IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඇමෙරිකා ගිය මෝදි ඔබාමාගෙන් උණුවතුර පමණක් බීපු රහස

උපවාසයක නිරත රාජ්‍ය නායකයකු වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පවත්වන්නේ කෙසේද? පසුගියදා ඇමෙරිකානු ධවල මන්දිර නිලධාරීන්ට මුහුණ දීමට සිදු වූයේ එම ගැටලූවට. එක්සත් ජාතීන්ගේ 69 වැනි මහා සමුළුවට සහභාගී වීම ස`දහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එහිදී රතු පලස මතින් උණුසුම් ලෙස පිළිගැණුනා. ඇමෙරිකාවේ වෙසෙන දස දහස් ගණනක් වූ ඉන්දියානුවන් තම නායකයා දැක බලා ගැනීමට නිව්යෝක් නුවරට රැස්වී සිටියා. අගමැති මෝදි ඇමෙරිකාවට ගියේ බොහෝ කාලයකට පසුවයි. ගුජරාට මහ ඇමතිවරයාව සිටි සමයේ ඇති වූ හින්දු මුස්ලිම් ගැටුම් සමනය කිරීමට කිසිදු උත්සාහයක් නොදැරූ බවට චෝදනා කරමින් ඇමරිකාව 2005 සිට ඔහුට වීසා නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කොට තිබුණා. එහෙත් ඔහු අති විශාල බහුතර ඡුන්දයකින් ඉන්දියාවේ අගමැති ධුරයට පත් වීමත් සමඟ ඇමෙරිකාවට තව දුරටත් ඔහු ප‍්‍රතික්ෂේප කළ හැකිවූයේ නැහැ. ආසියාවේ දෙවැනි බලවතා සමඟ සමීප සබ`දතා ගොඩ නඟා ගැනීමට ඇමෙරිකාවට සිදු වී තිබෙනවා.

2
‘ඇමෙරිකාවේ සියලූ වැදගත් වෙනස්කම් නිර්මාණය වීම ආරම්භ වන්නේ රාති‍්‍ර භෝජන මේසය තුළින්’යැයි රොනල්ඞ් රේගන් ජනාධිපතිවරයා වරක් ප‍්‍රකාශ කළා. ඇමෙරිකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවත්වන රාති‍්‍ර භෝජන සංග‍්‍රහය මෝදි වෙනුවෙන්ද සූදානම් කිරීමට ඔබාමා කටයුතු කළා. එහි විශේෂත්වය වූයේ එය මෝදි වෙනුවෙන්ම පැවැත්වූ පෞද්ගලික රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් වීමයි. සිය ප‍්‍රථම හමුවේදී ඔවුන් දෙපළ අතර ත්‍යාගද හුවමාරු වූ අතර මෝදි ඔබාමාට ත්‍යාග කළේ භගවත් ගීතාවේ පිටපතක්. ඔබාමාට ලබා දීම ස`දහා භගවත් ගීතාවේ පිටපත් කිහිපයක් අලූතින්ම මුද්‍රණය කොට තිබුණා. ඊට අමතරව  සමස්ත ඉන්දීය ගුවන් විදුලියේ පුස්තකාලයෙන් පිටපත් කර ගත් මාටින් ලූතර් කිංගේ දෙසුමක්ද ඔහු ඔබාමාට පරිත්‍යාග කළා.


තමා උපවාසයක නිරතව සිටින හෙයින් ඇමෙරිකාවේදී ජලය සහ දෙහි යුෂ පමණක් පානය පිණිස ගන්නා බවයි මෝදි ප‍්‍රකාශ කොට තිබුණේ. එහෙයින් ඔබාමාගේ භෝජන සංග‍්‍රහයේදී මෝදි උණුසුම් වතුර වීදුරුවක් පමණක් තොල ගාමින් සතුටු සාමීචියේ යෙදී සිටියා.  ඇමෙරිකානු ජනාධිපතිවරයකු පැවැත්වූ භෝජන සංග‍්‍රයකදී ආරාධිතයා ආහාර නොගෙන සිටි ප‍්‍රථම අවස්ථාව මෙය විය හැකියි.


හින්දු භක්තිකයන්ගේ නවරාත‍්‍රී උපවාස සමය ඇරඹුණේ පසුගියදා. මෙම උපවාස සමයේදී හින්ඳූන් දුර්ගා දෙවඟන සිහිපත් කරමින් උපවාස කරනවා. හින්දු ධර්මයේ ශුද්ධත්වයේ සහ ශක්තියේ සංකේතය ලෙස සැලකෙන්නේ දුර්ගා නොහොත් ශක්ති දෙවඟනයි. එම උපවාසය පිරිසිදු වීමේ කි‍්‍රයාවලියක් ලෙසයි හින්දු ආගමිකයන් සලකන්නේ. උපවාස කාලයේ හින්ඳූන් මස් මාංශවලින් වැළකී, දිනකට එක් ආහාර වේලක් හෝ කිසියම් පලතුරක් හෝ පමණක් අනුභව කිරීම සාමාන්‍ය සිරිතක්. එහෙත් දැඩි හින්දුවාදියකු වන මෝදි කිසිදු ආහාරයක් නොගෙන දියරවලින් පමණක් ගත කිරීමට පුරුදුව සිටිනවා. ඔහුගේ මෙම පිළිවෙත වසර 40කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවත ආ චර්යාවක්.


භෝජන සංග‍්‍රහයට ඔබාමා සමඟ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ උප ජනාධිපති ජෝ බෙඩන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර මෝදි සමඟ ඉන්දියානු අභ්‍යන්තර කටයුතු පිළිබ`ද ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හා ඉන්දියානු නියෝජිතයන් කිහිප දෙනෙකු සහභාගී වී සිටියා.

 

1


උණුසුම් වතුර වීදුරුවක් පමණක් පානය කරමින් සියල්ලන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටි මෝදි  ‘මා උපවාසයේ යෙදී සිටින හෙයින් ආහාර අනුභව කරන්නේ නැහැ.  ඒත් මා ඉදිරියේ ඔබ ආහාර ගැනීම මට ගැටලූවක් නොවෙයි. මා පිළිබ`ද නොසිතා මේ ආහාර ඔබ භුක්ති වි`දින්න’ යනුවෙන් භෝජන මේසයේ සිටි සම්භාවනීය අමුත්තන්ගෙන් ඉල්ලා සිටියා. ඔබාමා ධවල මන්දිරයේ පැවැත්වූ භෝජන සංග‍්‍රහයට වැඩි වශයෙන් එක් කර තිබුණේ නිර්මාංශ ආහාර. අලිගැටපේරවලින් සැකසූ සලාදයක්, එළු කිරිවලින් සැකසූ චීස් වර්ග, කැරට් සහ ඉඟුරුවලින් තැනූ සෝස් වර්ග, අඹ අච්චාරු හා බාස්මතී සහලින් පිසූ බත් වලින් එම ආහාර මේසය සැරසුණා. සැර මත් බීම දක්නට නොතිබූ අතර රතු වයින්වලින් පමණක් සතුටු වන්නට ආරාධිතයන්ට සිදු වුණා.


මෝදි ඔබාමාගේ භෝජන සංග‍්‍රහය රස නොබැලූවේ ඔහුගේ නවරාතී‍්‍ර උපවාසය හේතුවෙන්මද එසේත් නැතිනම් වෙනත් කරුණු කාරණා එයට බල පෑවේද යන්න සැක සහිතයි. අතීතයේ ඇමෙරිකානු විරෝධී නායකයන්ට සැලකූ ආකාරයෙන් තමාටද සලකනු ඇතැයි ඇතැම් විට මෝදි සිතුවා විය හැකිය. කලක් තිස්සේ තමාට සිදු කළ අකටයුතුකම් හේතුවෙන් ඇමෙරිකාවට පුංචි රිදවීමක් කිරීමට මෝදි සිතුවාද?  ඇමෙරිකාවට පැමිණි පසු නිව්යෝක් අධිකරණයක් මගින් තමාට එරෙහිව තොතීසි නිකුත් කිරීම හිස අතගා පහර දීමක් ලෙස මෝදි සිතුවාද? දේශපාලන ලෝකයේ අතීත සිදුවීම් සලකා බලන විට බොජුන් මේසයේ දේශපාලනය කෙබ`දුදැයි කිසිවකුට සිතා ගත නොහැකිය. මන්ද මතුපිටින් පෙනෙන මිත‍්‍රශීලීත්වය ඉක්මවා යන සැඟවුණු දේශපාලනික අරමුණු ඒ තුළ පවතින හෙයිනි.


M



අදහස් (0)

ඇමෙරිකා ගිය මෝදි ඔබාමාගෙන් උණුවතුර පමණක් බීපු රහස

සෑම් Saturday, 11 October 2014 10:33 AM

අම්මප ඔබතුමා අදහන්න වටිනා මිනිහෙක් අපේ අය ඔය රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකට ගියා නම් ඔබාමටත් ගහල පස්ස බලන්නේ දැක්කනේ පහුගිය කාලේ අපේ චන්ඩි නෝනිස් උන්නැහේට උපහාර දක්වපු විදිහ (අ)

:       0       0

අජිත් Thursday, 09 October 2014 01:34 PM

මෝදි මහතාණනි, ඔබ සැබවින්ම වීරවරයෙක්...විශිෂ්ඨයි (නදී)

:       0       0

කිරින්ද Friday, 10 October 2014 02:44 AM

මෙතන වැදගත් කාරණයත් තව තියෙනවා. ආසියාතිකයන් ආහාර කෙරෙහි දක්වන මානසික පාලනය. උපවාසය කියන්නේ එක්තරා ආකාරයක භාවනාවක්. ඔබාමාට උපවාස කරන්න හිතේවි තව අවුරුද්දක් මෝදී ආශ්‍රය කලාම. (නදී)

:       0       0

රජින්ද Monday, 13 October 2014 11:47 AM

සදුනිගේ ප්‍රතිචාරය හොඳයි. ඒත් හින්දු ආගමිකයින්ගේ උපවාසය කිසිසේත්ම මුස්ලිම් රාමදාන් උපවාසයට සමාන වෙන්නේ නැහැ. (නි)

:       0       0

සඳුනි Friday, 10 October 2014 10:38 AM

කිරින්ද ඔයා හරි. හින්දූන්දේ නවරාත්‍රී උපවාසයත් මුස්ලිම් වරුන්ගේ රාමලාන් උපවාසයත් ආත්ම දමනයට වගේම ආගමික හැදියාව සදහාත් බලපාන බවයි ඒ අයගේ විශ්වාසය. කොහොමත් ආසියානු අපි බටහිර ජාතීන් මෙන් කෑම පිළිබද ලොකු හැගීමක් සහිත ජන කොටසක් නෙමෙයි. කොහොමත් මෝදී අගමැතිතුමා විරල ගනයේ පෞර්ෂයක් සහිත ජන නායකයෙක්. (නදී)

:       0       0

අසංක Monday, 13 October 2014 01:54 PM

සඳුනි, ඔයා තවම පුංචි වැඩියි මේවා දැනගන්න. රජින්ද, ඔයා හරියටම හරි (නි)

:       0       0

කමල් Sunday, 12 October 2014 09:13 AM

නිව්යෝක් අධිකරණයක් මගින් තමාට එරෙහිව තොතීසි නිකුත් ගැන මෝදි මොකද කිව්වේ, (හේ)

:       0       0

තරිඳු Saturday, 11 October 2014 07:18 AM

ඉතා නුවණැති දේශප්‍රේමී අවංක නායකයෙක් ඉන්දියාවට ලැබී ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 247 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 199 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 140 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 255 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 426 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1049 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1011 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1440 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site