පසුගිය වසරේ දෙසැම්බර 23 වැනිදා රාත්‍රි 9.20ට ජෙනෝවා දුම් රිය ස්ථානයේන් මිලානෝ නුවර බලා පිටත්වන විශේෂ ශීඝ්‍රගාමි දුම්රිය බලාපොරොත්තුවෙන් මා නැවතී සිටියෙමි. මෙදින ඇඟ කිලි පොලායන සීත දෙශගුණයක් සහිත දිනක් විය.

සෙන්ටිග්‍රේඩ් අංශක රින 4 දක්වා උෂ්ණත්වය පහත බැස තිබිණි. දුරියට තවත් වෙලා තිබු බෑවින් මා අසල තිබු  කෝෆි මැෂිමක් අසලට ගියේ කෝපි කෝප්පයක් මිලදි ගැනීම සඳහාය. ඔබට පුලුවන්ද මටත් කෝපි කෝප්පයක් අරන් දෙන්න?  මා පිටුපසින් පැමිණි හැඩිදැඩි මිනිසෙක් මගෙන්ඇසීය.

මුහුණ පුරාම රෑවුල වවා තිබු ඔහු කුඩා ළමයින් බෙහෙවින් ආස කරන නත්තල් සීයා වැනිය. එහෙත් ඔහුගේ රැවුල මෙන්ම ඇද සිටි ඇදුමත් පාවහන් පවා දුර්වර්ණ වී තිබිණි.  අත රැදි තරමක් වීශාල ගමන් මල්ලකි. මොහු යාචකයෙකු බවට අනුමාන කළ මම කෝපි කොප්පයක් ගෙන ඔහුට ලබා දුන්නෙමි.

ඔබට බෙහෙවින් ස්තුතියි. යාචකයා එසේ කීය. ඔහුගෙ ස්තුතිය පිළිගත් බවට ඇග වු මම අසල   ගිමන් හලට ගියෙමි. ඒ අධික සීතලෙන් බේරීම සදයාය.

විනාඩි කිහිපයකට පසු යාචකයා ද මා අසලට විත් අසුන් ගත්තේය. ‘ඔබ මොන රටේද? ‘ ඔහුගෙන් පැනයකි.  ‘මම ශ්‍රි ලංකාවේ.‘

‘ හරියට හරි මම නිකමට හිතුවා ඔබ ලංකාවේ වෙන්න ඇති කියා. මා තුන් පාරක් ලංකාවට ගිහින් තියෙනවා හරිම ලස්සන රටක් මම මේ වන විට රටවල් 14ක සංචරය කර  තියෙනවා. ඒ අතරින් මම ආසම රට ශ්‍රි ලංකාව.

යුද්දේ ඉවර වුණා කියලා මම පත්තර වලින් දැක්කා. දෑන් රට දියුණු ඇති නේද? යුද්ධය තිබුනේ නැත්නම් ඔබේ රට ලොකේ දියුණුම රටක්. බලන බලන අත ස්වාභාවික සම්පත් වලින් පිරිලා රට වටේම සුන්දර මුහුද. ඒ හැම එකකටම වඩා වටින සම්පතක් ඔබේ රටේ තියෙනවා. ඒ තමයි තරුණ සම්පත.

මගේ රටේ රැකියා නියුක්ත තරුණයන් දහයකට විශ්‍රාමිකයින් හත් දෙනෙක් ඉන්නවා. ඒක රටක ආර්ථිකයට බරක්එ. ඔබේ රටෙ ඒ ප්‍රතිශතය බෙහෝ අඩුයි. තරුණ සම්පතින් හරියට වැඩක් ගත්තොත් එයම ඇති රටක් දියුණු කරන්න.‘

යාචකයා කියන දෙයින් මා තැති ගෙන සිටිමි. මෙවන් පුද්ගලයකු යාචකයකු විය හැකිද? නැතහොත් මොහු රහස් පරික්ෂක වරයෙක්දැයි මා සැක කළෙමි.

‘මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද?‘

‘ඔව් අහන්න.‘

‘ඇත්තෙන්ම ඔබ කව්ද? මම ඔහුගෙන් ඇසීමි.

‘මා ගැන ඔබට කියන්න බොහෝ දේ  තියෙනවා. ඔබට වෙලා තියෙයිද? ‘

‘ඔව් මට තව වෙලා තියෙනවා.‘

යාචකයා ජැකට් සාක්කුවට අත දමා කුමක් හෝ සොයයි. ඔහු හැදුණුම්පතක් ගෙන මා අත තැබීය. සොප්‍රානා මර්තින් අවුරුදු 58යි. නාවික ඉංජිනෙරු ජෙනෝවා වරාය අධිකාරිය එහි සටහන්ව තිබිණි. ඉංජිනේරුවකු වු මොහු යාචකයකු වුයේ කෙසේද? මා හට සිතිමට පවා නොහැකිය.  

‘ඇයි ඔබට මෙහෙම වුණේ?‘  මාගේ පැනයට දුර්වර්න රැවුල අතරින් අහිංසක සිනාවක් පෑ ඔහු මෙසේ කීය.

‘මට හොදට සල්ලි තිබුණා.  අම්මා තාත්තා මගේ බිරිද මගේ පුංචි පුතා එක්ක අපි හැමෝම සතුටින් ජිවත් වුණා. මීට අවුරුදු හතකට කලින් මගේ බිරිද රිය අනතුරකින් මිය ගියා. ඇය ගුරුවරියක් . එක හරිම වේදනාවක්. ඒ වේදනාව යටපත් කරගෙන මමත් මගේ අම්මත් තාත්තත් අවුරුදු තුනේ පුංචි පුතත් අලුත් ජීවිතයක් පටන් ගත්තා.

ඒ මූසල දවසේ අපි එකට වාහනයෙන් ගමනක් යමින් සිටියා. එය දෙවැනි  පෙළේ අධිවේගී මාර්ගයක්. මගේ පුතා අඩන්න ගත්තා එයාට වැසිකිලි යන්න ඔනෑ කියා. පාරෙන් එහා පැත්තේ තිබුණ කෝපි හලකට යන්න කියා මම මොටර් රථය නැවැත්තුවා. අම්මයි තාත්තයි පුතා මැදි කරගෙන විගහට පාර පැන්නා.

නළාව ගහගෙන අධික වේගයෙන් ආ  විශාල ලොරියක් ඒ තුන් දෙනාව යටකරන් ගියේ මගේ ඇස් ඉදිරි පිටමයි. මගේ ජිවිතේ සියලු දේ මට නැතිවුණා.

 අපි මධු සමය ගෙවන්න ගියේ ලංකාවට මාසයක් එහේ හිටියා. මගේ බිරිද ගොඩාක් ආසයි ඔබේ රටට. මධුසමය ගෙවා අපි ඉතාලියට එනකොට මගේ බිරිද අම්මා කෙනෙක් වෙලා. ඒ මූසල ගෙදර අතහැර  මා පාරට බැස්සා. මට මට භෞතික දේවලින් වැඩක් නැහැ.  අද මම  නාදුනන මිනිස්සු එක්ක මේ විදියට ජිවත් වෙනවා.

අද මෙතන හෙට තව තැනක. මුදල් නැතිව දුම් රියේ යනකොට ටිකට් පරික්ෂකලා මා  බස්සන තැන මගේ නැවතුමයි.‘

 ගල් ගැසී ඔහුගේ කතාව අසා සිටි මා පියවි සිහියට පැමිණියේ දුම්රිය තුන්වන වෙදිකාවට පැමිණි පසුය.

පසුගිය දිනක මා මිලානෝ සිට පාදෝවා බලා අධිවෙගි දුම්රියෙන් පැමිණෙමින් සිටියෙමි.

දුම්රිය බ්‍රේසියා නැවතුමෙන් නවත්වා නැවත සෙමින් ගමන් ආරන්භ කැරිණි. ජිවිතේ තමන් ආස කල ආදරය කළ සියලු දේ නැතිවුණු භෞතික දේ අතහැර යාචකයකු බවට පත් වු මෙම සොඳුරු උගත් යාචකයා වේදිකාවේ බංකුවක් මත ඉදගෙන සිටිනු මා දුටුවෙමි. ඔහුගේ කිසිවක් වෙනස් වි නොමැත. දුර්වර්ණ රැවුල කාලෙකින් නොපීරෑ හිසකෙස් එසේමය. කඩ මල්ලද ඔහු අසලම විය. හැරමිටියක් වැනි ලී දණ්ඩක් බංකුවට හෙත්තු කොට තිබිණි. ජිවිතයෙ කෙදෙනක හෝ මෙම සොදුරු යාචකයා මා හට නැවත මුණගැසෙනු ඇත.