තථාගතයන් වහන්සේගේ උපත සිදු වූ භාරතීය සමාජයේ තත්කාලීන තත්වය පිළිබඳ සොයා බැලීමේදී විවිධ දර්ශනවාද ගෙන හැර දක්වන ලද විවිධ ශාස්තෘවරුන් පිළිබඳ අසන්නට ලැබේ. එම ඉගැන්වීම් අනුගමනය කරන්නෝ ද බොහෝය. එම ශාස්තෘවරුන් බොහෝ වයස්ගත වූවෝ වෙති. සංඝ ගණ, ගණාචරියෝ, ඤාතෝ ආදී වශයෙන් ඔවුන් පිළිබඳ හඳුන්වා දී ඇති අතර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම මෙම දර්ශනවාද නිසා මානසිකව පීඩාවට පත්ව සිටි බොහෝ දෙනාට මහත් සහනයක් වූ බව ප්‍රකට කරුණකි.
ශ්‍රාවක පිරිස පස් නමකගෙන් සමන්විතව ආරම්භ කරන ලද බුද්ධ කෘත්‍යය පිළිබඳව සොයා බැලීමේදී තමන් වහන්සේ දීර්ඝකාලීනව ගවේෂණශීලීව අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍යය ධර්මය ප්‍රථමයෙන් ම දේශනා කිරීම පිළිබඳවත් එය අවබෝධ කරවීම පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ කිසියම් මානසික අර්බුදයකට මුහුණදීම පිළිබඳ තොරතුරු වාර්තා වේ. එම ගම්භීර ධර්මාවබෝධය පිළිබඳව උන්වහන්සේගේ කිසියම් තීරණයකට එළැඹෙන ලද්දේ තමන්වහන්සේගේ ගවේෂණ මාර්ගයේදී මුණ ගැසුණු ආලාරකාලාමාදීන් පූර්ව ආචාර්යවරුන් ය. එසේම එක්ව තවුස් දම් පිරූ පඤ්චවග්ගිය තවුසන්ය. ඒ අනුව තමන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් යුතුව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම් පුරමින් අවබෝධ කර ගත් විමුක්ති මාර්ගය පෙන්වා දෙමින් සත්‍යාවබෝධය ලබා දීම සඳහා ද මහත් ප්‍රයත්නයක් දරා ඇති බව පෙනේ.
බෞද්ධ ශාසන ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී අසහාය ධර්මදූතයන් වහන්සේ වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ බව සනාථ වන්නකි. පන්සාළිස් වසක් පමණ වූ කාලසීමාව තුළ තමන්වහන්සේ අවබෝධ කර ගත් උතුම් ධර්මය විවිධ පුද්ගලයන් වෙත රැගෙන ගිය අයුරු දැක ගත හැකි වේ. වෙනත් ශාස්තෘන් වහන්සේ තම ශ්‍රාවක පිරිස තමා ළඟට කැඳවා තම ඉගැන්වීම් සිදු කළ අයුරු දක්නට ලැබෙන අතර භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත ගමන සිදු වී ඇත්තේ බරණැස ඉසිපතන මිගදායට බව සඳහන් කළ යුතුව ඇත.
පස්වග තවුසන් කරා ගමන් ගත් උන්වහන්සේ තමන් අවබෝධ කර ගත් ධර්මය එම කුඩා ශ්‍රාවක කණ්ඩායමට දේශනා කළ පසු ඔවුන් භික්ෂුත්වය ලබන්නේ ඉන් පසුවය. මෙසේ ආරම්භ වන ධර්ම ප්‍රදානය සමගම ධර්මාවබෝධය ලැබූ භික්ෂූන් උතුම් අර්හත්භාවය ලබන ලද්දේ මතු නොව පස් නමක් වූ භික්ෂු පිරිස සැට නමක් බවට වර්ධනය වන අයුරු දක්නට ලැබේ. ඉන් අනතුරුව තථාගත නියමය වූයේ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං’ යනාදී වශයෙන් ධර්මය දෙවි මිනිසුන් කරා රැගෙන යාමට නියම කර ඇති අතර එය තමන්ටද හිතසුව පිණිස පවතී. ධර්මදූතයන් වහන්සේලාගේ පැවති සංඛ්‍යාත්මක අඩුව නිසා එක මගක එක නමක් පමණක් ගමන් කළ යුතු බවට නියම කරන ලදි. භාග්‍යවතුන්
වහන්සේද ධර්මදූත සේවාව සඳහා වැඩම කළ ආකාරය ලෝකයට ලබා දුන් උතුම් ආදර්ශයක් ද වෙයි.
එසේ එක් සැට නමකගෙන් ආරම්භ වූ බෞද්ධ ධර්මදූත සේවාව නිසා මුළුමහත් භාරතයම නව දහමක් වූ බුදු දහමට ඒකරාශී වූ අයුරු සසුන්ගත වූ විශාල සඟ පිරිස වෙතින් පෙනී යයි. ප්‍රථම බුද්ධ යාමය නම් වූ වසර විස්ස ඉක්ම යාමත් සමග පනවන විනය නීති තුළින් ද පෙනී යන්නේ සසුනට අසීමිත පිරිසක් එක් වීම පමණක් නොව ඔවුන්ගේ අභිලාෂද විවිධ වූ බවය. තථාගතයන් වහන්සේගේ සද්ධර්ම ප්‍රදානය මිනිස් ප්‍රජාව සඳහා පමණක් සීමා වූවක් නොවූ අතර දෙවියන් බඹුන් ආදී විශ්වයෙහි වෙනත් ලෝකවල ජීවත්
වූවන්ද එකතු කර ගත් අයුරු තම මෑණියන් වූ තුසිත දෙව්ලොව ඉපිද සිටි මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ වෙතට ද ධර්මය රැගෙන ගොස් තෙමසක් පුරා සක් දෙවිඳුන් ප්‍රධාන බොහෝ දෙවිවරුන්ට අභිධර්මය ප්‍රධාන කොට ගත් බොහෝ දේශනා පැවැත්වූ බව ධර්ම සාහිත්‍යයෙන් පැහැදිලි වෙයි.
මේ හැරෙන්නට බොහෝ දිව්‍ය බ්‍රහ්මාදීන් භාග්‍යවතුන් වහන්සේ සමීපයට මධ්‍යම රාත්‍රී කාලයෙහි එළැඹ ධර්ම ශ්‍රවණය මතු නොව ඔවුන්ට අයත් වූ විවිධ ගැටලු ද නිරාකරණය කර ගත් අයුරු අපූර්ව සිදුවීම් ලෙස දැක්විය හැකිය. තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම්
ධර්මය මෙසේ දෙවි මිනිසුන්ට පමණක් නොව යක්ෂ නාගාදීන් මෙන්ම නාලාගිරි ආදී ප්‍රචණ්ඩ හස්තීන් වෙත ද යොමු කර ඇති ආකාරය ඉතා ප්‍රකට සිදුවීම් දැක්විය හැකිව තිබේ.
මිනිස් ප්‍රජාව පිළිබඳ සැළකීමේදී සුනීත, සෝපාක ආදී ක්ෂුද්‍ර කුලයට අයත් දරුවන් කසල ශෝධකයන්, රෝගීව වැතිර සිටි මට්ටකුණ්ඩලී වැනි බ්‍රාහ්මණ කුමාරවරුන්, කෝලිත උපතිස්ස ආදී තරුණ කුමාරවරුන් වෙත ද ප්‍රදානය කර ඇති අයුරු දැක ගත හැකි ය. තමන් වහන්සේගේ දෛනික වැඩසටහනෙහි අලුයම් කාලය මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව බලා වදාරන ලද්දේ එදින කවරකු මෙම උතුම් ධර්මය අවබෝධ කර ගැනීමේ භාග්‍යය ලබන ලද පිරිස පිළිබඳව වන අතර ඔවුන් සසරින් එතෙර කරවීම සඳහා තථාගතයන් වහන්සේ ඉතා දුර බැහැර ප්‍රදේශයකට වුව ද පා ගමනින් යුතුව වැඩම කොට ධර්ම දායාදය ලබා දුන් අයුරු ත්‍රිපිටක ධර්මය පුරා දැක ගත හැකිය. සසරෙන් එතෙර වීමේ භාග්‍ය සම්පන්නතාව ඇති විවිධ පුද්ගලයන් සමීපයට වැඩම කළ ආකාරයත් කාලය එළැඹෙන තෙක් නැවත නැවතත් ඔවුන් කරා ගොස් සුහදතාව ඇති කර ගැනීමත් පිළිබඳ තොරතුරු ත්‍රිපිටක ධර්මයෙහි සඳහන් වේ. එබඳු පුවතක් ධම්මපද පාලියෙහි සඳහන්ව ඇති මෙම ගාථාවෙහි නිධාන කතාවය.
තණ්හාය ජායති සෝකො
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකෝ කුතෝ භයං
එක්තරා දිළිඳු මිසදිටු බ්‍රාහ්මණයකුට සසරින් එතෙර වීමේ හේතු සම්පත් දුටු භාග්‍යවතුන් වහන්සේ කුඹුරු ගොවියකු වූ ඔහුගේ කුඹුර සමීපයෙහි වැඩ සිටීමේදී දැන හඳුනා ගැනීමක් ඇති කර ගන්නා ලදි. මිසදිටුවකු වූ බමුණා මුලදී භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැති වව ද නිතර පැමිණ කුඹුරේ වගා කටයුතු පිළිබඳ විමසීම නිසා ඉතා හිතවත්කමක් මෙන්ම ගෞරවයක් ද ඇති කර ගත්තේය. කුඹුරේ අස්වැන්නෙන් කොටසක් ද පරිත්‍යාග කිරීමට තීරණය කරන ලදි.
අස්වැන්න නෙළීමට ආසන්න දිනයකදී ගංවතුරක් ඇති වී කුඹුරෙහි පැසුණු ගොයම පසත් සමග සේදී ගියේය. පසුදින කුඹුරට පැමිණි බමුණාට දක්නට ලැබුණේ පාලුවට ගිය තමන් මහන්සි වී නොයෙක් බලාපොරොත්තු ඇති කර ගත් සේදී ගොස් ඇති වී අස්වැන්න සහිත පාළුවට ගිය කුඹරය. ඔහු වඩාත් කම්පා වූයේ අහඹු ලෙස මිත්‍ර වූ භවත් ගෞතමයන් වහන්සේට සිතූ ලෙස එම කොටස දීමට නොහැකි වීම පිළිබඳවය. මහත් දුකින් ගෙදරට ගොස් ඇඳට වැටුණේය. තථාගතයන් වහන්සේට ද සිදු වී ඇති විපත දැක ගොවියාගේ නිවසට ගොස් කතා කිරීමේ දී තම බලාපොරොත්තු කඩ වීම නොව පාළු වූ කුඹුර පිළිබඳව ද දුක්මුසුව කතා කිරීමේදී තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දේ පාලු වී ඇත්තේ කුඹුරට වඩා ඔබේ සිත බවය.
සෝකයට හේතුව තණ්හාව බවත් බය ඇති වීම සඳහා ද හේතුව තණ්හාව වන අතර තණ්හාවෙන් මිදුන කෙනාට සෝකයක් නැත්තේ සේ ම
බයක්ද නොවන බව දේශනා කිරීමෙන් පසු සිත සකසා ගත් බමුණා ධර්මාවබෝධය ලැබූ බව සඳහන් වෙයි. මීට වසර දෙදහස් තුන්සිය තිස් පහකට පෙර අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් සදහම් පණිවිඩය ලක් දෙරණට ගෙන ඒමේ දූත කාර්යය ද භාග්‍යවතුන් වහන්සේ එදා ප්‍රථම රහත් හැට නමට කරන ලද නියමයේ ප්‍රතිඵලයකි.
ඒ ඒ අවස්ථාවල තථාගතයන් වහන්සේ ප්‍රචණ්ඩ වූ යක්ෂ නාග ආදීන් මෙන්ම දේව ජන සමූහයාගේ ගැටලුකාරී අවස්ථා තුනක ලක්දිවට ලබා දුන් ධර්ම දායාදය කෙමෙන් අක්‍රීය වීමෙන් පසු තෙවැනි ධර්ම සංගායනාවේදී මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහස්නේ ප්‍රධාන මහ රහතන් වහන්සේගේත් ධර්මාශෝක මහ රජාණන්ගේත් අනුග්‍රහය ඇතිව මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත කණ්ඩායම පැමිණි ආකාරය ඉතා ප්‍රකට කරුණකි.
එදා සුනාපරන්තය තරම් දුෂ්කර වේදිසගිරියේ වැඩ සිටිමින් ලාංකික ජනතාවගේ ජන විඤ්ඤාණය පිළිබඳ හා භාෂා ශාස්ත්‍ර ආගමික මතවාද පිළිබඳවත් පූර්ව පෙර සූදානමකින් යුතුව උන්වහන්සේ වැඩම වීම නිසා ඉතා ඉක්මනින් බුද්ධාගම ලක්බිම පුරා ජනගත කිරීමේ හැකියාව ලැබුණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමේ දී සංඝමිත්තා රහත් මෙහෙණිය සමග පැමිණි විවිධ කර්මාන්තවල නිපුණතා ඇති පිරිස දෙවැනි දූත කණ්ඩායම ලෙස පැමිණීමද මහින්දාගමනයෙහි පරමාර්ථසාධනය සඳහා සුවිශාල ශක්තියක් වූ බව ඓතිහාසික සිදුවීම් තුළින් දැක ගත හැකිව තිබේ.
(***)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ධර්ම දායාදයට බුද්ධ චරිතයෙන් දුන් ආදර්ශ