IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


දමිළ නායකයින්ගේ සළු පිළි ගැලවෙයි

(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජනතාව වෙනුවෙන් යැයි කියා ගත් උතුරේ  නායකයින්ට  වර්තමානයේ සෙරෙප්පුව, ඉලපත ගන්නා වාතාවරණයක්  උදා වී ඇත්තේ කාලය මැවූ වෙනසක මහිමය හේතුවෙනි.

යුද්ධය නිමා වී වසර 10 ක් ගෙවී තිබියදීත්  උතුරේ සිදුව ඇත්තේ කුමක්ද ? කිරීමට ඇත්තේ කුමක්ද? එය සෙවීමට දැන් කාලයක් නොමැති තරම්ය. දැන් ඇත්තේ මැතිවරණ වසන්තයකි. පළමුව ජනාධිපතිවරණයත් , අනතුරුව මහමැතිවරණයක් මෙන්ම පළාත් පාලන මැතිවරණයක්ද පැවැත්වීමට නියමිතය.

උතුරේ පාලන බලය ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. එය යම් දෙදරීමකට ලක්වූවේ පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානයෙන් උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්, ආනන්දි ශෂිධරන්, සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ආනන්ද සංගරී එම්.කේ සිවාජිලිංගම්, වැනි අය ඉවත් වී වෙනත් පක්ෂ මෙන්ම වෙනත් දේශපාලන න්‍යායක් ආරම්භ කිරීමත් සමගය.

අවසන් වතාවට ශ්‍රී ලංකාවේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සතු වූ විශාල ඡන්ද ප්‍රමාණයක් කැඩී වෙනත් දේශපාලන පක්ෂ විසින් උදුරා ගනු ලැබුවේද එම දෙදරීම හේතුවෙනි.

නමුත් දෙමළ ජාතික සන්ධානය,පවතින්නාවූ රජයට මුක්කු ගැසීමත් සමඟ මේ ඡන්ද පොරය තවත් උණුසුම් විය. දෙමළ ජාතික සන්ධානය සතු බලය කැඩීම උතුරේ අනෙකුත් සියලු පක්ෂයන්හි ප්‍රධාන අරමුණ විය. මේ වන විට එළැඹ ඇත්තේ ජනාධිපතිවරණයයි. ජනාධිපති තනතුර වෙනුවෙන් ඉදිරිපත් වී  සිටින අපේක්ෂකයින්ට උතුරු නැගෙනහිර ඡන්ද දැඩි ලෙසින් බලපා ඇති බවට පෙනී යන ප්‍රධාන කරුණක් වී ඇත.  

මේ වන විට කරට කර තරග වදින්නේ යැයි පැවසෙන අපේක්ෂකයින් දෙදෙනෙකු උතුරේ සිංහල , දෙමළ හා මුස්ලිම් ඡන්ද වෙනුවෙන් විවිධාකාර පොරොන්දු දෙමින් සිටින්නේ ඡන්ද ඩැහැගැනීමේ අභිලාෂයෙනි.

මේ හේතුව නිසාම උතුරේ දේශපාලන පක්ෂ හා දේශපාලඥයින්ට වැඩි ඉල්ලුමක් මෙන්ම ජනප්‍රියත්වයක්  අත්වී තිබේ. එහෙයින් මේ දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිවරණයේ දී ජනතාව ගත යුතු තීන්දුව යැයි සිතා පක්ෂයේ සහය ලබා දෙන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීමට සූදානම් විය.

දෙමළ ජාතික සන්ධානය විසින් පළමු  ඇම  දැමුවේ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයටය. මහා ශිෂ්‍ය සංගමය විසින් උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් යැයි සකසා ගත් යෝජනා 13 ක් ජනාධිපති අපේක්ෂකයින්ට පිළිගැන්වීමට සූදානම් කරන ලදි. නමුත් මෙහි අධ්‍යක්ෂකයා වූවේ දෙමළ ජාතික සන්ධානයයි. ඔවුන්ගේ ඇමට උතුරේ හිටපු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් මහතා ද හසු විය. 

එම යෝජනා 13 ට දෙමළ දේශපාලන පක්ෂ අත්සන් කර  ජනාධිපති අපේක්ෂකයින්ට ලබා දී එයට කැමැත්ත පල කරන ජනාධිපති අපෙක්ෂකයාට දෙමළ පක්ෂවල සහය ලබා දෙන බවට වූ පොරොන්දුව මත විග්නේශ්වරන් මහතාද අත්සන් තැබූ නමුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අදාල යෝජනා 13 ට අත්සන් තැබීමෙන් වැළකී සිටියේය.

කෙසේ වෙතත් මෙම යෝජනා 13 ජනාධිපති අපේක්ෂකයින්ට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවාට කිසිදු අපේක්ෂකයකු සහය නොදීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය තවත් ඇමක් දැමීමට  සූදානම් විය . 

එම සන්ධානය ජනාධිපති අපෙක්ෂකයින් සෘජුව හමු වී සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡා වලින් පසුව දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දෙන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට යාපනයේ අවස්ථා දෙකකදීම හමු වුණද අවස්ථා දෙකේදීම එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය. දෙමළ ජාතික සන්ධානයේ සහාය කාටද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය.

පසුව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් තවත් තීරණයක් ගන්නා ලදි. ඒ පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙන්නේ යැයි පවසා වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතාගේ සහ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව ආරම්භ කෙරිණි. සාකච්ඡාව අවසානයේදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ මෙවන් කතාවකි.

‘‘අපි අද රැස්වුණු මධ්‍යම කාරක සභාවේදී අවසන් තීරණය වශයෙන් ගත්තේ එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ සහය දීමටයි. ඒක අපේ පක්ෂයේ තීරණය.මේ තීරණය ගත්තේ කිසිදු කොන්දේසියක් නොමැතිව. නමුත් මේක සන්ධානයක් . තවත් පක්ෂ දෙකක අවසන් තීරණයක් තාම නැහැ. ඒ පක්ෂවල නායකයින්ගේ අවසන් තීරණය ගැනීමට ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අපේ සන්ධානයේ නායක තුමාට බාර දීල තියෙනවා. 

ඒ වගේම අපේ ඉල්ලීම් 13 වෙනම කටයුත්තක්. ඒක ඉදිරිපත් වුණු අවස්ථාවේදීම සියලු අපේක්ෂකයින් ඒ ඉල්ලීම් බලන්නවත් කැමති නැහැ කියලා කිව්වා . නමුත් ඒ ඉල්ලීමත් සමඟම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සියලු ජනාධිපති අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කරලා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවා. පසුව ඒකේ පසුබිම ගැන අද සාකච්ඡා කරල තමයි අද මේ තීරණය ගත්තේ.‘‘ යැයි සුමන්තිරන් මහතා කීවේය.

මෙහිදි ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ගත් තීරණය එතරම් විශේෂ නොවුවේ දෙමළ ජාතික සන්ධානය මුල සිටම රජයට පක්ෂපාතීව කටයුතු කළ නිසා එම තීරණය බලාපොරෙත්තු වූවක් බැවිනි.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය ගත් මේ හිතුවක්කාර තීරණය පිළිබඳව එම සන්ධානයේ අනෙක් පක්ෂ දෙක වූ ටෙලෝ හා ප්ලොට් නායකයින් අනුමත නොකර සිටියේ ඔවුන්ද සහභාගී නොකරගෙන  එම  තීරණය තනිවම ගැනීම හේතුවෙනි.

 කෙසේ වෙතත් ප්ලොට් නායක ටී.සිද්ධාර්ථන් හා ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් යන දෙදෙනා කියා සිටියේ එම තීරණය පිළිබඳව අවසන් තීරණයක් එකවර ප්‍රකාශ කළ නොහැකි බවටත් එය ආර්.සම්පන්ධන් මහතා හරහා ප්‍රකාශ කිරීමට නොහැකි බැවින් පක්ෂ වල මධ්‍යම කාරක සභාව රැස්වී අවසන් තීරණයක් ප්‍රකාශ කිරීමට පියවර ගන්නා බවත්ය.

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ තීරණය කෙසේ වෙතත් මේ තීරණ හා පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳව බොහෝ අවධානයෙන් බලා සිටින වැදගත්ම පිරිසක් සිටියි. ඒ සාමාන්‍ය ජනතාවයි. ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ තීරණය ගෙන දේශපාලන නායකයින්ට එම  හෝටලයෙන් එළියට එන්නට නොලැබුණි. යුද සමයේදී අතුරුදහන් වූවන් දැඩි කෝපයකින් බලා සිටියේ මේ දෙමළ නායකයින් එනතුරුය. කෝපය කොතෙක්දැයි කිවහොත් ඔවුන්ට සෙරෙප්පු ප්‍රහාරයන්ගේන් ගැලවීමට වාසනාව උදා වූවේ වව්නියාව පොලීසියේ මැදිහත් වීමෙන් පසුවය.

යුද්ධය නිසා වසර 10 ක් පුරා තම දරු මුණුබුරන් නැවත දකීවි යැයි බලාපොරොත්තුවෙන් වව්නියාවේ හා මුලතිව් කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි සත්‍යග්‍රහයක දින 1,000 ආසන්න කාලයක් රජයන්ට එරෙහිව විරෝධතාවයේ යෙදී සිටි. අතුරුදන් වූවන් වෙනුවෙන් මේ වන තුරු කිසිදු රජයකට හෝ මේ දෙමළ දේශපාලන පක්ෂ වලටද විසඳුමක් දීමට නොහැකි වීම නිසා අතුරුදන් වූවන්ගේ ඥාතීන් දැඩි වියරුවකින් සිටිනා බව සනාථ වූයේ  පසුගියදා දෙමළ නායකයින්ට මුහුණ දුන් ආකාරයෙනි.

අතුරුදන් වූවන්ගේ ගැටළු අමතක කරමින් එම ජනතාව රවටමින් සිටින බවත් එවැනි අවස්ථාවක දෙමළ ජනතාව පසෙක දමා රටේ ජනාධිපතිවරුන් පත් කිරීමට දෙමළ පක්ෂ නායකයින් උත්සාහ දැරීම නවතා වහාම රජයත් සමග සාකච්ඡා කර තමන්ට විසඳුම් ලබා දෙන ලෙසට අතුරුදන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයේ යෙදුණේ  දෙමළ පක්ෂ නායකයින් ගමන්ගත් මග අහුරාලමින් පාවහන්ද අතැතිවය.

මෙලෙසින් දෙමළ ජනතාව අමතක කරමින් දෙමළ ජාතික සන්ධානය ලුහුබඳින්නේ බලය පිටපස විතරමද යන්න දැන් දැන් උතුරේ බොහෝ ජනතාවකට දෙවරක් සිතීමට සිදුව තිබේ. යුද්ධය අවසන් වී වසර 10 ක් ගෙවුණු තැන තවමත් උතුරේ ජනතාවට නිවාස නොමැතිව ඉඩම් නොමැතිව ගමට පාරක් නැතිව රැකියාවක් කෘෂිකර්මාන්තයක් නොමැතිව දහදුක් විඳිති.  නමුත් මේ අය වෙනුවෙන් කරදර වීමට දැන් දැන් මේ දෙමළ නායකයින්ට වෙලාවක් නොමැති බවත්  ඔවුන් බලය පසු පස හඹා යමින් සිටින  බව පෙනෙන්ට තිබේ. 

බලයත් සමඟ මුදල්ද මිශ්‍ර වූ විට මේ දෙමළ ජාතික සන්ධානය දෙමළ නායකයින්ගේ ගමන්මග දෙස අනෙක් දෙමළ පක්ෂ නායකයින් විසින් අවස්ථාවක් එන තුරු බලා සිටියි.  දැන් දැන් මේ අනෙකුත් පක්ෂ විසින් දෙමළ ජාතික සන්ධානයට විවිධ වූ චෝදනා කර සිටියි. රජයෙන් මුදල් ගෙන දෙමළ ජනතාව බිල්ලට දීම වැනි විවිධ චෝදනාවන්ය. මේ නිසාම ටී.එන්.ඒ. නායකයින්ට මේ ගැන දෙවරක් සිතීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව පැමිණෙන මහමැතිවරණය හා පලාත් පාලන මැතිවරණය හේතුවෙනි.

උතුරේ දෙමළ ජනතාව  පමණක් නොව සිංහල මෙන්ම මුස්ලිම් ජනතාවද ජීවත් වෙයි . මේ සියලු ජන කොටස් ආරක්ෂා කිරීම රටේ නායකයාගේ වගකීම යුතුකම වෙයි සියලු ජනවර්ගයාගේ ගැටලු වෙනුවෙන් පිළිගත හැකි විධිමත් විසඳුමක් ලබා දී සියලු ජනකොටස් ආරක්ෂා කිරීමට හැකි නායකයෙකු පළමුව තෝරාපත් කර ගැනීම රට වැසියාට පැවරී ඇති  වගකීමකි.  


 
 



අදහස් (2)

දමිළ නායකයින්ගේ සළු පිළි ගැලවෙයි

Amarapaala Thursday, 07 November 2019 06:40 AM

අතුරුදන් කරපු අය ආපහු ගෙන්නලා අතුරුදන් වෙච්ච අයව හොයන්න පුලුවන්ද ?

:       733       906

maxThursday, 07 November 2019 10:16 AM

අමරේ, අපි ආයේ ප්‍රභාව ගේමු. ඊට පස්සේ මුල ඉදල ගානට රූලට මානව හිමිකම් තිතට ආරක්ෂා කරගෙන නොර්වේ ගෙන්න ගෙන, ගිවිසුම් ගහගෙන, ඉන්දියාවත් සම්බන්ධ කරගෙන, ඩයස්පෝරාවේ උදව්වත් අරගෙන යුද්ධය අවුරුදු ගානක් ඇදගෙන ගිහිල්ලා ඉවර කරමු.

:       195       1008

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

දූෂණ මැඩීම : කනස්සල්ලක්
2025 මාර්තු මස 25 111 0

ජාතික ජන බලවේගය-ජනතා විමුක්ති පෙරමුණ රජයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ජනාධි


යටි සිත සිතුවම් කළ වසන්තගේ භාවනා
2025 මාර්තු මස 25 38 1

පෙබරවාරි 16 වැනිදා ඉරිදා දිනයයි. කලා නිර්මාණවල විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 32 වැනි වරටත් කොළඹ 07, ආන


රසවින්දනයට මොකද වුණේ? 
2025 මාර්තු මස 25 95 2

බල්ලො මරා හෝ සල්ලි හොයා ජොලියේ සිටින්නට කෙටිමං සොයන සමාජය අද වනවිට යථාර්ථයක් වී අවසානය. එය සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සියල්ලෙහි පිළිල


සංවර්ධන සැලැස්මක් අවශ්‍ය ඇයි?
2025 මාර්තු මස 25 27 0

වසර 2025 සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය, සංශෝධන කිපයක් සමගින්, වැඩි ජන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා සම්මත විය. ඒ අනුව, ඉදිරි මාස 8 ක කාලය තුළ දී එම අයව


ලංකාවේ විශ්වවිද්‍යාල ගෝලීය ශ්‍රේණිගත කිරීම් ලජ්ජා නොවිය යුතුද?
2025 මාර්තු මස 24 5041 1

මෑතකදී, ඉන්දියාවේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නා කාලයේ සිට මා දන්නා සහ දැන් එක්සත් ජනපදයේ සේවය කරන මගේ මිතුරියක් නවදිල්ලියේදී මට මුණගැසුණි. මෙම නැවත හමුවී


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 128 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 299 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 591 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1261 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site