කොට්ටාව ප‍්‍රදේශයේ පිරිසක් සතියකට වැඩි කාලයක් තිස්සේ මස්මාලූ, පිළී ආදියෙන් පමණක් නොව මධුවිතෙන්ද වැළකී ‘‘පේ’’වුයේ කුමන මහවන මැද පිහිටි කැබිලිත්ත දේවාලයට යන්නටය. බදුල්ලෙන්ද ගමනට පිරිසක් එක්ව සිටියේය. මේ සැම දෙනාම දැඩි භක්තියකින් යුතුව කැබිලිත්ත ගමනට එක්ව සිටියේ කතරගම දෙවියන් හමුවේ පූජාවක් පවත්වා තම ඉදිරි වැඩපිළිවෙළවල් ස`දහා ආශිර්වාද ලබාගන්නටය. ගමන සදහා ජීප් රථ දෙකක් යොදා ගැනිණි. එකක් පැරණි ජිප් රථයක් වූ අතර එය සම්පූර්ණයෙන්ම නවීකරණය කර තිබුණි. ගමන සැලසුම්කර තිබුණේ කුමන වනෝද්‍යානය හරහා යන්නටය. පානම ගමට එද්දී පිරිස දහදෙනෙක් පමණ විය. පානම පිහිටි ගණදෙවියන්ගේ දේවාලයට කපුරු පත්තුකර  පිරිස ගමන් ඇරඹුහ. ඉන්පසු හමුවන වෙහෙරකෙම ගණදෙවි දේවාලෙදිද කපුරු පත්තුකර කොළඅත්තක් කඩා එල්ලා දෙවියන්ගේ අඩවියට ඇතුළුවන්නට අවසර ලබාගත්තේය. අනතුරුව ඔක`ද දේවාලයට ගොස් කපුරු පත්තුකර කතරගම දෙවියන් නැමද අතුරු ආන්තරාවකින් තොරව කැබිලිත්ත දේවාලයට යන්නට ආශිර්වාද පැතූහ. එතැන සිට කිලෝමීටර් විස්සක් කුමන වනෝද්‍යානය තුළ ගමන් කරමින් කුඩා කැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලයට පැමිණියහ. මඩමෙතොට දේවාලයේදී ද කපුරු, පහන්, දල්වා පඩුරුද දමා දේවාශිර්වාද ලැබ පිරිස වාහන දෙකකින් තවත් කිලෝමීටර් හතළිහක්වූ දුරක් යාමට සුදානම් වූහ. මෙතැන් සිට ගමන අතිශය දුෂ්කරය. පාර වැටී ඇත්තේ කුඹුකන් ඔයේ ඉවුර දිගේය. ජිප් රථයේ හ`ඩ ඇසී ඔයට නැමි තිබූ කුඹුක් අත්තක සුව පහසුවට සිටි කුඩා දිවියෙක් කලබල වූ බව ඉදිරියෙන් ගමන්ගත් ජීප් රථයේ සිටි අයගේ නෙත ගැටුණි. මොහොතකින් දිවියා කාටත් නොපෙනී සැගවුණි. කුමන වනෝද්‍යානය හරහා මහ කැබිලිත්තට යන මාර්ගය අතිශයින් දුෂ්කර එකකි. මඩපිරුණු වළවල්, වතුර පිරි ඇළදොළවල්, ගිරිදුර්ග එමටය. මේ මාර්ගයේ යන වාහන වලට ෆෝවිල් පහසුකම් සහ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් ද තිබිය යුතුය. මේ ගමනට එක්වූ පිරිස ගමන් කළ නවීකරණය කළ ජීප් රථයේ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් තිබුණි. බොහෝ තැන්වල දී මෙම විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් භාවිතා කරන්නට වූයේ මඬේ එරුණ නිසාය. මහ කැබිලිත්තට ළගාවනවිට දහ පහළොස් පළකදි  විඤ්චිය හෙවත් තිරිංගල (winch)  භාවිත කිරිම නිසා එහි වූ කේබලය පිටපොට එතීමෙන් එක් තැනක තැලී ඇතිබවක් පිරිසට පෙනුණි. යම් හෙයකින් එය භාවිතා කිරිමකදී කැඞීයාමට පවා හැකිය. පැමිණි පිරිස පසුදින අලූයම පිරිසිදුවී කුඹුකන්ඔයේ වැල්ලේ දී  භක්තියෙන් යුතුව මුරුතැන් බතකුත් සාදා පූජාවට්ටි දහයක්ද පිළියෙළ කරනු ලැබීය. කුඹුක්නන් ඔයේ ඉවුරු දෙකේ පිහිටි බෝධීන් වහන්සේලා වෙත බුද්ධපූජාව පූජාකර සුදුපිරුවට වලින් සැරසී මහකැබිලිත්ත දේවාලයට ගොස් පූජාවන් පවත්වා තම ව්‍යාපාර දියුණුවන්නටත්, කරන කියන රැුකීරක්‍ෂා ආදිය දියණුවන්නටත් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලූහ. එමෙන්ම ආපසු ගමනේදී අතුරු අන්තරාවකින් තොරව නිවෙස්වලට යන්නටත් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලා සිටියහ. ආපසු ගමන අවදානම්ය. අලකොලආර සහ කලූකුඤ්ඤංආර තරණය කිරීම පහසු නැත. තද බැවුම් සහිත වූ ඉවුරු දෙකින් වාහන ගොඩ කරන්නට විඤ්චිය හෙවත් තිරිංගල (winch)  අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුය. නමුත් එහි කම්බිය තැලී තිබීම අවදානම් සහගතය. මෙම ආරවල් දෙකේ ඉවුරුවලින් අංශක අසුවක ආනතියෙන් යුතුව වාහන දෙකම ගොඩකෙරුණේ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  උපකාරයෙනි. තැලූණු කේබලය ‘‘ටක...ටක...’’ ගාමින් හඩක් නිකුත් වෙද්දී සියල්ලෝගෙම හදවත් ගැහෙන්නට විය. ඒවනවිටත් එක් ජීප් රථයක් කලූකුඤ්ඤංආරේ ඉවුරේ අංශක අසුවක ආනතියෙන් හෙමින් හෙමින් උඩට එමින් තිබුණි. ‘‘කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට අපිට තියනවා’’ හැමෝම තම තමන්ට කියා ගත්හ. පුදුමයකි. අනතුරක් නොවිණි. කරදරයකින් තොරව කලූකුඤ්ඤංආර ද තරණය කෙරිණි. කලූකුඤ්ඤංආර පහුකර ටිකදුරක් එද්දී විඤ්චිය හෙවත් තිරිංගල (winch)  සහිත වූ ජීප් රිය කුඩා මඩවලක එරුණේය. ෆෝවිල් පහසුකම් භාවිතාකර මඩවලෙන් ගොඩඑන්නට ගත් උත්සාහය අසාර්ථක විය. ‘‘විඤ්චිය හෙවත් තිරිංගල (winch)  ගහකට දාලා අල්ලමු’’ ජීප් රථයේ සිටි  පිරිස තීරණය කළහ. ‘‘මේක විඤ්චිය දාන්න තරම් අමාරු තැනක්යැ. කමක් නෑ දාමු’’යි කියූ පිරිස විඤ්චිය ගහකට දමා ජීප් රිය හෙමින් හෙමින් ඉදිරියට ගත්තේය. එකවරම ඇසුණු ‘‘දඩස්’’ ශබ්දයෙන් පිරිස තැතිගත්තේ කුලූමීමෙක් හෝ අලියෙක් කඩා පැන්නාය යන සිතුවිල්ල නිසාය. එහෙත් සිදුව තිබුණේ වෙන එකකි. විඤ්චියේ කම්බිය තැලී තිබූ තැනින් කැඞී වෙන්ව තිබුණි. ‘‘හොද වෙලාවට මේක මෙතනදි කැඩුණේ. ලොකු බෑවුමක් අදින කොට කැඩුණානම් මහ අනතුරක් වෙනවා’’ පිරිසේ කෙනෙක් කීවේය. ‘‘කතරගම දෙවියෝ අපි දිහා බලලා තමයි මේක මෙතනදි කැඩුණේ. දැන් අපි මේකේ කැඩුණ කැල්ල අයින් කරලා මෙතනට කොක්කක් දාගෙන බය නැතුව ඉස්සරහට යමු’’ තවකෙක් කියමින් සිදුව තිබූ ආපදාව දුරු කරගත්තේය. මේ වනවිට හිරු අවරට යමින් තිබුණි. පිටුපසින් එන ජිප් රියේ ගමන සෙමින්ය. විඤ්චිය ඇති ජීප්රියේ ඇන්ජිමෙන් අමුතු ශබ්දයක් පිටවෙන ආකාරයක් ඇසෙන්ට විය. වාහනයේ ගමනද හෙමිනි. ‘‘වාහනය අදින්නේ නෑ නොවැ. ක්ලච් ප්ලේට්වත් ගියාද?’’ පිරිස කතාවන්නට විය. මෙහෙමනම් තව ඉස්සරහට යන්න බැරිවෙයි. ‘‘ඞීසල් ඉවර වෙන්නත් බෑ. ඩිසල් පොම්පේ වරදක් වගෙයි පේන්නේ.’’ රියදුරු කියද්දී ජිප්රථයේ සිටි  මෝටර් රථ කාර්මිකයෙකු පැවසුවේ එවැනි දෝෂයක් විය නොහැකි බවයි. කෙසේ වෙතත් පිටුපසින් පැමිණි අනෙක් ජීප් රිය එනතුරු ඉඩඇති තැනක නවත්වා සිටීමට පිරිස තීරණය කර ජීප් රථය නවත්වා එහි එන්ජිමද නැවැතීය. ටික වේලාවකින් පසුපසින් ආ ජීප් රිය ඈත එනු පෙනුණි. ‘‘මේ වාහනවලට කරදරයක් වෙන්න නම් බෑ. අපි කවුරුහරි අතින් මොනයම් වරදක් වුණාද දන්නේ නෑ. දැන් මේ තියන තත්ත්වය අනුව අපිට කැලෙන් එළියට යන්න තව පැය ගාණක් ගතවෙයි. එතකොට ?වෙනවා. අපි ආරක්‍ෂාතැනක නතරවෙලා මොනවා හරි හදාගෙන කාලා උදේම පිටත්වෙමු.’’ පිරිසේ කෙනෙක් කීවේ සිදුව ඇති කාර්මික දෝෂය නිසා ඉදිරියෙන් හමුවන අලූත්ගංආර තරණය කිරීම අවදානම් බව පෙන්වමිනි. අ`දුර වැටෙන්නට පෙර ආරක්‍ෂිත ස්ථානයකට යන්නට  සූදානම්ව අබාධයක් හටගෙන තිබූ ජීප්රිය යළි පණගැන්වීය. පුදුමයකි. මෙතෙක් වෙලා තිබූ කිසිදු ආබාධයක් ජීප්රියට නැත. සැම දෙනාටම පුදුමයකි. අලූත්ගංආරෙන් ජීප් රථ දෙකම එගොඩ කර වැල්ලේ නැවැත්වූයේ අදුර වැටී තිබු නිසාය. ‘‘දැන් රෑ වුණ නිසා අපි මෙතන නැවතිලා පාන්දරින්ම යමු. වැල්ලේ කුඩා ගිනිමැලයක් ගසා නූල්ඞ්ස් සාදාගෙන කා තේ ද පානයකර අලූත්ගංආරේ වැල්ලේ පැදුරු එළාගෙන නිදාගෙන රැය පහන් කළහ. පසුදා අවදිවී පිරිස පිටත්වන්නට සුදානම්ව මීටර් තුන්සියකකට වඩා යන්නට ඉඩ නොලැබිණි. පාරේ දකුණු පැත්තේ ගහක සිට විශාල දිවියෙක් පැන දිව්වේය. ‘‘එකත් එකටම මේ දිවියා ඊයේ අපි ඉන්න ඉසව්වේ ඉන්න ඇත්තේ. මිනිස් ගදත් ඌට ඇවිත් රැකගෙන ඉන්න ඇති. අපි හැමෝටම නින්දගිය හින්දා හොදා  නැත්නම් අපි බයවෙනවා.’’ ජීප් රියේ සිටි කෙනෙක් කීය. මේ ගමනේදි මුහුණ පෑ සිදුවීම් ගැන මහකැබිලිත්ත දේවාලය සහ කතරගම දෙවියන් පිළිබදව දැයි විශ්වාසවන්ත අය පැවසුවේ ගමනේ මුලසිටම දේව භක්තියෙක් කටයුතු කිරිම නිසා අතුරු ආන්තරා වෙන්නට ආවත් ඒවා කිසිවක් බලවත් නොවූයේ කතරගම දෙවියන්ගේ ආශිර්වාද පිරිසට ලැබුණු නිසා බවයි. කතරගම දෙවියන්ගේ අඩවියේ යාල ජාතික වනෝද්‍යානය තුළ ඇතැම් කලාප වලට රිංගන දඩයක්කාරයන් ඇල්ලීම පහසු නැත. දඩයක්කාරයෝ කැළේ දිනගණන් ගතකරමින් උපද්‍රවයකින් තොරව සත්තු මරා මසුත් රැගෙන එද්දී උන් අල්ලන්නට කැලේට වැදුන වනජිවී නිලධාරීන් අතරමං වූ අවස්ථාද තිබේ. තිස්සමහාරාමය පැත්තෙන් දඩයම්කරුවන් යාලට රිංගති. රිංගන නිශ්චිත තැනක් නැතත් ඔන්ඩච්චි සංචාරක බංගලාව පැත්තෙන් බන්‍දුවැව දෙසට විත් හීන්වැවට ඇවිත් ඒ හරහා යාල කලාප අංක එකට රිංගා මුවෝ ගෝන්නු දඩයම් කරන බව වනජීවි නිලධාරීහු දනිති. මේ නිසා මෙසේ පැමිණන දඩයක්කරුවන් ඇල්ලීමේ මෙහෙයුම් ඉතා පරිස්සමින් කළ යුතුය. වෙඩි බෙහෙත් කොටන තුවක්කු පුරවාගෙන කිහිපදෙනා එක්ව පැමිණිම දඩයක්කරුවන්ගේ සිරිතය. ඒ නිසා දඩයක්කරුවන්ට කැලේදි මුලින්ම මුණගැහීම අවදානම්ය. නිලධාරීන්ට ගිනිබි`ද හෝ පලායාමට දඩයක්කරුවන් කටයුතු කිරීම ඊට හේතුවයි. මේ සිදුවීම වූයේ 2001 වසරේදීය. යාල ජාතික වනෝද්‍යානයට ඇතුල්වන දඩයක්කරුවන් ඇල්ලීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක විය. මෙහෙයුම් කණ්ඩායමට වනජීවි දෙපාර්තමේන්තුවේ  දකුණ කලාපය බාර වත්මන් සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස, වර්තමානයේ අම්පාර වනසත්ව අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ. කලකට ඉහතදී යාල වනෝද්‍යානය තුළදී වැටලීමකදී වෙඩිවැදී ජීවිතක්‍ෂයට පත්වූ වනසත්ව අඩවි ආරක්‍ෂකයකුවූ සී. කුමාරසිංහ සහ කේ.ජී. සමන් පාලිත, සුනිල් කිත්සිරි යන වනසත්ව අඩවි සහකාරවරුන් ඇතුළු දහදෙනකුගෙන් යුතු තරුණ නිලධාරි පිරිසක් මෙහෙයුමට එක්ව සිටියහ. පිරිසේ සිටි සුමිත් කිත්සිරිගේ යෝජනාවක් අනුව හීන්වැව බීට්ටු කාර්යාලයේදී රොටී සාදාගනු ලැබිණි. පිරිසේ කිහිප දෙනෙක් අත විස්කෝතු ද විය. අරංගමුවආර හෙවත් අරංගමුව වැව ඉසව්වද දඩයක්කරුවන් ගැවසෙන බිමකි. සිතුල්පව්ව පැත්තට යෝධකණ්ඩිය වැව දෙසින්ද දඩයක්කරුවෝ ඇතුළුවෙති. මෙසේ එන දඩයක්කරුවන් ගෝනගලවැව, බුතව වැව, බුතව කලපුව ආදී ප‍්‍රදේශවල ගැවසෙමින් දඩයම්කර මස් රැගෙන යාම සමහර අවස්ථාවල සිදුකෙරෙයි. මෙහෙයුමට එක්වූ වනජීවි නිලධාරින්ද අරංගමුව වැව් පිටියට හිමින් සීරුවේ ඇදී ආහ. දඩයක්කරුවන් කැලේදී පාර හොයා ගැනීම සදහා ගස්වල කට්ටා කැපීමක් තියුණු ආයුධයක් භාවිතයෙන් කරයි. පිටස්තර කිසිවකුට එකවර සොයාගත නොහැකි මේ සලකුණු කිහිපයක් මෙහෙයුමට සම්බන්‍ධවූ නිලධාරීන් නෙත ගැටිණි. තිබූ සලකුණු අනුව දඩයක්කරුවන් කට්ටි කිහිපයක් කැලේට ඇතුළුවී ඇති බව නිලධාරීන්ට අවබෝධ විය. ඔවුන් සිටි තැනට කතරගම වැඩිහිටි කන්දද පෙනුණි. පිරිස ගස්වල තිබූ සලකුණු ඔස්සේ පැයතුනක් පමණ කාලය ගතකර ඔන්ඩච්චිවැව දෙසට ආහ. තවත් ඉදිරියට කුරුලූකෙම පැත්තට යද්දි කබල්ලෑවෙකු මරා ඇති බව එතැන දමා තිබූ කබල්ලෑ පොතුවලින් පෙනිණි. ගිනිමැලයක් ගසා තිබූ අතර එහි ගින්දරද නිවී නොතිබුණි. කෑම පිසතිබූ සලකුණුද විය. ඒවනවිට නිලධාරීන්ගේ පැමිණීමේ ඉව වැටී දඩයක්කරුවන් පැන යන්නට ඇතැයි සැක සිතුණි. පැනගියවුන් අල්ලන්න කොතෙක් උත්සාහ ගත්තද දඩයක්කරුවන් ගිය ඉසව්වට යා නොහැක. ගමන ආරම්භකළ තැනටම පැයකින් පමණ නැවත එන බව නිලධාරින්ට අවබෝධ විය. මෙය අවස්ථාවන් කිහිපයක්ම වූ නිසා කොළඅත්තක් කඩා එල්ලා ‘‘කතරගම දෙවි හාමුදුරුවො අපිට පාර පෙන්වන්න උදව් වේවි’’ යැයි කියා නැවත ගමන් අරඹූහ. ටික වේලාවකින් වැවක් හරහා හමාඑන සුළ`ගක් ඇ`ග දැවටෙන්නට විය. වැවක් හමුවූ අතර වැව ළග සිට තවත් පැය එකහමාරක් පමණ ඇවිද ඔන්ඩච්චි බංගලාව ළගට එද්දී වෙලාව සවස පහට පමණ ඇත. ඒ වනවිට පිරිස සිටියේ දැඩි සේ හෙම්බත්වය. ටික වෙලාවක් ගිමන්හැර සිතුල්පව්ව දෙසට පයින් යන්නට පිටත්විය. වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. වලහෙක් ඉදිරියට එන ලකුණු පිරිසට දැනෙන්නට විය. වලහා මගහැර පිරිස හීන් වැවට එනවිට රාත‍්‍රී හතයි තිහ පසුවී තිබුණි. අතේ එළියක්ද නොවුණු නිසා තරුඑළියෙන් පිරිස ආපසු ආවේ දඩයක්කරුවන් ඇල්ලීමට ගිය ගමන අසාර්ථකවය.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 මහකැබිලිත්තේ මහසියඹලාවට පුජාවන් තබන බැතිමතුන් පිරිසක් කූඹුකන්ඔයේ වැල්ලේ දි සැකසු පූජා වට්ටි ඔකද දේවාලය