IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


යළි ගමට පිවිසුම

මේ සතියේ සටහන මා ලියන්නේ 2021  වසරේ මා ලියන පළමුවැනි කිවිදා දැක්ම ලෙසින්ය. මේ සටහනින් සාකච්ඡා කළ යුතු සහ මේ  දවස්වල රටේ සාකච්ඡා වෙන ගැටලු ගණනාවක්ම මේ මොහොතේ තිබෙන බව සැබෑවක්ය. ඒවා අතරින් වැඩියෙන්ම කථා බහට ලක්වී ඇති මාතෘකාවන් වන්නේ ‘කොරෝනා වසංගතය’ ‘නැගෙනහිර ජැටිය’ වැනි තේමාවන්ය. මේ මාතෘකා අතරට රන්ජන්ගේ සිරගතවීම ද  එකතු වූ බව පෙනෙන්නට තිබේ.

ඒවා එසේ වුවත් මා මේ සටහනින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ එක මාතෘකාවක්වත් ගැන නොවේ.  මගේ සාකච්ඡාව පදනම් වෙන්නේ මේ දවස්වල රජයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන ග්‍රාමීය සංවර්ධනය පිළිබඳවය. ‘‘ගම සමග පිළිසඳරක’’ යන තේමාවෙන් මේ රජය පත්වෙන්නට පෙර සිටම ආරම්භ වූ ග්‍රාමීය සාකච්ඡා මාලාව මේ වන විට ඉදිරිපත් වෙන්නේ ‘වැඩ සමග යළි ගමට’ යන තේමාව හරහාය. මේ ලිපියෙන් මා සාකච්ඡා කරන්නේ අපේ රටේ ග්‍රාමීය සංවර්ධනයේ ස්වභාවය හා අභියෝග පිළිබඳවය.

ආණ්ඩුව කල්පනා කරන්නේ 2021 අයවැයේ යෝජනාවී ඇති ප්‍රතිපාදන වියදම් කළ යුත්තේ යම් ආකාරයකට ‘සංගත හා නිරවුල්’ ආකාරයේ සැලසුම් කිරීමක් හරහා බවය. ඒ කියන්නේ මේ දක්වා අයවැයකින් පසුව ඒ ඒ අමාත්‍යංශ භාරව සිටින ඇමැතිවරුන්ට තමගේ අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති සහ මුදල්  සම්බන්ධයෙන් ‘ඔහේ වියදම් කිරීමේ’ හැකියාව යම් ආකාරයකින් සංවිධානගත ආකෘතියකට අනුව සිදුවිය යුතු බවය. රටේ තිබෙන ගම්මාන 14000 එකවිට සංවර්ධනය කිරීම මේ ව්‍යාපෘතියේ පරමාර්ථය බව මේ වන විටත් සමාජ ගත වී ඇත.  


ගමේ ශක්තිය
ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් හැම ආණ්ඩුවක්ම පාහේ අපේ රටේ සංවර්ධනයට ග්‍රාමීය ක්ෂේත්‍රයෙන් ඇති දායකත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරන බව සැබෑය. කථාවට එහෙම වුණත් ක්‍රියාවට ගිය විට ඒ තත්ත්වය එතරම් සාර්ථක නොවූ බව බොහෝ අය දන්නා කාරණයක්ය. අප දන්නා ඉතිහාසයේ ගම මුල් කරගෙන පටන් ගත් සමහර සුබසාධන ව්‍යාපෘති ගමේ සමාජයට වැදගත් වුණාට නගරයේ අයට එතරම වැදගත්කමක් නැති බව ටික කාලයකින්ම පෙන්නුම් කළ බව මගේ මතයයි. ප්‍රේමදස මහතාගේ කාලයේ  ආරම්භ කළ ජනසවිය වැඩ සටහන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ  ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපෘතිය සහ  මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ආරම්භ දිවිනැගුම ව්‍යාපෘතිය මේ ආකාරයේ ග්‍රාම සංවර්ධනය මුල් කරගත් ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති ඒ ඒ නායකයන්ගේ පාලන කාලය සමගම අභාවයට යන්නේ ඒවා ගමේ සමාජයට ශක්තියක් වූවාට නාගරික සමාජයේ අයගේ පිළිගැනීමට ලක් නොවන නිසාදැයි ඇසීමේ වැරැද්දක් නැත.

අපේ රට ගම මුල් කරගත් සංස්කෘතියක් තිබෙන රටක් වූවාට රටේ තීරණ ගන්නේ නගර මූලික කරගත් අයය. මේ  නිසා සමහර අවස්ථාවල සමාජ සුබසාධනය පැත්තෙන් ගම කේන්ද්‍ර කරගනිමින් සිදු කරන වැඩ සටහන්වලට එතරම් තැකීමත් නගරයේ සිට තීන්දු තීරණ ගන්නා අය වෙතින් සිදු වන්නේ නැත. මේ නිසාම ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව නායකයෝ සිදු කරන යෝජනා ඒ ආකාරයෙන්ම කල් පවතින අයුරින් සිදු වන්නේ නැත.

ලංකාවේ ආණ්ඩු ගමේ සංවර්ධනය පිළිබඳව ස්ථාවර පදනමක් නැති වුණාට ගමේ ආර්ථිකයේ තිබෙන ශක්තිය දන්නා පෞද්ගලික මට්ටමේ ව්‍යවසායකයන් ආර්ථික වශයෙන් ගමට බැස ඇති බව පෙනී යන කාරණයක්ය. විවිධ නම්වලින් යුත් ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන බිහි වෙන්නේ මේ හේතුව නිසාය. ණය දෙන සමිති ව්‍යාපාර හා මරණාධාර සමිති ව්‍යාපෘතී මේ වන විට ගමේ ආර්ථිකයේ විශාල කොටසක හිමිකාරිත්වයට පත්වී ඇත්තේ මේ තත්ත්වය නිසාය.


ගමේ දේශපාලනය
අපේ රටේ ගම් ආශ්‍රිතව පැවති දේශපාලනය 2015 ජනාධිපතිවරණයත් සමගින් වෙනස් වී ගිය බව මගේ නිරීක්ෂණයය. මා එසේ කියන්නේ සම්ප්‍රදයිකව අපේ රටේ ග්‍රාමීය දේශපාලනයේ පැවති එක් ස්ථාවරයක් වූ ‘කැපුවත් කොළ -  කැපුවත් නිල්’ යන පක්ෂගතවීමේ දේශපාලන තත්ත්වය 2015 ජනාධිපතිවරණයත් සමගින් වෙනස් වෙන්නට පටන් ගත් නිසාය. මේ වෙනස පටන් ගත්තේ එවකට ශක්තිමත්ව සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරණයේ දී පරාජයට පත්කරවමින් වන අතර ඒ අලුත් තත්ත්වය විසින් සාම්ප්‍රදායික ග්‍රාමීය දේශපාලන ආකෘතිය ද උඩු යටිකුරු කරනු ලැබූ බව ඉතාමත් පැහැදිලිය. 2015 තිබූ දේශපාලන බල කඳවුරු මේ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතිවා පමණක් නොව පරණ බල කේන්ද්‍ර වූ එජාපයට හෝ  ශ්‍රීලනිපය යළිත් වතාවක් රටේ බලය ගැනීමේ හැකියාවක් නැති ගණනට ඒ පක්ෂ දෙක අබලන් වී ඇත. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ  සහ සමගි ජන බලවේගය ලෙසින් දේශපාලන බල කඳවුරු දෙකක් ලෙසිනි.

මා ඉහතින් කියූ කාරණය වඩාත් ශාස්ත්‍රීය ලෙසින් කිව හැක්කේ ග්‍රාමීය සමාජයේ තිබූ හෙජමොනික දේශපාලනය මේ වන විට වෙනස් වී ඇති බවයි. හෙජමොනික දේශපාලනය යැයි කියන්නේ ‘යම් දේශපාලනික මතවාදයකට හෝ දේශපාලන කණ්ඩායමකට උපතින්ම සම්බන්ධයි වගේ කල්පනාවකින් දේශපාලන වැඩවලට සහභාගීවීමට’ ඇති මෙහෙයවීමයි. දැන් ගමේ දේශපාලනය කාටවත් භුක්තියට සින්නවී නැති වෙනස්වෙන සුළු ප්‍රවණතාවක් බව මම මෙහිදී කියන කාරණයයි.

මේ නව තත්ත්වය තුළ ග්‍රාමීය සමාජයේ දේශපාලනය සහ සංවර්ධනය අතර ඉතාමත් ආසන්න සම්බන්ධයක් පවතින බව පිළිගැනීම නිවැරැදිය. කොරෝනා තත්ත්වය හමුවේ නව සාමාන්‍යකරණයකට අප ලක්වෙමින් සිටිනවා වගේම අලුත් සාමාන්‍යකරණයක් ගම තුළ ගොඩනැගී ඇති බව මගේ මතයයි. ආණ්ඩුවේ නව සංකල්පයක් වන ‘වැඩ සමග යළි ගමට’ වැඩ සටහන විශේෂයෙන් අපේ අවධානයට යොමු විය යුත්තේ ගමේ ඇති මේ නව තත්ත්වයත් සමග කල්පනා කිරීමේදීය.


යළි ගමට
‘වැඩ සමග යළි ගමට’ යන නමින් ඉදිරිපත් වී ඇති ආණ්ඩුවේ නව ව්‍යාපෘතිය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇති ආර්ථික පුනර්ජීවනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින්ය. මේ ව්‍යාපෘතියේ අරමුණු කීපයක්ම පවතින බව පෙනී යයි.

එහි පළමු අරමුණ වන්නේ ගමේ සංවර්ධනයේ  අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගත යුත්තේ ගම තුළින්ම මිස කොළඹ සීතල කාමර තුළ  සිට නොවන බවයි. නිදහසින් පසු ගත කළ වසර 70 අධික කාලය පුරාම පෙන්නුම් කරන්නේ ගමේ සංවර්ධන අවශ්‍යතා සහ ආණ්ඩු විසින් ඒවා සඳහා ලබා දෙන විසඳුම් අතර පරස්පරයක් තිබෙන බවයි. මේ පරස්පරය සමහන් කරන්නට නම් ගමේ අවශ්‍යතා ගම තුළින්ම සොයා ගැනීම අවශ්‍යම කාරණයක් බව මෙහි ඇති තේරුමයි.

මේ ව්‍යාපෘතියේ දෙවැනි අරමුණ වන්නේ 2021 වසරේ අයවැය ලේඛනයේ ඇති සංවර්ධන යෝජනා රට තුළ ශක්තිමත් ආකාරයෙන් බෙදියාමක් නිර්මාණය කිරීමයි. මීට පෙර කාලවල අයවැයකින් පසුව කෙරෙන්නේ ඒ ඒ අමාත්‍යංශවලට පත්වෙන ඇමැතිවරුන් විසින් ‘තම තම නැණ පමණ’ ස්වකීය අමාත්‍යංශවලට හිමි මුදල් ව්‍යාපෘතී සඳහා යොමු කිරීමයි. ඒ නිසා සමහර අවස්ථාවල සිදුවන්නේ ව්‍යාපෘතියේ අරමුණුවලට නොගැළපෙන  තැන්වල සමහර සංවර්ධන කටයුතු සිදු කිරීමයි. මේ සඳහා හොඳම උදහරණයක් හැටියට 2004 වර්ෂයේ සුනාමිය හේතුවෙන් රටට පැමිණ සමහර ව්‍යාපෘතිවලට වුණු දේවල් ගත හැකිය. ඒ දවස්වල සුනාමියෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රෝහල් ව්‍යාපෘති සඳහා විදේශවලින් ලැබුණු ආධාරවලින් රෝහල් හැදුවේ බදුල්ලේ සහ පොළොන්නරුවේය. ඒ එම පළාත්වල මුහුද ගොඩ ගැලූ නිසා නොව ආධාර ලැබෙන කාලයේ පිළිවෙළින් විෂයභාර අමාත්‍යවරුන් හිටියේ ඒ දිස්ත්‍රික්කවල වීම නිසාය. මේ තත්ත්වය අනෙක් ව්‍යාපෘතිවලටත් ඒ වගේම සමානය. ඒ නිසා අයවැයේ මුදල් නිශ්චිත ආකෘතියක් තුළ රටට යෙදවීම මේ වැඩ සටහනේ දෙවැනි වැදගත් අරමුණය.

තුන්වෙනුව මේ වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ ගමේ ජන ජවිතය පිළිබඳව ‘“සමස්තමය ආකල්පයකින්” බලා වැඩ කිරීමය. ඒ කියන්නේ විවිධ ආණ්ඩු  එක එක ව්‍යාපෘති හරහා ගමේ සිදුකර ඇති සමහර නිම නොවූ සංවර්ධන කටයුතු පවා නිම කරමින් ගම තුළ අලුත් ප්‍රබෝධයක් ගොඩ නැගීමය. එහිදී  1 යටිතල පහසුම් (මාර්ග -  පානීය ජලය  -  විදුලිය වැනි) 2 සුබසාධන පහසුකම් (පොහොර සහනාධාරය  -  සමෘද්ධි සහනාධාරය වැනි ) 3 ජීවනෝපාය සංවර්ධනය (කෘෂි - ධීවර  - අපනයන නිෂ්පාදන වැනි) යනාදි ක්ෂේත්‍ර සම්බන්ධව සමස්තමය ආකෘතියක් තුළ ගම සංවර්ධනය කිරීමය.


ගමට බලය
ග්‍රාම සංවර්ධනය මත පදනම් වෙමින් රටේ දියුණුව දෙස බැලීම ලංකා වැනි රටක ඉතාමත් අවශ්‍ය තත්ත්වයක් වන්නේ හේතු කීපයක්ම නිසාය. එක පැත්තකින් අපි වෙළඳපොළ ආර්ථිකයෙන් ගෝලීයකරණයට ලක්වූ රටක් වුණත් තවමත් ජනතාවගේ සාතිශය බහුතරය ස්වකීය ජීවන යාන්ත්‍රණය පදනම් කරන්නේ ග්‍රාමීය සංවිධානයක් තුළ බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. ඒ ග්‍රාමීය සංවිධානය වන්නේ ගමයි. අනෙක් අතට තාක්ෂණික වශයෙන් ගෝලීයකරණය වුවත් ජනතාවගේ සමාජ හා සංස්කෘතික චින්තනය පදනම් වන්නේ ගම මත ගොඩ නැගුණු ආකෘතියකවීම නිසා ගමේ වැදගත්කම ඉතාමත් තීරණාත්මක බව පිළිගැනීම අවශ්‍යය. තවත් පැත්තකින් රටේ බල විමධ්‍යගතකරණයේ වැදගත්ම ඒකකය වන ප්‍රාදේශීය පාලනයේ ප්‍රධාන දැති රෝධය වන්නේ ගම නිසා ගම මත පදනම් වෙමින් සංවර්ධනය සංවිධානය කිරීම ඉතාමත වැදගත් බව මගේ මතයයි.

රටේ සංවර්ධනයේ එක් ප්‍රධාන කලාපයක් ලෙසින් ග්‍රාම සංවර්ධනයේ නව පිම්මක් නිර්මාණය කිරීමට හැකිවේවා යි යන්න මගේ කිවිදා දැක්මයි.

(***මහාචාර්ය - චරිත හේරත්)



අදහස් (7)

යළි ගමට පිවිසුම

Nuwan Monday, 18 January 2021 09:28 AM

දැක්කාම අප්පිරියාවක් දැනෙන්නේ මට විතරද?

:       3       12

විජිත් Wednesday, 20 January 2021 12:48 PM

නැහැ. අපි ඔක්කෝටම වමනේ යනවා... මේ හැබිචෝල්, හොර මූණත් තහඩුව පෙනෙනකොට...

:       2       7

දිමුත්Thursday, 21 January 2021 05:55 AM

අපිටත් එහෙමයි.

:       2       7

de silva Tuesday, 19 January 2021 04:36 PM

නුවන් මහතාගේ අදහස අනුමත කරමි.

:       2       9

wicky Friday, 22 January 2021 05:41 AM

ඔව්, ඔව්.., ළඟදීම මල්වානට යයි.

:       3       5

Rata Perata Friday, 22 January 2021 07:49 AM

හොරකම් කරලා රටෙන් පැනලා ගියා. මෙයා කවුද ගමට යන්න කියන්න? හරිනම් හිරේ ඉන්න ඕනෙනේ...

:       2       7

vidya Monday, 25 January 2021 06:08 AM

පළාත් සභා ටිකටත් කොටන්න වගේ හදන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

දේශපාලක ප්‍රතිඥාවල යථාර්ථය
2025 පෙබරවාරි මස 16 20 0

අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.


අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?
2025 පෙබරවාරි මස 14 897 2

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 112 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
2025 පෙබරවාරි මස 13 266 0

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


සමාජ චින්තනය ක්ලීන් කරමු
2025 පෙබරවාරි මස 13 78 0

නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස


රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 332 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 268 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 139 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 967 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site