මම නුගේගොඩ සිට හෝකන්දර යෑම සඳහා මෝටර් බයිසිකලයෙන් පිටත් වුණෙමි. අත්‍යවශ්‍ය දෙයක් ගැනීමට ඇඹුල්දෙණියේ කඩයකට ගොඩවී එම අවශ්‍ය දේ රැගෙන නැවත හෝකන්දර බලා පිටත් වුණෙමි. මගේ සැකයට සාක්කුවේ දමාගත් පර්ස් එක නැවත අතපත ගා බැලුවෙමි. බෑග් එකේද බැලුවෙමි. දෙවියන් සිහි විය. මගේ පර්ස් එක නැත. තමා නැවත බයිසිකලය ආපසු හරවා බඩුගත් කඩයට ගොස් එහි සිටි අයට කාරණය පැවසුවෙමි. කඩේ සිටි අයෙක් මට පැවසුවේ පර්ස් එක ත්‍රීවිල් රියදුරෙකු අහුලා මගේ පසුපස හඹා ගිය බවය. මම නැවත ගිය මාර්ගයේ සෝදිසි කර බැලුවත් එය හමුවූයේ නැත. මම මගේ බැංකු කාඩ්පත අවලංගු කිරීමට ගිය අවස්ථාවේ මට ඇමතුමක් ලැබුණි.
‘‘ඔයාගේ නම මොකක්ද?’’ ඔහු ඇසුවේය. මගේ නම කී පසු ඔහු පැවසුවේ මාගේ පර්ස් එක තමා සතුව ඇති බවත් මහරගම ඉසිපතනාරාමය අසල ත්‍රීවිල් පාක් එක ළඟට පැමිණ එය රැගෙන යන ලෙසත්ය.
මම පැය කාලකටත් අඩු කාලයකින් ඔහු හමුවුණෙමි. ඔහු සියලු දෙයම මට බලන්න කියා පවසා මගේ නැතිවූ පර්ස් එක බලන්න කියා දුන්නේය. සැබැවින්ම ඔහු යහපත් හොඳ මනුෂ්‍යයෙකි. මට දෙවියෙකි. ඔහු නමන් ජී.එම්.යූ.ධම්මිකය. උඩමාදුව, සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පදිංචි යුද හමුදා සේවයේ නියතුව සිට විශ්‍රාම ලබා සිටින රණවිරුවෙකි.
අද කාලේ සිදුවන දේවල් දිහා බලනවිට ධම්මික මහතා වැනි අවංක, නිහතමානී මිනිසුන් සිටීම අපිට මහත් ආඩම්බරයකි.
එච්.පී.එච්.එස්.රත්නසිරි
මිරිහාන, නුගේගොඩ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ විනයත් තමන් උපතින්ම ගෙනා යහපත් හැසිරීම් රටාවත් නිසාවෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මනුෂ්‍යයෙක්" වූ අයෙක්. විශිෂ්ඨයි...