දඹානේ ආදිවාසීන් ගවයන් හා කුකුළන් ඇතිකරනු ලබන්නේ හුරතලයටය. මස් කර ආහාරයට ගැනීම හෝ මසට විකිණීම ඔව්හු කිසිසේත්ම නොකරති. එහෙත් මෑතක සිට ඇතැම් ආදිවාසීහු එළකිරි පානයට හා කුකුල් බිත්තර කෑමට පුරුදුව සිටිති.
මුවා, හාවා, ගෝනා වැනි වන සතුන් දඩයම් කිරීම ඔවුන්ගේ පාරම්පරික අයිතියකි.
එහෙත් ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇත. ඒ අනුව ගැබ්බර සතකු, තණ කන සතකු, කිරිබොන සතකු හා ආබාධිත සතකු දඩයම් කිරීම තහනම්ය. දඩයම් කළ හැක්කේ පවුලේ සාමාජිකයන්ගේ ආහාර අවශ්‍යතාවට ප‍්‍රමාණවත් වන සේය. විකිණීම තහනම්ය.
සතා දිවීමට සලස්වා දඩයම් කිරීමට මොවුන් හුරුකරන්නේ කුඩා කල සිටමය. පුංචිම පුංචි කාලයේ ”ගල් රැක්ක” හෙවත් කැටපෝලය පුංචි දෑතට එක්වන්නේ සෙල්ලමට මෙනි. කුරුල්ලන් පියඹන විට කැටපෝලයෙන් විද බිම හෙළීම (කැකුලන්) වැදි දරුවන්ට දෙන ප‍්‍රථම අභ්‍යාසය වෙයි.
මෙම කුරුල්ලන් ආහාර පිණිස ගැනීමද සාමාන්‍ය දෙයකි.
දුන්නට හුරුවන්නේ ඉන් පසුවය.
කොබ්බෑ හෝ ගැටවලා ලීයෙන් දුන්න හදති. අරළුගසේ පට්ට හෝ ගැටවලා ගසේ පට්ට දුන්නේ ලනුවයි. ඊතලය යකඩයෙන් හදා ගන්නා අතර එහි මිට සඳහා උපයෝගී කරගන්නේ ”වෙලං” කෝටුවකි. දඩයම් කළේ දුන්න හා ඊතලයෙනි.
දුනු ඊතල සංස්කෘතියට වෙනස්වූ වෙඩි තබා සතුන් ඝාතනය කිරීම වැද්දන්ට පුරුදු කළේ 1937 න් පසු වන රාජකාරියේ ගිය මිනින්දෝරුවන්, ග‍්‍රාම සංවර්ධන නිලධාරීන් හා කෝරලේ මහත්තුරුන් විසිනි.
අලි එළවීමට දෙන අලි වෙඩිවල වෙඩි බෙහෙත් බටයට දමා කොටාගන්නා මෙම තුවක්කු හැඳින්වූයේ බෙහෙත් කොටන තුවක්කු නමිනි.
තුවක්කුවක් අරන් කැලේ ගිය වන්නියලෑ ඇත්තන් ඇබැද්දියකට මුහුණ පෑවේය.
ඔහු එම සිදුවීම අදත් සිහිගන්වන්නේ අකමැත්තෙනි.
එතකොට අප්පල ඇත්තො (තිසාහාමි) සිටියා. අප්පල ඇත්තො තමයි නායකයා. මමයි මගේ මල්ලි (කෙන්දාගේ) පුතකු නිසායි කැලේ ගියා. මට එතකොට තුවක්කුව හුරු නැහැ. අපි විනෝදෙට වගේ එදා කැලේ (කොටි) ව්‍යාග‍්‍රයෝ ඉන්න පැත්තටම යන්නයි ගියේ.
එතකොට තිසාගේ වයස අවුරුදු 15ක් විතර ඇති. තිසා පලූ කන්න හරිම ආසයි. මම පලූ ගහට නගින කොට තිසාත් නැග්ගා. අපි බොහෝ වේලාවක් පලූ ගහේ හිටියා.
ඊට පස්සේ ඝන කැලේ ඇවිදගෙන ගියා. සමහර තැන්වලදී අපි දෙන්නට දෙන්නා පේන්නෙ නැති තරමට කැලෑව වැවිලා තිබුණා. අපි දෙන්නම දැක්කා කැලේ මැද රවුම් ගලක් තියෙනවා වගේ. ඒ ගලට නැගල ටික වෙලාවක් ඉදිමු කියලා තිසා යෝජනා කළා. හොඳයි හොඳයි කියමින් මමත් ඔහු පිටුපසින් ගමන් කළා. ළඟටම යනකොට මෙන්න ගල හෙලවෙනවා. දෙයියනේ දැවැන්ත අලියෙක්. අපිට හැරෙන්නවත් වෙලාවක් නැහැ. අලියෙක් අලියෙක් කියලා තිසා කෑගැහුවා.
මම තුවක්කුව අතට අරන් පත්තු කළා. ”තිසා” බුදු අම්මෝ කියාගෙන බිම වැටුණා. වෙඩි හඬට බයේ අලියා පැනල දිව්වා. මං ”තිසා” නැගිට්ටවන්න උත්සාහ කළා. ඔහුගේ ඔළුවෙන් ලේ ගලමින් තිබුණා.
මට අමාරු නැහැ තිසා කිව්වා. ”වාසනාවට” තිසාගේ ඔළුවේ ඉස් මුදුනේ තැවරීගෙන වෙඩිල්ල ගිහින් තියෙන්නේ. සීරීම් තුවාල ඇතිවෙලා. ලේ ගලන්නේ එම තුවාලවලින්.
මම ”තිසා” ඔසවා කරට ගත්තා. හති දම දමා පැලට ආවා.
අප්පිල ඇත්තට විස්තරේ කිව්වම අප්පිල ඇත්තෝ කලබල උනේ නැහැ. කැලෑ බේත් හදලා තුවාලවලට දැම්මා. ටික දවසකින් තුවාල සුව උණා. ”තිසා” දැන් (40) වැනි වියේ පසුවෙයි.
මෙ මාරක අත්දැකීම ගැන විස්තර කියූ ඔහු පැවසුවේ ඊට පස්සේ ඉඳලා කව්රු හරි එක්ක කැලේ යනවා නම් කාටත් පස්සේ ගමන් කරන්නේ තමා බවයි. ”නැත්නම් තනිවම ගිහින් දඩයමක් කරගෙන මි පැණි ටිකක් හොයාගෙන එනවා....” යි ඔහු පැවසුවේ සිනාසෙමිනි.
වැදි රැහේ ජීවිතය-1
වැදි රැහේ ජීවිතය-2
2025 නොවැම්බර් මස 21
194
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
255
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1148
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වන්නියලෑ ඇත්තන්ගේ තුවක්කුව පත්තුවූ දා
ලියොන් ගුණවර්ධන Friday, 12 December 2014 04:23 AM
ඉහත ලිපිය කියවූ පසු මට සිතුණේ උසස් සංස්කෘතියක් ඇති අපේ වැදි ජනයා වෙඩි තබා සතුන් ඝාතනයට පුරුදු වූ නිසා ඔවුන් අනතුරු වලට භාජනය වුවා පමණක් නොව වන සතුන්ද බියපත් කළබවයි. (නි)