කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩවිසූ ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් අපවත්වී අදට (02) වසරක් සැපිරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
පොඩි හාමුදුරුවෝ අපවත් වී වසරකි. ‘පොඩි හාමුදුරුවන්’ යැයි කී විට එම සංඝ පීතෲවරයාණන් වහන්සේ හැඳින්වීමට වෙනත් නාමපද නාම විශේෂණ ඇවැසි නොවේ. මේ ලියැවෙන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාමය ජාත්‍යන්තරය දක්වා ඔසොවා තැබූ දෙස් විදෙස් බොදුනු නොබොදුනු ජනයාගේ සිත් සතන් නිවී සැනසීම් බවට පත් කරන පින් කෙතක් බවට ගංගාරාමය පරිවර්තනය කළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර නායක තෙරුන් වහන්සේ වග ඔබ දන්නෙහිය.
උන්වහන්සේගේ ජීවන ගමන් මග සම්බන්ධයෙන් ඔබ බොහෝ දේ අසා කියවා ඇත. දකුණේ ඈත පිටිසර ගලබොඩ නම් ගම්මානයෙන් කොළොම්තොටට පැමිණ උගත මනා බණ දහම් හදාරා සරසවි අධ්‍යාපනය නිමකළ පන්සලේ පොඩි හාමුදුරුවන්ට පන්සලේ වගකීම බාර ගැනීමට සිදු වූයේ අහම්බයෙනි.
අහම්බය නිර්මාණය වූයේ ද අහම්බයෙනි. එම අහම්බයනම් පොඩි හාමුදුරුවන්ගේ ගුරු දේවෝත්තමයාන් වහන්සේ හදිසියේ රෝගාතුර වීමය. දෙනෙත් අඳ ගුරු දේවයන්ට උවටැන් කිරීමත් ගංගාරාමයෙන් ගමට රටට සිදු කළ සේවය අඛණ්ඩව පවත්වා ගනිමින් එය වර්ධනය කිරීමේ වගකීම නව යොවුන් වියේ සිටි පොඩි හාමුදුරුවන්ගේ දෙවුර මත පැටවිණි.
‘අභියෝග’ යනු දක්ෂයාට’ අවස්ථාවකි’’ තමන්ගේ හැකියා සම්පත්තිය විදහා පෑමට ලැබෙන අවස්ථාවකි. පොඩි හාමුදුරුවන් සසුන් කෙත සරු කළ මහා පහන් ටැඹක් සේ දීප්තිමත් වූයේ අභියෝගය අවස්ථාවක් බවට පත්කර ගත් හෙයිනි.
උන්වහන්සේගේ ජීවිත කතාව සොයා හඹාගොස් වනපොත් කළ යුතු වන්නේ එහෙයිනි. පොඩි හාමුදුරුවන්ගේ ජීවිත කතාව කියවන ඕනෑම අයකුට පහළවන සිතුවිල්ලක් තිබේ. එනම් මේසා විශාල ලෙස ප්‍රාතිහාර්ය පෑමට නම් “ පෙර කළ පින් තිබිය යුතු” බවය. සැබවින්ම පොඩි හාමුදුරුවන් යනු ඒ පෙර කළ පින් මහිමයෙන් සසුන් කෙත අස්වැද්දූ මහ තෙර නමකි.
භික්ෂූන් වහන්සේ නමක සතුවිය යුතු ගුණාංග අතර ඍජු බව ඉහළින්ම තිබිය යුතුය. පිරිසුදු ආධ්‍යාත්මයක් තිබේනම් එම ඍජු බව ඇති කර ගැනීම අසීරු නොවේ.
මේ 1988-89 කාලවකවානුවයි. ඉන්දියන් හමුදාව මෙරටට පැමිණියේ ඉන්දු ලංකා ගිවිසුමට අනුවය. වෙන රටක හමුදාවක් මෙරට සිටීම රටේ ස්වෛරීභාවයට අභිමානයට අභියෝගයක් කැළලක් බව පොඩි හාමුදුරුවෝ අවධාරණය කළහ. එමෙන්ම තම විරෝධය නොවළහා ප්‍රදර්ශනය කිරීමට උන්වහන්සේ එඩිතර වූහ. ඒ කොළඹ ගංගාරාම පරිශ්‍රයේ කළු කොඩි ඔසොවා තබමිනි.
උන්වහන්සේගේ එඩිතර බවින් දේශප්‍රේමී තරුණයෝ ඇතුළු පොදු මහජනතාව ලක්ෂ ගණනින් මහ මගට බැස විරෝධතා පෙළපාලි පැවැත් වූහ. වෙඩි උණ්ඩ වර්ෂා මැද එම ජනයා උද්ඝෝෂණය කළහ. දූවිල්ලෙන් දාහයෙන් පිරිගත් කොළඹ නගරයේ මංමාවත් වීදි සටන්කාමී ජනයාගෙන් පිරි ඉතිරී ගියේ ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කරමිනි.
“පොඩි හාමුදුරුවෝ මැදිහත් වුණොත් මේ මිනිස්සු ආපසු ගෙවල්වලට යවාගන්න පුළුවන් වේවි. ඔබ වහන්සේ ප්‍රකාශයක් කරන්නකො’’ රටේ ප්‍රබලම දේශපාලනඥයෙක් පොඩි හාමුදුරුවන්ට දුරකතනයෙන් කතා කර එබදු ඉල්ලීමක් කළේය.
පොඩි හාමුදුරුවන්ගේ ප්‍රතිචාරය ඊතලයක් බඳු විය.
“මහත්තයෝ මේ මිනිස්සු පාරට බැස්සේ මේ මාතෘ භූමියේ ස්වාධීනත්වය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයාට යන්න වෙන රටක් නෑ. මේ මිනිසුන්ට ගෙවල්වලට යන්න කියලා කියන්න මට බෑ පොඩි හාමුදුරුවන්ගේ පිළිතුර එබඳු විය.
තරුණ අරගලය ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ගංවතුරක් මෙන් ගලා යමින් තිබිණ. ඒ වේගයෙන්ම තරුණ මර්දනයද ක්‍රියාත්මක විය. තෙල් ගැලුමයි ටයරයයි සෑයේ දිවා රෑ වෙනසකින් තොරව තරුණයන් දැවෙමින් තිබිණි. මෙම ඝෝර සංහාරයට එරෙහිව වචනයක් හෝ කතා කිරීමට කිසිවකු නොසිටියේය. වෙඩි උණ්ඩ ඉදිරිපිට මුළුමනින් සමාජයම නිර්වින්දනය වී තිබිණි.
රටේ ප්‍රධානියාට ජනාධිපතිවරයාට පොඩි හාමුදුරුවෝ දුරකථන ඇමතුමක් ගත්හ.
“ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ මැරෙන්නේ ඔබේ පංතියෙ කෙල්ලො - කොල්ලෝ මේ මැරිල්ල නවත්වන්න ඔබතුමා වහාම මැදිහත් වෙන්න’’ පොඩි හාමුදුරුවන්ගේ ඍජු බවට එය කදිම සාක්ෂියකි.
දිනක් තරුණයෙක් ගංගාරාමයට පැමිණියේය. ඔහු කවුදැයි පොඩි හාමුදුරුවෝ හඳුනා ගත්හ. එම තරුණයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුය.
මර්දනයේ ගිනිදලු දසතින් නැගෙද්දී එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍ය කණ්ඩායමක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පොදු ශිෂ්‍යයන් මර්දනය කිරීමේ යෙදී සිටියේය.
“පොඩි හාමුදුරුවනේ මම ආවේ දවස් කීපයකට නතර වෙලා යන්න. මට අවසර දෙනවද” එම තරුණයා විමසුවේය.
“මම තමුන් කවුද කියලා දන්නවා. මේ ඇවිත් තියෙන්නේ අභය දානය ජීවිත දානය ඉල්ලාගෙන. තමුන්ට කැමති කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. හැබැයි එළියට එහෙම බහින්නෙ නෑ’’ පොඩි හාමුදුරුවන්ගේ උපදෙස එය විය.
ටික දිනකින්ම තරුණයාට පොඩි හාමුදුරුවන්ගේ උපදෙස් අමතක විය. ඔහු පන්සල් බිමේ ඔබ මොබ සැරිසරන්න පටන් ගත්තේය. ප්‍රතිඵලය වූයේ සතුරු ශිෂ්‍ය කණ්ඩායමේ ගොදුරුක් බවට ඔහු පත්වීමය.
සතුරු කණ්ඩායම ඔහු රැගෙන ආවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පවත්වාගෙන ගිය වධකාගාරයටය. එහිදී තිරස්චීන වද බන්ධනවලට ගොදුරුවීමට ඔහුට සිදු විය. මරණාසන්නව සීතල සිමෙන්ති පොළොවේ වැතිර සිටිය දී ඔහු කෙඳිරිලි හඬින් කියා සිටියේ මෙවැන්නකි.
“කවුරු හරි ඉන්නවානම් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට කියන්න මාව මැරුවා කියලා”
තරුණයා එසේ කියා වැඩිවෙලාවක් ජීවත් වූයේ නැහැ. එහෙත් එතෙක් වේලා හෝ එම තරුණයා ජීවත් වූයේ පොඩි හාමුදුරුවන්ගේ කාරුණික බව නිසාමය.
තරුණ පරපුර උදෙසාම උන්වහන්සේ ආරම්භ කළ ජිනරතන කාර්මික විද්‍යාලයේ අදත් තරුණ පරපුර වෙනුවෙන් අමිල මෙහෙවරක් කරමින් සිටී. ගංගාරාමයේ වත්මන් විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පොඩි හාමුදුරුවන්ගේ එම සසුන් මෙහෙවරත් සමාජ මෙහෙවරත් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යති. රටපුරාම වෙසෙන දිළිඳු දූ පුතුන් වෙනුවෙන් අස්සජි හාමුදුරුවන් ශිෂ්‍යත්ව අරමුදලක් පවත්වාගෙන යන්නේද පොඩි හාමුදුරුවන්ගේ ශ්‍රී නාමය අමරණීයත්වයට පත් කිරීමටය. එම අරමුදලින් දිළිඳු පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට අමතරව පාසල් කිහිපයක සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමටත් නව නිෂ්පාදන කරන පවුල් සොයා උපකාර කිරීමටත් කරන මෙහෙවර අගය කළ යුතුවේ.
පොඩි හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා,
(***)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපේ පොඩි හාමුදුරුවෝ
MAHINDA Saturday, 02 August 2025 05:36 PM
පොඩි තව් විදින්න කැමැති, 15 - 17පෙට්ටි කඩන්න ලක්ෂ ගණන් ගෙවන ඒඩ්ස් හැදිලා කලක් සින්ගප්පූරුවේත් ප්‍රතිකාර ලබාගෙන ලංකාවට පැමිණ රෝගාතුර වී කාලයක්ම පන්සලේ ICU එකක් දමාගෙන මියගිය කෝටිපති සිවුරුකාරයා කවුද?