IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


විශ්‍රාමික රණවිරුවාගෙන් සද් ක්‍රියාවක්

මම නුගේගොඩ සිට හෝකන්දර යෑම සඳහා මෝටර් බයිසිකලයෙන් පිටත් වුණෙමි. අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට ඇඹුල්දෙණියේ කඩයකට ගොඩවී එම අවශ්‍ය දේ රැගෙන නැවත හෝකන්දර බලා පිටත් වුණෙමි. මගේ සැකයට සාක්කුවේ දමාගත් පර්ස් එක නැවත අතපත ගා බැලුවෙමි. බෑග් එකේද බැලුවෙමි. දෙවියන් සිහි විය. මගේ පර්ස් එක නැත.  තමා නැවත බයිසිකලය ආපසු හරවා බඩුගත් කඩයට ගොස් එහි සිටි අයට කාරණය පැවසුවෙමි.  කඩේ සිටි අයෙක් මට පැවසුවේ පර්ස් එක ත්‍රීවිල් රියදුරෙකු අහුලා මගේ පසුපස හඹා ගිය බවය. මම නැවත ගිය මාර්ගයේ සෝදිසි කර බැලුවත් එය හමුවූයේ නැත. මම මගේ බැංකු කාඩ්පත අවලංගු කිරීමට ගිය අවස්ථාවේ මට ඇමතුමක් ලැබුණි.


‘‘ඔයාගේ නම මොකක්ද?’’ ඔහු ඇසුවේය. මගේ නම කී පසු ඔහු පැවසුවේ මාගේ පර්ස් එක තමා සතුව ඇති බවත් මහරගම ඉසිපතනාරාමය අසල ත්‍රීවිල් පාක් එක ළඟට පැමිණ එය රැගෙන යන ලෙසත්ය.


මම පැය කාලකටත් අඩු කාලයකින් ඔහු හමුවුණෙමි. ඔහු සියලු දෙයම මට බලන්න කියා පවසා මගේ නැතිවූ පර්ස් එක බලන්න කියා දුන්නේය. සැබැවින්ම ඔහු යහපත් හොඳ මනුෂ්‍යයෙකි. මට දෙවියෙකි. ඔහු නමන් ජී.එම්.යූ.ධම්මිකය. උඩමාදුව, සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පදිංචි යුද හමුදා සේවයේ නියතුව සිට විශ්‍රාම ලබා  සිටින රණවිරුවෙකි.


අද කාලේ සිදුවන දේවල් දිහා බලනවිට ධම්මික මහතා වැනි අවංක, නිහතමානී මිනිසුන් සිටීම අපිට මහත් ආඩම්බරයකි.
එච්.පී.එච්.එස්.රත්නසිරි
මිරිහාන, නුගේගොඩ. 

 



අදහස් (1)

විශ්‍රාමික රණවිරුවාගෙන් සද් ක්‍රියාවක්

Pradeep Saturday, 20 June 2020 09:17 AM

හමුදාවේ විනයත් තමන් උපතින්ම ගෙනා යහපත් හැසිරීම් රටාවත් නිසාවෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මනුෂ්‍යයෙක්" වූ අයෙක්. විශිෂ්ඨයි...

:       0       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site