IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


උභතෝකෝටික ප්‍රශ්න

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආරාධනයක් ඉදිරියේ ඔහුගේ දීර්ඝ නිහැඬියාව බිඳ දැමූ බව දෙදිනකට ඉහතදී අපි වාර්තා කළෙමු. ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටා තිබෙණ ඔහුගේ නිවස වෙත ළගාවීම සඳහා තරමක් දුෂ්කර ව්‍යායාමයක නිරත වීමට ලියුම්කරුට සිදුවිය.

වතාවක් ආරක්‍ෂක නිලධාරියකු පැමිණ සුහද බාධාවක් කළද එම පුද්ගලයා එතැනින් නික්ම ගිය පසුව මහින්ද රාජපක්‍ෂ මහතා සාමාන්‍ය පරිදිම ලියුම්කරු සමග සංවාදයේ යෙදිණ.
නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීම සහ එතැන් සිට ජනපතිවරයා තෙක් ඔහු පැමිණි ගමන ගැන මහින්ද රාජපක්ෂ අදහස් දැක්වූයේ ප්‍රශංසා මුඛයෙනි.

“ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන්න හැකියාවක් තිබෙණ එකම පුද්ගලයා තමයි ඔහු. ඒ නිසයි මම ඔහුගේ පත්වීම අනුමත කළේ සහ මගේ සහාය ඔහු වෙත ලබාදෙන බව ප්‍රකාශ කළේ” යයි මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

චීන පර්යේෂණ නෞකාව, යුවාන් වැන්ග් 5ට ශ්‍රී ලංකාවට පිවිසීමට පෙර අවස්ථාවක අවසරය ලබා දුන්නද, පසුව ඒ ගැන නැවත සිතා එම නෞකාවේ ආගමනය ප්‍රමාද කිරීමට ගැනුණු උත්සාහය ගැන හිටපු අගමැතිවරයා රජය විවේචනය කළේය.

“ඔබ කියනවා එන්න පුලුවන් කියලා.... ඊට පස්සේ කියනවා එන්න බැහැ කියලා”... යැයි පැවසූ ඔහු,

“අපි අපේ ස්ථාවරය ඉන්දියා බලධරයින්ට පැහැදිලිව විස්තර කර දිය යුතුව තිබුණා” යැයි ද පෙන්වා දුන්නේය.

මෙම නෞකාවට අගෝස්තු මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට ආරම්භයේ දීම විදේශ කටයුතු අමාත්‍යංශය අවසර දී තිබිණ. පසුව, කොළඹ චීන තානාපති කාර්යාලය වෙත දැනුම්දීමක් කළ විදේශ කටයුතු අමාත්‍යංශය, යුවාන් 5 නෞකාවේ ශ්‍රී ලංකා ආගමනය ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගන්නා තෙක් ගමන ප්‍රමාද කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම කටයුතු සිදුවන අතරවාරයේ යුවාන් වැන්ග් 5 නෞකාව තිබුණේ ඉන්දුනීසියාවේ බන්ඩා අසෙහ් සාගර කලාපයේ උතුරට සහ දකුණට ගමන් කරමින්, සයුරේ රැඳී සිටීමේ පිළිවෙතක් අනුගමනය කරමිනි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දිගින් දිගටම ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ අතර අවසානයේ දී, අගෝස්තු මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමේ අවසරය ලබාදෙන තැනට රජය තල්ලු විය. මෙම සමස්ත කාලයම යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායේ රැඳී සිටිණු ඇත. වේලාසන පිටත්වීමේ කිසිදු සැළැක්මක් ඊට නැත.


ජනපති වැඩට මහින්දගේ අනුමැතිය
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වන තැනට තල්ලු කැරුණු විරෝධතාවයන් ගැන අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා, විරෝධතාවයේ යෙදුණු කණ්ඩායම් ප්‍රචණ්ඩත්වයට පෙළඹුණු පළමු අවස්ථාව මෙය නොවන බව පෙන්වාදුන්නේය. විරෝධතාකරුවන් පියවරක් පසුපසට ගෙන, ඔවුන්ගේ සීමාව තේරුම්ගත යුතුව තිබුණේය යන්න ඔහුගේ අදහස විය.

“මේ සම්බන්ධයෙන් ජනපති වික්‍රමසිංහ අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගයට මගේ අනුමැතිය හිමිවෙනවා” යයි ද මහින්ද රාජපක්ෂ පැවසුවේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විමසූ ඔහු කීවේ මෙවැන්නකි.
“මම වුනත් යන්න තිබුණා”

“අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියන්නේ දේශපාලන සටන් පාඨයක්. ගොඩක් දෙනෙක් ඒක නිසාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට පහර දෙනවා” යයි ද ඔහු කීවේය.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවක සංකල්පය මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගනී.
“සියලුම දෙනා රට ගැන සිතිය යුතුයි. සියලු දෙනා එක්ව යම් කාලයකට එකට වැඩකළ යුතුයි” යයි හිටපු අගමැතිවරයා කීවේය.

මහින්ද රාජපක්ෂ සිය සොයුරු, හිටපු ජනපති, ගෝඨාභය රාජපක්ෂ ගැන අදහස් දක්වා පැය 24ක් ගතවීමට මත්තෙන් ඔහුගේ ඥාති සොහොයුරෙක් ද වන උදයංග වීරතුංග මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කීවේ ගෝඨාභය රාජපක්ෂ පසුගිය 24 වැනිදා (බදාදා) දිවයිනට පැමිණෙන බවයි. ඔහු එසේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගුවන්යානා මිලයට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරියේ තවත් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුවය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැන් පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. මෙම යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙසේ විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන්නේ සන්ඩේ ටයිම්ස් ආරක්ෂක වාර්තාකරු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලක් ප්‍රකාරවය.

මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් පවතින බව ප්‍රථම වතාවට අනාවරණය කළේ සන්ඩ් ටයිම්ස් පුවත්පතයි. විමර්ශන කටයුතු යට ගැසීමට සහ ගනුදෙනුවේ දී, කිසිඳු වරදක් සිදුව නැතැයි පෙන්වාදීමට එවකට සිටි විවිධ පාර්ශවකරුවෝ උත්සාහ කළහ. එහෙත්, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වන වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පිවිසුම ඉදිරියේ සිටගෙන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මිග් 27 යානා මිලදී ගැනීමේ සම්පූර්ණ වගකීම එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ ගුවන් හමුදාපතිවරයා අත තිබූ බවයි.

හිටපු ජනපතිවරයාගේ ආගමනය ගැන ශ්‍රී ලංකා රජයට ද, නිල වශයෙන් දැනුම් දී, තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා දැක්වූ අදහස් පහත පරිදිය.

“අපේ හිටපු ජනපතිවරයා නැවත පැමිණීමට අපේ මැදිහත්වීමක් නැහැ... ඒ වුනත්, ඔහුගේ නැවත පැමිණීම ගැන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් අපව දැනුවත් කර තිබෙනවා”
“ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට ඕන තැනක සංචාරය කරන්නට ඔහුට අයිතිය තිබෙනවා. මට මේ ගැන කියන්න පුලුවන් එච්චරයි” යයි අලි සබ්රි කීවේය.


බැසිල් දිගටම වැඩ
පසුගිය 18 වැනි බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දූත පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාකාරීව දිවයිනට පැමිණීමට අවැසි පියවර ගන්නැයි ඔවුහු ඉල්ලා සිටියෝය.

හිටපු ජනපතිවරයාට ආරක්ෂාව සැපසීමට යුද හමුදා කොමාන්ඩෝ භට කණ්ඩායමක් යෙදවීමට යන්නේ යැයි සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ අතර එය ඔහු ඉහළ පෙලේ ඉලක්කයක් බවට පත්ව සිටීම සළකාය.

දිවයිනට පැමිණි පසුවත්, හිටපු ජනපතිවරයා රජයේ බංගලාවක් ඉල්ලා නොසිට මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසට වී කාලය ගතකරනු ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.

ගෝඨාභය රාජපක්ෂ දැනට තායිලන්තයේ සුඛෝපභෝගී හෝටලයක, හෝටල අඩස්සියේ සිටින අතර, ඔහුට ආරක්ෂාව සපයමින් සිටින තායි ආරක්ෂක කණ්ඩායම් ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයාට හෝටලයෙන් බැහැරට යාම තහනම් කර ඇත. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වෙනත් රටක රැකවරණය ලබාගැනීමට දැරූ සියලුම උත්සාහයන් ව්‍යර්ථව තිබෙන පසුබිමකය.

සියලු රටවල් ඔහුගේ ඉල්ලීම් බැහැර කර තිබේ.
රටින් පළායෑමට ප්‍රථම ඇමරිකා එක්සත් ජනපදය බලා යෑම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා වීසා ලබාගැනීමට ඔහු උත්සාහ කළ බව දැනගන්නට ඇත. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලට අනුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරී තිබෙණ අතර, එයට හේතුව ලෙස තානාපති කාර්යාල බලධරයින් දක්වා තිබෙන්නේ එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කරගත් අයෙකු වෙත එරට වීසා බලපත් ලබා නොදෙන්නේය යන්නය.
 
එවැනි තත්ත්වයක වුවත් වීසා බලපත් ලබාදීමට සැළකිල්ලට ගැනෙණ කරුණු කාරණා ගෝඨාභය රාජපක්ෂගේ තත්ත්වය ගත්විට අදාළ නොවන බවත් ඔවුන් දැනුම් දී, තිබේ. එහෙයින්, ඇමරිකාව ඔහුට වීසා බලපත්‍රයක් නිකුත් නොකරන පසුබිමක ගෝඨාභය රාජපක්ෂට ග්‍රීන් කාඩ් ලොතරැයියට ද, අයදුම් කිරීමට නොහැකිය. ග්‍රීන් කාඩ් යනු ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීමට තිබෙණ තවත් ක්‍රමයකි.

මීට අමතරව, ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම අයෙකුට, එක්සත් ජනපද වීසා බලපත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු පැනයන් ගණනාවක් වේ. ඒවා අතරින් 4කට පිළිතුරු ලබාදීම ගෝඨාභය රාජපක්ෂට තරමක් ගැටලුකාරී විය හැකිය.

එම ප්‍රශ්න පහත පරිදි වෙයි.
1. ඔබ කවර හෝ අවස්ථාවක සමූලඝාතනයකට හවුල්ව, එවැන්නක් කර, එවැන්නකට අණ දී, එවැන්නකට කුලු ගැන්වීම් සිදුකර, හෝ එවැන්නට ආධාර දී, තිබෙනවා ද?
2. ඔබ කවර අවස්ථාවක හෝ වදහිංසා පැමිණවීමකට හවුල්ව, එවැන්නකට අණ දී, එවැන්නකට කුලු ගැන්වීම් සිදුකර, හෝ එවැන්නකට ආධාර දී, තිබෙනවා ද?
3. ඔබ කවර අවස්ථාවක හෝ නීතියෙන් පරිබාහිරව කෙරෙණ ඝාතනයන්ට, දේශපාලනමය ඝාතනයන්ට හෝ වෙනත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට හවුල්ව, එවැනි දේවලට අණ දී, එවැනි දේවලට කුලු ගැන්වීම් සිදුකර හෝ එවැනි දේවලට ආධාර දී, තිබෙනවා ද?
4. ඔබ, රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරමින් සිටිය දී කුමන හෝ අවස්ථාවක, ආගමික නිදහස දරුණු ලෙස උල්ලංඝණය වන ආකාරයට සිදුවුණු ක්‍රියාවලට වගකිව යුතු වනවා හෝ සෘජුවම එවැනි කටයුතු දියත් කර තිබෙනවා ද?

ගෝඨාභය රාජපක්ෂ මෙවැනි කිසිඳු කටයුත්තකට සම්බන්ධව හෝ වගකිව යුතුයැයි යන්න මෙයින් කිසිඳු ආකාරයකින්වත් අදහස් නොකෙරේ. මෙවන් කිසිඳු වරදක් සම්බන්ධයෙන් ඔහුට ශ්‍රී ලංකාවේ අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයක් ද නැත.

කෙසේවුවත්, මෙම ගැටලු ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව ගොණු කර තිබෙණ යෝජනාවලීන්වලින් අවධානයට ගෙන තිබේ.

විවිධ මානව හිමිකම් සංවිධාන මෙම චෝදනා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නගා තිබේ. කොටින්ම, මෙම කාරණාවලට අදාළ නව සාක්කි එකතු කිරීම වෙනුවෙන්ම ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය යටතේ නව ලේකම් කාර්යාලයක් මේ වන විට පිහිටුවා තිබෙන අතර, ඔව්හු යුහුසුලුව එම කටයුතුවල නියැළෙමින් සිටිති.

ඒ අතරම ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලයේ ආසියා ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂ රෝරි මැගොවෙන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් කරුණු පිරික්සීමේ සංචාරයක් සඳහා මේ දිනවල දිවයිනට පැමිණ සිටී. සිදුකරන්නා අනාවරණයන් ඇතුළත් වාර්තාවක් ඔවුන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.


ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය  - කෝවිද ගුණසේකර



අදහස් (1)

උභතෝකෝටික ප්‍රශ්න

Santhu Saturday, 27 August 2022 12:38 PM

ඕනෑම අයෙකුට, එක්සත් ජනපද වීසා බලපත්‍රයක් ලබාගැනීම වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු පැනයන් ගණනාවන් අතරින්, මේ පැන 4කට පිළිතුරු ලබාදීම ගෝඨාභය රාජපක්ෂට පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ මෙවන් අපරාධ නොකළ දේශපාලන පක්ෂ නායකයින් වේද අප රටේ, ඒ සැමටද මෙය ගැටලුකාරී විය හැකියි...

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 285 0

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 58 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 568 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 136 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 833 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 359 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 360 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1755 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site