IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මේ ගෙන්වපු වාහන කන්දරාව සමුළුවෙන් පසු කාටද?

 

 

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට  ගෙන ආ අලූත්ම වාහන ප‍්‍රමාණය තුන්සීය ඉක්මවීය. මෙම වාහන ප‍්‍රමාණය සමුළුවෙන් අනතුරුව පාවිච්චි කරන්නේ කවුද? මේ පිළිබඳව සමාජයේ විවිධ මතවාද පවතී. මේ ඒ ගැන කරන විමසුමකි.

වාහන වෙළෙඳපොළේ ඇති මිල ගණන්වලට අනුව නම් සමුළුව සඳහා ගෙන්වන ලද වාහනයක දළ වටිනාකම ලක්ෂ 150 ක් ඉක්මවා ඇත. ඒ තීරුබදු සහිතවය. ගෙන්වා ඇති මුළු වාහන සංඛ්‍යාව 319 ක් බව සඳහන් වේ.

මෙම මුළු වාහන සඳහා දරන්නට සිදුවිය හැකි වියදම කෝටි 450 ඉක්මවා ඇත. තීරු බදු රහිතව මෙම වාහන තොගය ගෙන්වූවා නම් වැයවන මුදල රුපියල් කෝටි 127 ක් පමණ විය හැකිය. ඒ අනුව රජයට දැරීමට සිදුවන පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 351 ක් පමණ වේ.

රාජ්‍ය නායකයන් සඳහා පහසුකම් සැපයීම රජයේ වගකීම හා යුතුකම වෙයි.

ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැත.

එහෙත් මේ රටින් ඒ සඳහා අවශ්‍ය වාහන ලබා ගැනීමට රජයට හැකියාව ඇත. කුලියට, බද්දට හෝ ඉහළ පෙළේ ධනවතුන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් මේ වාහන ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සදාකාලිකව නොවේ. දින කීපයකට පමණි.

අවශ්‍යතාවයක් තිබුණා නම් රජයට කළ නොහැකි දෙයක් නැත. වාහන අවශ්‍ය නම් ඒ සඳහා මේ තරම්ම මුදලක් වියදම් කළ යුතු නැත. වියදම් කළ යුතු තත්ත්වයක රට පවතින්නේ නැත.

විදේශ ණය බර ගෙවා අවසන් කිරීමට පෙර දැක්මක් තිබිය යුතුය. ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය. වැටුප් වැඩි කිරීමට තීන්දුවක් ගත යුතුය. බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉදිරියේ සුඛෝපභෝගී වාහන ගෙන්වීම මේ අවස්ථාවේ රටට නොගැළපෙන්නක් බව ඇතැම්හු චෝදනා කරති.
මෙම වාහන ගෙන්වූයේ මැති - ඇමැතිවරුන්ගේ ප‍්‍රයෝජනය සඳහා බවට ආරංචිමාර්ග පැතිරී ඇත. මේ වාහන මේ රට තුළම අලෙවි කරන බවට ද ආරංචි පැතිරී ඇත.

හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම් යටතේ ඒ ඒ අමාත්‍යාංශවලට වාහන සඳහා වෙන් කරන ලද මුදල් මෙසේය. මෙම පරිපූරක ප‍්‍රතිපාදන සලසා දී තිබුණේ පසුගිය ජූනි මාසයේදීය.

 

⋆ සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය - රුපියල් කෝටි 2 කි.

⋆ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 2 කි.

⋆ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 548 කි.

⋆ අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් 1,15,00,000 කි.

⋆ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 99 කි.

⋆ යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් 61,85,000 කි.

⋆ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් 60,98,050 කි.

⋆ පොලිස් දෙපාර්තමේන්තුවට ලක්ෂ 85 කි.

⋆ ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් 23,50,00,000 කි.

⋆ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 70 කි.

 

 

ආර්ථිකයට බරපතල තත්ත්වයක්

 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අතිවිශාල මුදක් වැය කර මෙරටට වාහන මිලදී ගෙන තිබෙන බව වාර්තා වේ. අවශ්‍යතාවකට මේ වාහන ගෙන්වන බව රජයේ ප‍්‍රකාශයයි. අවශ්‍යතාවක් නැතුව ගෙන්වනවා නම් එය රටේ ආර්ථිකයට බරපතළ තත්ත්වයකි.

රාජ්‍ය නායකයන් පැමිණෙන නිසා ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වාහන අවශ්‍ය බව රජයේ අදහසයි.

එහෙත් ඇතැම් නායකයන් මේ රටට පැමිණෙන්නේ තමන්ට පාවිච්චි කිරීමට අවශ්‍ය වාහනයද රැගෙනයි. උදාහරණයක් වශයෙන් චාල්ස් කුමාරයා මේ රටට පැමිණෙන්නේ ඔහුගේ වාහනයද සමගයි. සමහරු වාහනය රැගෙන එනවා ඇති.

රටවල් 54 කට මේ රට ආරාධනා කර ඇතත්, පැමිණෙන්නේ රටවල් 37ක නායකයන් නම් වාහන 54ක් ගෙන්වීමට කොහෙත්ම අවශ්‍ය නැත. රටවල් ගණනාවකින් රාජ්‍ය නායකයන් වෙනුවට සහභාගී වන්නේ ඇමැතිවරු හා වෙනත් නියෝජිතයන්ය.

ඇමැතිවරයකු ගෙනයාමට ලෝකයේ ඇති හොඳම වාහනය ගෙන්විය යුතු බවට සමුළුවට අදාළ නියමයක්ද නැත. එසේ තිබියදීත් බිලියන ගණනාවක මුදලක් වැයකර මේවා ගෙන්වා ඇත.

මේ වාහන සමුළුවෙන් පසු විකුණා දමන බවට කටකතාවක් පැතිරී ඇත. එහෙත් ඒ පිළිබඳව රජය ස්ථාවර පැහැදිලි තීන්දුවක් මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැත. නමුත් රජය සමුළුවෙන් පසු මේ වාහන ටික විකුණා දමනු ඇත. අමාත්‍යංශ මගින් ඒවා මිලදී ගැනීම සිදු වනු ඇත.

මෙම වාහනවලට අමතරව හදිසි අවශ්‍යතා සඳහා විශේෂ පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමද සිදුවේ. මෙම වාහනවලට අමතරව සමුළුව පැවැත්වෙන නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව නවීකරණය වෙනුවෙන් ප‍්‍රතිපාදන ලබාගෙන ඇත. හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම් (2013* ජනාධිපති ලේකම් කාර්යාලය වියදම් ඒකකය යටතේ රුපියල් කෝටි 10ක මුදලක් ලබාදී තිබිණි. මෙම නෙළුම් පොකුණ රංගශාලාව විවෘත කරනු ලැබුවේ පසුගිය 2011 වර්ෂයේදීය. මේ වනවිට වසර 2ක් තරම් සුළු කාලයක් ගෙවී තිබියදී මේ තරම් විශාල මුදලක් වැය කර නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව නවීකරණය කිරීමට දෙයක් තිබේද? වසර 10, 15 ක් පැරණි ගොඩනැගිල්ලක් අලූත්වැඩියාවට මෙම මුදල වැය කළා නම් සාධාරණය.
 

 

මේ ගෙනාපු වාහන අමාත්‍යංශවලට බෙදනවා

 

අමාත්‍යංශ සියල්ලකම පාහේ දැනට පාවිච්චි කරන වාහන බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයෙන් පවතින ඒවා. උදාහරණයක් වශයෙන් මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකුට වාහන නැහැ. ඒ සඳහා ඉල්ලූම් කර තිබුණා. නමුත් එම අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙවීම අත්හිටුවා තිබෙනවා. දැනටමත් ඒ තීරණය කි‍්‍රයාත්මක වෙනවා. සියලූ අමාත්‍යංශවලට අවශ්‍ය වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවා ඒ වෙනුවට මෙම සමුළුවට ගෙන්වන ලද වාහන ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණයකර තිබෙනවා.

මෙය වියදම් අවම කර ගැනීමේ වැඩපිළිවෙළක්. නිරන්තරයෙන් වාහන ගෙන්වීම සඳහා අමාත්‍යංශවලට මුදල් ලබාදීම මුළුමනින්ම අත්හිටුවනවා. මේ බව දැනටමත් සියලූ අමාත්‍යංශවලට දැනුම් දී තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට වාහන ගෙන්වීම අමතර වියදමක් හා අනවශ්‍ය වියදමක් ලෙස කවුරුන් හෝ තර්ක කරනවා නම් ඒක සාධාරණ නැහැ. මේ වාහන කොහොමටත් අමාත්‍යංශවලට ගෙන්වීමට නියමිතව තිබූ වාහන. එකවර ගෙන්වුවත් එක් එක් අමාත්‍යංශවලට වෙන් වෙන්ව ගෙන්වුවත් ඒ කි‍්‍රයාමාර්ග දෙකේම වෙනසක් නැහැ. ප‍්‍රතිඵලය එකයි.

බොහොමයක් අමාත්‍යංශවල පාවිච්චි කරන වාහනවලින් සියයට 75ක් 80ක් පමණ ඉතාමත් යල් පැන ගිය පාවිච්චි කළ නොහැකි තත්ත්වයෙන් පවතින ඒවා. මේ වාහන නිතරම කාර්මික දෝෂවලට ලක්වෙනවා. ඒ නිසා එම වාහන වෙනුවෙන් අලූත් වාහන ලබාදිය යුතු වෙනවා.

තවත් විශේෂත්වයක් නම් මෙවැනි සමුළුවක් පැවැත්වෙන විට රටේ ගෞරවයත් ආරක්ෂා කිරීම වැදගත්. අපි මේ ආශ්චර්ය කරා ගමන් කරමින් සිටින රටක්. සීඝ‍්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක්. ඒ අනුව බලන විට මේ වාහන ආයෝජනයක් විය හැකියි.

මෙම වාහන අතර අධි සුඛෝපභෝගි වාහන 50 පිළිබඳව තීන්දුවක් නැහැ. එම වාහන විකිණීමට හෝ ඇමැතිවරුන්ගේ පාවිච්චියට ලබාදීමට ඉඩ තිබෙනවා. නමුත් ඒ ගැන තවම පැහැදිලි තීන්දුවක් ලබාදීල නැහැ. ඒවා හැර අනෙකුත් සියලූ වාහන අමාත්‍යංශවල පැරැුණි වාහන වෙනුවට ලබාදෙනවා. අලූතෙන් වාහන ගැනීමට අමාත්‍යංශවලට මුදල් වෙන් කරන්නේ නැහැ.
 

 

 

 



අදහස් (0)

මේ ගෙන්වපු වාහන කන්දරාව සමුළුවෙන් පසු කාටද?

යූජී Friday, 22 November 2013 02:47 PM

අපිට තමා වෙන කාටද (ස)

:       0       0

කුමාර Wednesday, 20 November 2013 03:28 PM

මේ වාහන කියන තරම් මිල නැහැ. දැනටමත් භාවිතා කරලා. (ස)

:       0       0

සුදු පුතා Monday, 18 November 2013 04:57 PM

එක කාර් එකක් මටත් දෙන්නකො (නි)

:       0       0

ගයන් Monday, 18 November 2013 05:00 PM

ලෝකේ ලොකුම අමාත්‍ය මණ්ඩලය අපේ රටේ ඉන්න එකේ ඕවත් ලොකුද? මල්ලි ඕවාත් වැඩ ද? (නි)

:       0       0

ජයකොඩි Tuesday, 19 November 2013 11:07 PM

අනිත් ඒවා කෙසේවෙතත් මෙම වාහන ගත්ත පිළිවෙත නම් පිළිගන්න බැහැ. පෙට්‍රල් ලීටර් 1= රු.192යි,ළූණු කිලෝ 1=රු. 300යි.මේවා පටිසන් දෙන වැඩ.කරන කලට පව් මිහිරිය මී සේ..විදින කලට දුක් දෑඩි වෙයි ගිනි සේ.. (නි)

:       0       0

කුමාර Wednesday, 20 November 2013 03:35 PM

මේ රටේ ජීවත් වෙන අහිංසක දුප්පත් මිනුස්සු ගැන දශමයක් වත් හිතුවනම් මේ වගේ නාස්තිකාර වියදම් කරයිද? (අ)

:       0       0

ගමගේ Sunday, 17 November 2013 10:13 PM

ඔව් ඉතින් ලංකා ඉතිහාසය බැලුවත් වැඩි හරියක් රජවරු ජනතාව සූරාගෙන කාපු අයනේ! (නි)

:       0       0

සුදේව Tuesday, 19 November 2013 04:40 AM

තව අවුරුදු කීයක් දුක්විදින්න වෙයිද අපිට.(නදී)

:       0       0

සම්පත් Monday, 18 November 2013 05:13 PM

රුචිර, මොකක්ද මේ කතාව. අපේ ජනාධිපතිතුමා රටවල් 54ක ප්‍රධානියා. ඔයා මොන ලෝකෙද ඉන්නේ. (නි)

:       0       0

ඇෆ්ගන් සිසිර Wednesday, 20 November 2013 12:06 AM

ඔය එන්නේ බළලා මල්ලෙන් එළියට (නි)

:       0       0

ගැමා Sunday, 17 November 2013 10:47 PM

වෙඩි නොවදින 54 කාටද ඇමතිතුමනි? (නි)

:       0       0

මර්වින් Tuesday, 19 November 2013 05:39 AM

පිටරැටියන්ගේ වළං හෝද හෝද අපි එවන්නම් ඩොලර් හොදේ (නි)

:       0       0

ලාරා Sunday, 17 November 2013 11:16 PM

තව අවුරුදු කීයක් අපිට පිටරට ඉන්න වෙයිද ? (නි)

:       0       0

විජේ Wednesday, 20 November 2013 11:53 AM

මේ රටේ ජීවත් වෙන අහිංසක දුප්පත් මිනුස්සු ගැන දශමයක් වත් හිතුවනම් මේ වගේ නාස්තිකාර වියදම් කරයිද? (නදී)

:       0       0

සංජීව Thursday, 21 November 2013 11:46 PM

කොහොමද ඔහොම කතාකරන්නේ? (නි)

:       0       0

සරත් Monday, 18 November 2013 11:59 AM

බෙන්ස් ටික බර්මියුඩා ත්‍රිකෝනෙට දැම්ම වගේ තියෙයි. (ස)

:       0       0

ඩී.උපුල් Thursday, 21 November 2013 11:52 PM

අපි තමයි හිඟන්නෝ 54කගෙ ලොකුම හිඟන්නා.(ස)

:       0       0

චමත් Monday, 18 November 2013 06:06 PM

පෙට්‍රල් ලීටර් 1= රු.192යි,ළූණු කිලෝ 1=රු. 300යි (නි)

:       0       0

අනුරශාන්ත Wednesday, 20 November 2013 12:05 PM

මෙයාල මේ ජනතාවටවත් රටටවත් ආදරේටය මෙහෙම රටේ මුදල් විනාශ කරන්නේ මොනතරම් අපරාධයක්ද ? මේවට වන්දි ගෙවන්න වෙන්නේ අපටම තමයි. (ස)

:       0       0

දියෝ Monday, 18 November 2013 06:22 PM

දැන් ඉතින් බැනලා කෑගහලා වැඩක් තියෙනවද ? ඡන්දය දෙනකොටනේ හිතන්න තිබුනේ. ලංකාවට පාරවල් හදන්නේ අපේ සල්ලි වලින්, වාහන ගේන්නේ අපේ සල්ලි වලින් (නි)

:       0       0

අල්විස් Tuesday, 19 November 2013 12:56 PM

දැන් බොරුවට බනිනවා. ඡන්දයක් තිබ්බහම මේගොල්ලන්ටම කතිරේ ගහනවා. (ස)

:       0       0

සුගත් Monday, 18 November 2013 06:25 PM

ඔලුව තදින් නරක වෙච්ච මිනිසුන් පිරිසක් පිරිච්ච අරුම පුදුම රටක් තියනවා .... (නි)

:       0       0

ලෙස්ලි Sunday, 17 November 2013 02:22 PM

අපි තමයි මේවාට වන්දී ගෙවන්න ඕනේ (දී)

:       0       0

පාලිත Wednesday, 20 November 2013 04:52 PM

අර ඇමතිගේ දෙන්නෙකුට වාහන නෑලු. පව් නේ, හරි වැරදි නේ, ඇඩෙනවා නේ. (නදී).

:       0       0

ජොනතන් Wednesday, 20 November 2013 04:57 PM

දියුණු, පොහොසත් රටවල් වල උනත් මේ වගේ දෙකට වාහන ගෙන්නන්නේ කුලියට, සති දෙකකට විතර. අනේ අනිච්චන්. කතා කරලා වැඩක් නැත. (ස)

:       0       0

වලිමුණිදේව Friday, 22 November 2013 10:40 PM

ගෙන්වූ වාහන මහජන වෙන්දේසියකට දමා හැකි තරමින් මුදල් කරගන්න බැලුවොත් හොඳයි නේද? නැවත වරක් රජයම තියාගන්නවට වැඩිය, ගන්න කට්ටිය රටේ ඉන්නවා. අදහසක් විතරයි (නි)

:       0       0

පැංචි Monday, 18 November 2013 02:17 AM

පොඩ්ඩක් ඉවසන්නකෝ...ඕවත් වැඩද? (නි)

:       0       0

කමල් Tuesday, 19 November 2013 06:53 PM

මේ වාහන කියන තරම් මිල නැහැ. දැනටමත් භාවිතා කරලා තියෙන්නේ. අඩු මිලට අපි අපිම බෙදාගමු (ස)

:       0       0

අශාන් Tuesday, 19 November 2013 08:08 AM

ඇමතිතුමා, අතිරේක ලේකම්වරුන්ටත් වෙඩි නොවදින වාහන දෙන්න වගේ යන්නේ. අනේ වාසනාවන්! (නි)

:       0       0

ලලිත් Monday, 18 November 2013 02:54 AM

මේවායින් ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයින් සඳහා ප්‍රවාහන සේවාවක් අරඹන්න. එවිට ඉහළ පෙළේ ධනවත් සංචාරකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සැපයිය හැකි වනු ඇති. (නි)

:       0       0

ලංකා Saturday, 23 November 2013 09:08 PM

තරහ වෙන්න එපා මම නම් ආයේ ඔයාලට ඡන්දෙ දෙන්නේ නෑ. (නදී)

:       0       0

උදිත Wednesday, 20 November 2013 06:59 AM

අර විදුලි ඇමති තුමියටත් දෙන්න ඇමති තුමනි.(නදී)i

:       0       0

සමන් Monday, 18 November 2013 04:14 AM

'හෙණ ගහනවා' කියලා තමා මට නම් කියන්න තියෙන්නේ. මෙහේ අපි බඩගින්නේ (නි)

:       0       0

නුවන් Wednesday, 20 November 2013 01:31 PM

සල්ලි විනාශ කරන් නැතිව නැවත ඒ වාහන විකුණා ණය පියවන්න.(නුවන්)(නදී)

:       0       0

ගීත් Saturday, 23 November 2013 11:56 AM

බැන..බැන ඊලග පාරත් කතිරේ ගහන්න හොද පුතාල වගේ. තව ටික දවසකින් ඔය සේරම අමතකයිනේ.(නදී)

:       0       0

නාරද Saturday, 23 November 2013 11:58 AM

හෙන නොවදින වාහන නම් ගොඩක් ඕනේ වේවි ඉදිරියට. (නදී)

:       0       0

අබ්දුල් Tuesday, 19 November 2013 09:00 AM

මේ දේවල් ගැන අහන්න ගියත් දේශද්‍රෝහියෝ කියලා හංවඩු ගහනවනෙ.දැන් ඉතින් විඳවන්න වෙන්නෙත් අපිටම තමයි. (ස)

:       0       0

රත්නායක Tuesday, 19 November 2013 07:40 PM

විපක්ෂයක් හරියට නැති වුණහම ආණ්ඩුවක් කරන වැඩ තමා ඔය. අනේ ඇත්තට! (නි)

:       0       0

සුමිත් Tuesday, 19 November 2013 09:23 AM

ඕකට තමා මල්ලි ආශ්චර්යය කියන්නේ (නි)

:       0       0

අල්විස් Wednesday, 20 November 2013 07:56 AM

ලංකාව වගේ රටකට මෙවැනි දේවල් දරාගන්න අමාරුයි ....සමලුව මහා පරිමාණ ව්‍යාපරිකයන්ට සහ ඊට බදු අයකරන රජයට හොද උනාට සාමන්‍ය ජනතාවට නම් වෙන හොදක් නෑ. (නදී)

:       0       0

රුවන් Thursday, 21 November 2013 12:01 AM

දැන් තිබෙන වාහන සිංගප්පූරුවට හරි විකුණලා ඒ සල්ලි වලින් ණය බේරාගන්න තියෙන්නේ (නි)

:       0       0

ජගත් Monday, 18 November 2013 07:34 AM

ඔය කියන අයම තමා දුවලා ගිහිල්ලා කතිරේ ගහන්නේත්. (නි)

:       0       0

ශානක Tuesday, 19 November 2013 03:01 PM

වෙඩි නොවදින නෙමේ හෙන නොවදින වාහන නැද්ද....? (ස)

:       0       0

දිසානායක Wednesday, 20 November 2013 02:03 PM

මේ වාහන අලුතෙන් ගෙන්නපු එක නම් අපාරාධයක්.(නදී)

:       0       0

දර්ශා Tuesday, 19 November 2013 09:58 AM

මේවායේ බලපෑම තදින් දැනෙන්නේ පොඩි මිනිසාටය. (නි)

:       0       0

ගයාන් Monday, 18 November 2013 09:11 PM

ඕව ඉතින් මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලි වලින් අරගෙන ඕවට නයයි කියලා ආයෙත් අපෙන්ම අය කර ගනාවි. (නදී)

:       0       0

නිමේෂි Monday, 18 November 2013 08:43 AM

ජනතාවගේ සල්ලිනෙ ...(නදී).............

:       0       0

ලලිත් Thursday, 21 November 2013 01:55 AM

මේ රටට ආවේ වාහන දැකල නැති රටවල නායකයෝ නෙවේ. අපේ රටේ මයික්‍රෝ වාහන වලට මේ අවස්ථාව දුන්න නම් එයාලට පෙන්නන්න තිබුන මෙන්න අපේ රටේ වාහන අපිටත් වාහන හදන්න පුළුවනි. අපේ දෙයක් පෙන්නන්න තිබුන අවසථාව. එහෙම කළා නම් අපේ දේ අගය කිරීමක් වගේම දිරිමත් කිරීමක් වෙනවා. ආසහ්චර්යිය කියන්නේ ඒකටයි. එහෙම කලානම් එම සමාගමත් තව දියුණු වෙනවා. (අ)

:       0       0

අල්විස් Monday, 18 November 2013 09:16 PM

අය වැය එනවනේ බලන් ඉන්නකෝ බෙන්ස් නෙවේ බයිසිකලේට තෙල් ටිකක් වත් ගහගන්න බැරි වෙන පාටක් තියෙන්නේ..මාසෙට දෙපාරක් වත් පඩි දෙනව නම් මාසේ අන්තිමට බස් 1කෙ කට්ට කන්න ඕන නෑ.(නදී)

:       0       0

මධුසංඛ Saturday, 23 November 2013 01:27 PM

ඕවා ඉතින් බෙදා හදා ගන්න නේද ගෙනාවේ? (නදී)

:       0       0

මොහමඩ් Thursday, 21 November 2013 02:27 AM

මේ වාහන සිංගප්පූරුව වගේ රටකට විකුණලා දැම්මොත් හොඳයි (නි)

:       0       0

අංජුල හෂාන් ශිවන්ත Monday, 18 November 2013 03:29 PM

නියම රජයක්.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 23 November 2013 02:01 PM

ඔය වාහන කාටවත් බෙදන්න එපා , ඔය වාහන අපේ රටේ වාහන ගෙන්වා අලෙවි කරන අයට සහන මිලකට විකුනා එම මුදල් රටේ වෙනත් සංවර්ධන කටයුත්තකට වෙන් කරන්න, ඇමති වරුන්ට තියෙන වාහන අලුත්වැඩියා කරගෙන වැඩ කටයුතු කරන්න කියන්න ඇමති වරුත් දැන් අරපිරි මැස්මෙන් වැඩකල යුතු කාලය ඇවිල්ලා තියෙන්නෙ (නදී)

:       0       0

චන්දන Wednesday, 20 November 2013 06:58 PM

බැරිබර කරේතියන් දෙපයට වාරුනැතත් හපුතලේ කන්ද නගිනවා... දුප්පතාට බුදුසරණයි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 24 November 2013 09:19 PM

සමුළුව නිසා ඉන්දියාව දෙවෙනි වතාවටත් අපිට පැරදුන.අපිලබපු ජය වාහන වලට වඩා වටිනවා. (අ)

:       0       0

තුසිත Tuesday, 19 November 2013 03:58 PM

විදේශ විනිමය හොයන්නේ ඇමතිවරු වත් ජනාදිපතිවත් නෙවේ. එයාල කරන්නේ නයට ගන්න එක පමණි. නමුත් ඒ ගන්න නය ගෙවන්න ඕන රටේ මහජනතාව. කතිරේ ගහලා අපි නය ගන්න කොටසක් පත් කරගන්නවා. ඒ කරලා අපි එයාල ගන්න නය ගෙවනවා. පාට මොකක් උනත් හැමදෙනාටම නය ගෙවන්න සිද්ද වෙනවා.(නදී)

:       0       0

කොඩ්තුවක්කු Sunday, 17 November 2013 07:44 PM

පිට රට තියන වාහන දැක්කහම මේවා මොනවද? කව්රු මොනවා කිවව්ත් ජනපති තුමාට සුභ පැතුම්.(නදී)

:       0       0

නරසිංහ Sunday, 17 November 2013 07:53 PM

අහෝ සල්ලි (නදී)

:       0       0

සෙන් Thursday, 21 November 2013 11:48 AM

මටනම් පුදුම සතුටක් මේ අය ගැන තියෙන්නේ.වෙන සමුළු නැද්ද දන්නේ නෑ රටේ තියන්න. (ස)

:       0       0

ලාල් ජකර්තා Sunday, 17 November 2013 08:11 PM

අර අධිසුඛෝපභෝගි වාහන ටික නම් රට වෙනුවෙන් මහාජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා ඇප කැපවි වෙහෙසෙන මැති ඇමතිවරුන්ට දීලාදාන්න.මැති ඇමතිවරුන්ගේ දූදරුවෝ ඔය වාහනවල නැගිලා,ආරක්ෂකයො පිරිවරාගෙන පාරවල් දෙවනත් කරමින් ඉගිල්ලෙන හැටි දකින්න ලැබිම මොනතරම් වාසනාවක්ද?(දිල්)

:       0       0

රුවා Wednesday, 20 November 2013 10:12 AM

අනේ මන්දා.. මැරෙන තුරාවටම රට ඉන්න තමා වෙන්නේ.ආස බිරිඳ දරුවෝ එක්ක ගෙදර ඉන්න. එහෙම උන්නොත් සේරම දෙනා බඩගින්නේ. ඒක නිසා අපි මෙහෙ ඉඳන් හම්බ කරලා යැව්වොත් අඩුම තරමින් එයාල හරි කාලා බීල ඉදීවි. ආශ්චර්ය නම් නියමයි. තව ලියන්න ගියොත් මොනවා ලියවේවිද දන්නේ නැහැ. මේ රට දිහා බලපුවම අපේ රට ගැන ඇති වෙන්නේ ගොඩක් කලකිරීමක්. (ස)

:       0       0

ධර්පා Monday, 18 November 2013 11:10 PM

පිස්සු නේද? (නදී)

:       0       0

නිශාන්ත Monday, 18 November 2013 04:13 PM

තව ටික දවසකින් බඩු මිල වැඩි වෙද්දී කාට කාටත් මේවගේ විපාක දැනෙයි (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 20 November 2013 07:19 PM

බුද්දිමත් ජනයාගේ තේරීම බෙන්ස්.(නදී)

:       0       0

කැලුම් Monday, 18 November 2013 04:15 PM

මේ රට ගොඩනගන්න ආයෙ කවදාවත්ම බැරි වෙනවා. අපේ පරම්පරා ගණනක් මේ ණය ගෙවන්න වෙනවා. (ස)

:       0       0

විජේ Monday, 18 November 2013 04:15 PM

කුම්බලා මාළු කෑවා නම් විදවපන් බලලෝ කිවුවලු නේද ?අපිම නේද මෙහෙම කර ගත්තෙ. (ස)

:       0       0

රුචිර Monday, 18 November 2013 04:15 PM

ඒ වගේද අපේ ජනාධිපතිතුමා රටවල් 54 ක ප්‍රධානියා. (ස)

:       0       0

බණ්ඩාර Friday, 22 November 2013 08:20 AM

අන්න හරි ශානක, අපේ අයට දෙන්න ඕනෑ හෙණ නොවදින වාහන. (නි)

:       0       0

විජේ Monday, 18 November 2013 04:19 PM

අයියෝ ඕක එච්චර හිතන්න දෙයක් නෙවෙයි. ඔය අත්‍යාවශ්‍ය බඩු වල මිල ටිකක් ඉහල යැවුවා නම් ඔය සල්ලි ටික හොයන්න පුළුවන්. බොහොම සිම්පල් ප්ලෑන් එකක්. (ස)

:       0       0

එම.එන්.පියරත්න Monday, 18 November 2013 11:51 PM

ලෝකෙ මොන ජගතා ආවත් ඉන්දියාව ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නේ ඒ රටේ නිෂ්පාදනය කරන ඇම්බැසඩර් වර්ගයේ කාර්.එවා ඒ තරම් සුබෝපබෝගී කාර් නොවෙයි.ඉන්දියාව වගේ අපිට වඩා ආර්ථික අතින් පොහොසත් රටක් එහෙම කරනව නම් මොනවද අපේ රටේ මේ කරන බොරු ශෝබන.(නදී)

:       0       0

තරු Wednesday, 20 November 2013 10:40 AM

ජගත් හරි, දුවලා ගිහින් කතිරේ ගහන කොට මුකුත් මතක නෑ අපේ රටේ ඉන්න බුද්ධිමත් ගොන්නුන්ට. (ස)

:       0       0

සමන්ති Wednesday, 20 November 2013 07:37 PM

ලංකාවට පායන සඳ ලස්සනයිද කියන්න... අධිවේගෙට නව වාහන එපාද කියන්න ... කතිරය අමතක කොට මහවැලියට දමන්න ... (නි)

:       0       0

නිමල් Tuesday, 19 November 2013 12:45 AM

අනවශ්‍ය බදු අයකරන්නේ නැතිව අපේ රටේ කාටත් තමන්ගේ කියල වහනනයක් තියාගන්ට පුළුවන් දවසක් උදා කරන්නට (නදී)

:       0       0

සේනසිංහ Tuesday, 19 November 2013 11:21 AM

ඇත්තටම මේ ප්‍රතිචාර එකක්වත් අහක දාන්න බැහැ, නමුත් මේවා සාධාරන විදිහට කළ යුතුයි. ඇත්තටම මේවා දැන්වත් විකුණලා මුදල් කරලා වැඩක් ඇති දෙයකට යොදවන්න ඕනෑ. (නි)

:       0       0

එරන්ද Saturday, 23 November 2013 03:51 PM

ඕව මොලේ ඇති අයට දුන්නනම් තමයි හොද. මොලේ නැති හරක්ට නම් දෙන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 244 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 613 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4824 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site