හොරොව්පොතාන වූ කලි වියළි කලාපීය ප්‍රදේශයකි. වියළි කලාපයට ආවේනික ශාක අතර කොහොඹ ගස් මෙහි සුලබය. මුරුංගා ද හරි හරියට වැවෙන්නේ එපරිදිමය.
මේ කියන සැමියාගේ අතමිට සරු වුණේ කළ වෙළෙඳාම සිතුවාටත් වඩා ලාබ ගෙන දුන් නිසාය. අත කට පිරෙන්න බඩු මල්ලක් ගෙන බිරිඳට ගවුමකුත් මිලදී ගත් ඔහු රෑට කන්නට කුකුළු මස් කිලෝවක් මිල දී ගත්තේය.
“හීනියට අඩියක් ගසා කට ගැස්මට කුකුළු මස් කෑල්ලක් හපා කන්නට ඇත්නම් මරු” ඔහුට සිතිණි.
එදින සැමියා නිවසට ආවේ රාත්‍රී 7.30ට පමණය.
“ඇහුනද, මෙන්න මේ කුකුළු මස් කෑල්ල හදලා ගත්ත නම්...” සැමියා ගෙනා බඩු මුට්ටු ටික බිරිඳ අතට දී ඔහු ඇඟපත සෝදා ගන්නට ගියේය.
කට ගැස්මට කුකුළු මස් කැබලි කිහිපයක් බැද ඉතිරි ටික රෑ කෑමට ඇය ලිපේ තිබ්බේ සැමියාගේ සිත කියවන්නට ඈ දත් නිසාය.
පැයකට පමණ පසු සැමියා කුස්සියට එබිකම් කළේ රෑ කෑම ලෑස්ති දැයි අසමිනි.
සැමියාට බත් බෙදා ඇය ද බත් බෙදා ගත්තේ එකට වාඩි වී රෑ කෑම කන්නටය.
“තුඃ මේ ජරාව කන්න බෑ ඕයි” එසැණින් සැමියා බත් පතම පොළොවේ ගසා හමාරය.
බිරිඳගේ දෑසට නැගුණු කඳුළැලි අතරින් හීන් ඉකිබිඳුමක් ද මතුවිය.
“කාලා බලනවා. තිත්තම තිත්තයි” ඇනූ බත් කට කෑ ඇයට ද තිත්ත දැනුණි. මස්වලට ඇය දමා ඇත්තේ කරපිංචා නොව කුස්සිය පිටුපස තිබූ කොහොඹ කොළය. කළුවරේම ගොස් කුඩා කොහොඹ පැළයකින් ඇය කඩාගෙන ඇවිත් තිබුණේ කරපිංචා පැළ අතර තිබූ කොහොඹ පැළයක කොළය. ‘සමාවෙන්න මගෙයි වරද. කරපිංචා වෙනුවට කොහොඹ කොළ දාලා’.
බිරිඳගේ අත්වැරැද්දට සමාව දුන් බැදපු මස් කෑල්ලක් සමග බත් කෑවේ බිරිඳගේ කඳුළු පිසමිනි.
(හොරොව්පොතාන පැතුම් දර්ශන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd