රුවැති ළඳකගේ මුහුණ සඳට සමාන කිරීම එදත් අදත් කවියන්ගේ පුරුද්දයි. සෑම නිමේෂයකදීම පොළොව වටා ගමන් කරමින් රාති‍්‍රයේ සඳ රැස්වලින් පොළොව නහවන චන්ද්‍රයා පිළිබඳ මිනිසුන්ගේ කුතුහලය ජනිත වූයේ අද ඊයේ නොවේ. ඒ නිසාම ඔවුහු සඳ දෙවියන්ට සමාන කළහ. ඇතැම් විට යහපත් මිනිසකු අමරණීය කිරීමට තැනූ වස්තුවකැයි සිතූහ. ගී‍්‍රක වරුන්ගේ විශ්වාසය වූයේ සඳ ජීවිතය ඇති කරන හා විනාශය කැඳවන දෙව`ගනගේ වාසස්ථානය බවයි. බෞද්ධයෝ බෝසත් චරිතයක එන හාවාට උපහාර පිණිස සක් දෙවිඳුන් විසින් හඳේ හාවෙක් ඇඳ ඇතැයි සිතූහ. ඈත අතීතයේ පටන් නැකත් කරුවෝද තාරකා විද්‍යාඥයෝ ද සඳ ගැන නිතර නිතර සොයා බැලූහ. විවිධ මත ප‍්‍රකාශ කළහ. පෘථිවියේ පරිවාර ග‍්‍රහයා වූ චන්ද්‍රයා මතුපිටට යානයක් යැවීම බොහෝ කළක පටන් ඇමරිකාවේත් රුසියාවේත් සිහිනයක් වී තිබිණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නිරවි යුද සමයේ මොවුන් අතර උනුන් පරයා නැගීමේ තරගයේ උච්ඡුතම අවස්ථාව වූයේ අභ්‍යාවකාශය ජය ගැනීමයි. වරින් වර නිපදවූ චන්ද්‍රිකා ගුවන් ගත කළ ඇමරිකාවත් රුසියාවත් අතරින් ලොව ප‍්‍රථම වතාවට මිනිසකු අභ්‍යාවකාශයට යැවූ රුසියාව පෙරමුණ ගෙන තිබිණි. ඇමරිකාවේ අදහස වූයේ සඳ තරණයෙන් පෙරමුණ ගැනීමයි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මර්කරි වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමයේදී (1960) දී ඇපලෝ වැඩසටහන පිළිබඳ සංකල්පය මුල් වරට කරලියට පිවිසියේය. මර්කරි කැප්සුලය මගින් පෘථිවි කක්ෂයේ සීමිත දුරකට එක් මිනිසකු පමණක් ගෙන යාමේ හැකියාව තිබිණි. නාසා ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් ආලෝකයට හා දුනු ශිල්පයට අධිපති ඇපලෝ නම් ගී‍්‍රක දෙවියාගේ නමින් සඳ තරණය කිරීමේ ව්‍යාපෘතිය නම්කරන ලදී. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු දිගින් දිගටම සිදුකළ ද එයට ප‍්‍රමාණවත් තරම් මුදල් ලැබුණේ නැත. මිනිසුන් අභ්‍යාවකාශයට යැවීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති අයිසන් හවර් සැකමුසුව බැලීම එයට හේතුවක් විය. අභ්‍යාවකාශ ගවේෂණය හා මිසයිල ආරක්ෂණය යන ක්ෂේත‍්‍රයෙන් තම රාජ්‍යය සෝවියට් දේශයට වඩා ඉහළ මට්ටමකට ගෙන එන බව පොරොන්දු වෙමින් මැතිවරණයට තරග කළ ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිධූරයට පත්වුව ද ඔහු ද මේ වැඩපිළිවෙළ ගැන නිගමනයකට එළඹීමෙන් වැළකී සිටියේය. මිනිසුන් සහිත යානයක් සඳ මතට යැවීමට වැය කළ යුතු මුදල් කන්දරාව ඔහු අධෛර්යයට පත්කරන්නට ඇත. නාසා ආයතනයේ ප‍්‍රධානියා වූ ජේම්ස් වෙබ් තම වැඩපිළිවෙළට ලබාදෙන මුදල් ප‍්‍රමාණය ඉහළ දමන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටිය ද කෙනඩි ඒ ගැන උනන්දුවන බවක් පෙනෙන්නට තිබුණේ නැත. 1961 අපේ‍්‍රල්් මස 12 වැනි දින යූරි ගගාරිං අභ්‍යාවකාශ ගතවීමේ පුවත ඇමරිකාව සසළ කළේය. අභ්‍යාවකාශ තර`ගයෙන් රුසියාව ජයග‍්‍රහණය කරන බව ඉතාමත්ම පැහැදිලි කරුණක් වී තිබේ. ගගාරිං අභ්‍යාවකාශය තරණය කළ දිනට පසුදින පැවති ඇමරිකාවේ විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩල කමිටු රැස්වීම බොහෝ සෙයින් උණුසුම් මුහුණුවරක් ගත්තේය. කොන්ග‍්‍රස් සභිකයන් වැඩි දෙනකුගේ අදහස වූයේ එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගත් හදිසි වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ යුතු බවයි. එක්සත් ජනපද අභ්‍යාවකාශ වැඩ සටහනේ තත්ත්වය හා නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබඳ සොයා බලන මෙන් ජනාධිපති කෙනඩි අපේ‍්‍රල් 20 දා උප ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් හට සිහිකැඳවීමක් යැව්වේය. 1961 මැයි මස 25 වැනි දින කොන්ග‍්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතමින් විශේෂ කතාවක් කළ කෙනඩි මෙසේ කීවේය. ‘‘ අපේ දේශයේ මිනිසකු මේ දශකය අවසන් වීමට පෙර සඳ මතට යවා නැවත ඔහු ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ඉලක්කය අප විසින් ජයගත යුතුයි. මේ කාලයේදී සිදුකරන කිසිදු අභ්‍යාවකාශ වැඩසටහනක් එම ඉලක්කය ජය ගැනීමට ගන්නා උත්සාහය තරම් වැදගත් නොවනු ඇති. ඉතා අධික මිලක් යෙදවිය යුතු මේ ව්‍යාපෘතිය අභ්‍යාවකාශයේ දුර ගවේෂණය සඳහා ඇති වැදගත්ම වැඩසටහන වන අතරම වැඩිම මිලක් වැය කිරීමට සිදුවන ව්‍යාපෘතියද වනු ඇත. ’’ ‘‘ අප ඉදිරි වසර දහයේදී සඳ මත පා තැබීමට තීරණය කළේ එය පහසු ඉලක්කයක් නොව අපහසු ඉලක්කයක් වූ බැවිනි. එයින් අපගේ හැකියාව හා ශක්තිය මැන බැලීමට හැකිවනු ඇත. එය අභියෝගයකි. එය භාර ගැනීමට සූදානම්ව සිටින අප එය කල්දැමීමට කැමැත්තක් නැත. ’’ කෙනඩි ඇමරිකාවේ ජනතාව හමුවේ මෙවන් බලාපොරොත්තු දැල්වුව ද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත්ව සිටියේය. කෙනඩි මේ අදහස් ප‍්‍රකාශ කරන විටත් ඇමරිකාව අභ්‍යාවකාශයට යවා තිබුණේ එක් මිනිසකු පමණි. මෙවන් තත්ත්වයකදී නාසා ආයතනයේ සේවකයෝ පවා කෙනඩිගේ ඉලක්කය සපුරාගත හැකිවේද යන්න පිළිබඳ සැක පල කළහ. ඉතාමත්ම හදිසියේ නවීන තාක්ෂණික ක‍්‍රම වේදයන් රැසක් කි‍්‍රයාවේ නංවන්නට විය. ලෝකයේ තනි රටක් විසින් එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කරන ලද විශාලතම මුදල් ප‍්‍රමාණය වෙන්වූ ඇපලෝ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීම සඳහා ලක්ෂ හතරක් වූ සේවක සංඛ්‍යාවක් යොදවා ගැනීමට සිදුවූ අතර මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සංඛ්‍යාව 20,000 අධිකය. මොවුන්ගේ අරමුණ වූයේ මිනිස් ජීවිත වලට අවධානම අඩුම සහ අඩු වියදමකින් සඳ තරණය සඳහා කටයුතු කිරීමයි. මේ යෝධ කාර්යය ජය ගැනීම සඳහා ආකාර හතරක් අත්හදා බැලීමට නාසා ආයතනය තීරණය කළේය. සෘජු නික්මීම -අභ්‍යාවකාශ යානයක් කෙලින්ම සඳට ගමන්කර එහි ගොඩබා නැවත තනි ඒකකයක් ලෙස පෘථිවියට පැමිණේ. මේ සඳහා අතිශය බලසම්පන්න වූ රොකට්ටුවක් අවශ්‍යයය. පෘථිවි කක්ෂය හා සම්බන්ධ වීම-සැටර්න් වී රොකට්ටු දෙකක් නිකුත් කරයි. එක් රොකට්ටුවක් අභ්‍යාවකාශ යානය පෘථිවි කක්ෂයෙන් ඉවතට ගෙන යන අතර අනෙක් රොකට්ටුව අභ්‍යාවකාශ යානය පෙරළා පෘථිවියට ගෙන එයි. සඳ මතුපිටදී සම්බන්ධ වීම-මෙහිදී අභ්‍යවකාශ යානා දෙකක් නිකුත් වේ. පළමුවැන්න ස්වයංකී‍්‍රය යානයකි. අනෙක මිනිසුන් රැගත් යානයයි. පෘථිවියට ඒමට පෙර ප‍්‍රචාලක පද්ධතිය ස්වයංකී‍්‍රය යානයේ සිට මිනිසුන් සහිත යානයට සම්බන්ධ කැරෙනු ඇත. චන්ද්‍ර කක්ෂ සම්බන්ධ වීම්-එක් සැටර්න් වී රොකට්ටුවක් මොඩියුල කොසට්වලින් යුත් එක් අභ්‍යවකාශ යානයක් නිකුත් කැරෙනු ඇත. අණදීම් යානය චන්ද්‍ර කක්ෂයේ පවතින අතර චන්ද්‍ර යානය ගොඩබෑමෙන් පසු යළි ඒ සමග සම්බන්ධ වනු ඇත. මෙම ආකාර වලින් මුල් යුගයේදී නාසා ආයනය වඩාත් උනන්දු වූයේ සෘජු නික්මීම කෙරෙහිය. බොහෝ දෙනාගේ අදහස වූයේ අභ්‍යාවකාශයේදී මෙතෙක් සිදු නොකළ සම්බන්ධ කිරීම් චන්ද්‍ර කක්ෂයේදී සිදුකිරීමට නොහැකි බවයි. ලැන්ග්ලී පර්යේෂණ මධ්‍යස්ථානයේ ජෝජ් හෝබෝල්ට් තරයේම කියා සිටියේ යානය ආපසු පැමිණීමේදී ස්කන්ධය හැකිතාක් අඩු කිරීම වැදගත් බවයි. මේ පිළිබඳ බොහෝ වාද විවාද වලින් අනතුරුව 1962 ජූලි 11 වැනිදා  නාසා ආයතනය තීරණය කළේ චන්ද්‍ර කක්ෂයේදී යානා දෙක සම්බන්ධ කරමින් ස්කන්ධය හැකිතාක් අඩුකැර යළි පෘථිවියට ගෙන ඒම මෙම තීරණයත් සමග ඇපලෝ අභ්‍යාවකාශ යානාවල මුලික සැලැස්ම එළිදක්වන ලදී. එය ප‍්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. පාලක යානය හා චන්ද්‍ර යානය යනුවෙන් එය හැඳින්වූ අතර අභ්‍යාවකාශ ගාමියෝ වැඩි කාලයක් ගත කරන්නේ පාලක යානයේය. චන්ද්‍රයා මතුපිටට ගොඩබෑමෙන් අනතුරුව යළි පාලක යානයට පැමිණීම සඳහා චන්ද්‍ර යානය භාවිත කරයි. ඇපලෝ ව්‍යාපෘතියේ පාලක යානය කෝණිකය. එහි ගගනගාමීන් තිදෙනකු වෙනුවෙන් ඉඩ පහසුකම් තිබේ. ඔවුන් තිදෙනා සඳ වෙත ගෙනගොස් නැවත පෘථිවිය වෙත රැුගෙන ඒම සඳහා මෙය සකස් කැරුණි. පාලක යානයත් චන්ද්‍රයා මත ගොඩබැසීමට යොදාගන්නා චන්ද්‍ර යානයත් අතර ගමන් කළ හැකි උමගක්, පාලක එන්ජිම, මග පෙන්වීමේ පද්ධතියක් හා පරිගණකක් මේ යානයේ තිබේ. ජලය හා වාතය ගබඩා ටැංකි, ගුවන් යානා ඉන්ධන කුටි සන්නිවේදන උපකරණ ද මෙහි අඩංගු වේ. චන්ද්‍ර යානය සඳ මතුපිට ගොඩබෑමටත් ඉන් අනතුරුව යළි පාලක යානය සමග සම්බන්ධ වීමටත් මෙය නිර්මාණය කැර තිබේ. එය පෘථිවි ගුරුත්වය යටතේ පියාසර කිරීමට නොහැකි තරම් අඩු ස්කන්ධයකින් නිර්මාණය කිරීම නාසා ආයතනයේ අපේක්ෂාව විය. උතුරු ඇමරිකා ඒවියේෂන් විසින් පාලක යානය ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තුව භාරගන්නා ලදී. නමුත් මෙම ආයතනය නාසා ආයතනය සමග තිබූ සම්බන්ධතා දුර්වලවීමෙන් ව්‍යාපෘතිය ටිකෙන් ටික ප‍්‍රමාද වන්නට විය. ඇපලෝ 1 යානය ගින්නට හසුවීමට හේතුව පාලක යානයේ විදුලි රැහැන්වල දෝෂයක් යැයි තීරණය කිරීමත් සමගම මේ විරසකය වඩාත් වැඩිවන්නට විය. චන්ද්‍ර යානය නිර්මාණය කිරීමේ හා නිපදවීමේ කොන්ත‍්‍රාත්තුව ගෲමන් හට ලැබිණි. ටොම් කෙලී විසින් අධීක්ෂණය කරන ලද මේ ව්‍යාපෘතිය දිනෙන් දින ප‍්‍රමාද වීම නිසා ඇපලෝ මෙහෙයුම නැවත සැළසුම් කිරීමට පවා සිදුවිය. 1967 සැප්තැම්බරයේ දී ටෙක්සාස් හූස්ටන් හි මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානා මධ්‍යස්ථානය මිනිසුන් සහිතව යානයක් සඳ මතුපිටට ගොඩබැස්සවීම සඳහා මෙහෙයුම් පද්ධතියක් යෝජනා කරන ලදී. එය මෙහෙයුම් වර්ග හතකින් සමන්විත වූවේය. ඇපලෝ වැඩසටහන සඳහා සූදානම් වීම් මිනිසුන් සහිත ඇපලෝ මෙහෙයුම් පියාසර කිරීමට ද බොහෝ කාලයකට පෙර ආරම්භ කරන ලදී. සැටර්න් 1 සඳහා පියාසර කිරීම් 1961 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ අතර එය 1964 සැප්තැම්බර් 21 ක දක්වා සිදුකැරුණි. සඳ මතුපිටට මිනිසුන් යැවීමේ කටයුත්ත සඳහා නාසා ආයතනය ඒ ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී ලහි ලහියේම තවත් කාර්යයක් සිදුවෙමින් තිබිණි. ඒ සඳ මතුපිට සිතියම් ඇඳීමේ කාර්යයි. 1964 දී සහ 1965 දී රේන්ජර් නම් යානා තුනක් සඳ මතට කඩා වැටෙන්නට සලස්වා එමගින් සඳ මතුපිට ඡායාරූප ගන්නා ලදී. ඇමරිකාව එසේ උත්සාහ කළ ද සඳ මතුපිට ප‍්‍රථම ඡායාරූපය පෘථිවියට එවන ලද්දේ 1966 පෙබරවාරියේ ලූනා නමය නමැති රුසියා යානයෙනි. සඳ මතුපිට සුමට පෘෂ්ඨයක් නොමැති බවත් එය විශාල වශයෙන් ගල් පර්වත වලින් සහ වළවල් වලින් සමන්විත බව මේ ඡායාරූප අනුව තීරණය කැරුණි. ඇමරිකාව  ඕබිටර් නම් යානා සඳ වෙත යවා කක්ෂ ගත වී සඳෙහි සිතියම් සකස් කිරීමට ද කටයුතු කැර තිබිණි. සර්වේයර් නම් තවත් යානාවක් ද හඳට බස්සවා ඡුායාරූප ගැනීමට ඇමරිකාව කටයුතු කළේය. මේ අනුව සර්වේයර් යානා පහෙන් තුනක් සාර්ථකව තම කාර්යය ඉටුකිරීමට සමත්වූ අතර  ඕබිටර් යානා පහක් ද සඳවෙත යැවිණි. ඇපලෝ යානා ආරම්භය වූයේ මිනිසුන් රහිතව සඳ වෙත යැවීමයි.
සටහන සහ ඡායාරූප සැපයීම - සජීව විජේවීර
ජනාධිපති කෙනඩි සෘජුව නිකුත්වීමට සැලසුම් කළ යානය ඇපොලෝ 1 යානය ඇපොලෝ 1 යානය අද කෞතුකාගාරයක