(දූනගහ බටේපොල විජයසිරි)
ප්‍රිය වචන කතා නොකිරීමෙන් බොහෝ දෙනා දුකට වැටෙති. මේ කතාව ද එවැනිම වූ කතාවකි.
දිවුලපිටිය නුදුරු ගමෙක තරුණ අඹු සැමි යුවළක් වෙසෙති. ඔවුනට පාසල් යන වයසේ දරුවෝ දෙදෙනෙක් ද වෙති.
ඔවුන්ගේ නිවෙස අසල ගසක් යට කපුටු කරච්චලයේ ප්‍රහාරයට ලක්වූ ගිරවෙක් වැටී සිටියේය.
එම ගිරවාගේ පියාපත් කැඩී දුර්වලව සිටිනවා දුටු එම නිෙවසේ පියා, ගිරවා නිවෙසට ගෙන ආවේය. එසේ ගෙනා ගිරවාට කන බොන දේ සපයා දී කූඩුවක දමා ඇති දැඩි කළේ ආදරයෙනි.
ගිරවාගේ කපුටන් කෙටූ තුවාල ද සුව වෙමින් සිටිය දී ටික ටික කතා කරන්නට පටන් ගත්තේය. එයින් කියවුණේ මෙම ගිරවා නිවෙසක ඇති දැඩි වූවකු බවය.
‘‘පෙත්ත බත් කෑවා,, ‘‘ ඔහුගේ පළමු වදනය. මෙයින් නිවැසියෝ ගිරවාට තවත් ආදරය කරන්නට වූහ.
දින දෙක තුනක් යද්දී ගිරවා අසැබි වදනක් කීවේය. ඌ එය දිගටම කියන්නට වූයේය. මෙයින් මව්පියෝ ගිරවා ගැන කලකිරීමට පත් වූහ.
අවසානයේ දරුවන් දෙදෙනොට හොරා ගිරවා නිවෙසින් පිටමං කෙරිණි. ගිරවා නිවෙසින් පිටව ගියේ යළිත් හුදෙකලා බවට පත්වෙමිණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කපුටු පාඩමෙන් ‘තිත්ත කතාවක්’ ඉගෙනගත් ගිරවා