IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නියම සුදුස්සා කෑම පාර්සලයෙන් තේරිලා

දකුණු පළාතේ වේගවත් සංවර්ධනයට ලක්වන ප‍්‍රදේශයකි. චීන රජයේ අනුග‍්‍රහය ඇතිව පැවැත්වෙන සංවර්ධන ව්‍යාපෘතියකට මෙරට වැඩ උපදේශකයකු බඳවා ගන්නා සම්මුඛ පරීක්‍ෂණයකි. විශාල පිරිසක් පැමිණ සිටියේ ඉහළ වැටුපක් ලැබෙන තනතුරක් බව දැනගත් හෙයිනි. ව්‍යාපෘතියට සම්බන්ධ මෙරට මාණ්ඩලික නිලධාරීන් සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයු වූ අතර ඒ අසලම වීදුරු කාමරයක සිටි ව්‍යාපෘතිය භාර චීන නිලධාරියාද සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන පැත්තට ඉඳහිට ඇස් යොමු කිරීමටද අමතක කළේ නැත. සම්මුඛ පරීක්‍ෂණයට වැඩිදෙනා පැමිණ සිටියේ යුරෝපීය ඇඳුමෙන් සැරසීය. ටයි පටි පැළඳ හැඩ වැඩ වෙමිනි. මේ අය අතරේ සිටි අත් කොට සුදු කමීසයක් සහ කලිසමක් ඇඳ සිටි තරුණයකු ද සම්මුඛ පරීක්‍ෂක මණ්ඩලය ඉදිරියට ආවේය. එහෙත් ඔහුගෙන් වැඩිපුර කරුණු විමසුවේ නැත. ඔහු අත තිබූ මිට කොට කුඩය සහ පාර්සලයක් මේසය මත තබා කතා බහ කිරීම නිලධාරීන්ගේ අප‍්‍රසාදයට හේතු වූ බව ඔවුන්ගේ මුහුණුවලින් දැකගත හැකිවිය. විනාඩි දෙකකින් ඔහු සඳහා පරීක්‍ෂණ කටයුතු නිමවිය. මෙය බලාසිටි චීන නිලධාරියා එම තරුණයාට තමා වෙත එන ලෙසට සංඥාවක් දුන්නේය. තරුණයා වීදුරු කාමරයට ගියේ බියෙනි. ඔහුගේ අතේ බැඳ තිබූ ඔර්ලෝසුව දෙස බැලූ චීන නිලධාරියා අනතුරුව කුඩය දෙසද බැලීය. පාර්සලය දෙස ද බැලීය. ‘‘මොනවද පාර්සලේ’’ ඔහු ඇසුවේ බිඳුණු සිංහලෙනි. ‘‘දවල් කෑම එක සර්’’. ඔහු පැවසීය. චීන නිලධාරියා හිස වනමින් ඉංග‍්‍රීසියෙන් කිසියම් සටහනක් ලියා ඔහු අතම සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට යැවීය. එය කියවූ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට උඩ බිම බැලූණේ ඉබේටමය. එහි සඳහන් කොට තිබුණේ ‘‘වැඬේට සුදුසුම පුද්ගලයා මොහුය. වහාම සේවයට බඳවා ගන්න’’ කියාය.



අදහස් (0)

නියම සුදුස්සා කෑම පාර්සලයෙන් තේරිලා

ගයාන් ලක්මාල් Monday, 19 December 2011 12:59 PM

දැන් හැමෝම ඔහොමම කරන්න පටන් ගනීද දන්නෑ.

:       0       0

සෙනරත් Wednesday, 21 December 2011 12:39 AM

ඉන්දික කාරණය චීන මහතා ගෙන් අහන්න දෙයක් නැහැ.වැඩ උපදේශක යෙකු විදිහට ඔහු එතනට ඇවිත් හිටියෙම හැම දේටම සුදානමින්.වැඩට පහසු ඇදුමක්,පවතින කාලගුනයට මුහුණ දෙන්න කුඩයක් සහ දිවා ආහාරයද අතැතිවයි.චින ඡාතිකයන් කාර්යකෂම ඡාතියක් වගේම පුහු ආටෝප නැති මිනිසුන් කොටසක්.

:       0       0

රවීන්ද්‍ර ලක්මාල් දයාවංශ Wednesday, 21 December 2011 09:45 AM

නිවැරදි තීරණයක්

:       0       0

ඉන්දික පෙරේරා Monday, 19 December 2011 04:44 PM

ඒ තීරණය ගන්න හේතුව චීන නිලධාරියාගෙන් අහගන්න බැරි වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site