ඔය අපේ පන්සලේ හාමුදුරුවෝ නොවැ. කවදාවත් අපේ හාමුදුරුවො නම් ඔයවාගෙ වැඩක් කරන්නේ නැති බව මට හොඳටම විශ්වාසයි. කොළඹ අක්‍ෂි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සීටෝහාමි මාතාව කීවාය.
මේ කතාව ඇසූ සැණින් කෝපාවිෂ්ට වූ හෙදියෝ හා උපස්ථායකයෝ කළේ, ”ආ එහෙමද? උඹත් එහෙනං ඒ ගමේ කෙනෙක් නේද? උඹලට සලකන්න ඕනෑ විදිය අපි දන්නව.” උඹ ඇඳක් උඩ තියන්න වටින්නෙ නෑ යි පවසා දිරාගිය පැදුරු කඩමාල්ලක් වාට්ටුවේ කෙළවරක දමා ඒ මතට සීටෝහාමි මාතාව ඇද දැමීමයි.
තල්දුවේ සෝමාරාම නම් භික්‍ෂුව ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ යැයි කියන පුවත ගැන එදා අක්‍ෂි රෝහලේ සේවය කරමින් සිටි හෙදියන් සහ උපස්ථායකයින් කරන ලද කතාබහ කන වැකුනු විට රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සීටෝහාමි උපාසිකාව කළ ප‍්‍රකාශය හා ඊට එම පිරිස ප‍්‍රතිචාර දැක්වූ ආකාරය ඉහත හඳහන්වේ.
අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ කවරෙකු විසින්ද යන්න පිළිබඳව මේ වනවිට විවිධ මතභේදයන්ද පවතින අතරම එවකට සිටි ප‍්‍රකට දාමරිකයකු විසින් එය කළේ යැයි කුප‍්‍රකට මතයක් ද පවතී. කෙසේ වුවත් මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් හිමිවූයේ තල්¥වේ සෝමාරාම හා කැලණි රජමහා විහාරයේ එවකට සිටි අධිපති හිමියන්වන බුද්ධරක්ඛිත භික්‍ෂුවටය. ඉන් ප‍්‍රධාන විත්තිකරු වූයේ තල්¥වේ සෝමාරාම භික්‍ෂුව වන අතර ඔහුට මරණීය දණ්ඩනය හිමි විය.
අදින් වසර පනස් පහකට පමණ ඉහතදී සිදුවූ මේ සිද්ධියේ ප‍්‍රධාන විත්තිකරු වූ තල්දුවේ සෝමාරාම භික්‍ෂුව පිළිබඳව එදා සිටි අය පවසන්නේ කෙබඳු අයුරින්ද යන්න ගැනත්, සෝමාරාම භික්‍ෂුව විසූ තල්දුවේ සෝමාරාමය අද පවතින්නේ කෙබඳු තත්ත්වයකදැයි සොයා බැලීමත් පමණක් මෙම ලිපියේ අරමුණ වේ. සෝමාරාම භික්‍ෂුව නිදොස් අයකු හෝ වරදකාරයකු ලෙස තවදුරටත් තහවුරු කිරීමේ අදහසක් මේ ලිපියෙන් අපේක්‍ෂා නොකරන වග අවධාරණය කරමු.
සෝමාරාමයට කොළඹ සිට යා හැකි මාර්ගය වන්නේ අවිස්සාවේල්ලට ගොස් එතැන් සිට කෑගල්ල නැතිනම් යටියන්තොට මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගියවිට තල්දුව නගරය හමුවේ නගරයේ සිට දකුණතට දිවෙන අතුරු මාර්ගයකි. අතුරු මාර්ගය ආරම්භවන තැනම සෝමාරාමය යැයි නම සඳහන් පැරණි පන්නයේ කොන්ක‍්‍රීට් නාම පුවරුවක් ඇත. එනිසා ඕනෑම අයකුට ඉතා පහසුවෙන් සෝමාරාමය සොයාගෙන යා හැකිය. ඉදින් මේ අතුරු මාවතෙහි මඳ දුරක් යනවිට කුඩා කඳුගැටයක් මත සෝමාරාමය පිහිටා ඇත්තේය.
නූතන සංචාරක හෝටල් බඳු වූ ඇතැම් පන්සල් අභියස නම් සෝමාරාමය යනු එතරම් විශාල පන්සලක් නොවේ. ඒ නුදුරෙන්ම පෙනෙන මානියම්ගම කන්ද අභිසය කුඩා තුඹසක් යැයි පැවසීම නිරවද්‍යය. එහෙත් වසර පනස් පහකට ඉහතදී තත්ත්වය ගැන සිහියට නැගුවහොත් තත්කාලයට අනුව, මේ සංඝාරාමය හා විහාරගෙය නවීන එකක් වන්නට ඇතැයි සිතේ.
එදා ජනීජනයාගෙන් පිරීගත් මේ වෙහෙර ඉසුරුබරව තේජාන්විතව තිබුණේ යැයි පැවසෙතුදු අප එහි ගිය දිනය පෝය දිනක වුවත් ජන ශූන්‍යව පැවතියේය. මිනිසකු තබා කපුටකුවක් මෙහි ආගිය බවට සළකුණුකුදු නොවීය. සංඝාරාමය වසා තිබූ මුත් එහි පිටුපස පැත්තේ වැලක කසාවතක් වනා තිබෙනු දක්නට ලැබුණි. එහෙත් සංඝයාවහන්සේ නමක නොදුටුවේ, දොර ජනෙල් වසා තිබූ බැවිනි.
සංඝාවාසය පසුකර කඳු ගැටය මත මඳ දුරක් ගිය කල්හි දෙමහල් විහාර මන්දිරය. දැක ගත හැකි වේ. පොහෝ දින පමණක් නොව අන් ඕනෑම දිනෙක දී පවා විහාර මන්දිරයක් අසලට යනවිට තෙල් මල් හඳුන්කූරු සුගන්ධය අවට සිසාරා පැවතීම සුලභ ලකුණක්ය. එය එහි යන එන්නවුනගේ ගතට මෙන්ම සිතටත් සුපසන් බවක් දනවයි.
ඉදින් බොදු පුදබිමක ඇති අසිරිමත් ශාන්ත දාන්ත මිහිරියාව මෙහිදී අපට අත්විඳිය නොහැකි විය. මෙය ඔබ පුදුමයට පත්කරවන්නක් විය හැකි නමුදු එහි පැවති සැබෑ තත්ත්වයයි. පාළු බවත් අත්භූත ගුඪ භාවයත් මේ පරිසරය අරක්ගෙන තිබුණේය. හුදෙකලාවූ පරිසරය නිසා කිසිදු බාධාවක් හෝ අවහිරයකින් තොරව මෙහි ඡායාරූපය ගන්නට අපට හැකිවිය.තල්දුවේ සෝමරාම භික්‍ෂුව ගිහිකල යමක් කමක් තිබූ තල්දුවේ පවුලක සාමාජිකයකුව සිට ඇත්තේය. ඒ යුගයේ හැටියට ගුරුවරුන් රජයේ සේවකයින් වැනි පිළිගත් වෘත්තීන්හි ඔහුගේ සහෝදරයෝ නියැලී සිටියාහ. ඉහළ තල්දුවේ ඞී. ජයතිස්ස මහතා සෝමාරාම භික්‍ෂුව ගැන තරමක් දුරට දන්නා අයෙකි.
ඔයකාලේ මට අවුරුදු දොළහක් විතර ඇති. සෝමාරාම හාමුදුරුවන්ට අවුරුදු තිහක් තිස්දෙකක් විතර ඇති. කියලයි මගේ හිතේ. මං පොඩි කොල්ල අපේ ආච්චි දානෙ අරන් පන්සලට යනකොට මාත් යනව. හාමුදුරුවෝ එක්ක අපේ ඥාති සබඳතාවකුත් තිබුණා. ඒක හින්ද නිතරම වාගේ අපේ මහගෙදරත් එනවා. එහෙම ආපු වෙලාවක මගේ ඔළුව අතගාල කොල්ලෝ උඹ මහණ වෙයං කීවා. මාව මහණ කර ගන්නත් අපේ තාත්තගෙන් අහලත් තිබුණා. එයා මහණවෙලා හිටියේ ඉහළ තල්දුවේ ඉසිපතනාරාමයේ වුණාට අප දන්න කාලෙ ඉඳලම හිටියේ නම් තල්දුවේ ටවුමෙ තිබුණ සෝමාරාමයේ. ඒක සෝමාරාම හාමුදුරුවොම හදපු පන්සලක්. ඒ කාලේ මාසයක් ගානේ ඔය පන්සලේ ජයට පිංකම් තියෙනව අපි ඒව බලන්න එහෙමත් යනවා.
මේ යුගය වනවිට තල්දුව අයත්ව තිබුණේ දෙහි ඕවිට මැතිවරණ කොට්ඨාසයටය. නමසිය පනස්හය වනවිට මෙහිද දේශපාලන උණුසුම දැඩිව තිබුණේය. එහෙත් මේ ප‍්‍රදේශයේ එකදු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු හෝ නොසිටියේය. ජයසේකර මහතා පවසන විදියට වැඩි පිරිසක් සම සමාජ පාක්‍ෂිකයෝය. ඉතිරි පිරිස එක්සත් ජාතික පාක්‍ෂිකයින්ය. එයින් බැහැරව කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු හෝ මෙහි නොසිටි බව ජයසේකර මහතා කියයි.
එතකොට සෝමාරාම හාමුදුරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙලා වැඩ කළාද. මම ප‍්‍රශ්නයක් නැගීමි.
”නෑ. නෑ. එයා දේශපාලනය කරේම නෑ. ඒ වුණාට මේ පැත්ත පළාතෙම ප‍්‍රසිද්ධයි. ජනප‍්‍රියයි. එකක්, එයා නක්ෂත‍්‍ර කටයුතු කළා. ඊළඟට දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරයෙක් ලස්සන කඩවසම් ප‍්‍රියමනාප කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක කතාකරල සිත් දිනාගන්න දන්නව. මැති ඇමැතිවරු අඳුරනව. නිතරම පන්සලේ හිටියේ නෑ. කොළඹ තමයි හිටියේ. සමාජ සේවා වැඩ කරන්නත් හුඟක් කැමැතියි. වැඩිහිටි නිවාසයක් හදන්නත් මුල්ගල තිබ්බ. මුල්ගල තියන්න ආවේ බුද්ධරක්ඛිත හාමුදුරුවොයි. විමලා විජයවර්ධනයි. හැබැයි එයා නඩුවට පැටලූනාට පස්සෙ ඒක එහෙමම නැවතුනා.
තල්¥වේ සෝමාරාම භික්‍ෂුව කාන්තා ඇසුරට ලොල්වූ අයකු බවට ද කතාවක් පවතී. මම ඒ ගැනද ජයසේකර මහතාගෙන් විමසීමි.
මම නම් එහෙම දෙයක් ගැන කියන්න දන්නේ නෑ. ඒ ගැන කව්රුවත් කියනවවත් අහලත් නෑ. ඒ නිසා නොදන්නා දෙයක් ගැන මට කියන්න බෑ. ඒ වුණාට ඒ දවස්වල කතාවක් තිබුණා හාමුදුරුවො පිස්තෝලෙකින් පන්සල්වත්තේ තිබුණ කෙසෙල් මුවවලට වෙඩි තියල වෙඩි කියන්ඩ පුරුදු වුණා කියල නම් සමහර විට ඒක දැකපු මිනිස්සු ඉන්ඩත් ඇති.
එතකොට ඔයකාලෙදි තල්දුවේ හිටපු එයාගේ ඥාතීන්ට මොකද වුණේ.
සෝමාරාමගෙ අයියකෙනෙක් හිටිය විමලසේන කියල ඉස්කෝලේ මහත්තයෙක් එහෙම. ඉතින් පවුලේ අය ඔක්කොම ගමට මුණ දෙන්ඩ බැරිව මාස තුන හතරක් ගමෙන් පිටවෙලා ගිහිල්ල හිටිය. මාස තුනහතරකින් තමයි ඒ අය ආපහු ආවේ. ඒ අයට විතරක් නෙමෙයි තල්දුවෙ අය ඒ කාලෙ බස් එහෙකටවත් නග්ග ගත්තේ නෑ. නැග්ගහම ගම කොහෙද කියල අහල තල්දුවෙ කීවොත් ගහල බිමට ඇදල දානවා. අපේ තාත්තටත් එහෙමවෙලා තියෙනවා.
මට මතකයි. ඔය කාලේ අපේ ආච්චි හිටියේ කොළඹ ඇස් වාට්ටුවේ. දවසක් තාත්තා එයාව බලන්ඩ ගිහින් ඇවිල්ල කීව අන්න අම්ම ඇඳෙන් බිමට ඇදල දාලා කියල. ආච්චිගෙ නම සීටෝහාමි. ඉතින් බණ්ඩාරනායක මහත්තයට තල්දුවෙ සෝමාරාම කියල හාමුදුරුනමක් වෙඩි තියල කියල වාට්ටුවේ හිටපු මිසීලයි, ඇටෙන්ඩන්ලයි කතාවෙලා. මේක අහපු ආච්චි කියල තියනව ඔය අපේ හාමුදුරුවො නොවැ ඕක වෙන්ඩ බැරි දෙයක් කීයටවත් අපේ හාමුදුරුවො නම් ඒ වගේ වැඩක් කරන්නේ නෑ කියල ඒක කීව විතරලූ කට්ටියම ආ උඹත් ඒ ගමේද උඹලවගේ අයට කරන්න ඕනේ වැඩ අපි දන්නව කියල ඇඳෙන් අරන් පැදුරුකඩමල්ලකට ඇදලා දාල තිබෙනවා. අපේ තාත්තා ආච්චිව බලන්ඩ ගිහින් ඇවිත් ඔය කතාව කීව මට හොඳටම මතකයි.
සෝමාරාම එල්ලල මැරුවට පස්සේ මිනිය ගමට ගෙනාව කියන්නේ ඇත්තද? මම ඇසුවෙමි.
නෑ. නෑ. ගමට නම් ගෙනාවේ නෑ. ඒ වුණාට මිනිය බලන්න එයාගෙ අම්ම, විමලසේන මහත්තය එහෙම ගියා. එයාගෙ අම්මගෙ නම ඉනානෝනා. මා හොඳටම දන්නව. අපේ ආච්චිත් එක්ක හොඳටම හිතවත් සිල්ගන්න යන්නෙත් ආච්චිත් එක්කමයි. එයත් ඒ දවස්වල අපේ මහගෙදරට එනවා. අපි කියන්නේ ඉනා ආච්චි කියලා. ඉතින් ඔය ඉනා ආච්චි සෝමාරාමගේ මිනිය බලලා ආවට පස්සේ ඉඳල ඔළුව නරක්වුණා ඊට පස්සේ පාර දිගේ ඇවිදින්න පටන් ගත්තා. බොහොම කෙටි කාලෙකින් මැරිලා ගියා.
සෝමාරාම පන්සලට මොකද වුණේ?
කව්රුවත් යන්නේ එන්නේ නැතිව ගිහින් වල් බිහි වුණා. 1988x89 කාලෙත් මහ කැලෑව තිබුණේ. ඒ කාලේ කට්ටියගේ තිප්පොලක් වෙලා තිබුණා. දැනට අවුරුදු පහළොවකට විස්සකට විතර උඩදී තමයි කැලේ එළිකරල අරන් තියෙන්නේ පාලනය කරන්නේ ඉහළ තල්දුවේ විහාරාධිපති හාමුදුරුවොමයි.
ඒ වුණාට තවමත් කිසිම කල එළියක් නෑ. ඔහේ නිකම්ම තියෙනවා.
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
බණ්ඩාරනායක ඝාතනයට හසුවූ සෝමාරාමගේ පන්සල සොයා ගිය ගමනක්
හෙට්ටිආරච්චි Saturday, 22 March 2014 05:08 PM
මේ වගේ දේවල් හොයල ලියන එක හොද වැඩක්.(නදී)
තිලාන් Thursday, 27 March 2014 12:21 AM
හොඳ ලිපියක්. (නි)
ප්‍රිනා Tuesday, 25 March 2014 11:25 AM
යට ගිය අතීතය. ස්තුති ලිපිය වෙනුවෙන්.(නදී)
නිරෝෂිනී Wednesday, 02 April 2014 06:25 AM
බොහොම හොද ලිපියක් (දී)