ගම්මානයක මිහිරියාව ලෙනගම්පලවත්තට පිවිසෙද්දී අපූරුවට විඳගත හැකිය. ගොවි ගමක සුවඳ, වෙල්වලට වැදී තණ බුදින ගවයන් මොහොතකට වුව ගමක අසිරිය කියාපායි. මග දෙපසම කුඹුක් ගස් මානයෙන් එහා කෙළවරක් නොපෙනෙන තරමේ වෙල් යායයි. එවන් වූ අසිරිමත් ගමක සිට අපි අද රජමහ වෙහෙරක කතාවෙන් ඔබව හමු වෙමු. මල්වාන නම් ඇසූ සැණින් මතකයට නැගෙන්නේ රඹුටන්ය. නමුත් ඒ හුරු පුරුදු මාතෘකාවෙන් බැහැරව මල්වානේ ලෙනගම්පල රජමහා විහාරයේ තොරතුරු සොයා අපි ඇවිද යමු. ඓතිහාසික ලෙනගම්පල රජමහා විහාරය පිහිටා ඇත්තේ මල්වාන හන්දියේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරිනි. බියගමින් මල්වාන පාරේ පැමිණ එතැනින් මාපිටිගම පාරේ එන විට හමුවන සාරානන්ද මාවතෙන් හැරී මේ විහාරයට ළඟා විය හැකිය. මල්වාන ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයකට වෙන්වී ඇත. කොස්කොළවත්ත, පිඩදියවත්ත, පාසල්වත්ත, ලෙනගම්පලවත්ත ඉන් කීපයකි. පුරාණ ගල් ලෙනක් විහාරයේ පිහිටි නිසා මේ ප‍්‍රදේශය මල්වානේ ලෙනගම්පලවත්ත නමින් හැඳින්වේ. ජනප‍්‍රවාදය හා පුරාවෘත්ත කතාවලට අනුව මේ විහාරය එදා වළගම්බා රජු සැඟව සිටි ස්ථානයකි. අනුරාධපුරය සතුරු ආක‍්‍රමණයට පත් වෙද්දී එම ප‍්‍රදේශයෙන් පළා විත් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ආරක්ෂාව සලසාගෙන පසුව සේනා සංවිධානය කොට වළගම්බා රජු යළිත් රජවූ බව කියැවේ. රජු තම ආරක්ෂාව සඳහා රැඳී සිටි බොහෝ ස්ථාන පසුව විහාරාරාම බවට පත් විය. කටාරම් කෙටූ විශාල ගල් ලෙනක් සහිත ලෙනගම්පල රාජමහා විහාරය ද ඒ ඉතිහාස කතාවට නෑකම් කියයි. විශාල ගල් ලෙනට අමතරව තවත් කුඩා ගල් ලෙන් කිහිපයක්ම විහාර බිමේ දැකිය හැකි වේ. එදා රජ දවසේ ලියැවුණු බව කියන පුරාණ සෙල් ලිපියක් විහාරයේ කලක් පැවැතියත් අද එය දක්නට නැත. ලෙනගම්පල රාජමහා විහාරය අනුරාධපුර යුගයෙන් පසු මහනුවර යුගයට එද්දී ඉතා දියුණු මට්ටමක පැවති බවට සාධක හමු වේ. නුවර යුගයට අයත් ඉපැරණි විහාර මන්දිරය ඊට හොඳම සාධකයකි. එහි බිත්තියක ඝනකම අඩි හතරක් තරම් වේ. විහාරයේ පෞඪත්වය පූජනීයත්වය විදහාපාන අයුරින් මේ විහාර ගෙට ඇතුළු වීමට දැවයෙන් කළ යෝධ දොර උළුවහු දෙකකි. මේ දොර උළුවහු දෙකම නුවර යුගයේ පැරණි ලී කැටයම්වලින් අලංකාරය. ලෙනගම්පල විහාරයේ ලී කැටයම් දෙස බලද්දී සිහියට නැගෙන්නේ ඇම්බැක්කේ ලී කැටයම්ය. නමුත් විහාර මන්දිරය තුළ නුවර යුගයට අයත් යැයි සිතිය හැකි සිතුවම් හෝ බුදු පිළිම කිසිවක් දැකිය නොහැක. දැනට විහාර මැදුරේ ඇති බුදු පිළිම හා සිතුවම් පසු කාලයේ නිර්මාණය කරන ලද ඒවාය. ඒවා සෝලියස් මැන්දිස් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද බව කියැවේ. පසු කාලය වන විට නටබුන් බවට තිබූ මහනුවර යුගයේ බුදු පිළිම ඉවත් කර අලූතින් බුදු පිළිම හා සිතුවම් කරවන්නට ඇති බවට සිතිය හැකිය. සෝලියස් මැන්දිස් චිත‍්‍ර ශිල්පියා ගිරිඋල්ල මැද්දෙපොල රජමහා විහාරයේ චිත‍්‍ර අඳින බව අසා එහි ගිය එදා කැලණිය රජමහා විහාරාධිපති හිමියන් සහ හෙලේනා විජයවර්ධන මැතිනිය ඔහු අජන්තාවට යවා වැඩි දුරටත් චිත‍්‍ර පුහුණු කර ගෙන්වා පසුව කැලණිය නව විහාර මන්දිරයේ සිතුවම් ඇඳීමට පෙර ලෙනගම්පල විහාරයේ සිතුවම් හා මූර්ති කරවූ බව පොල්ලමුරේ සිරි සීවලී හිමියෝ අපට පැවසූහ. ඒ වන විට මේ විහාරය ද කැලණි රජමහා විහාරයේ භාරකාරත්වයේ පැවතිණි. දැනට විහාර මැදුර තුළ සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවක්, හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක් ද දැකිය හැකිය. ඒ ප‍්‍රතිමාවලට නමස්කාර කරන රහතන් වහන්සේලාගේ සිතුවම් ආදිය පසු තලයේ දැකිය හැකි වේ. පසුගිය දිනෙක ඔබ හමුවට රජමහා වෙහෙරක කතාවෙන් ගෙන ආ මැද්දෙපොල රජමහා විහාරයෙන් පසු සෝලියස් මැන්දිස් සිත්තරාගෙන් අලංකාර වූ තවත් කලාගාරයක් හැටියට මේ ලෙනගම්පල රජමහා විහාරය හඳුන්වා දිය හැකිය. විහාර ගෙය ආසන්නයේම පිහිටි පැරණි විෂ්ණු දේවාලය ද විහාර ගෙය තරම්ම පැරණි බව පිළිගැනීමයි. විහාර බිම අනෙක් බොහෝ අංග මෑත කාලයේ දී එක්වූ ඒවාය. එනමුත් චෛත්‍යය, ගලක නෙළා ඇති සමාධි බුද්ධ ප‍්‍රතිමාව, දේවාල සමූහය, අටවිසි බුදු කුටි, ඝංඨාර කුළුණ විහාරයේ පැරණි බව තව දුරටත් ඉස්මතු කොට දක්වයි. විහාරයට නුදුරින් ගල් තලාව ආසන්නයේ පිහිටි පැරණි බෝධිය හා සමකාලීන යැයි සිතිය හැකි නුග වෘක්ෂය ද ප‍්‍රදේශවාසීන්ගේ අපමණ පූජා භක්තියට පාත‍්‍ර වන බව පෙනේ. ඓතිහාසික හා පූජනීය වශයෙන් වැදගත් මල්වාන ලෙනගම්පල රාජමහා විහාරය ලක්වැසි පොදු දනන්ගේ දහම් පිපාසාව නිවන තවත් එක් පින් බිමෙකි. ඉතිහාසය සොයා යන අයට, සිතුවම්, මූර්ති කැටයම් ගවේෂණය කරන කෙනෙකුට මේ සුවිශේෂී කඩඉමකි. මේ පුදබිම දැක බලා ගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා!
මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛ
අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලෙනගම්පල රජමහා වෙහෙර
කුමුදුමලී Friday, 08 June 2012 12:37 PM
අද ළමයි අදුරන්නේ බොරු කාටුන් වීරයෝ.ඒ නිසා මෙවැනි චිත්‍ර අනාගත පරපුරට පෙන්නන්න ඕනි
තිලාන් Wednesday, 26 June 2013 10:12 AM
මම නම් කැමතිම විෂය තමා ඉතිහාසය (නි)