ගමේ හොර සුරා පොළට පොලිසිය පැන්නේ අනපේක්‍ෂිතවය. මධු ලෝලීහු හිස් හැරුණු අතේ දුවන්නට වූහ. දුවන්නට තරම් ගත සවි නැති අය අත් අඩංගුවට ගැනිණි. එක් තරුණයෙකු වත්ත මායිමේ ඇති තේ වත්තකට පැන ගත් පදුරු අතරින් රිංගා යද්දී පඳුරු සෙලවෙන අයුරු එක් රාලහාමි කෙනෙක් බලාගෙන සිටියේය. ඒ ගිය තැනැත්තා මදක් පහළින් පිහිටි නිවෙසට යන්නට ඇතැයි රාලහාමි අනුමාන කළේය. එසේ දිව ගිය තරුණයා පෑල දොරින් එම නිවසට ගොඩවිය. ”මොකෝ බං?” නිවසේ ගෘහ මූලිකයා වන පාසල් ගුරුවරයා විශ්මයෙන් ඇසීය. ”කරික්‍ද්ක්‍ඳං පොළට පොලිසිය පැන්නා. මම තේ පඳුරු යටින් රිංගලා මෙහාට පැන ගත්තා. උන් මාව දැක්කෙ නෑ” හේ කීවේය. ”සාලෙට පලයං ඉස්සරහ දොර වහල ඇත්තේ” ගුරුවරයා කීමෙන් ඔහු ඊට අවනත විය. සාලයට ගොස් සෙටියේ අසුන් ගත්තේය. ”ටක් ටක් ටක්” දොරට ගසන ශබ්දයක් ඇසුණෙන් හා ටීපෝව මත තිබූ පුවත් පතක් අතට ගෙන උළුවස්සට මුහුණ ලා වාඩිවී එය මුහුණ වැසෙන සේ අල්ලාගෙන කියවන්නට විය. අවාසනාවටදෝ ඔහුව හසුවූයේ ඉංග‍්‍රීසි පුවත්පතකි. ගෙහිමි ගුරුවරයා පැමිණ දොර විවෘත කළේය. දොරට තට්ටුකර තිබුණේ පොලිස් නිලධාරියෙකි. ”මහත්තයා මෙහාට කවුරුවත් ආවද දැන්?” ගත් පුවත්පත කියවමින් සිටි තරුණයා දෙස විපරමින් බලමින් ඇසීය. ”නෑ නෑ රාලහාමි. මේ මගේ යාළු ඉස්කෝලෙ මහත්තයකුගෙ පුතෙක්. එයා මෙහාට නිතර එනවා පත්තර බලන්න” ගුරුවරයා කීවේය. ඔහු පුවත් පත පහත නොහෙළාම දිගටම කියවමින් සිටීම ගැන රාලහාමිට සැක පහළ විය. තවත් විමසිල්ලෙන් බලද්දී ඔහුදේ දෙපාවල මඩ ඇති අයුරුද හේ දුටුවේය. ”යාළුවා...දානවා බලන්න ඔය පත්තරේ පහතට” රාලහාමි ඔහුට නියෝග කළේය. ඔහුගේ බියපත් මුහුණ දුටු රාලහාමි තවත් සැක කළේය ”තමාට හොඳට ඉංග‍්‍රීසි පුළුවන්ද?” රාලහාමි ඇසුවේය. එම පැනයට පිළිතුරු දීම වෙනුවට බියපත් මුහුණිල් යුතුව නිලධාරියා දෙස බලා සිටියේය. ”මොකක්ද ඔය පත්තරේ නම?” රාලහාමි ඇසීය. තරුණයා නිහඬව බිම බලා ගත්තේය. ”ඉංග‍්‍රීසි පත්තරේ කියවන්නෙ. ඒත් පත්තරේ නමවත් දන්නෙ නෑ” රාලහාමි කෝපයෙන් එසේ කියද්දී ගෙහිමියා ගුරුවරයා හීං සීරුවේ ගේතුළට ගියේ තමාටත් චෝදනාවක් එල්ලවිය හැකි බැවිනි ”ඇත්ත කියනවා තමුසෙ නේද තේ පඳුරු යටින් දිව්වෙ?” රාලහාමි ඔහුට ළංවෙමින් අසද්දී ඔහු බිම බලා ගත්තේය. තරුණයා පොලිස් අත් අඩංගුවට පත්විය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන අයට ඔහොම තමයි වෙන්නේ...
හොද වැඩේ
ෙ බොන අයට හොඳ වැඩේ
ඉංගිරිසි වචන දෙකක් කිව්ව නම් තමයි අගේ