පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබමින් සිටි ඇත් පැටවුන් දෙදෙනකු එම ස්ථානයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් කලකට පෙර රට තුළ ඇති වූයේ ඉමහත් ආන්දෝලනයකි. සත්වවේදීන්, සත්ත්ව හිංසා පිටුදකින්නන් පමණක් නොව අලි අනාථාගාරයේ සේවකයෝ පවා එම ඇත් පැටවුන් රැගෙන යාම සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කළහ. මවගේ උණුසුමෙහි සිටින පැටවුන් දෙදෙනකු විකිනීම සඳහා මෙසේ රැගෙන යතියි ඔවුන්ගෙන් එල්ලවූ චෝදනාව විය. කුමන විරෝධතා එල්ල වුව ද රජයේ නියෝගයකින් පසුව ඇත්පැටවුන් දෙදෙනා පින්නවලින් රැගෙන යාමට සිදුවූයේ දැඩි ආරක්‍ෂක රැකවලක් මධ්‍යයේය. ඒ තරමටම ප‍්‍රබලවූ විරෝධතාවක් මේ සඳහා එල්ලවී තිබුණි. ඉන් පසුව ඒ ඇත් පැටවුන් දෙදෙනාට සිදුවූයේ කුමක්ද? විරෝධතාකරුවන් පැවසූ ආකාරයට ඒ සතුන් විකුණුවාද? වෙනත් පුවතක තොරතුරු සොයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑළ මහතා හමුවීම සඳහා ඔහුගේ නිල නිවෙස වෙත ගිය අපට එම නිවසෙහි පසෙක බැඳ දමා ඉතා කෙළිදෙලෙන් පසුවන ඇත් පැටවකු අහම්බෙන් මෙන් දැකගැනීමට හැකි විය. අපි ඒ පිළිබඳව තව දුරටත් තොරතුරු නිලංග දෑල මහතාගෙන් විමසූවෙමු. ”ජනාධිපතිතුමා විසින් සහ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් දෙපළට ඇත් පැටවුන් දෙදෙනකු පරිත්‍යාග කරන්න. ඒ අනුව එවකට සත්ව උද්‍යාන භාර ඇමැතිවරයා වුණු ගාමිණී ලොකුගේ මහතා නායක හිමිවරුන්ට දැනුම් දුන්නා උන්වහන්සේලාට කැමැති ඇත් පැටවුන් දෙදෙනකු තෝරාගන්න කියලා.” එම දැනුම් දීමට අනුව අපේ මහානායක හිමිවරුන් වෙනුවට උන්වහන්සේලාගේ ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා දෙනමකුත් එම විහාරස්ථාන වල ගිහි භාරකරු වශයෙන් මමත් ගොස් පින්නවලින් ඇත් පැටවුන් දෙදෙනකු තෝරාගත්තා. ඉන් පසුව අප ජනාධිපතිතුමාට සහ ලොකුගේ අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දුන්නා ”සින්ධු” කියන ඇත් පැටවා අස්ගිරි විහාරයටත්, ”රාජු” කියන ඇත් පැටවා මල්වතු විහාරයටත් ලබාදෙන්න කියලා. එම ඉල්ලීමට අනුව අපට දැනුම් දුන්නා අහවල් දිනයේ ගිහින් ඒ පැටවු දෙන්නා ගෙන එන්න කියලා. නමුත් දවල් කාලයේදී අලි දියට අරන් යන නිසාත්, පින්නවලට එන සංචාරකයින්ට නැරඹීමට තිබෙන නිසාත් දහවල් ඇත් පැටවු ගෙන එන්නේ නැතිව අප ගියේ හවස් කාලයේදී ගෙන එන්නයි. එම අවස්ථාවට සත්වෝද්‍යාන භාර අධ්‍යක්‍ෂතුමා සමඟ පශු වෛද්‍ය නිලධාරීන් ද සහභාගි වුණා. ”සින්ධු” කියන ඇත් පැටවාගේ දකුණේ පිහිටා තිබූ දළය හොඳටම පණුවෝ කාලා තිබුණා. ඒ නිසා ඒක ඉබේම කැඩුණා. දළය කැඩුණාම අපට පෙනී ගියා කලින් තිබූ ආසාදනයක් ඔඩු දුවලා ඒකට තුවාල සිදුවී කැඞී ගිය බව. නමුත් එසේ කැඞී යාම නිසා සින්ධුගේ ජීවිතය බේරුණා කියලා කියන්න පුළුවන්. එසේ නොවුණා නම් දළේ තිබූ තුවාලය ඔඩු දුවලා ඒ සතා මියයාමට පවා ඉඩ තිබුණා. පසුව අපි බෙහෙත් දමා ඒ තුවාලය සුව කළා. ”සින්ධුගේ වාසනාවට දත කැඩුණා. දැන් සින්ධු ඒක දන්තයෙක්.” ”නමුත් රාජ්‍ය නොවන සංවිධාන සහ සත්වවේදීන් එකට එක්වෙලා විවිධ අභූත චෝදනා එල්ල කෙරුවා මේ ඇත් පැටවුන් පිළිබඳව. ඔවුන් වැරැුදි මත ප‍්‍රචාරය කළා. දියවඩන නිලමේ බලහත්කාරයෙන් කිරි බොන පැටවු දෙන්නකු ගෙනාවාය කියලා. නමුත් සත්‍ය කතාව මේකයි. රජය සහ අප නියම අවබෝධයෙනුයි මේ සියල්ල කළේ. අද සින්ධු මල්වතු නාහිමියන්ට අයත් රිදීගම රිදී විහාරයේත්, අස්ගිරි මහා විහාරයේ ඉඩකඩ මදි නිසා රාජු මගේ නිල නිවසේත් බොහෝම හොඳින් සතුටින් නිරෝගීව ජිවත් වෙනවා. මේ ඇත් පැටවු දෙන්න කලින් දම්වැල් දාලා හිටියේ නැහැ. ඒකත් සමහරු සත්ව හිංසාවක් විදිහට දුටුවා. ඕනෑම සතෙක් මුලින්ම අල්ලලා ගැට ගහනකොට දඟලනවා. මේක සාමාන්‍ය දෙයක්. නමුත් අලි ඇතුන් කවදා හෝ දම්වැලට හුරු කළ යුතුයි. ඉතා කෙටි දිනකින් දම්වැලට සහ භාෂාවට අපි මේ සතුන් දෙදෙනා හුරු කෙරුවා. නමුත් අපි අලින් පුරුදු කරන කොට උන්ගේ ”කිතිය” ඇරිය යුතුයි. මනුෂ්‍යයාට වගේම අලින්ටත් කිති තියෙනවා. ඈත ඉඳන් ලීවලට පොල් ලෙලි ගැට ගහලා අලින්ගේ ශරීරයේ ඇතිල්ලිය යුතුයි. එවිටයි ඔවුන්ගේ කිතිය අඩු වෙන්නේ. කිතිය ඇරියේ නැති නම් අලින්ගෙන් වැඩගන්න බැහැ. අතීතයේදීත් අලි ඇත්තු හුරුකළේ පොල්ලෙලි වලින්, ලී කෝටු වලින් ඇනලා තමයි. කැලේක ඉඳලා අලියෙක් ගෙනෙන විට ඒ සතා මනුෂ්‍යයකුට ස්පර්ශ වෙලා නැහැ. ඒ නිසයි උන්ට කිතිය ඇතිවෙන්නේ. අපි දහ කියන විධානය කෝටුවෙන් හෝ හෙණ්ඩුවෙන් ලබාදිය යුතුයි. අද මේ සතුන්ගේ තත්ත්වය කොහොමද යැයි අපි නිලමේවරයාගෙන් අතුරු ප‍්‍රශ්නයක් නැඟුවෙමු. මේ ඇත් පැටවු දෙදෙනා දළදා පෙරහර ඇතුළු ලංකාවේ ප‍්‍රධාන පෙරහර කීපයකටම දැන් අපි සහභාගි කරවනවා. ඒ සඳහා අපි ඔවුන් හොඳින් පුහුණු කරවමින් සිටිනවා. මේ වන විට ලංකාවේ සිටින්නේ ඇතුන් විස්සකටත් අඩු ඉතා සුළු ප‍්‍රමාණයක්. ඔය ප‍්‍රමාණයෙනුත් තව අවුරුදු විස්සක් පමණ යන විට දළදා වහන්සේ වඩම්මවන්න ඉතිරිවෙන්නේ ඇත්තු පස්දෙනකුටත් අඩු සංඛ්‍යාවකුයි. හරියට බැලූවොත් පස්දෙනෙකුත් නැති තරම්. දළදා මාළිගාවේ ඉන්දිරාජා, රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා, මිල්ලන්ගොඩ පොඩි ඇතා සහ නැඳුන්ගමුවේ දළ ඇතා පමණයි දැන් ඉන්නේ. කරඬුව වැඩමවීමට ඇත්තු පරිනත විය යුතුයි. මා කියූ දේවල් තවත් වසර විස්සකින් පමන සත්‍ය වේවි. මේ ඇත් පැටවු දෙන්නාගෙන් රජා තමයි තවත් අවුරුදු විස්සකින් දළදා වහන්සේව වැඩම කරවන්නේ. ඒක දන්න නිසා සින්ධුට ඒ අවස්ථාව නැති වේවි. මොකද දළදා වහන්සේ වැඩමවන්න දළ දෙකක ඇතකු අවශ්‍යයි. අපි ඒ සඳහා දැන් සිටම මේ සතුන් දෙදෙනාව හුරු කරවනවා. දින ගණනක් පැය ගණනාවක් එක දිගට කරඬුව වැඩමවීම සඳහා මේ සත්තුන්ට මනා ශික්‍ෂණයක් අවශ්‍යයි. මේ අපහසුතාවය ඉතා අසීරුවෙන් මේ සතුන් දරා ගන්නවා. තිරිසනුන් වුණත් මේ සත්තු තේරුම්ගන්නවා තමන්ගේ කරමත වඩම්මවන්නේ මේ ලෝකයේ උතුම්ම වස්තුව දරන කරඬුව කියලා. මේ සතුන් දෙදෙනා ඉතාම හීලෑය. දියවඩන නිලමේවරයා ලබා දෙන ඕනෑම නියෝගයකට අනුව රාජා හැසිරෙන ආකාරය ද අපූරුම දසුනක් විය. සින්ධු ඇත් පැටවා බාරව සිටින රිදී විහාරයේ විහාරාධිකාරී තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියන් ද අපට පැවැසුවේ සින්ධු ඉතාම හීලෑ ඇත්පැටවකු බවය. තොරතුරු සපයා ගැනීමේදී සහාය ලබාදුන් කුරුණෑගල විල්බාව ඓතිහාසික පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාට ස්තුතිය.
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
දළදා වහන්සේ වැඩම කරවීමට පුහුණුවන ”රාජා”