IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු

(හර්ෂණ තුෂාර සිල්වා සහ නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරකු වන ඔහු තිස් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ප්‍රමුඛ දායකත්වයක් සැපයීය.

හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ දන්දිනා සමරසිංහ මවුපියන්ට දාව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 1949 ජූනි 20 වැනිදා මාතර, පාලටුවේදී  සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක උපත  ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා 1971 අප්‍රේල් මාසයේ දී ආධුනික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. 1972 දී උප ලුතිනන්වරයකු ලෙස රාජකාරි ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා යන රෙජිමේන්තුවලට අනුයුක්තව සේවය කර ඇත.

1992 දී ලුතිනන් කර්නල් නිලයට උසස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ් හා ත්‍රිවිධ බලය’ යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගී වී ඇත.

මවුබිමට ඉටුකළ සේවය වෙනුවෙන් ඔහු රණ වික්‍රම හා රණ ශූර පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.

1992දී ස්වකැමැත්තෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය ලබාගත්තේය.අයෝමා රාජපක්ෂ මහත්මිය සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඔහු එක්දරු පියෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරාසි(චෙන්නායි) විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත.

2005 වසරේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරනු ලැබිණ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ආරම්භ කළ මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හෙතෙම 2006 දෙසැම්බර් මාසයේදී එම සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.

යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ද පත්වූ ඔහු කොළඹ නගරය අලංකරණය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළේය.

කොළඹ නරගයේ ප්‍රසිද්ධ ස්ථානවල තිබූ තාප්ප ඉවත් කර නගරාලංකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හෙතෙම බත්තරමුල්ල දියත උයන, ආකේඩ් චතුරශ්‍රය, කොළඹ කොටුව පාවෙන වෙළෙඳසල් සංකීර්ණය ආදිය ඉදිකරමින් කොළඹ ආකර්ෂණීය නගරයක් බවට පත් කළේය.

ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ අමාත්‍යාංශ කොළඹ නගරයෙන් පිටතට ගෙනගොස් නගරයේ තදබදය අඩු කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද ඔහු පියවර ගත්තේය.

මෑතකදි විවෘත කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී සැලසුම් කළ එකකි.
 
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නොහැකි බැවින් ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂ ඉකුත් අගෝස්තු මස 11 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ද ඉවත් කරගත් බව ගෝඨාභයගේ නීතිඥවරු පවසති.

 



අදහස් (8)

හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු

RAJ Monday, 18 November 2019 06:48 AM

ජයෙන් ජයම වේවා..!

:       52       312

Deepal Nirosh Monday, 18 November 2019 07:22 AM

ඔබටත් රටටත් සියළු රටවැසියන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් හා පිහිටෙන් සුභ අනාගතයක්!

:       0       281

kanchana Monday, 18 November 2019 07:34 AM

සිංහල ජාතියත්, බෞද්ධ ආගමත්, සිංහල දේශයත් මතු පරපුරට රැක දෙන්න.

:       4       330

Chanak los angeles Tuesday, 19 November 2019 06:05 AM

හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු..... අධිකරණයේ පවතින නොවිසඳුණු නඩු ගොන්නක චුදිතයෙකි.

:       1113       71

වික්‍රම Wednesday, 20 November 2019 04:02 AM

ඒ නඩු කාගේ උවමනාවට කවුරු පවරන ලද ඒවාදැයි, යහපාලන ආණ්ඩුවේ සිටි නියෝජ්‍ය නීතිපතිතුමාත්, අල්ලස් සහ දුෂණ දෙපාර්තමේන්තුවේ අධිපතිතුමියත් මනාව පැහැදිලි කරන ලදී.

:       2       308

නුවන් වික්‍රමසිංහ Saturday, 23 November 2019 06:16 PM

අවුරුදු පහකට ආසන්න යහපාලන ආණ්ඩුව විසින් ඔහුට කරනා ලද අනේකවිද අභූත චෝදනා වලට ජනතාව මනා ලෙස පිලිතුරු දී ඇති මෙවන් පසුබිමක ඔබගේ ප්‍රතිචාර තවදුරටත් වලංගු නොවේ. දෑස් හැර, පාට කණ්නාඩි ගලවා පිබිදී එන නව ශ්‍රීලංකාව දිහා බලා සතුටු වෙන්න.

:       0       11

ranjan Sunday, 24 November 2019 01:54 AM

රටේ තිබුන අනාරක්ෂිත බව නිසා ජනතාව පැවති රජය අන්ත පරාජයකට පත්කර අපේක්ෂා කරේ යහපත් දේශයක්. සමහරු මරණ දඩුවමට නියම උන මිනීමරුවෝ නිදහස් කරගැනීම වෙනි දේවල් බලපොපොත්තු වෙනවා. අධිකරණය උතුම් නිසා එවැනි දේවල් මේ යහපත් රජයෙන් කරගැනීමට ගොස් මේ ජයග්‍රහණය බාල්දු කරන්න එපා. ජනාධිපතිතුමා බුද්ධිමත් තීරණ ගන්න කෙනෙක් නිසා තමා මේ ජය ලැබුවේ. ජයෙන් ජයම වේවා..!

:       0       37

සත්‍යා Wednesday, 27 November 2019 12:30 AM

ශ්‍රී ලංකාවේ සිටින ගෝත්‍රිකයින් ජනාධිපති පත්කරගනී. ඉන් පසු ජනාධිපති තම ගෝලයෝ ටික පත්කරගනී. ඒ අය රට කති.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site