IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ගුවන් කලාපයට අලුත් ආරක්ෂණ පද්ධතියක්

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය නියමුවන්ට වඩාත් ආරක්ෂක කලාපයක් බවට  පත්  කරමින්  ලොව නවීනතම තාක්ෂණයෙන්  ගනුදෙනු කළ හැකි  ADS-B රේඩාර් අනුරූප තාක්ෂණය ගුවන් කලාපයට මුදාහැරීම පසුගියදා  රත්මලාන ගුවන් තොටුපොළේ දී  සිදු කැරිණි.

මේ සඳහා  රත්මලාන ගුවන්  තොටුපොළ තෝරා ගැනුණේ ශ්‍රි ලංකා  ගුවන් කලාපයේම මෙහෙයුම් පාලක පද්ධතිය රත්මලානේ ක්‍රියාත්මක වීම නිසාය. වසර 105 ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රි ලංකා ගුවන් ඉතිහාසයෙන් රත්මලාන වසර  82 ක් පැරණිය.

මේ තාක්ෂණයෙන් ගුවන් ගමන්  මෙහෙයවිම දියුණු රටවල ආම්භ වුයේ වසර  දහයකට පෙර වුවත් අපේ රටේ මෙය ස්ථාපිත වන්නේ 2017 නොවැම්බර් 15 වැනි දාය.

මෙම උපකරණය නිසි ලෙස ස්ථානගත කිරිමට , කුලුනු පද්ධතිය සැකසීමට විදෙස් ඉංජිනේරුන්ගේ සහය ලබාගැනීම ක්‍රමවේදය වුවත් විදේශිය ඉංජිනේරුවන්ගේ කිසිදු සහායක් නොමැතිව අපේ  රටේ විද්‍යුත් ඉංජිනේරුවන් පිරිසක් එම කාර්ය ඉටු කිරිම ද විශේෂත්වයකි.

ADS-B තාක්ෂණය යනු මොකක්ද. ඉන් ලැබෙන වාසි මොනවාද. මෙතෙක් කල් පැවතුණ තාක්ෂණයේ පැවති ගැටලු මොනවද? යන්න සම්බන්ධයෙන් විද්‍යුත් සහ ගුවන් සන්තරණ ඉංජිනේරු ප්‍රධානී විපුල් විමල් ශාන්ති මහතා මෙසේ කීය.

 

(Automatic Dependent Surveillance Broadcast) කියන දිගු හඳුන්වා දීම තමයි ADS-B කෙටි යෙදුමක් ලෙස අප හඳුන්වන්නේ මෙය දියුණු තත්ත්වයේ ක්‍රියාත්මක රේඩාර් අනුරූපයක් කිව්වොත් පැහැදිලි වෙයි.

මෙය ඔස්ට්‍රේලියාව,ඇමරිකාව,රුසියාව,ජපානය වැනි රටවල භාවිතයට ගැණුනේ වසර කිහිපයකට පෙර ඉන්දියාව, මාලදිවයින, මියන්මාර්, බංගලාදේශය, ඉන්දුනීසියාව වැනි ආසියාතික රටවලත් මෙම තාක්ෂණය යොදා කරනවා.

අපේ රටේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2014 වසරේ. මෙයින් සැලසෙන වාසි ගැන කිව්වොත් රේඩාර් පද්ධතියක් සවි කිරීමට වැය වෙන මුදල වසර පහකට පෙර රුපියල් මිලියන 750ක් නමුත් අධි තාක්ෂණයෙන් යුතු ADSB පද්ධතිය සවි කරන්න වැයවෙන්නේ මිලියන 200යි.

රේඩාර් පද්ධතියක් සවි කරන්න වැයවන මුදලින් පහෙන් එකක් තමයි ADS-B ගුවන් පාලක මෙහෙයුම් තාක්ෂණයට වැය වන්නේ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් පැරණි ක්‍රමවේදය තමයි රේඩාර් තරංග නිකුත් කර එමි පරාවර්තනය සංඥා ලබා ගැනීම නමුත් ADS-B නව ක්‍රමය මගින් සම්ප්‍රේෂණය කරන්නේ නෑ රිසීව්(ග්‍රහණය) කරනවා පමණයි.

ඒ විතරක් නෙමෙයි ගුවන් නියමු සංඥාවක් නොමැතිව වුවත් යානය තිබෙන තැන හඳුනා ගන්න පුළුවන් වීම නිසා ආරක්ෂිත ගුවන් කලාපයක් බවට අප රටේ ගුවන් කලාපය පත්වෙනවා. රේඩාර් තරංග වෙනුවට වුවත් ADS-B තාක්ෂණය භාවිතා කළ හැකිවීම විශේෂත්වයක් අලුත් ගුවන් යානාවල ADS-B  තාක්ෂණය සමඟ ගනුදෙනු කළ හැකි තාක්ෂණය සහිතවයි.  

මේ උපකරණ යන්ත්‍ර සුත්‍ර අප මිලදී ගත්තේ චෙක් ජනරජයෙන් පසුව අප මෙය සවි කිරිම බාර ගත්තා.මේ සඳහා මා සමඟ ඉංජිනේරු ශීල්පීන් පහකට වැඩි පිරිසක් එක් වුහ. පිදුරුතලාගල,කටුනායක,මත්තල,කිලිනොච්චිය,සූරියකන්ද යන ස්ථානයන්හි සවිකළ කුලුනු මගින් ලංකාවේ ගුවන් කලාපයම ආවරණය වෙනවා යැයි ඔහු පැවසීය.

නව තාක්ෂණය එක්ක රත්මලානේ පිහිටි කොළඹ ගුවන් තොටුපොළේ ගමන් මග පිළිබඳව ගුවන් තොටුප‍ළේ කලමනාකරු අරුණ රාජපක්ෂ මහතා මෙසේ කීය.

රත්මලාන ගුවන්තොට මේ වන විට ලොව ඉහළම තාක්ෂණය සමඟ කටයුතු කරන ගුවන් කේන්ද්‍රස්ථානය කිව්වොත් නිවැරදියි. කටුනායක, මත්තල ,ඇතුළු ලංකාවේ සෑම ගුවන් තොටුපොළකම  ගුවන් ගමන් පාලක කටයුතු සිදු කෙරෙන්නේ රත්මලානින්.

නව තාක්ෂණය තුළින් අපගේ ගුවන් කලාපය පාවිච්චි කරන ගුවන් යානා වලට වැඩි පහසුවක් වගේම වැඩි ආරක්ෂාවක් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න  හැකියාව තිබෙනවා.

රත්මලාන දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමේ සැලැස්මර 2030 දක්වා ක්‍රියාත්මකයි. ඒ යටතේ කලාපීය ගුවන් සේවා පුහුණු කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොට වැඩි දියුණු කිරීම, මෙහෙයුම් පහසුකම් හා නඩත්තු සේවා (FBO සහ MRO) ආයොජන පහසුකම් සැලසීම, කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ඇරඹීම, ජාත්‍යන්තර වෙළඳ ගුවන් සේවා පහසුකම් තවත් දියුණු කිරීම වැනි ක්‍රමෝපායන් මගින් රත්මලාන ගුවන් ගමන් මග වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකා ගුවන් කලාපයට අලුත් ආරක්ෂණ පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site