IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


යුද විරුවකුට වෙච්ච දේ

සිනාසිය යුතු ද වැළපිය යුතු ද යන්න කලින් විනිශ්චය කළ නොහැකි තරමේ සංකීර්ණ සිද්ධි දාමයක් ඉකුත් දින කිහිපයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබිණි. ඒ වැකිය කියූ සැණින් ඔබටද සිහිපත් වූ ඒ සිද්ධිදාමය ඇමැති පුතුන් දෙදෙනා හා හමුදා මේජර්වරයා සම්බන්ධයෙනි. දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මහජනයාගේ අවශ්‍යතාවන් සොයාබැලීමේ වරමක් ජනාධිපතිවරයා විසින් තමාට දී ඇතැයි කියන මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා අමාත්‍යවරයකු වන නැසීගිය මනෝ විජේරත්න මහතාගේත් දැනට තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිව සිටින භාරතී විජේරත්නගේ පුත් රොහාන් ධනුෂ්ක විජේරත්න කොළඹ ජයික් හිල්ටන් නිවාස සංකීර්ණයේ රාත‍්‍රි සමාජ ශාලාවකදී හමුදා මේජර්වරයකුට හා සෙබළකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් වාර්තා වූයේ ඉකුත් 9 වැනිදා අළුයම් කාලයේදීය. මෙම මේජර්වරයා හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු වන අතර පහර කෑමෙන් ඔහුගේ හිසට මැහුම් හතරක් පමණ දැමීමට සිදුවන තරමේ තුවාලයක්ද සිදුවී තිබිණි. ඇමැති පුතුන් දෙදෙනා පහරදුන් බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිළි කරනු ලැබුවේද පහර කෑ හමුදා බුද්ධි අංශ මේජර්වරයාමය. මාලක සිල්වාගේ නමත් රොහාන් විජේරත්නගේ නමත් කරළියට පිවිසියේ ඉන්පසුවය. සංක්ෂිප්තය කරුණු කාරණා වටහා ගැනීම පිණිසය. ඇමැති පුතුන්ට රාත‍්‍රී සමාජ ශාලාවල රැය පහන් කිරීමට තිබෙන අයිතිය ප‍්‍රශ්න කිරීමට මෙරට සුවහසක් දුගී ජනයාට අවසර නැත. මන්දයත් ඒවාද ඇමැති වරප‍්‍රසාදවලට අයත් වන හෙයිනි. තාත්තා ඇමැති කෙනෙකු නම් ඒ ඇමතිගේ පුත‍්‍රයාට රාත‍්‍රි සමාජ ශාලාවක රැය පහන් කිරිමට, නාඩගම් නැටීමට හැකියාවක් නොමැතිනම් ඒ ඇමතිකමෙන් ඇති ප‍්‍රයෝජනයක් නැත. එබඳු ඇමැති පුත‍්‍රයකුට තමන් කැමති ආකාරයෙන් සියල්ල සිදුවියයුතු යැයි සිතෙන්නේ නම් එය එසේ සිතා කටයුතු කරන්නේනම් හෝ සාතිශය දිළිඳු ජනයාට ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේ අයිතියක්ද නැත. මන්දයත් මේ රට යනු හෘදය සාක්ෂිය වළලා දැමූ එය මිනිස් කසළ මෙන් පිටු දකිමින් සිටින රටක් බවට පත්වෙමින් තිබෙන හෙයිනි. මාලක සිල්වා සම්බන්ධයෙන් ගෞරවය දනවන පුවතක් ද ඉකුත්දා අනාවරණය විය. ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදීය. මාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීමට අවශ්‍ය නිසා ඒ සඳහා මාසයක කාලයක් ඇප ලබාදෙන ලෙසය. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට යාමට සිටින තම සේවාදායකයාට අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා වීමේ අදහසක් තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය. වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට ගොස් අනාගත ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා වීමට සිහින දකිමින් සිටින මාලක සිල්වා හා වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින රොහාන් විජේරත්න කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ රථ ගාලේදී තමාට පහරදුන් බවට හමුදා බුද්ධි අංශ මේජර්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කළේ ඇයි? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර මාලක හා රොහාන් සම්න්ධයෙන් පොලිසිය ක‍්‍රියාත්මක වූ ආකාරයද සිහිපත් කැරගැනීම වැදගත්ය. හමුදා බුද්ධි අංශ මේජර්වරයාට පහර දුන්බවට සැකකරන ඇමැති පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යෙදවූ බව රටට කීවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාය. එහෙත් ඒ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකටම ඇමැති පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය. ඒ ඇයිදැයි විමසීම නොකළ යුත්තකි. ඒ අතරවාරයේදී මාලක සිල්වා කැලණි පුද බිමට ගොස් සර්වඥධාතුන් වහන්සේද වැඳ පුදා ගත්තේය. ඒ ප‍්‍රසිද්ධියේමය. එහිදී ඔහු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදියකු විමසූ විට ලැබුණු පිළිතුර වූයේ ”ස්ථානය අනුව ඔහු අත්අඩංගුවට නොගත්තා විය හැකිය” යන්නය.  ඕනෑම අපරාධකාරයකුට දැන් තිබෙන්නේ පුදබිමකට වී සිටීම යැයි වරදවා වටහාගත යුතු නැත. ඒ සඳහා ඇමැති වරප‍්‍රසාදවල බල මහිමය තිබිය යුතුය. විශේෂ පොලිස් කණ්ඩායම් දෙකටම සොයාගත නොහැකි වූ මාලක සිල්වා හා රොහාන් විජේරත්න සිද්ධියෙන් දින 9කට පසුව කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර වූහ. අර පොලිස් කණ්ඩායම් දෙක විසුරුවා හැරියේ දැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රටට කීවේ නැත. පොලිසියට බාර වූ මාලක හා රොහාන් ”අත්අඩංගුවට” ගත් පොලිසිය ඒ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ ඉකුත් 17 වැනිදාය. ඒ දෙදෙනා සැප්තැම්බර් 24දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස අධිකරණය නියෝග කළේය. පහර කෑ හමුදා බුද්ධි අංශයේ මේජර් චන්දන ප‍්‍රදීප් සුසේන මේ වනවිටත් යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය. සත්‍යයකි! රණවිරුවකුට ඇමැති පුතුන් දෙදෙනකු පහරදීමේ සිද්ධියෙන් සමාජය බෙහෙවින් කම්පාවට පත්ව සිටියේය. තිස් වසරක කටුක යුද්ධය තුන් වසරක වික‍්‍රමයකින් ජයග‍්‍රහණය කළේ මාතෘභූමිය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත දන්දුන් වීරෝදාර රණවිරුවන්ගේ කැපවීමේත් පරිත්‍යාගයේත් මහිමයෙනි. උස් දළ රළපෙළක් සේ පසු නොබා නැගී සිටි විරෝදාර සෙබළ බලමුළු මරණයට අභියෝග කරමින් මාතෘභූමිය අසමසම ජයග‍්‍රහණය වෙනුවෙන් සිය ජීවිත පූජා කිරීමේ මාවත තෝරා ගත්හ. ඒ පෑ ප‍්‍රාතිහාර්යයේ මහිමයෙන් කොටි ත‍්‍රස්තවාදයේ සැහැසි ග‍්‍රහණයෙන් මිදී නැගී ගත් රට දේශපාලන පුතුන් අතින් කිළිටි වී යාම සම්බන්ධයෙන් ජනයා කම්පාවට පත්ව සිටියහ. රණවිරුවන් දිවිපුදා දිනාදුන් නිදහස යනු ඇමැති පුතුන්ට රාත‍්‍රි සමාජ ශාලාවලදී රණවිරුවන්ගේ ඔළු පැලීමේ නිදහස දැයි සාතිශය බහුතරයක් ජනයා කල්පනා කළහ. එහෙත් ඒ අතරවාරයේදී කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. පහර කෑබව කියන යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප‍්‍රදීප් නීතිඥයකු මගින් ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සමෙන් කියැවුණේ කොළඹ ජයික් හිල්ටන් රථ ගාලේ ආරවුල ඇතිවූ අවස්ථාවේදී මාලක හා රොහාන් එහි සිටි නමුත් ඒ දෙදෙනා තමාට පහර දීමක් හෝ ඒ සඳහා අනුබල දීමක් හෝ සිදුනොකළ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියා මාර්ගයක් අවශ්‍ය නොවන බවය. ගැටුම සිදුවූ මොහොතේ උදුරා ගත් බවට පැමිණිල්ලේ සඳහන් කළ රන් මාලය නිවසේ තිබී හමුවූ බවද ඔහු එම දිව්රුම් පෙත්සමේ සඳහන් කර තිබිණි. මෙම දිව්රුම් පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටියේ සිද්ධිය සමථයකට පත් කැරගත යුතු බවය. මෙම පෙත්සම සලකාබැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා 24 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙසද මේජර්වරයාට නියෝග කළේය. මාලක සිල්වා හා රොහාන් විජේරත්න වෙනුවෙන් ගොනුකර තිබූ මෝසම කැඳවූ අවස්ථාවේදී මේජර්වරයාගේ නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා අදාළ පෙත්සම ගැන විමසූ අවස්ථාවේදී නීතිඥවරයා පවසා සිටියේ මෙවැන්නකි. ”ස්වාමීනි! ඒ අවස්ථාවේදී පැමිණිලිකරු සිටියේ කම්පනයෙන්. ඔහු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින විට මාධ්‍යවල පළවී තිබූ මාලකගේ හා රොහාන්ගේ ඡායාරූප දකින්න ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි පැමිණිලිකරුට කල්පනා වී තිබෙන්නේ මේ දෙදෙනා එම ස්ථානයේ සිටියත් ඔවුන් තමන්ට පහරදීමක් නොකළ බව.” කරුණු කාරණා එසේ පෙළගැසෙමින් තිබියදී 21 වැනිදා යළිත් අධිකරණය රැස්විය. සැකකාර ඇමැති පුතුන් දෙදෙනා හා මේජර්වරයා මෙහිදී අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. එහිදී කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා දිවුරුම් පෙත්සම ඉදිරිපත් කළ හමුදා බුද්ධි අංශ මේජර්වරයාගෙන් ප‍්‍රශ්න කර සිටියේ ”තමා මෙම දිව්රුම් පෙත්සම ඉදිරිපත් කළේ කාගේ හෝ බලපෑමක් මතද යන්නය. එයට මේජර්වරයාගේ පිළිතුර වූයේ ”නැහැ. මා ස්වාධීනව මේ දිවුරුම් පෙත්සම ඉදිරිපත් කළේ” යනුවෙනි . මහේස්ත‍්‍රාත්වරයා: තමා මේ සිද්ධිය ගැන පොලිසියට කට උත්තරයක් දුන්නාද? මේජර්වරයා: ඔව්! මුලින් රෝහල් පොලිසියට දුන්නා. මහේස්ත‍්‍රාත්වරයා: පසුව සවිස්තරාත්මක කට උත්තරයක් දුන්නාද? මේජර්වරයා: ඔව්! කොම්පඤ්ඤවීදිය පොලිසියට සවිස්තරාත්මක ප‍්‍රකාශයක් දුන්නා. මහේස්ත‍්‍රාත්වරයා: පොලිසියට සවිස්තරාත්මකව දුන් ප‍්‍රකාශයට පටහැනි දෙයක් නේද දිවුරුම් පෙත්සමේ සඳහන් වුණේ? මේජර්වරයා: ඔව්. මහේස්ත‍්‍රාත්වරයා: පොලිසියට කළ ප‍්‍රකාශයේදී ඇයි එවැනි කරුණු ඇතුළත් කරලා ප‍්‍රකාශයක් දුන්නේ? මේජර්වරයා: පැමිණිල්ල කරන වෙලාවේ මාදැඩි කම්පනයට ලක්ව සිටියා. සිදුවීම සිදුවෙච්ච වෙලාවෙදි මා රෝහලට ගෙනා අය කීවා මාලක සහ රොහාන් එතැන සිටියා කියා. ඒ අනුවයි මා ඒ දේවල් කීවේ. මහේස්ත‍්‍රාත්වරයා: තමා අවුරුදු 16ක් හමුදාවේ රාජකාරිකළ රණවිරුවෙක් නේද? මේජර්වරයා: ඔව්! මහේස්ත‍්‍රාත්වරයා: අවුරුදු 16ක් හමුදාවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියකු වන තමා කොහොමද කම්පනයට පත්වුණේ? මේජර්වරයා: මට කවදාකවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේ වගේ මගේ ලේ ගලාගිහින් නෑ. ඒ වෙලාවේ අධික ලෙස මගෙන් රුධිරය වහනය වුණා. පහරදීමේ චෝදනාව සමථයකට පත් කළ හැකි වුවත් කොල්ලකෑමේ චෝදනාව සමථයට පත් කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත‍්‍රාත්වරයා හමුදා මේජර්වරයාගේ සාක්කිය කුමක් වුවත් මේ සිද්ධිය පිළිබඳව වෙනත් සාක්කි මෙන්ම වීඩියෝ සාක්කිද ඇතිබව සඳහන් කළේය. ඇමැති පුතුන් දෙදෙනා රුපියල් 50,000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වටිනා ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියේ හමුදාපතිවරයාට දැනුම් දුන්නේ හමුදා බුද්ධි අංශ මේජර්වරයාට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඔහු යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය. එසේම මේජර්වරයා හෝටලයට ගොස් තිබෙන්නේ රාජකාරි අවශ්‍යතාවකට නොවන බවද එම මූලික උසාවිය පෙන්වා දී තිබේ. හමුදා පරීක්ෂණ උසාවිය පුරා සතියක් පැවැති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මේජර්වරයාට පිස්තෝලයක් රැගෙන යාමට අවසර නැති බවය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්් ඕවිට මහතා අධිකරණයට දැනුම් දුන්නේ මාලක සිල්වා හා රොහාන් විජේරත්න ඇතුළු පිරිසක් ඉකුත් 9 වැනිදා අලූයම ජයික් හිල්ටන් නිවාස සංකීර්ණයේ රථ ගාලේදී තමාට පහර දුන් බවට පැමිණිලි කර ඇති යුද හමුදා මේජර් චන්දන ප‍්‍රදිප් සුසේනට එදින එම ස්ථානයේ නියමිත රාජකාරියක් පවරා නොතිබුණු බව ඔහුගේ අණදෙන නිලධාරි තැනගේ ප‍්‍රකාශයෙන් අනාවරණය වී ඇති බවය. එමෙන්ම මෙම මේජර්වරයා එහි ගියේ අපරාධ රැසකට සම්බන්ධ කැසිනෝ ව්‍යාපාරිකයකුට රැකවරණ ලබාදීමට දැයි සැකයක් මතු වී ඇති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත් දැනුම් දුන්නේය. පැමිණිල්ල විභාගයට ගැනීම නොවැම්බර් 26 දිනට කල් තැබිණි. සමස්ත සිදුවීම් මාලාවම එක විටම ගත කල්හි අදාළ මේජර්වරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන්ද බලවත් ප‍්‍රශ්න ගණනාවක් මතුවේ. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු යනු අතිශයින්ම සම්භාව්‍යතාවට පත් නිලධාරියෙකි. එහෙත් මේ හැසිරිම එබඳු බලවත් නිලයකට තරම් නොවන බව නම් ඉඳුරාම පැහැදිලිය.

සටහන -  ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්
මේජර් උසාවියට එද්දී මාලක අධිකරණයට පැමිණ  



අදහස් (0)

යුද විරුවකුට වෙච්ච දේ

කුමාර Thursday, 25 October 2012 08:01 PM

ඕවා වැඩිය ගණන් ගන්න එපා. (නි)

:       0       0

උපුල් Monday, 01 October 2012 01:38 PM

කියන්න දේ ගොඩයි..ඒත් කියලා වැඩක් නෑ (ස)

:       0       0

රොකී Monday, 01 October 2012 07:33 AM

අයියෝ තාත්තේ .(ස)

:       0       0

හර්ෂණ Tuesday, 02 October 2012 09:34 PM

ඔය නිල ඇදුම අදින්න එපා.. මොකද ඔය නිල ඇදුම අයිති අභීත රණවිරුවන්ට පමණයි.. (නු)

:       0       0

නාමල් Tuesday, 09 October 2012 01:56 PM

ජිවා එතකොට මේජර් ඇමති පුතාට ගැහුවනම් මොකද වෙන්නේ (ස)

:       0       0

සමන්ති Monday, 01 October 2012 01:59 PM

මෙයාගේ අත තලන්න ඕනි (ස)

:       0       0

ජීව Friday, 05 October 2012 11:32 PM

හමුදාවෙ හිටියටම යුධ විරුවො වෙන්නෙ නැහැනෙ. කොටින්ට හමුදාව පාවලා දුන්න විරුවොත් හිටිය බව අපි දන්නවානෙ. දැන් ඔය පොලිසියේ අය නිකරුනේ මිනිසුන්ට ගහන්නෙ.ඒව නැහැයි කියන්න ද.හමුදාවෙ අයත් කාලයක් අපේ අයට තැලුවෙ නැද්ද.ඒව අපට අමතකවෙලා ද.ඒ අයට ගහන්න පුළුවන් නම්,අපෙනුත් එකෙක් ඒ අයට ගැහුවම මොකද වෙන්නෙ.හොඳයි, ඔය කියන මේජර් සාමාන්‍ය කෙනෙකුට ගැහුවා නම් මොකද වෙන්නෙ.මේ විදියට කෑ ගහයිද? අනිත් එක, ඒක ඒ අයගෙ පුද්ගලික ප්‍රශ්නයක්. මේක රටේ පොදු ප්‍රශ්නයක් නෙවෙයි. අපි මොකට ද ඒකට පෙළපාලි යන්නෙ. මේජරුයි,මාලකයි ඒ ප්‍රශ්නය විසඳගනියි. (නි)

:       0       0

ශිරාන් Thursday, 11 October 2012 12:16 PM

අනේ ජිව, මාලක සාමාන්‍ය මිනිහෙකුට ගැහුවනම් මොකද වෙන්නෙ.. මෙ රටේ නීතියක් කියල එකක් නැ. එක නිසයි මේක හැම කෙනෙකුගේම පොදු ප්‍රශ්නයක් වෙන්නෙ.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 665 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 450 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 351 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1578 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 95 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 711 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 654 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site