තාව අනුව රටේ තුනෙන් එකක් ජනතාව දුප්පතුන් බවට හෙළි වීම නිසාය. මෙම තත්වය අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ඉහළ ප්‍රතිශතයකින් යුක්තය. තමන් උපයන ආදායම අඩුවීම නිසා මෙරට ජනතාවගෙන් සියයට 33ක් කන වේල් ගණන අඩු කර ඇත. කන කෑම ප්‍රමාණය අඩු කළ ජනගහනය සියයට 47කි. තමන් නොකා දරුවන්ට කෑම සපයන සංඛ්‍යාව සියයට 27 කි. මෙම තත්වය සොයා ගෙන ඇත්තේ ලර්න් ඒෂියා ආයතනය මගින් 2023 වසරේ ග්‍රාමසේවක වසම් 400ක් ඇසුරෙන් කරන ලද සමීක්‍ෂණයක් මගිනි. මෙම තත්වය සෘජුවම ළමා පරපුර මෙන්ම තරුණ පරපුර කෙරෙහි බලපායි. ළමයකු මුල් වසර 5 තුළදී නිසි ආකාරයෙන් පෝෂණය ලබා දී වැඩීමට කටයුතු නොකළහොත් ළමයා මන්දපෝෂණයට ගොදුරු වේ. එම මන්දපෝෂණ තත්වය පසුකාලීනව කොතරම් පෝෂණ ආහාර ලබා දුන්නත් නිවරැදි කිරීමට නොහැකි බව වෛද්‍යවරු පවසති. ඒ අනුව ළමයා කායික, මානසිකව දුර්වල පුද්ගලයකු බවට පත්වේ.
මෙම තත්වය තවත් උග්‍ර අතට හැරවීම පිළිබඳ ඉතා ඛේදජනක තොරතුරක් පසුගියදා එළිදැක්විණ. නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ චර්යා පිළිබඳ දත්ත ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශය මගින් ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්‍ෂණය 2024 වසරේ දී පවත්වනු ලැබීය. එම සමීක්‍ෂණය සඳහා වයස අවුරුදු 13 ත් 17 ත් අතර පාසල් සිසුන් 2585 නියැදියක් තෝරා ගෙන තිබුණි. පාසල් ළමයින්ගෙන් අවුරුදු 10ත් 19ත් අතර වයස් කාණ්ඩය නව යෞවන විය ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ ජනගහනය වන මිලියන 22න් සියයට 3.5ක් නව යෞවන වියට ඇතුළත් වෙයි. එනම් දළ වශයෙන් 7,70,000ක් මෙරට ජනගහනයෙන් නව යෞවන වියේ පසු වෙති.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන පරිදි මෙරට සිසුන්ගෙන් සියයට 21.4ක් අඩු බර සහිතය. සියයට 12.1ක් අධික බරින් යුක්තය. සියයට 3ක් ස්ථූලත්වයෙන් පෙළේ. තවද නිවෙස්වල ආහාර හිඟ නිසා සිසුන්ගෙන් සියයට 4.3ක් උදෑසන ආහාර වේල නොගැනීමෙන් නිතර කුසගින්නෙන් සිටිමින් පාසලට පැමිණෙන බවද තහවුරු වී ඇත. මෙම තත්වය උද්ගත වී ඇත්තේ රටේ කෘෂිකර්ම නිෂ්පාදනයට ප්‍රමුඛස්ථානය නොලැබීම හේතුවෙන් සාධාරණ මිලකට ආහාර ලබා ගැනීමේ හැකියාව ගිලිහී ගොස් තිබෙන නිසාය. රජයේ සංඛ්‍යා ලේඛන දක්වන පරිදි 4 දෙනකුගෙන් යුත් පවුලකට ආහාර සඳහා පමණක් මසකට රුපියල් 1,20,000.00ක් අවශ්‍ය කෙරේ. එය පැහැදිලි කළහොත් උදේ වේල සඳහා රුපියල් 300.00ක්ද දහවල් වේල සඳහා රුපියල් 350.00ක් ද රාත්‍රී ආහාර වේල සඳහා රුපියල් 350.00 ක් ද වශයෙනි. මසකට ආහාර සඳහා මෙපමණ මුදලක් සොයා ගත නොහැකි පවුල් ඉහත කී ආකාරයට කන වේල් ගණන අඩු කොට තමන් නොකා දරුවන්ට ආහාර ලබා දීම වැනි ක්‍රියා මගින් වියදම පාලනය කර ගැනීමට උත්සහ කරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය මේ ආකාරයෙන් උග්‍ර අතට හැරී තිබීම රටක් ලෙස අප කනගාටු විය යුතුය.
සිසුන්ගේ මන්දපෝෂණ තත්වය හා රෝගී තත්වයන්ට අමතරව කනගාටුදායකම කරුණ වන්නේ ඔවුන්ගෙන් සියයට 5.7ක් දුම්පානය කරන බවත්, සියයට 5.3ක් මත්පැන් පානය කරන බවත් සහ සිසුන්ගෙන් සියයට 3.2ක් ගංජා භාවිත කරන බවත් මෙම සමීක්‍ෂණයේ දී හෙළි වී තිබීමයි. මෙම සමීක්‍ෂණ ප්‍රතිඵල රජයේ විශේෂ අවධානයට යොමු විය යුතුය. එය එසේ නොවන්නේ නම් රට භාර ගන්න සිටින තරුණ පරපුර මානසිකව සහ කායික වශයෙන් දුර්වල මෙන්ම තීන්දුවක් තීරණයක් ගත නොහැකි උදාසීන කණ්ඩායමක් බවට පත්වීම නතර කළ නොහැක. මෙම මානව සම්පත රජයේ ශ්‍රම බළකාය වන බැවින් රටක සංවර්ධනය හා දියුණුව උදෙසා සෘජුවම බලපෑම් එල්ල කරයි. මෙම තත්වය දිගින් දිගටම පැවැතියහොත් මන්ද පෝෂණයෙන් පෙළෙන පහසුවෙන් බෝ නොවන රෝගවලට ලක්වන දුර්වල ජාතියක් අනාගතයේ දී බිහිවනු ඇත.
මෙම සමීක්‍ෂණයේදී ලද තවත් ප්‍රතිඵලයක් වන්නේ සිසුන් සියයට 7.5කට සමීප යහළුවන් නොමැති බවද මෙම සිසුන් අතරින් සියයට 22.4ක් සෑම විටම හෝ බොහෝ විට ඉතා තද තනිකමකින් ජීවත්වන බවය. ඒ අතරින් ඩිප්‍රෙෂන් හෙවත් විශාදය ගති ලක්‍ෂණ ඇති සිසුන් ගණන සියයට 18 කි. එසේම පසුගිය වසර තුළ සිසුන් සියයට 15.4ක් දිවි නසා ගැනීමට තදින්ම පෙළඹී ඇති බවත් සියයට 9.6 ක් දිවි නසා ගන්නේ කෙසේද යන්න සැලසුම් කර ඇති බවත් පෙන්නුම් කරයි. මෙම තත්වය රටක් ලෙස ඉතා අවදානම් බරපතළ ඛේදජනක තත්වයකි. මේ සඳහා ක්‍ෂණික හා දීර්ඝ කාලීන සැලසුම් මගින් ළමා පරපුර බේරා ගැනීමට කටයුතු කළ යුතුය.
විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් සිය දිවි නසා ගත් අතර කොළඹ සිසුන් කිහිප දෙනෙක් උස් ගොඩනැගිලිවලින් පැන දිවි තොර කර ගත්හ. මෙම තත්වයට හේතුව වී ඇත්තේ දුක සතුට වේදනාව දරා ගැනීමට මනස හුරු නොවීමත් මවුපිය සහෝදර සහෝදරියන් සහ මිතුරන්ගේ ආදරය නොලබා හුදකලා වීමත්ය. ඈත අතීතයේ පවුල් කුලකයක් තිබූ අතර අම්මා තාත්තා, නැන්දා, මාමා, සීයා ආච්චි, බාප්පා, පුංචිඅම්මා යන පවුල් එකම ස්ථානයක ගෙවල් සාදා ගෙන ජීවත් වූ අතර අන්‍යොන්‍ය සුහදත්වයෙන් සහෝදරත්වයෙන් වේළී සිටියහ. දරුවන්ද ඒ මග යමින් තනි නොතනියක් නොලබා ජීවිතය ගෙන ගියේ මෙම පවුල් කුලකය තුළ තිබූ බැඳීම නිසාය. මෙම පවුල් කුලකය තුළ කිසිදාක වැරදි ක්‍රියා මාර්ගයක් නොතිබූ අතර දරුවන් ආරක්‍ෂා කිරීම සැමගේ වගකීමක් හා යුතුකමක් ලෙස සලකා කටයුතු කෙරිණි. නාගරීකරණය, අර්ධ නාගරීකරණය, සමාජ පරිවර්තනය තුළ මෙම පවුල් කුලකය ගිලිහී ගිය අතර දරුවන් සීමා වීම නිසා පවුලක ළමයින් එක් කෙනෙක් දෙන්නෙක් සිටීමෙන් මෙම තත්වය උග්‍ර අතට හැරිණ. සමාජ පරිවර්තනයක් සමග මව, පියා රැකියා සොයා යාම නිසා මෙම තත්වය උග්‍ර අතට හැරීම තීව්‍ර විය. මෙම තත්වය යළි ගොඩනැගිය නොහැකි අතර මේ සඳහා නවතම විද්‍යාත්මක විසඳුම් සෙවිය යුතුය. නැතහොත් දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුය. මෙම තත්වය තවත් උග්‍ර අතට හැරුණේ කොරෝනා සමයේ දී ඔන්ලයින් පන්ති නිසා ළමයින්ට ස්මාර්ට් දුරකතන ලබා දීම හරහා ඔවුන් ඒවා ඉවක් බවක් නොමැතිව භාවිත කිරීම හේතුවෙනි.
මෙම සමීක්‍ෂණයේ ප්‍රතිඵල තවදුරටත් විග්‍රහ කිරීමේ දී හෙළිවන්නේ පාසල් ළමයින්ගෙන් සියයට 63ක් පාසල් දිනවල දී නිදාගන්නේ පැය 8කට වඩා අඩුවෙන් බවය. එසේම දරුවන්ගෙන් සියයට 28.4ක් දිනකට පැය 03කට අධික කාලයක් අධ්‍යාපනික නොවන කාරණා සඳහා ජංගම දුරකතන හරහා අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය භාවිතයේ යෙදෙන බවත් හෙළි වී තිබේ. නින්ද තරුණ වියේදී අත්‍යවශ්‍ය කරුණකි. නිදිමැරීම නිසා ඇතිවන ප්‍රතිඵල පසුගාමීව සිදුවේ. නොයෙක් ආකාරයේ කායික දුර්වලතා සඳහා නිදි නොලැබීම බලපායි.
මෙවැනි සමීක්‍ෂණයක් මීට වසර 9කට පෙර එනම් 2016 දී සිදු කරන ලද අතර එහි වර්ධනයක් 2024 දී මෙම සමීක්‍ෂණයේ දී පෙන්නුම් කරයි. මෙම ඛේදජනක තත්වය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම අවධානය යොමු කළ යුතු අතර ආගම් ජාති භේදයකින් තොරව මෙම ව්‍යසනය රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයට වගකිව යුත්තේ කවුරුන්ද යැයි සොයනවාට වඩා දරු පරපුර මෙම ව්‍යසනයෙන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුය. මෙම ක්‍රියාමාර්ග කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් සැලසුම් සකස් කොට ක්‍රියාවට නැංවිය යුතුය. මෙම කාර්යයෙහිලා මවුපියන්ගේ පාසල් ගුරුවරුන්ගේ හා සමාජ පුරවැසියන්ගේ වගකීම බොහෝය. සමහර මවුපියන් කොතරම් නීති පැනවුවද දරුවන් තම මිත්‍රයන් මාර්ගයෙන් වැරදි දේවලට පෙළඹීම සිදු වේ. මවුපියන්ට වඩා තම මිත්‍රයා විශ්වාස කිරීමෙන් අමාරුවේ වැටෙන ළමයින් ගණන බොහෝය. සමාජ වගකීම වන්නේ මත්පැන් ලබා ගැනීමට හා ගංජා ලබා ගැනීමට ඇති මාර්ග අවහිර කිරීමයි. ඒවා වෙළෙඳාම් කරන අය හුදෙක් වූ මුදල් පසුපස හඹා නොගොස් රටේ අනාගතය වෙනුවෙන් එවැනි වෙළෙඳාම් ළමයින්ට නොකර සිටිය යුතුය. මවුපියන්ද ආදර්ශවත් විය යුතුය. ගුරුවරුන්ද ආදර්ශවත් විය යුතුය. පියා මත්පැන් පානය කරයි නම් ගංජා පානය කරයි නම් එය දරුවන්ට රහසක් නොවේ. ඔවුහු ඒවා අත්හදා බැලීමට පෙළඹෙති. එවිට ඔවුන්ද ඒවාට පුරුදු වීම වැළැක්විය නොහැක. එබැවින් මවුපියන්ද ආදර්ශවත් විය යුතුය. නොමැති වුවහොත් මෙම ව්‍යවසනයෙන් රට බේරාගැනීමට නොහැකි වනු ඇත. දැඩි නීති රීති ද පැන විය යුතුය.
රටේ මත්පැන් පානය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. දිනකට මත්පැන් සහ බියර් රුපියල් කෝටි හැටක පානය කිරීම ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති. බියර් පානය කාන්තාවන් අතර ප්‍රවර්ධනය වෙමින් පවතී. මෙම තත්වය කිසිසේත් විශ්වාස කළ නොහැකි අදහාගත නොහැකි තත්වයක් වුවද සත්‍ය එයයි. ධර්මද්වීපයක් වූ අප රට අද මත්පැන් ද්වීපයක් බවට පත් වී තිබීම ඉතා කනගාටුදායක තත්වයකි. එදා සිටි ආකාරයේ යහපත් කුල කුමරුවකු හෝ කුල කුමරියන් සොයා ගැනීමට නොහැකි තත්වයට සමාජය ශීඝ්‍ර ලෙස දූෂණය වෙමින් පවතී.
රජය දුම්කොළ බදු හා සුරා බදුවලින් ජීවත් වෙන්න උත්සහ කරද්දී ඒවා අඩ පණ කිරීම හෝ ඒවාට තහංචි පැනවීම සිදු නොකරයි. තව තවත් මත්පැන් හල් ඇරැඹීමට අවසර ලබා දේ. මෙවැනි තත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් රජයද වගකිව යුතුය. රජයක් විසින් දැඩි නීති පැනවිය යුතුය. එදා අමද්‍යප වීරයෝ අප රටේ බිහිවූහ. මෙරටට නිදහස ලබාදීම සඳහා පෙරමුණ ගත්තෝද අමද්‍යප වීරයෝය. එදා දේශපාලකයෝද ඉතා ආදර්ශවත් අයුරින් කටයුතු කළහ. රාජ්‍ය නිලධාරිහුද ආදර්ශවත් අයුරින් කටයුතු කළෝය. එදා ලස්සන ශ්‍රී ලංකාවක් අප දුටුවේ ඒ හෙයිනි.
නරක් වූ අඹ ගෙඩියක් තවදුරටත් නරක් වෙනවා මිස එය යළි යථා තත්වයට ගැනීමට නොහැක. එබැවින් නරක් වූ දූෂිත වූ සමාජයක් යළි ප්‍රකෘතිමත් කිරීමට දැඩි නීති රීති අවශ්‍ය වේ. නැතහොත් ධනාත්මක චින්තන විප්ලවයක් අවශ්‍ය කෙරේ. කොතරම් ආගමික වැඩසටහන් ඒ ඒ ආගම්වලින් ක්‍රියාත්මක කළත් පොදුවේ සැවොම එක්ව සමාජය ගොඩ නැගීම කළ යුතුය. ආගමික නායකයන්ද ආදර්ශවත් විය යුතුය.
කෙසේ වෙතත් මෙම තොරතුරු සහ සමීක්‍ෂණවල ප්‍රතිඵලය සුළුකොට තැකීම නොකළ යුතුය. තවදුරටත් මෙම තත්වය පුළුල් සංවාදයකට ලක් කොට අධ්‍යාපන හා තරුණ ප්‍රතිපත්ති සකස් කොට ක්‍රියාත්මක කළ යුතුය. මේ අතර ඉතා යහපත් තරුණ පරපුරක් සහ පාසල් පරපුරක සාමාජික සාමාජිකාවෝද සිටිති. ඔවුන් බේරා ගෙන රැක ගැනීම රජයක මෙන්ම ගුරු මවුපියන්ගේ ද වගකීම වේ. පාසල් දරුවන්ගේ සහ තරුණ පරපුරේ හැසිරීම් සංයුතිය මෙම දත්ත වලින් මනාව පිළිබිඹු කරයි. රටක කොඳු නාරටිය වන මෙම තරුණ ප්‍රජාව ශක්තිමත් පරපුරක් බවට පත් කිරීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් බව අවධාරණය කරමි.
(*** සුධාරිකා ගුරුසිංහ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුන්වේල කන්න බැරි රටක තරුණ පරපුරේ ඉරණම
චතුරි Friday, 30 May 2025 01:00 AM
මේ තරුණ බාල මහලු සියලු දෙනාගේම ජීවිතවලට වැඩියෙන්ම වග කියන්න ඕන මයිනා නොහොත් රාජපක්ෂ වරුන්... මයිනගේ නූගත් පැටවුන්ට.... සියලුම සැප සම්පත් දුන්නා රජයේ මුදල් දේපල සොරාකමින්. රටසවාරි. මිල අධික ඇඳුම් පැළඳුම්. ආසාවල් වලට රොකට් හදන්න. රජයේ මුදල් මුලු රටක් නඩත්තු කරන මුදල් නාස්ති කෙරුවා මොලයක් නැති පැටවුන්ට රැකියාවක් නැහැ. මේ සේරම රටේ ජනතාවගේ.... මේ විදියට හොරාකාපු වෙන රටවල නායකයින් බලය තියෙනකොටම හිරේ දමනවා. නමුත් අපේ රටේ තවමත් නාකිමයිනාට මයිනාගේ පරම්පරාවටයි ආවඩනවා. අලුත් පක්ෂයක්, නායකයෙක් දැන් ඉන්නේ.... රටේ නීතියත් ක්‍රියාත්මක වෙනකොට... මේ මුළු පරම්පරාවම අත්අඩංගුවට ගන්න ඕනෑ... ඔප්පු කරන්න සාක්ෂි තියෙන නිසා. මයිනා විතරක් නෙමේ වයසට ගිහින් තියෙන්නේ අසරණ ගොවියෝ. මයිනාට වැඩිය දුක් විඳිමින් රට ස්වයම්පෝශිත්. කරලා තියෙන්නේ... හොරාකාපු නිසා මුළු රටම ගින්දර ගොඩක...