IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


වැටුණු තැනින් නැගිටීම

රට බංකොළොත්භාවයට පත් කරමින් දැනට රටේ පවතින ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතුයැයි නොවැම්බර් 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තම පවුලේ දේශපාලනයට අහිතකර අන්දමින් බලපෑම වැළැක්වීමට රාජපක්ෂ, විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනු පෙනේ.

ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරේ මහජන උද්ඝෝෂණ ඇති වුවා නොව, ‘‘අරගලය’’ යනුවෙන් දැන් පොදුවේ හැඳින්වෙන එම උද්ඝෝෂණ නිසා ආර්ථික අර්බුදය ඇතිවූවා යැයි මතයක් ගොඩනැඟීමට රාජපක්ෂ  පවුලේ ඇතැම් අය දැරූ උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවෙන් මුළුමනින්ම අසාර්ථක වී ගියේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන  අතුලසිරි සමරකෝන් හා ආචාර්ය මහිම් මෙන්ඩිස්  ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් පිළිබඳ විභාගය අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන ලද  මෙම තීන්දුව අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල් හා ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල හා සමන්ත කුමාරසිංහ යන අය මහජන විශ්වාසය කඩකොට ඇති බවත් ඔවුන් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවත් කියැවිණි.

තීන්දුව ප්‍රකාශ වූ වහාම තමා එම තීන්දුවට ගරු කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ තමා එම තීන්දුව නොපිළිගන්නා බවයි. නීතිය අනුව තමන්ට එරෙහි අධිකරණ තීන්දුවක් නොපිළි ගන්නා බව කෙනකුට කිව හැකිද? යන්න පැහැදිලි නැත. එහෙත් එම තීන්දුව යටතේ තමනට යම් දඬුවමක් අධිකරණයෙන් පනවනු ලැබුවේ නම් එය ප්‍රතික්ෂේප කරන්නට රාජපක්ෂවරුන්ට නොහැකිවනු ඇත. 

එසේ තීන්දුව නොපිළිගන්නා බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තු කතාවේදීම අර්බුදයේ වගකීම පාර්ලිමේන්තුව  පිට පැටවූයේය. ආර්ථිකයට අදාළ සෑම තීන්දුවක්ම පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ගත් බවත්  එනිසා අර්බුදයට වගකීම පාර්ලිමේන්තුව භාරත යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. එසේ වුවද  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අර්බුදයට අදාළ තීරණ කිසිවක් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් නොගත් බවත් එසේ ගත්තේ  වුවද කිසිම පක්ෂයක මන්ත්‍රීවරුන් නායකයන්ගේ මතයට පිටින් ස්වාධීනව තීරණ නොගන්නා බව අපි පසුගිය සතියේ පෙන්වා දුන්නෙමු.

අනෙක් අතට නීතිය සකස් වී ඇත්තේද මන්ත්‍රීවරුන් ස්වාධීනව තීරණ නොගන්නා ආකාරයටය. යමකු එසේ තීරණ ගතහොත් එය පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඔහු පක්ෂයෙන් නෙරපා ඔහුගේ මන්ත්‍රී ධුරය ද අහෝසි කරන්නට පක්ෂ නායකයන්ට නීතියෙන් බලය ලැබී ඇත.

දැන් මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයේ වගකීම පාර්ලිමේන්තුව වෙතින් ‘‘යහපාලන’’ ආණ්ඩුව වෙතට හරවා ඇත. අර්බුදයට වගකිව  යුත්තේ 2015 සිට 2019 දක්වා රට පාලනය කළ ආණ්ඩුව යැයි කියමින් ඔහු නොවැම්බර් 28 වැනිදා සංඛ්‍යා ලේඛන සහිත දීර්ඝ නිවේදනයක් නිකුත් කළේය. තමන් ජනාධිපතිව සිටි 2005 සිට 2014 දක්වා කාලයේ  දළ දේශීය  නිෂ්පාදිතය, ආර්ථික වර්ධනය, විදේශ ණය ආදිය පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඔහු යුද්ධයක් තිබියදීත් තමන් රට පාලනය කළ කාලයේ රට දියුණු තත්ත්වයක් පැවැති බව එම නිවේදනය මගින් තර්ක කොට තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී ආර්ථික අර්බුදය පුපුරා ගියද එහි ආරම්භය  එම පාලන කාලය නොවේ යැයි රාජපක්ෂ මහතා පොදුවේ පැවසුවේ නම් සත්‍යය එයයි. නිදහසින් පසු බලයේ සිටි පළමු රජය බ්‍රිතාන්‍ය රජයට ද ණය මුදලක් දෙන්නට තරම් විදේශ මුදල් සංචිතය අතින් ශක්තිමත්ව සිටියේය. එහෙත් එම ආණ්ඩුව ද ඇතුළු වරින් වර බලයට ආ කිසිදු ආණ්ඩුවක් රටේ ආර්ථිකය පුළුල් කරන්නටත්, විවිධාංගීකරණය කරන්නටත්, එමඟින් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්නටත්, එවැන්නකට සරිලන කායික හා මානසික ශ්‍රම බළකායක් ගොඩනැඟෙන අයුරින් අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කරන්නටත් කටයුතු නොකොට පවතින ආර්ථිකයම පවත්වාගෙන යමින් ඉදිරි පරම්පරා ගැන නොව ඉදිරි මැතිවරණ ගැන පමණක් සිතා කටයුතු කිරීම මෙම ආර්ථික ආර්බුදයට හේතුවයි. 

ඉන් අදහස් කෙරෙන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ පැවැති ආර්ථිකයට තවමත් පවතින බව නොවේ. පසුගිය ආණ්ඩු ආර්ථිකය තුළ යම් යම් වෙනස්කම් කළ බව සැබෑය. විශේෂයෙන්ම 1977දී බලයට පත් එක්සත් ජාතික පක්ෂධ ආණ්ඩුව විවෘත ආර්ථික ක්‍රමය රට තුළට එන්නට ඉඩ හැරීමත් සමඟ බොහෝ වෙනස්කම් සිදු වූ බවද සැබෑය. එහෙත් එමඟින්ද රටේ අවශ්‍යතාවට සරිලන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැඟුණේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ දශක ගණනාවක් තිස්සේ හිඟ අයවැයක් ඉදිරිපත් කිරීමයි. එමගින් දශක ගණනාවක් තිස්සේ විදේශ ණය බර ඉහළ ගියේය. විවෘත කරනු ලැබුදා සිට පාඩු විඳින මත්තල ගුවන් තොටුපොළ වැනි ව්‍යාපෘති නිසා මේ තත්ත්වය තවත් උග්‍ර විය.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ මෙවැනි තත්ත්වයක් තිබියදී තමන්ගේ පාලන කාලය පිළිබඳ සංඛ්‍යා ලේඛන කිහිපයකි. බලධාරීන් ඇතැම් විට ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය පිළිබිඹු නොකරයි. උදාහරණයක් වශයෙන් මේ දිනවල වෙළෙඳපොළේ භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යමින් තිබේ. එහෙත් බලධාරීන් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පවසන්නේ උද්ධමනය පහත වැටී ඇති බවය.

මෙසේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් පාලන කාලය ද ඇතුළු නිදහසින් පසු පාලන කාලය විසින් ආගාධයට තල්ලු කරගෙන ආ රටක් 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත භාර දෙනු ලැබීය. එහෙත් ඒ නිසා අර්බුදයේ වගකීම අතීතයට පවරා ඇඟ බේරා ගැනීමට රාජපක්ෂවරුන්ට හෝ පොදුජන පෙරමුණට  නොහැකිය. ඔවුන් රට භාර ගත්තේ මෙම අතීතය හා රටේ ආර්ථිකයේ ස්වාභාවය නොදැන නොවේ. ඔවුන් රට භාර ගත්තේ මේ තත්ත්වයට පිළියම් යොදා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මෙන් හා මලයාසියාවේ මහතීර් මොහොමඩ් මෙන් රට ගොඩ නඟන බව පොරොන්දු වෙමිනි.

එහෙත් බලයට පත් වී දින කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා රජයට එහි ආදායමින් තුනෙන් පංගුවක් අහිමි කරමින් මහා පරිමාණ බදු කප්පාදුවක් කළේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට විශාල හානියක් සිදුවී විදේශ විනිමය අර්බුදයක් ගොඩ නැඟී ගෙන එද්දී ඊට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්නා ලෙස ආර්ථික විශේෂඥයන් හා විපක්ෂය කීවද ආණ්ඩුව මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂේප කළේය. විදේශ විනිමය ගැටලු නිසා රුපියල වේගයෙන් අවප්‍රමාණය වන විට මහ බැංකුවේ ඉතිරී වී තිබූ විදේශ මුදල් වෙළෙඳපොළට පොම්ප කරමින් ඊට මුහුණ දීමට  අසාර්ථක උත්සාහයක් ගනු ලැබීය. එයින් සිදුවූයේ විනිමය අර්බුදය තවත් තීවු වීමය. අවිද්‍යාත්මක ලෙස හා අහංකාර ලෙස රසායනික පොහොර ආනයනය තහනම් කරමින්ද ආණ්ඩුව එම අර්බුදය තවත් උග්‍ර කළේය.

 පොරොන්දු වූ පරිදි අතීතයෙන් උරුම වූ ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් අර්බුදය තවත් ආණ්ඩු කාලයක් පස්සට දමා ගැනීමට තිබූ අවස්ථාවද නැති කර ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවසානයේදී රටින්ද පලා ගොස් ඉල්ලා අස්විය. 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සියලු කටයුතු අනුමත කළ මහින්ද රාජපක්ෂ මහතා සිය  සොහොයුරා විශිෂ්ට ලෙස ප්‍රශ්නවලට මුහුණ දුන් බව පසුගිය වසරේ ‘‘ඩේලි මිරර්’’ පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ඔහු එම ආණ්ඩුවේ අගමතිවරයාද (දෙවැනි නායකයා ද) විය. දැනට දරන ස්ථාවරයට වඩා තරමක් ප්‍රායෝගික ස්ථාවරයක් ගත් ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදීම පැවසුවේ තමන්ද ඇතුළු මෙතෙක් රට පාලනය කළ සියලු ආණ්ඩු හා නායකයන් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවය.

 පසුගිය වසරේ ජූනි මාසයේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක්  වශයෙන් ඇති වූ දේශපාලන අර්බුදයට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළේ තම සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්කරවා ඒ වෙනුවට මන්ත්‍රී ධුරයට හෝ ජනවරමක් නොලැබූ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයටත් පත් කිරීමය. වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි  මහින්ද රාජපක්ෂ මහතා කියන යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා විය. යහපාලන ආණ්ඩුවේ සියලු ආර්ථික කටයුතු මෙහෙය වූයේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා වූ වික්‍රමසිංහ මහතාය.

පොදුජන පෙරමුණ එතැනින් නොනැවතී පසුගිය වසරේ ජූලි මාසයේ ආර්ථික අර්බුදයට හේතු වූවා යැයි කියන යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ජනාධිපති ධුරයටද පත් කළේය. ඒ ආර්ථිකය ගොඩගැනීමට දැනට රටේ සිටින සුදුසුම පුද්ගලයා වික්‍රමසිංහ මහතා යැයි කියමිනි.   එසේ කොට දැන් ආර්ථික අර්බුදයට යහපාලන ආණ්ඩුව වගකිව යුතුයැයි රාජපක්ෂ මහතා පවසයි. එසේ පවසමින් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය පිළිබඳ දෙවැනි වර කියවීම අවසානයේ පැවැති ඡන්ද විමසීමේදී එම අයවැයට පක්ෂව ඡන්දයද දුන්නේය.

 අර්බුදයට වගකිව යුත්තේ යහපාලනය ආණ්ඩුව යැයි පොදුජන පෙරමුණ සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔවුනට වික්‍රමසිංහ මහතා වෙනුවට තම පක්ෂයේ කෙනකුට අගමැති ධුරයටත් ජනාධිපති ධූරයටත්  පත් කර ගත හැකිව තිබිණි. ඔවුන් කළේ සැබවින්ම ප්‍රතිපත්තිමය හේතු නිසා නොව පෞද්ගලිකව සැලකිල්ල ප්‍රමාණවත් නොවීම නිසා ඈත්වූ තම පක්ෂයේම කෙනකු ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා පරාජය කිරීමය.

ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාව ඉතිහාසයේ දරුණුම තත්ත්වයකට මුහුණ පෑවේ ඉකුත් තෙවසර තුළ විය යුතුය. දැනුදු ජනගහණයෙන් අති බහුතරය ජීවිතය පිළිබඳ අපේක්ෂා  භංගත්වයට පත් වී සිටිති. ජනතාව මුහුණ දෙන එම තත්ත්වය පිළිබඳව කලින් කලට විවිධ දේ කියමින් ඔවුන්ගේ බුද්ධියට අපහාස නොකොට පාලකයන් කළ යුත්තේ තමන්ට වැරදුනු තැන් පිළිගෙන රට ගොඩ නැඟීමට හා ජනතාව තුළ විශ්වාසය ගොඩ නැඟීමට ජනතාව විශ්වාස කළ හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (8)

වැටුණු තැනින් නැගිටීම

truth Saturday, 09 December 2023 08:50 AM

මුළු රටේම මිනිස්සු හිඟන්නෝ කරලා අනාගත දරුවන්ට රටක් නැතිකළා...

:       0       19

චන්දිම Saturday, 09 December 2023 09:57 AM

මට හිතෙන විදියට නම් මේ පරණ පුස් කාපු දේශපාලකයින් තියාගෙන නම් මේ සම්මජාතියේ මේ රට ගොඩ ගන්න බැහැ. මේ අයගේ ලේ ඇට මස් නහර තුළ පවා තියෙන්නේ හොරකම, වංචාව. මේ අයගේ දරු පරම්පරාවල පවා ජානගතව හොරකම තියෙනවා. මේ අය මොනවා කරන්න කියලා ආවත් අනිවාර්යයෙන්ම කරන්නේ මෙතෙක් තමන් විසින් කරපු හොරකම්, වංචා යටගහලා ඉස්සරහට යන්න... එහෙමත් බැරි නම් කරපු හොරකම් මොන විදියකින් හරි සාධාරණීකරණය කරගෙන යන්න. ඒක උදාහරණයක් දෙකක් ගන්න අර විදුලි බිල් වංචාව, සුප්‍රීම් සැටලයිට් රොකට් යවන්න ගත්තු ඩොලර් මිලියන 320, මහා බැංකු හොරකම. ඒ අයට හොරකම් කිරීම හරියට වරප්‍රසාදයක් වෙලා. අද ඒවා සාධාරණ හරි වැඩ විදියටයි කතා කලොත් මේ ඉන්න දේසපාලකයෝ කතා කරන්නේ. ඉතින් මෙහෙම මිනිස්සු ඉදිරියේවත් රට ගොඩ ගනී කියලා හිතනවා නම් අයුබ් මහත්තයෝ අපිට දෙයියන්ගේම පිහිටයි තමයි...

:       0       19

M. SAMAN PERERA Monday, 11 December 2023 10:28 AM

විහිළු කතා, වට්ටපු අයම ගොඩගන්න හදනවද? තව කන්න හදනවද? 

:       0       13

FAHIM Tuesday, 12 December 2023 05:54 PM

ආයි නම් එන්න එපා ඡන්දෙ ඉල්ලන්න..!

:       0       6

Prabhath Perera Wednesday, 13 December 2023 01:33 PM

උසාවියෙන් දුන්නු තීන්දු පිළිගන්නේ නැත්නම්, එය උසාවියට කරන අගෞර්වයක්. ආයේ උසාවියට ගොස් මෝසමක් ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම්. අග්‍රවිනිශ්චයකාරයා නීතිපතිට ලියන්න ඕනෑ. උසාවියට අපහාස කළයි කියලා නඩුදන්න. අපිට ලංකාවේ උසාවියකින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් බලපොරොත්තු වෙන්න පුලුවන් දෙයක්ද?

:       0       5

achini Monday, 18 December 2023 03:13 PM

මුළු රටම හොරාකාලා විනාශ කරලා සැප විඳින පරම්පරාව...!

:       0       0

Oscar Tuesday, 19 December 2023 08:17 AM

බලාගෙන ඉන්න, ගවසෙට් එක... ඔබලා පස්සෙන් 5000 ගන්න ආවට, දැන් ජනතාව බුද්ධිමත්... කපටි ටෝක්වලට අහුවෙන්නේ නැහැ...

:       0       0

de silva Tuesday, 19 December 2023 04:27 PM

මේ කාලකණ්ණි නාකි හොරු ඇරෙන්න තව ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා මනාපේ ගහන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 105 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 154 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 167 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 617 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 105 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 2559 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 236 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 282 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site