IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සසුනට පහන් ටැඹක් වූ මල්වතු මහ නා හිමියෝ

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනාහිමියන්ගේ 81 වැනි ජන්ම දිනය අදට (30) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මහනාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූවේ 1944ක් වූ මැයි මස 30 වැනිදා මාතලේ කොහොන්සියපත්තුවේ තිබ්බටුවාව නම් ග්‍රාමවරයෙහිදීය. සෙනෙහෙබර මවුපිය දෙපළකට දාව මෙලොව එළිය දුටු වත්මන් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ, ළමා වියෙහි සිටම මහණකම කෙරෙහි මහත් ලැදියාවක් දැක්වූයෙන් 21 වැනිදා උත්තරීතර මහානායක පදවිය හෙබවූ අපවත් වී වදාළ අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සරණංකර මහනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන පැවිදි ශිෂ්‍යයෙකු වශයෙන් වර්ෂ 1957 ජූනි මස 10 වැනිදා මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී පැවිදි ජීවිතයට ඇතුළත්වීමට තරම් භාග්‍යමත් වූහ.

වර්ෂ 1964 ජූනි මස 10 වැනිදා වාහලනාග නමින් ඔටුනු පලඳවා, උපසම්පදා විනය කර්මයට ඇතුළත් වූහ. 1968 සැප්තැම්බර් මස 28 වැනිදා අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජපූජිත විංසත්වර්ගික කාරක සංඝ සභාවට පත් කිරීමට යෙදුණාහ.

1979 මැයි මස 10 වැනිදා සිරිමල්වත්තේ ආනන්ද මහනායක මහනාහිමිපාණන් වහන්සේ විසින් නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් ද 1985 නොවැම්බර් මස 09 වැනිදා මහා ලේඛකාධිකාරී ධූරයෙන් ද පිදුම් ලැබූ අතර 1992 මැයි මස 13 වැනිදා අනුනායක පදවියෙන් පිදුම් ලබා, අවසානයේ 2004 වැන්නේ දී අතිගෞරවාර්හ රඹුක්වැල්ලේ ශ්‍රී ධම්මරක්ෂිත විපස්‍යාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලැබීමට තරම් භාග්‍යමත් වූහ.

උපසම්පදාව යළි පිහිටුවා ශාසනයේ චිරපැවැත්ම හා මනා පාලන සංවිධානය ඇති කරගනුවස් කෝට්ටේ යුගයෙන් පසු හිස්ව තිබූ සඟරජ පදවිය යළිත් ස්ථාපනය කොට අසරණ සරණ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ට සංඝරාජ පදවියට නිසි වටාපත පිළිගන්වා, උභය මහා විහාරය සහ සමස්ත මහා සංඝයා වහන්සේලාගේ සඟ රජු ලෙස පත් කළ අතර මල්වතු අස්ගිරි උභය මහා විහාරය සඳහා මහානායක පදවි දෙකක් ඇති කොට මල්වතු මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත මාහිමියන්ටත්, අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමියන්ටත් නිසි වටාපත් පිළිගන්වා, උත්තරීතර මහා පදවි දෙකට උන්වහන්සේලා පත් කරනු ලැබූහ.

උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත ප්‍රථම මහානාහිමිපාණන් වහන්සේ සිංහල, පාලි ආදී භාෂාන්තර දැනුමෙන් සහ ධර්මාන්තර දැනුමෙන්  බොහෝ පෝසත් දුර්ලභ ගණයේ වියත් පඬිවරයන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට වූහ. 

මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රථම මහනාහිමිපාණන් වහන්සේගෙන් ආරම්භ වූ රිදීවිහාර සඟ පරපුරේ වැඩවිසූ මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අතර තිබ්බටුවාවේ සුමංගල මහා නායක මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ රා.ව. (1893-1913) සහ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ රා.ව. (1956 -1963) රිදී විහාර සඟ පරපුරේ මෙන්ම, මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජ පූජිත උත්තම මහා පදවියේ ද ගෞරවය නිසිසේ ආරක්ෂා කර ගනිමින් ලෝසසුන් වැඩ පිණිස හා ධර්මශාස්ත්‍රීය අභිවර්ධනය පිණිස ඉමහත් මෙහෙයක් ඉටු කරනු ලැබූහ.

ලාභ ප්‍රයෝජනයන් නොලැබෙතැයි සිතා හෝ අනුන්ගේ සිත් නොතැලීමට යයි සිතා හෝ කිවයුත්ත ඍජුව අවංකව නොකියා සිටීමේ පුරුද්දක් අප මහනාහිමිපාණන් කෙරේ පිහිටා නොමැත.

අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනාහිමිපාණන් වහන්සේ, අසූ එක්වන වියට පියනගන අද (30) සුභ ජන්ම දිනයේ දී ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය නොඅඩුව ලැබත්වායී ආශිසංනය කරමු. 

 

(***)
කේ. මීගහකුඹුර
ශ්‍රී දළදා මාලිගාව



අදහස් (0)

සසුනට පහන් ටැඹක් වූ මල්වතු මහ නා හිමියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site