අප රට එක් අතකින් කෙතරම් අවාසනාවන්ත දැයි කියතොත්, එක් බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කරමින් සිටින විට, රට ළඟින් යන නැවක් හෝ ගිනි ගනී. මේ දිනවල ද එබඳු ගින්නක් අප රට තුළ ඇවිළී තිබේ. එම ගින්න නම්, ආගම්වලට පරිභව කිරීමේ ප්‍රවණතාවකි. බහුතරක් ජනයා අතිශයින්ම ශිෂ්ට සම්පන්න වන හෙයින්, එම අකල් ගිනි මහා ගිනි ජාලා බවට පත් නොවේ. සිදු විය යුත්තෙත් එයමය. එහෙත්, කුඩා ගිනි පුපුරකින් මහා ගිනි ජාලාවක් මැවිය හැකි බව අවධාරණය විය යුතුය.
‘‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’’ යැයි මාක්ස් ලියා තැබුවේය. එක් ජාතියක් තවත් ජාතියක් පීඩාවට පත් කිරීමේ නියත ප්‍රතිඵලය මාක්ස් විවරණය කළේ එසේය. ඉහත කියමන ආගම් සම්න්ධයෙන් වුව ද මනාව ගළපාගත හැකිය. ආගම් සම්බන්ධ ගැටුම්වලට අදාළ උදාහරණ අප රටෙන් ද අසල්වැසි ඉන්දියාවෙන් ද ලෝකයේ තවත් බොහෝ රටවල්වලින් ද ලබාගත හැකිය. යූටියුබ් අම්බරුවන්ට මේවා තේරුම් ගැනීමට සමත් මොළයක් ඇතැයි අපි නොසිතමු. මංචාඩියක් තරම් මොළයක් මේ අම්බරුවන්ට තිබුණේ වී නම්, ප්‍රසිද්ධියේ මෙසේ ආගම්වලට පරිභව නොකරනු ඇත.
ආගම්වලට පරිභව කළ යූටියුබ් අම්බරුවන් ගැන ඇතැමකු කියා සිටියේ, මොවුන් යූටියුබ් ගණිකාවන් බවය. එහෙත්, එම කියමන සමග අපි එකඟ නොවෙමු. මන්දයත්, ගණිකාවන් තම ශරීරය මිස ආධ්‍යාත්මය නොවිකුණන බැවිනි. මෙම යූටියුබ් අම්බරුවන්ට විකිණීමට හෝ ආධ්‍යාත්මයක් නැත. ‘‘ආධ්‍යාත්මය පැහැරුණු පුද්ගලයාට රැක ගැනීමට කිසිවක් නැතැයි’’ කියමනකි. ජාතිය, ආගම, සභ්‍යත්වයට ගරහමින් මෙම අම්බරුවන් ඩෙඟා නටන්නේ එහෙයිනි.
තිස් වසරක් පුරා පැවැති යුද්ධයේ කටුක අත්දැකීම් අපට තවමත් මතකය. රණවිරුවෝ දහස් ගණනක් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පරිත්‍යාග කරමින් ඒ සැහැසි ග්‍රහණයෙන් අප රට මුදාගත්හ. මේ රට යළිත් එබඳු නරකාදියකට ඇද දැමීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. එබන්දන් අල්ලා ගස් බැඳිය යුතුය. ජාතික සමගියත්, ආගමික සංහිඳියාවත් අපගේ ශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය වේ. එයට එරෙහිව විවිධ මාදිළියෙන් හා විවිධ වර්ණයෙන් කරළිගත වන ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරාතිරම් බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ, ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවය.
ස්වයං විනයකින් යුතුව කටයුතු නොකරන්නේ නම්, ඔවුන් නීතියේ රැහැනින් බැඳ දැමිය යුතුය. මෙම යූටියුබ් අම්බරුවන්ට රට, ජාතිය, ආගම දහම ගැන ගෞරවයක් නැත. එමෙන්ම, මෙම අම්බරුවන් සතුව නීතියට භයක් මෙන්ම ගෞරවයක් ද නැත. තමන්ගේ අවිචාරවත් මනස්ගාත වමාරමින් ආගම දහමට පරිභව කරන්නේ එහෙයිනි. ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම අතිශයින්ම කාලෝචිත මෙන්ම වැදගත් වන්නේ එහෙයිනි.
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පසුගිය කාලය පුරා රටේ තැන් තැන්වලින් මතු වූ අතර, ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවේ යැයි කියන ජනාධිපතිවරයා, ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව අවශ්‍ය කඩිනම් තීරණය ගෙන ඇති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
අදාළ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට උපදෙස් දී තිබෙන්නේ, පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසය.
ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ආරම්භ කර තිබියදී, ආගමික සංහිඳියාව බිඳ දමමින්, ජන කොටස් අතර විරසකයක් ඇති කර, රට යළි කඩා වැට්ටවීමට උත්සාහ කිරීමක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරෙහි සඳහන්ව ඇති බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
මෙම ප්‍රවණතාව රටේ සාමකාමී පැවැත්මට මාරාන්තික බව ඉතා පැහැදිලිය. පිස්සු බල්ලන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම නොකළ යුතුය. එපරිද්දෙන්ම, මෙම උමතු පිරිස් ගස් බැඳිය යුතුය. එය සාමකාමී හා සහජීවනයෙන් පිරීගත් රටක් සම්බන්ධ අපේක්ෂාවෙන් යුත් සියල්ලන්ගේම ඉල්ලීමය.
(***)
වසර 36කට පෙර 1987 සැප්තැම්බර් 26 වැනිදා දින 12ක මාරාන්තික උපවාසයකින් පසු මියගිය කොටි සංවිධානයේ එවක යාපනයේ දේශපාලන අංශ ප්‍රධානියා වූ රාසයියා පාර්තිපන් හෙවත්
මේ රට කෘෂිකාර්මික රටකි. එහෙත් මේ රටේ ‘‘කෘෂි’’ මිසෙක කර්මාන්තයක් නැත. එනම් කෘෂිකර්මය කර්මාන්තයක් වශයෙන් වර්ධනය වී නැත. එය ඉබේ සිදු නොවේ. ඒ වෙනුවෙන් දියුණ
රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදය තවමත් තිබෙන්නේ සංකීර්ණ තත්ත්වයකය. මේ අර්බුදයේ එක පැත්තක් වන ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. IMF හ
ශ්රී ලාංකික පාඨකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවන සාහිත්‍ය මාසය එළැඹ තිබේ. සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වෙන කොළඹ මහා පොත් දැක්ම ද ආරම්භ වී ඇත. සා
චැනල් ෆෝ නාලිකාවේ පාස්කු හෙළිදරව්ව, සමගි ජන බලවේගයේ සමගිය, ඉදිරි ජනපතිවරණය ආදි කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ බදුල්ල දිස්ත්‍රික් සමගි
ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය.
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
ජාති - ආගම් බේද මවන අමනයන් පිටුදකිමු
Anura Monday, 05 June 2023 07:46 AM
අපිට නම් පෙනෙන විදිහට ජාති ආගම් බේද ඇතිකිරීමේ ලොකු අවශ්‍යතාවයක් ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව කරන උදවියට විතරයි. මේ රටේ ඉතිහාසය ගැන බැලුවොත් කවදාවත් මිනිස්සු මෙහෙම කවුරුවත් විහිළුවක් කළාට කුලප්පු වෙලා නැහැ, වෙන්නෙත් නැහැ. නමුත් මේ රජයට සහ රජයට පක්ෂපාති මාධ්‍ය ආයතනවලට මේ සිද්දිය ලොකුවට පෙන්නලා මිනිස්සු අතරේ වෛරයක්, බියක් ඇතිකරන්න ලොකු උත්සාහයක් ගන්න බව පේනවා...
බද්රානි Tuesday, 06 June 2023 12:57 AM
ඔබලාම වපුරපු විෂබීජ වල අස්වැන්න සරුවට නෙලමින් සිටින අවධියක, දැන් අපිද මේවාට වග කියන්න ඕනෑ. දුසිල්වතුන් සිවුර උස්සාගෙන දේශපාලුවන්ට කඩේ ගිහින් මේ රටේ ජාති, ආගම් බේද අවුස්සා මේ රට ගිනි තියද්දී ඒවාට හුරේ දමමින් විෂිල් ගහපු හැටි අපට අමතක නැහැ. උතුම් බුද්ධ දර්ශනය අදටත් කෙලෙසන චීවර ධාරීන් රැල හා හොර තක්කඩි දේශපාලුවන් ගැන කවුද කතා කරන්නේ..? වාහන උමතුවෙන් අසරණ ජනතාව රවට්ටමින් කරන මේ බෞද්ධ විකෘතියට විරුද්ධ වෙන්න.